දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

අස්සුන්නා අන්නබවියියා හෙවත් දේව දූත සම්ප්‍රදාය

දේව දූතයාණන්ගේ සුන්නාව යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කරනු ලැබුවා වූ වහී හෙවත් දේව හෙළිදරව් වේ. එබැවින් සුන්නාව, උතුම් අල් කුර්ආනය සමඟ ඉස්ලාම් දහමේ පදනම හා මූලාශ්‍රය වශයෙන් පවතී. උතුම් අල් කුර්ආනය හා සුන්නාව යන දෙක ම එකිනෙකට බැඳී පවතින්නකි. ඒ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හැර වෙනත් දෙවියෙක් නොමැත යනුවෙන් සාක්ෂි දැරීම, දේව දුත මුහම්මද්තුමාණන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දූතයාණන් වෙති යනුවෙන් සාක්ෂි දැරීම හා එකිනෙකට බැඳී පවතියි. එබැවින්, කවරෙක් සුන්නාව විශ්වාස නොකරන්නේ ද, ඔහු උතුම් අල් කුර්ආනය ද විශ්වාස නොකරන්නෙකු වශයෙන් පත් වේ. 

පාඩම සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය. අස්සුන්නා අන්නබවියියා හෙවත් දේව දූත සම්ප්‍රදාය