වත්මන් කොටස: model:
පාඩම මක්කාවෙහි හා මස්ජිදුල් හරාම් හි මහිමය
අබ්දුල්ලාහ් බින් අදී බින් අල් හම්රා (රළි) තුමාණන් මෙසේ පවසයි: මක්කාවෙහි පිහිටි එක් ස්ථානයක මා ධර්ම දූතයාණන්ව දුටුවෙමි. එවිට එතුමාණන් "අල්ලාහ් මත දිවුරා පවසමි: අල්ලාහ්ගේ භූමියෙන් ඉතා ශ්‍රේෂ්ඨ හා ඉතා ප්‍රියමනාහ භූමිය වනුයේ නුඹය. මාව නුඹෙන් පිටමං නොකළේ නම්, මා නුඹෙන් ඉවත්ව නොයන්නෙමි" යැයි පවසමින් සිටියහ. (තිර්මිදි 3925) තවත් වාර්තාවක "මා හට ඉතා ප්‍රියමනාප භූමිය" යැයි වාර්තා වී ඇත. ( ඉබ්නු මාජා 1037)
2. අල්ලාහ් හා ධර්ම දූතයාණන් ඒ භූමිය පාරිශුද්ධ භූමියක් බවට පත්කර ඇත.
නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැපැවින් ම මක්කා නගරය වනාහි එය පාරිශුද්ධ කළේ අල්ලාහ් ය. මිනිසුන් එසේ පාරිශුද්ධ කළේ නැත. අල්ලාහ් පිළිබඳ හා මතුලොව පිළිබඳ විශ්වාස කරන අයෙකුට එහි ලේ වැගිරීම හෝ ගස් කැපීම අනුමත නොවේ. (බුහාරි 104/ මුස්ලිම් 1354)
අබූ දර් (රළි) තුමාණන් නබි (සල්) තුමාණන්ගෙන් ලෝකය පිහිටන ලද ප්‍රථම දේවස්ථානය කුමක් ද යනුවෙන් විමසන ලදී. එවිට නබිතුමාණන් මස්ජිදුල් හරාම් යැයි පැවසූහ. ඉන්පසු කුමක් ද යැයි වමිසන ලදී. එවිට මස්ජිදුල් අක්සා වේ යැයි පැවසූහ. ඒ දෙක අතර කාළය කොපමණද යනුවෙන් විමසන ලදී. එවිට අවුරුදු හතළිහකි යනුවෙන් පැවසූහ. භූමියේ කුමන තැනක සිටියත් ඔබ සලාතය ඉටු කරන්න. එය සලාතය ඉටු කිරීම සඳහා වූ ස්ථානයකි. (බුහාරි 3186/ මුස්ලිම් 520)
2. එහි ගෞරවනීය කාබාව ඇත:
එහි සලාතය ඉටු කිරීමෙන් ආනිසංස ප්‍රගුණ කර දෙනු ලැබේ:
4. සැබැවින් ම අල්ලාහ් තම නිවස වෙත හජ් ඉටු කිරීම සඳහා පැමිණිම අනිවාර්ය කර ඇත්තේ සියළු අයුරින් ශක්තිය ඇති අයවලුන් සඳහාය.
මෙම යහපත් නගරය සඳහා ඉස්ලාමයේ විශිෂ්ට මහිමයන් ඇත. ඒවා අතරින්: