දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

උතුම් අල් කුර්ආනය

මිනිසාට යහමඟ පෙන්වීම හා ඔවුන් ව අඳුරෙන් ආලෝකය වෙත යොමු කිරීම පිණිස උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මැවීම් අතුරින් ශ්‍රේෂඨතම මැවීම හා දේව දූතයින් අතුරින් අවසානයා වන දේව දූත මුහම්මද්තුමාණන් හට උතුම් අල් කුර්ආනය පහළ කළහ. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ දේශනා කරති. 

“ඔබලා වෙත අපගේ දූතයෙකු පැමිණ ඇත. ධර්මයෙහි ඔබලා සඟවාගෙන සිටි බොහෝමයක් දෑ ඔහු ඔබලාට පැහැදිලි කර දෙනු ඇත. තව ද, (පැහැදිලි කර දීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති හෙයින් තවත්) බොහෝ දෑ ඔහු (පැහැදිලි නොකර) අත්හරිනු ඇත. නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙතින් ඔබලාට (දුර්මාර්ගය නැමැති අඳුර දුරු කරන ඉමහත්) ආලෝකයක් හා පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් පැමිණ ඇත. එමඟින් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ තෘප්තිය (ලබා දෙන දෑ) අනුගමනය කරන උදවියට උන්වහන්සේ එම ධර්ම ග්‍රන්ථය මඟින් සාමයේ මාර්ග වෙත මඟ පෙන්වති. උන්වහන්සේ තම අභිමතය පරිදි ඔවුන් ව අඳුරෙන් ආලෝකය වෙත යොමු කරති. තව ද, උන්වහන්සේ ඔවුනට සෘජු මාර්ගය වෙත මඟ පෙන්වති.”  (සූරා අල්මාඉදා - 15,16) 

පාඩම සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය. උතුම් අල් කුර්ආනය