විවිධ තත්ත්වයන් හා අවස්ථාවන්
ඉස්ලාමය යනු මිනිසාට යහපත් වන සෑම දෙයක් අඩංගු වූ පුළුල් ආගමක් වන අතර එය මානවයා කොතැනක, කුමන අවස්ථාවක සිටියත් ඔහුට සාමාන්‍ය පණිවිඩයක් වශයෙන් පවතී. එය පුළුල් හා සාමාන්‍ය බැවින් එය සෑම ස්ථානයකටම සහ සෑම වේලාවකටම වලංගු වේ. මුස්ලිම්වරයෙකුට විවිධ තත්වයන් හා අවස්ථාවන්හිදී අවශ්‍ය තෝරාගත් මාතෘකා මෙම කොටසේ ඇතුළත් වේ.ත්
අනුමාතෘකා
ශීත ඍතුවට අදාල නීතීන්
ඉස්ලාමය විස්තීර්ණ ආගමක් වන අතර, එය මුළු ජීවිතයම එහි මැවුම්කරුවා හා සම්බන්ධ වූ ජීවිතයක් බවට පත් කරයි, එය එහි අරමුණු වල උත්කෘෂ්ටය, එහි වචන වල ප්‍රඥාවන්ත ය, මෙ නිසා ඇදහිලිවන්තයා සතුව සෑම අවස්ථාවකම ඔහුව ඒ වෙතට ගෙන යන යම් වන්දනාවක් තිබෙන්නේමය, ශීත කාලය වනාහි එය පිරිසිදුකම, යාඥාව, ඇඳුම් පැළඳුම් සහ වර්ෂාව සහ වෙනත් මාතෘකාවන් කිහිපයකට සම්බන්ධ නීතිමය තීන්දු සහිත කාල පරිච්ඡේදයක් වන අතර, දෙවිඳානන්ගේ අනුමැතියෙන්, මෙම ඒකකය තුළ එහි සමහර විධිවිධාන අපි උගනිමු.
ගමන් බිමන් පිළිබඳ විධි විධාන
ඉස්ලාමය යනු ජීවිතයේ ආගමක් වන අතර මිනිසාගේ ගමන් බිමන්, ඔහුගේ නිශ්චලතාවය සහ චලනය, ඔහුගේ ඕනෑකම් සහ ඔහුගේ විනෝදය යන සියලු මානව තත්වයන් සමඟ එය බැඳී ඇත. ගමන්මෙ බිමන් යෑම මෙම සමාජ ජීවිතයේ කොටසක් වන අතර, එය ද ප්‍රතිපාදන වලින් තොර නොවේ. ඒ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම අල්ලාහ් අපෙන් අපේක්ෂා කරනු ඇත. දෙවියන්ගේ කැමැත්තෙන් අපි මෙම ඒකකය තුළ සංචාරය හා බැඳුනු සමහර විධිවිධාන සාකච්ඡා කරමු.
වසංගත හා රෝග
වසංගත රෝගයෙන් පීඩා විඳීම වනාහි මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු මිනිසුන් හට පහළ විය හැකි දෙවියන්ගේ නිර්ණයන් අතුරින් එකකි. නමුත් මෙවැනි තත්ත්වයක දී මුස්ලිම්වරයෙකුගේ තත්වය අන් අයගේ තත්වය හා සමාන නොවේ. එවැනි තත්ත්යක් හට ගත්තේ නම් ඒ සඳහා ප්‍රතිකාර සෙවීම, එවැනි තත්ත්යක් හට ගන්නට පෙර එයින් වැළකී සිටීමට අවශ්‍ය සියළු අවසරලත් ක්‍රමවේද භාවිතා කිරීම, ඉවසිලිවන්ත භාවයෙන් කටයුතු කිරීම වැනි අල්ලාහ්ගේ නියෝග අනුව ඔහු එම වසංගතයට මුහුණ දෙයි.