දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම මක්කාවෙහි හා මස්ජිදුල් හරාම් හි මහිමය

මක්කම අරාබි අර්ධද්වීපයේ බටහිරින් පිහිටා ඇති අතර, ඊට මස්ජිදුල් හරාමය ද ඇතුළත් වේ; එය පෘථිවියේ ශුද්ධ වූ නිවස වේ. මෙම යහපත් නගරය සහ එහි පිහිටා තිබෙන දේවස්ථනාය සඳහා ඉස්ලාමයේ විශිෂ්ට ස්ථානයක් ඇත.

  • මක්කාවෙහි හා මස්ජිදුල් හරාම් හි මහිමය පිළිබඳ දැනුවත් වීම

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

මෙම යහපත් නගරය සඳහා ඉස්ලාමයේ විශිෂ්ට මහිමයන් ඇත. ඒවා අතරින්:

1. එය දෙවියන්ට සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද්තුමාට වඩාත් ප්‍රියමනාප ප්‍රදේශයයි.

අබ්දුල්ලාහ් බින් අදී බින් අල් හම්රා (රළි) තුමාණන් මෙසේ පවසයි: මක්කාවෙහි පිහිටි එක් ස්ථානයක මා ධර්ම දූතයාණන්ව දුටුවෙමි. එවිට එතුමාණන් "අල්ලාහ් මත දිවුරා පවසමි: අල්ලාහ්ගේ භූමියෙන් ඉතා ශ්‍රේෂ්ඨ හා ඉතා ප්‍රියමනාහ භූමිය වනුයේ නුඹය. මාව නුඹෙන් පිටමං නොකළේ නම්, මා නුඹෙන් ඉවත්ව නොයන්නෙමි" යැයි පවසමින් සිටියහ. (තිර්මිදි 3925) තවත් වාර්තාවක "මා හට ඉතා ප්‍රියමනාප භූමිය" යැයි වාර්තා වී ඇත. ( ඉබ්නු මාජා 1037)

2. අල්ලාහ් හා ධර්ම දූතයාණන් ඒ භූමිය පාරිශුද්ධ භූමියක් බවට පත්කර ඇත.

දෙවිඳාණන් එහි ලේ වැගිරීම හෝ එහි සිටින කිසිවෙකුට පීඩා කිරීම හෝ එහි දඩයම් කිරීම හෝ එහි කිසිදු ගස් හා වල් පැලෑටි කැපීම තහනම් කර ඇත. ඒ බව මෙසේ සඳහන් කරයි: නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට ගැතිකම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි. (අන් නම්ල්: 91)

නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැපැවින් ම මක්කා නගරය වනාහි එය පාරිශුද්ධ කළේ අල්ලාහ් ය. මිනිසුන් එසේ පාරිශුද්ධ කළේ නැත. අල්ලාහ් පිළිබඳ හා මතුලොව පිළිබඳ විශ්වාස කරන අයෙකුට එහි ලේ වැගිරීම හෝ ගස් කැපීම අනුමත නොවේ. (බුහාරි 104/ මුස්ලිම් 1354)

3. එහි පූජනීය දේවස්ථානය ඇතුළත් වන අතර, මෙම දේවස්ථානය සඳහා බොහෝ මහිමයන් ඇත. ඒවා අතර:

1. එය මිහිමත දෙවිඳාණන් නැමදුම් කිරීම සඳහා ඉදිකරන ලද පළමු මුස්ලිම් දේවස්ථානය වේ.

අබූ දර් (රළි) තුමාණන් නබි (සල්) තුමාණන්ගෙන් ලෝකය පිහිටන ලද ප්‍රථම දේවස්ථානය කුමක් ද යනුවෙන් විමසන ලදී. එවිට නබිතුමාණන් මස්ජිදුල් හරාම් යැයි පැවසූහ. ඉන්පසු කුමක් ද යැයි වමිසන ලදී. එවිට මස්ජිදුල් අක්සා වේ යැයි පැවසූහ. ඒ දෙක අතර කාළය කොපමණද යනුවෙන් විමසන ලදී. එවිට අවුරුදු හතළිහකි යනුවෙන් පැවසූහ. භූමියේ කුමන තැනක සිටියත් ඔබ සලාතය ඉටු කරන්න. එය සලාතය ඉටු කිරීම සඳහා වූ ස්ථානයකි. (බුහාරි 3186/ මුස්ලිම් 520)

2. එහි ගෞරවනීය කාබාව ඇත:

කාබාව යනු මස්ජිදුල් හරාම් මිදුලේ මැද පිහිටි ඝන ගොඩනැගිල්ලක් වන අතර, එය මුස්ලිම්වරුන් පෘථිවියේ කොතැනක සිටියත් ඔවුන්ගේ සියලු සලාතයන්හි හැරෙන දිශාව වේ. එය බලවත් හා උත්තරීතර දෙවියන්ගේ නියෝගයෙන්, ඉදිකරන ලද්දේ ඉබ්‍රාහිම් සහ එතුමාගේ පුත් ඉස්මාඊල් නබිවරුන් විසිනි. ඔවුන්ට සාමය සහ ආශීර්වාදය ලැබේවා! පසුව එය නැවත නැවතත් ප්‍රතිසංස්කරණය කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.” (අල් බකරා: 127) එය නැවත ගොඩනඟන විට කුරෙයිෂ්වරුන්ගේ එකඟත්වයත් සමඟ හජරුල් අස්වද් නම් කළු ගල එම ස්ථානයේ තැබුවේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය.

එහි සලාතය ඉටු කිරීමෙන් ආනිසංස ප්‍රගුණ කර දෙනු ලැබේ:

නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: මාගේ මෙම මස්ජිදයේ එක් සලාතයක් වනාහි එය නොවන වෙනත් මස්ජිදයක ඉටු කරන සලාතයන් දාහකට වඩා ශ්‍රේෂ්ඨය. මස්ජිදුල් හරාමය හැර. මස්ජිදුල් හරාම් හි සලාතයක් වනාහි එය නොවන වෙනත් මස්ජිදයක ඉටු කරන සලාතයන් ලක්ෂයකට වඩා ශ්‍රේෂ්ඨය. (ඉබ්නු මාජා 1406/ අහ්මද් 14694)

4. සැබැවින් ම අල්ලාහ් තම නිවස වෙත හජ් ඉටු කිරීම සඳහා පැමිණිම අනිවාර්ය කර ඇත්තේ සියළු අයුරින් ශක්තිය ඇති අයවලුන් සඳහාය.

සැබැවින්ම නබි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) හජ් ඉටු කිරීම පිණිස පැමිණෙන මෙන් මිනිසුන්ට නිවේදනය කළේය. ඒ නිවේදනයට අනුව නන්දෙසින් මිනිසුන් හජ් ඉටු කිරීමට පැමිණියෝය. ධර්ම දූතවරුන් ද හජ් ඉටු කළෝය. ඒ පිළිබඳ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ද තහවුරු කර ඇත. ඉබ්රාහීම් නබිතුමාට කළ තම නියෝගය පිළිබඳ අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් කරයි: "තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි." (සූරා අල්හජ්: 27)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.