නැමදුම්
මෙම කොටස නැමදුම පිළිබඳ මූලික දැනීම, එහි විධිවිධාන ශුද්ධ වූ අල්-කුර්ආනය සහ නබිතුමාගේ පවිත්‍ර වූ සුන්නාහ් සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරයි. නැමදුම පිළිබඳ නීති විද්‍යාව මිනිසාට පවරා ඇති නමස්කාර ක්‍රියාවන්හි විධිවිධාන ඒවා මුහම්මද් නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී ඇති පරිදි පැහැදිලි ව විග්රහ කරනු ඇත.
අනුමාතෘකා
පිරිසිදු වීම
සලාතය යනු සාක්ෂි දෙකෙන් පසු ඉස්ලාමයේ දෙවන කුළුණ වන අතර, පිරිසිදු වීමකින් තොරව සලාතය වලංගු නො වන බැවින්, ශිෂ්‍යයා තම සලාතය වලංගු කිරීම සඳහා පාරිශුද්ධත්වයේ විධිවිධාන ඉගෙනීම ආරම්භ කිරීම සුදුසු ය.
සලාතය
සලාතය වනාහි දහමෙහි මුඛ්‍ය කරුණ එයයි. නැමදුම හා සම්බන්ධ දෙයින් දැන ගත යුතු වැදගත්ම දෙය එයයි. එය සාක්ෂි දෙකෙන් පසු ඉස්ලාම් දහමෙහි දෙ වන කුළුණ වන අතර පුද්ගලයෙකුගේ ඉස්ලාමය වලංගු වන්නේ එය ඉටු කිරීමෙන් පමණි.
සකාත්
සකාත් වනාහි එය ඉස්ලාමයේ තුන්වන ස්ථම්භය වන අතර එය ලබා දෙන්නා සහ ලබා ගන්නා පවිත්‍ර කර ඔවුන් පිරිසුදු කිරීම සඳහා දෙවිඳාණෝ එය නියම කර ඇත. මුදල් ප්‍රමාණයේ අඩුවීමක් ලෙස බාහිර ව පෙනුනද එහි එක් ප්‍රතිඵලයක් වන්නේ ආශිර්වාදයක් ලෙස මුදල් වැඩි වීමක් සහ එහි අයිතිකරුගේ හදවතේ දේව විශ්වාසය වර්ධනය වීමක් ය.
අස් සවුම්- උපවාස ශිලය
රමළාන් උපවාසය ඉස්ලාමයේ සිව්වන කුළුණ වන අතර උපවාස ශිලය යනු සියලු යහපත සඳහා යතුර වන තක්වා නම් ශ්‍රද්ධාව ලබා ගැනීම සඳහා දෙවිඳාණෝ පෙර සමූහයාට එය නියම කළ ආකාරයට මුස්ලිම්වරුන්ට ද නියම කළ විශිෂ්ට නමස්කාරයකි.
හජ්
හජ් වනාහි ඉස්ලාම්හි පස්වන මහා කුළුණ වේ. හැකියා ව ඇති වැඩිහිටි මුස්ලිම්වරයකු ජීවිතයේ එක් වරක් එය ඉටු කිරීම අනිවාර්ය වේ.
මරණය හා සම්බන්ධ කරුණු
මරණය යනු කාරණයේ අවසානය නොවේ, නමුත් එය මිනිසාට නව අවධියක් වන අතර මරණින් මතු ජීවිතයේ සම්පූර්ණ ජීවිතයක ආරම්භය වේ. ඉස්ලාමය කෙනෙකුගේ උපතේ සිට ම ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උනන්දු වූවා සේම, -මියගිය තැනත්තාගේ ඥාතීන්ගේ තත්ත්වය සැලකිල්ලට ගෙන- ඔහුගේ අයිතීන් සුරැකීමේ ප්‍රතිපාදන දඉස්ලාමය අවධාරණය කර ඇත.