වත්මන් කොටස: model:
පාඩම විවාහ ආචාර ධර්ම.
විවාහයට අදාළ නීතිරිතිවලට අමතරව, සමහරක් නීති ගිවිසුමට පෙර, සමහරක් ගිවිසුම අතරතුර ද සහ තවත් සමහරක් ඉන් පසුව ද පවතී. අල්ලාහ්ගෙන් ලැබෙන ත්‍යාගය බලාපොරොත්තුවෙන් සහ විවාහ සබඳතාවයේ ශක්තිය සහ කල්පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා සෑම ස්වමිපුරුශයෙකු ම ආරක්ෂා කළ යුතු ආචාරධර්මවලින් ඉස්ලාමය විවාහය ආවරණය කර ඇත.
1- චේතනාව
ඉස්ලාමයේ චේතනාවට විශාල තැනක් හිමි වේ. මෙම සුප්‍රසිද්ධ හදීසයෙන් එය සනාථ වේ: "නියත වශයෙන් ම ක්‍රියාවන් චේතනාවන් මගින් (විනිශ්චය කරනු ලැබේ), එබැවින් සෑම මිනිසෙකුටම ඔහු අදහස් කළ දේ ලැබෙනු ඇත." (බුහාරි 1, මුස්ලිම් 1907). ඒ නිසා අඹුසැමියන් විවාහයේ දී යහපත් චේතනාව සිතේ තබාගත යුතුය. එසේම අධිකව තිළිණ සහ කුසල් ලබා ගැනීම සඳහා අධිකව සහ පුළුල්ව චේතනාවන් තැබීමට ෆික්හ් (නිතී) කලාවමග පෙන්වයි. විවාහයේ යහපත් චේතනාවලට අදාළ වන්නේ, අල්ලාහ්ගේ එක් සංඥාවක් නිරූපණය කිරීම, විවාහය ප්‍රිය ජනක ආගමික නීතිමය නියෝගයට අනුකූල වීම සහ ඒක දේව වාදය විශ්වාස කරන අල්ලාහ්ට පමණක් නමස්කාර කරන ධර්මිෂ්ඨ දරුවන් පිරිසක් ඔවුන්ගෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කිරීම, සෑම කලත්‍රයෙකුම තම පාරිශුද්ධභාවය පවත්වා ගනිමින් එකිනෙකා සඳහා පෙළඹවීම්වලින් ආරක්ෂා කර ගැනීම, ආදී ඒ හා සමාන ක්‍රියා මෙයට අදාළ වේ.
2- විවාහ දින රාත්‍රියේ නබිතුමාගේ නිර්දේශ (සුන්නාහ්) අනුගමනය කිරීම.
විවාහ භෝජන (වලීමා) සංග්‍රහය අවධාරණය කරන ලද සුන්නාහ් වකි (දේව දූත සම්ප්‍රදායකි). අබ්දුර් රහ්මාන් බින් අව්ෆ් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) විවාහ වූ අවස්තාවේ නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔහුට මෙසේ කිවේය: "බැටළුවෙකු මස් කර හෝ විවාහ භෝජන (වලීමා) සංග්‍රහය ලබා දෙන්න." (බුහාරි 2048, මුස්ලිම් 1427).
විවාහ භෝජන (වලීමා) සංග්‍රහය දී සැලකිල්ලට ගත යුතු දේ,
4- මංගල උත්සවයේ දී කාන්තාවන්ගේ ගායනා කිරීම
කාන්තාවන්ට පිරිමින්ගෙන් හුදකලා වී යහපත්, අවසර ලත් වචන වලින් පමණක් ගීත ගායනා කිරීමට සහ අනෙකුත් සංගීත භාණ්ඩ භාවිතා නොකර; අත් රබාන ගැසීමට අවසර ඇති අතර මෙම අවසර ලත් යහපත් අවස්ථාවේ ප්‍රීතිය හා සතුට හෙළි කිරීමට ඉස්ලාම් දහමෙහි අවසර ඇත.
5- යහපත් ලෙස එකට ජීවත් වීම
අල්ලාහ්ගේ පිහිටෙන් අඹුසැමියන් අතර ප්‍රීතිමත් ජිවිතයක් සඳහා අවශ්‍ය සෙනෙහස අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා විවාහ ආචාර ධර්මවලින් එකක් ලෙස යහපත් ලෙස එකට ජීවත් වීම පවතී. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු." (අන් නිසා : 19)
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.