වත්මන් කොටස: model:
පාඩම මහා කිල්ල හා ස්නානය කිරීම.
ස්නානය අනිවාර්ය කර වන කරුණු
ඒ කරුණු සිදු වූයේ නම් සලාතය හා තවාෆ් යනාදිය ඉටු කිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ. ඒ වෙනුවෙන් ස්නානය කිරීමට පෙර වූ තත්ත්වය සඳහා මහා කිල්ල යනුවෙන් විස්තර කරනු ලැබේ.
1. ශුක්‍රාණු පිටවීම.
ඕනෑ ම ආකාරයකින් අවදි ව සිටි විට හෝ හෝ නිදා සිටින විට හෝ කාමුක හැඟීමක් සමඟ ප්‍රවාහයක් ලෙස ශුක්‍රාණු පිටවීම. ශුක්‍රාණු යනු: කාමුක ආශාවේ සහ සතුටේ උච්චතම (සුරතාන්ත) අවස්ථාවෙහි දී බැහැර වන ඝන සුදු ද්‍රාවනයකි.
2. අඹු සැමි සේවනය
ලිංගික සංසර්ගයේ යෙදෙන විට ශුක්‍රාණු මුදා හැරීම සිදු වුව ද, සිදු නො වුව ද පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කිරීම මෙයින් අදහස් කෙරේ. ශිෂ්ණයේ ඉදිරිපස ඇතුල් කිරීම ස්නානය කිරීම අනිවාර්ය වීමට ප්‍රමාණවත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසුදු කර ගනිවු." (අල් මාඉදා: 6)
ඔසප් හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය.
ඔසප් වීම යනු කාන්තාවකගේ ගර්භාෂයෙන් මාසිකව පිටවන ස්වාභාවික රුධිර වර්ගයකි. කාන්තාවගේ ස්වභාවය අනුව එය දින හතක් හෝ ඊට වැඩි හෝ අඩු විය හැකි ය. දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය යනු දරු ප්‍රසූතිය හේතුවෙන් දින කිහිපයකට කාන්තාවක් සඳහා ඇති වන රුධිර වහනයයි.
ඔසප් හා දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවන් සඳහා එම කාලය තුළ නීති ලිහිල් කෙරේ. ඒ අනුව සලාතය හා උපවාසය ඔවුන්ගෙන් ගිලිහී යනු ඇත. එනමුත් ඒ තත්ත්වයෙන් මිදී පිරිසිදු වූ අවස්ථාවක උපවසායේ නැවත වරක් ඔවුන් නිරත විය යුතු අතර සලාතයේ එලෙස නිරත විය යුතු නැත.
ඔසප් කාන්තාව සමඟ ලිංගික සේවනය.
මෙවැනි තත්ත්වයක ස්වාමිපුරුෂයන් ඔවුන් සමඟ ලිංගිකව හැසිරීම නො කළ යුතු ය. නමුත් ඊට වඩා අඩුවෙන් භුක්ති විඳිය හැකි ය. රුධිරය වහනය වීම විසන්ධි වූ විටක ස්නානය කර ගැනීම ඔවුනට අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන් ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නො වනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු." (අල් බකරා: 222) "ඔවුන් පිරිසිදු වූ කල්හි" යන්නෙහි අදහස වනුයේ "ඔවුන් ස්නානය කළ පසු" යන්නයි.
පිරිසිදු වන බවට චේතනාව ඇති කර ගනිමින් සම්පූර්ණ ශරීරය සෝදා ගැනීම ඔහුට ප්‍රමාණවත් වේ.
එනමුත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ස්නානය කළ ආකාරය පිළිපදිමින් කෙනෙකු ස්නානය කිරීම වඩාත් සම්පූර්ණ ක්‍රමය වේ. ඒ අනුව කෙනෙකු ස්නානය කිරීමේ අභිමත කළේ නම් ඔහුගේ දෙඅත්ල හොඳින් සෝදා පසුව තම ලිංගේන්ඳ්රය හා ඒ අවට අපිරිසිදු වූ ස්ථාන ද සෝදා හරී. පසුව සම්පූර්ණ ලෙස වුළූ දෝවනය කළ යුතුයි. පසුව හිස ජලයෙන් තෙවරක් සෝදා පසුව අනෙකුත් අවයව සෝදයි.
මහා කිල්ල සඳහා මුස්ලිම්වරයෙකු ස්නානය කරන්නේ නම් එය ප්‍රමාණවත් ය. නැවත වරත් වුළුඃ ඉටු කිරීමට අවශ්‍ය නැත. එනමුත් නබි (සල්) තුමාණන්ගේ ජීවන මඟට අනුව වුළුඃ දෝවනය අන්තර්ගත වන අයුරින් ස්නානය කිරීම වඩා ශ්‍රේෂ්ඨ ය.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.