වත්මන් කොටස: model:
පාඩම සුන්නත් සලාතයන්
මෙම සලාතයන් සඳහා මේ අයුරින් නම් තැබීමට හේතුව වනාහි ඒවා අනිවාර්ය වූ සලාතයන්ට සාපේක්ෂව සහ ආවේනික ව තිබීම හේතුවෙන් සහ මුස්ලිම්වරෙයකු එය නො කඩවා ඉටු කරන හේතුවෙනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණණෝ මෙසේ ප්‍රකාශ කළහ. "කවර මුස්ලිම්වරයෙකු සෑම දිනක ම අනිවාර්යය සලාතයන්ට අමතරව අතිරේක රකආත් දොළොහක් ඉටු කරන්නේ ද ඔහුට අල්ලාහ් ස්වර්ගයේ නිවසක් ඉදි කරනු ඇත." (මූලාශ්‍රය: මුස්ලිම්)
අස් සුනන් අර් රවාතිබ් සලාතයන්
විත්ර් සලාතයේ රක්අත් ගණන ඔත්තේ ඉලක්කමින් ඉටු කරනු ලබන හෙයින් එය එසේ නම් කර තිබේ. මෙය සුන්නත් සලාතයන් අතරන් අතිවිශිෂ්ඨ සලාතයකි. නබි (සල්ලල්ලාහු අලෙයි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අහෝ අල් කුර්ආන් වැසියනි! විත්ර් සලාතය ඉටු කරන්න." (තිර්මිදි 453/ඉබ්නු මාජාහ් 1170)
එය ඉටු කිරීමට යෝග්‍ය වේලාව වනාහි අවසන් රාත්‍රියයි. එනමුත් ඉෂා සලාතයට පසුව සිට ෆජ්ර් උදාව දක්වා ඕනෑ ම වේලාවක මුස්ලිම්වරයකුට ඒ සලාතය ඉටු කිරීමට හැකි ය.
විත්ර් සලාතයේ රක්අත් ගණන
පරිපූර්ණත්වයේ අඩු ම ප්‍රමාණය වනාහි රක්ආත් තුනකි. පළමුව රක්අත් දෙකක් ඉටු කර සලාම් පවසා එය අවසන් කර පසුව නැගිට එක් රක්අතයක් ඉටු කරනු ඇත. අවසන් රක්අතයෙහි රුකූඃ ඉරියව්වට පෙර හෝ පසු ව තම දෑත් පපුවට සමානව ඔසවා කුනූත් පාරායනය කළ යුතුයි.
වර්ෂාව නොමැතිකම නිසා මහපොළොව වියළී ගොස් මිනිසුන්හට හානියක් සිදු වන අවස්ථාවක ඉටු කිරීම සඳහා අල්ලාහ් විසින් නීතිගත කරන ලද සලාතයකි. හැකි නම් විවෘත ස්ථානවල එය කිරීමට නියම කර ඇති අතර, එය දේවස්ථානය තුළ ද ඉටු කිරීමට අවසර ඇත.
ඒ සලාතය ඉටු කිරීමට යන බැතිමතුන් නිහතමානීව, පසුතැවිලි වී, අල්ලාහ් වෙත කන්නලව් කරන්නන් ලෙස පිටවී යා යුතුය. සමාව පැතීම සහ යුක්තිගරුක ලෙස හැසිරීම, පුණ්‍යකර්මය, මිනිසුන්ට කරුණාව දැක්වීම යනාදි අල්ලාහ්ගේ දයාව ගෙන දෙන හේතු කාරණා ද ඔවුන් විසින් සිදු කළ යුතු ය.
ඉස්තිස්කා සලාතයේ ක්‍රමය
අනිවාර්යය කටයුත්තක දී හෝ අවශ්‍ය කටයුත්තක දී එම කටයුත්ත ඉටු කිරීමට යම් බාධාවක් ඇති වූ විටක හෝ අනුමත කටයුත්තක දී යහපතක් නො දකින විටක අල්ලාහ්ගෙන් යහපත පතා අයැදීම ය.
ඉස්තිහාරාවෙහි නීතිය
මෙය ද සුන්නත් වූ සලාතයන් අතරින් එකකි. ඒ සඳහා ඉමහත් කුලිය ඇත. එහි අවම ප්‍රමාණය වනාහි රක්ආත් දෙකකි. හිරු හීයක තරම් (මීටරයක් පමණ) උසට උදාවීමෙන් පසුව මෙහි වේලාව ආරම්භ වේ. එනම් හිරු උදා වී විනාඩි පහක් පමණ වේලාවක් ගතවීමෙන් ආරම්භ වී දහවල් කාලයට සුළු වේලාවකට පෙර එහි වේලාව අවසන් වෙයි. එහි වඩා උතුම් ම වේලාව වනුයේ උෂ්ණත්වය අධික වීම හේතුවෙන් ඔටුවන් නැගී සිටින වේලාව ය.
ග්‍රහණයක් යනු සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ආලෝකය සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් අතුරුදහන් වන අසාමාන්‍ය විශ්වීය තත්වයක් වන අතර, එය දෙවියන්ගේ බලට සහ රාජ්‍යය පෙන්නුම් කරන එක් සංඥාවක් වන අතර, එය මිනිසාට අනතුරු අඟවා ඔහුගේ නො සැලකිලිමත් භාවයෙන් ඔහුව අවදි කරයි. දෙවියන්ගේ දඬුවමට බිය වී ඔහුගේ කුලිය අපේක්ෂා කිරීම වෙත පොළඹවයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින් ම හිරු හා සඳු වනාහි මිනිසුන්ගෙන් කිසිවෙකුගේ මරණය හේතුවෙන් ඒ දෙක ග්‍රහණය නො වන්නේ ය. එනමුත් ඒවා අල්ලාහ්ගේ සංඥාවන් අතුරින් සංඥාවන් දෙකකි. ඒ දෙකින් කිසිවක් ඔබ දුටුවේ නම් නැගිට සලාතයේ නියැළෙන්න." (මූලාශ්‍රය: බුහාරි 993)