වත්මන් කොටස: model:
පාඩම විවාහ යෝජනාවේ ආචාර ධර්ම
විවාහ යෝජනා කිරීම (කිත්බා) යනු : අල්ලාහ්ගේ සුන්නාවට සහ ඔහුගේ දූතයාගේ සුන්නාවට අනුව කාන්තාව විවාහ කර ගැනීමට ඇති ඔහුගේ ආශාව ගැන ඇගේ භාරකාර පුරුෂයාට දැනුම් දීම.
උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදයක් ලෙස ඔහු විවාහ යෝජනා කිරීම සඳහා ආචාර ධර්ම නියම කර ඇත. එය තෘප්තිය, හොඳ තේරීමක් සහ සැනසීමක් ලබා ගත හැකි ලෙස, සහ සහකරු හා සහකාරිය එකිනෙකා සමඟ සමගිය හා ගැලපීමෙන් කටයුතු කිරීමට උපකාර කරයි.
විවාහ යෝජනා කිරීමේ ආචාර ධර්ම.
1- මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුගේ විවාහ යෝජනාව අභිබවා යෝජනා නොකළ යුතු යි. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "තම සහෝදරයා අවසර දෙන තුරු, පුද්ගලයෙකු තම සහෝදරයා (දැනටමත් නිරත වී ඇති නමුත් අවසන් කර නොමැති) ගනුදෙනුවකට ඇතුල් නොවිය යුතු අතර, ඔහුගේ සහෝදරයා විසින් දැනටමත් කර ඇති විවාහ යෝජනාව අභිබවා ඔහු විවාහ යෝජනාවක් නොකළ යුතු ය." (බුහාරි 5142, මුස්ලිම් 1412).
2- විවාහය සඳහා ආරාධනා කරන අයුරින් මනාලිය දෙස බැලීම. විවාහ යෝජනාවක් කිරීමට අවශ්‍ය වූ විට අල් මුගිරා බින් ෂුඃබාට දේව දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ඇත වේවා!) පැවසූ පරිදි, : “ඇය දෙස බලන්න, ඇත්ත වශයෙන් ම එයින් ඔබ දෙදෙනා අතර දේවල් යහපත් වීමට ඉඩ ඇත.” (තිර්මිදී 1087). තවද යෝජනා කරන්නා (මනාලයා) දෙස බැලීම ද කාන්තාවගේ අයිතියකි, එසේම සමහර විද්වතුන්ගේ අදහස වන්නේ ඇයට ඒ සඳහා වැඩි අයිතියක් ඇති බවයි. එනම් ඔවුන් අතර සදාකාලික සෙනෙහස පැවතීමට එය බලපාන බවයි.
නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "ඔබලාගෙන් කෙනෙකු කාන්තාවකට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ නම් ඔබව ඇය විවාහ වීම කෙරෙහි පොලඹවන්නේ කුමක් දැයි බැලිය හැකිනම් එසේ කරන්න." ඔහු (ජබිර්) පැවසුවේ ය: "මම විවාහ වීමට ගැහැණු ළමයෙකුගෙන් ඉල්ලා සිටියෙමි, මම ඇයව විවාහ කර ගැනීමට මා පෙලඹවූයේ කුමක් දැයි බලන තුරු මම ඇය දෙස රහසින් බැලුවෙමි. පසුව මම ඇයව විවාහ කර ගත්තෙමි." (අබූ දාවූද් 2082)"
මනාලිය දෙස බැලීමේ ආචාර ධර්ම.
3- විවාහ යෝජනා කිරීමේ වැදගත් ම ආචාර ධර්ම අතරින් එකක් වන්නේ, පිරිමියා සහ ස්ත්‍රිය යන දෙදෙනා ම තම තේරීම් හොඳින් සිදු කිරීමයි, මේ නිසා අල්ලාහ්ගේ උදව්ව මත සන්සුන් බව, ස්ථාවරත්වය සහ සැනසීම පවතින නිවසක් ස්ථාපිත කරන නිවැරදි පදනමක් මත ඔවුන් ස්ථාපිත වේ.
අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) අනුශාසනා කළ පරිදි යහපත් දරුවන් වැඩි කිරීම සඳහා දරුවන් වැඩියෙන් වැදිය හැකි කාන්තාවක් විවාහ කර ගැනීමට පුරුෂයා උනන්දු වීම විවාහ යෝජනා කිරීමේ එක් ආචාර ධර්මයකි. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "ප්‍රේමණීය හා වැඩියෙන් දරුවන් වදන කාන්තාවන් විවාහ කර ගන්න, මක්නිසාද මම ඔබෙන් සමාජය වැඩිකර ගන්නෙමි." (අබූ දාවූද් 2050).
5- උපදෙස් ගැනීම, යහපත පැතීම හා ප්‍රර්ථනා කිරීම. මුස්ලිම්වරයෙකු තම පරමාධිපතිගෙන් යහපත පැතීම හා ප්‍රර්ථනා කරයි. සියලු කාරණා සම්බන්ධයෙන් අවබෝධය සහ මග පෙන්වීම ඇති අයගෙන් උපදෙස් ලබා ගනී. තවද විවාහ වීමට තීරණය කිරීම පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් තීරණයකි. මෙයින් කියා සිටින්නේ උපදෙස් ගැනීම, යහපත පැතීම හා ප්‍රර්ථනා කිරීම සම්බන්ධයෙන් ඔහුට ගැලපෙන දේ අල්ලාහ්ගේ දෑතේ ඉදිරිපත් කළ යුතු බවයි.
6- සියලු කරුණු සහ තත්ත්වත්වයන්හැදිලි කිරීමේ දී දෙපාර්ශ්වය ම ඉතා පැහැදිලි සහ අවංකභාවයෙන් කටයුතු කළ යුතු ය. විවාහයෙන් පසු අනාගතයේ දෙපාර්ශවය අතර සම්බන්ධතාවයට බලපාන අඩුපාඩු සැඟවීම, හිතාමතා බොරු කීම හෝ වංචා කිරීම නොකළ යුතු ය.
7- විවාහ යෝජනා කිරීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සහ නිර්ණායක අනුකරණය කිරීම, එසේම එය විවාහයක් නොවන හුදු පොරොන්දුවක් පමණක් වන අතර, අතට අත දීම, තනිව සිටීම, මිහිරි ලෙස කතා කිරීම හෝ විවාහ යෝජකයා වෙනුවෙන් සුවඳ විලවුන් ගැලවීම සහ අලංකාර කිරීම තහනම් වේ.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.