මූලික ප්‍රතිපත්තිය (අකීදා)
ඉස්ලාම් යනු විශ්වාසයක් සහ නීතියක් වන අතර අකීදා (මූලධර්මය) යනු ඉස්ලාමයේ පදනමයි.ඉස්ලාමීය අකීදා ව පැහැදිලි සහ සරල වන අතර එය සහජ බුද්ධියට සහ මනසයට ගැළපේ.
අනුමාතෘකා
සාක්ෂි දැරීමේ වාක්‍ය දෙක
ඉස්ලාමයේ ඒක දේවවාදයේ පාඨය වන"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" වෙනුවෙන් ශ්‍රේෂ්ඨත ම හා වඩාත් ගෞරවනීය ස්ථානයක් ලබා දී ඇත. මුස්ලිම්වරයෙකුගේ පළමු යුතුකම වන්නේ ද එයයි. ඉස්ලාම් දහමට ප්රවිශ්ට වීමට කැමති යම් කෙනෙකු වේ නම් ඒක දේවවාදයේ පාඨය විශ්වාස කර එය මුවින් ප්‍රකාශ කළ යුතු වේ. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කර දැඩි විශ්වාසයෙන් යුතු ව එම පාඨය කවරෙකු ප්‍රකාශ කරන්නේ ද නිරා ගින්නෙන් ගැලවීමට එය හේතුවක් වේ. නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ. “අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැතැ යි පවසන අයට අල්ලාහ් දෙවිඳුන් විසින් නිරය තහනම් කර ඇත." (බුහාරි 415)
විශ්වාසය
සෑම ජන කොට්ඨාසයක් වෙත එවනු ලැබූ වක්තෘවරු සියල්ලගේ පණිවිඩය, අල්ලාහ්ට පමණක් වන්දනාමාන කිරීම යන කාරණාව මත හා ඔහු හැර වූ අන් සියල්ල ප්‍රතික්ෂේප කිරීම මත එකඟ විය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත තව ද මුහම්මද් (සල්) තුමාණෝ අල්ලාහ්ගේ දූතයාණන් වේ යන්නෙහි යථාර්ථය ද මෙයයි. එමෙන් ම අල්ලාහ්ගේ දහමට කෙනෙකු ප්‍රවිෂ්ට වීමේ වදන ද මෙයයි.
ඉබාදත් හෙවත් නැමදුම
ඉබාදත් යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි ආදරය, ගෞරවය හා බැතිමත් භාවයෙන් යුතු පරිපූර්ණ අවනත වීමකි. එය මිනිසුන් හට පැවරී ඇති උන්වහන්සේට පමණක් හිමි අයිතියකි. සලාතය, සකාතය (දුගී බද්ද) හා හජ් කර්තව්‍ය වැනි බාහිර ක්‍රියා ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව මෙනෙහි කිරීම, උන්වහන්සේට බිය වීම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේගෙන් උදව් උපකාර පැතීම වැනි අභ්‍යන්තර ක්‍රියා ද යනාදී උන්වහන්සේ ප්‍රිය කරන හා පිළිගන්නා වූ සියලු ම ක්‍රියා හා ප්‍රකාශ ඉබාදත් යන්නෙහි අන්තර්ගත වේ.