පාඩම ඥාති සබඳතා පවත්වා ගැනීම
පාඩම පිළිබඳ තොරතුරු
මෙම පාඩමෙන් අපි ඉස්ලාමයේ ඥාති සබඳතා පිලිබඳ සංකල්පය සහ ඊට අදාළ කරුණු කිහිපයක් ඉගෙන ගනිමු.
අරමුණු
- ඉස්ලාමයේ ඥාති සබඳතා සංකල්පය පිළිබඳ ඉගෙන ගැනීම.
- ඥාතිත්වයේ වැදගත්කම පැහැදිලි කිරීම සහ බැඳීම් විසන්ධි කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම.
- ඥාති සබඳතා පවත්වා ගැනීමට ක්‍රම කිහිපයක් විස්තර කිරීම.
- ඥාති සබඳතා ආරක්ෂා කිරීමේ මහිමයන් පැහැදිලි කිරීම.
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
මෙම පාඩමේ පරිවර්තනය පහත භාෂාවලින් ලබාගත හැකිය:
උතුම් අල් කුර්ආනයේ සහ නබිතුමාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) සුන්නාවේ පාඨයන් ඥාතිත්වයේ බැඳීම් පවත්වා ගැනීමට සහ එම සබඳතා බිඳ දැමීම තහනම් කරමින් පැමිණ තිබේ. දේව ප්‍රතික්ෂේප කරන්නා පිළිබඳ විස්තර කරමින් අල්ලාහ් මෙසේ පවසයි: "ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ." (අල් බකරහ් : 27). තවද උතරිතර අල්ලාහ් පවසයි: "නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?" (මුහම්මද් : 22).
නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුවේය: "අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන ඕනෑම අයෙකු ඥාතිත්වයේ බැඳීම එක් කළ යුතුය." (බුහාරි 6138). තවද ඔහු පැවසුවේය: "අල්ලාහ් මැවීම් මැවූ අතර, ඔහු තම මැවීම් මවා අවසන් වූ විට, අර්-රහ්ම් එනම් ඥාති සබඳතාව පැවසුවේය: "(අල්ලාහ්) මෙම ස්ථානයේදී මා වෙන් කරන (එනම් මිත්‍ර සහ ඥාතීන්ගේ බැඳීම් කපා හරින) සියලු දෙනාගෙන් මම ඔබගෙන් රැකවරණය පතමි". අල්ලාහ් පැවසුවේය: "ඔව්, ඔබ සමඟ හොඳ සබඳතා පවත්වන තැනැත්තා සමඟ මම හොඳ සබඳතා පැවැත්වීම ගැන ඔබ සතුටු නොවන්නේද, ඔබ සමඟ සබඳතා අත්හරින තැනැත්තා සමඟ ඇති සම්බන්ධය මම බිඳ දමමි". ‘එසේය, ස්වාමීනි’ යනුවෙන් එය පිළිතුරු දුන්නේය. අල්ලාහ් පැවසුවේය, "එසේ නම් එය ඔබටයි" අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා!) වැඩිදුරටත් පැවසීය. "ඔබ කැමති නම් (අල් කුර්ආනයේ) ප්‍රකාශය කියවන්න: "නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?"" (මුහම්මද් : 22).(බුහාරි 5987, මුස්ලිම් 2554).
ඉස්ලාමය ඥාති සබඳතා සහ ඥාතීන්ගේ සමීපත්වය මත පදනම්ව ඥාති සබඳතා පවත්වා ගත යුතු බව අණ කරයි.
අනිවාර්ය නෑකම
එනම් මවුපියන්, දූ පුතුන්, සහෝදර සහෝදරියන්, බාප්පලා ලොකු අම්මලා, මාමාලා නැන්දලා ආදී කුසින් බැඳුණු ලේ ඥාති (මහ්රම්) සබඳතායි.
සතුටුදායක ඥාති සබඳතා.
එනම් මාමලා, නැන්දලා, බාප්පලා, ලොකු අම්මලාගේ දරුවන් යනාදී 'මහ්රම්' නොවන ඥාති සබඳතාවයයි.
ඥාති සබඳතා පවත්වා ගන්නේ කෙසේද?
ඥාති සබඳතා පවත්වා ගැනීම යනු හැකි සෑම ආකාරයකම යහපත් දේ ප්‍රකාශ කිරීම සහ තම හැකියාව අනුව සියලු ආකාරයේ අයහපත් ඒවායින් පලවා හැරීමයි. එබැවින් සලාම් පැවසුම සහ කථාවෙන් හෝ අවශ්‍යතාවයට අනුව මුදල් සහ සහයෝගයෙන් හෝ ඔවුන්ගෙන් අයහපත පලවා හැරීම, ප්‍රසන්න මුහුණුවරකින් ඔවුන් හමුවීම සහ ඔවුන් වෙනුවෙන් ප්‍රර්ථනා කිරීම යනාදිය කළ හැකිය.
1- ඥාතීන්ට ආදරය කිරීමට සහ පවුල් සබඳතා ශක්තිමත් කිරීමට එය හේතුවක් වේ.
අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ප්‍රකාශ කළේය: "ඔබේ ඥාති සබඳතා පවත්වා ගැනීමට පහසුව සඳහා ඔබේ පරම්පරාව ගැන ප්‍රමාණවත් ලෙස ඉගෙන ගන්න. මක්නිසාද යත්, ඥාති සබඳතා පැවැත්වීම ඥාතීන් අතර සෙනෙහස දිරිමත් කරයි, ධනය වැඩි කරයි, සහ ආයු කාලය වැඩි කරයි."
එය ජිවන අවශ්‍යතා ලැබීම් පුළුල් කරන අතර ආයු කාලය වැඩි කරයි.
අල්ලහ්ග්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ පැවසුවේය: "යමෙකු තම ජිවන අවශ්‍යතා ලැබීම් සහ ආයුෂ වැඩි කර ගැනීමට කැමති නම්, ඔහුගේ ඥාතීන් සමඟ හොඳ සබඳතාවයක් පවත්වා ගත යුතුය."
ඥාති සබඳතා රකින අය සමඟ අල්ලාහ් එකට සිටී.
අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ප්‍රකාශ කළේය: "අල්ලාහ් මැවීම් මැවූ අතර, ඔහු තම මැවීම් මවා අවසන් වූ විට, අර්-රහ්ම් එනම් ඥාති සබඳතාව පැවසුවේය: "(අල්ලාහ්) මෙම ස්ථානයේදී මා වෙන් කරන (එනම් මිත්‍ර සහ ඥාතීන්ගේ බැඳීම් කපා හරින) සියලු දෙනාගෙන් මම ඔබගෙන් රැකවරණය පතමි". අල්ලාහ් පැවසුවේය: "ඔව්, ඔබ සමඟ හොඳ සබඳතා පවත්වන තැනැත්තා සමඟ මම හොඳ සබඳතා පැවැත්වීම ගැන ඔබ සතුටු නොවන්නේද, ඔබ සමඟ සබඳතා අත්හරින තැනැත්තා සමඟ ඇති සම්බන්ධය මම බිඳ දමමි". ‘එසේය, ස්වාමීනි’ යනුවෙන් එය පිළිතුරු දුන්නේය. අල්ලාහ් පැවසුවේය, "එසේ නම් එය ඔබටයි" (බුහාරි 5987, මුස්ලිම් 2554).
ඥාති සබඳතා රැකීම ස්වර්ගයට ඇතුළු වීමට හේතුවකි.
මිනිසෙක් තමාව ස්වර්ගයට ගෙන යන ක්‍රියාවක් ගැන නබි තුමාගෙන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) විමසූ අතර ඔහු ඔහුට මෙසේ පැවසීය: "අල්ලාහ්ට නමස්කාර කරන්න, නැමදුම් කිරීමේ දී කිසිවිටෙකත් ඔහුට කිසිවක් ආදේශ නොකරන්න, සලාතය ස්ථාපිත කරන්න, සකාත් (අනිවාර්‍ය පුණ්‍යාධාර) ගෙවන්න, සහ ඥාති සබඳතා ශක්තිමත් කරන්න." (බුහාරි 1396, මුස්ලිම් 13).