වත්මන් කොටස: model:
පාඩම සුන්නත් සලාතයන්
මුස්ලිම්වරයෙකුට සෑම දිනයක ම සලාතයන් පහක් පමණක් අනිවාර්ය වේ. එසේ වුවද, දෙවිඳාණෝගේ ආදරය ලබා ගැනීමට හේතුවක් වන සුන්නත් හෙවත් අනිවාර්ය නො වන සලාතයන් ඉටු කරන ලෙස ද ෂරිආ විසින් මුස්ලිම්වරුන් දිරිගනවනු ලැබේ. එමෙන්ම ඒවා අනිවාර්ය සලාතයේ අඩුපාඩු සම්පූර්ණ කරනු ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: අවසන් දින ගැත්තන් තම ක්‍රියාවන් පිළිබඳ ප්‍රථමයෙන් විමසනු ලබනුයේ සලාතය පිළිබඳවයි. එවිට සියල්ල දන්නා ඔහු මලක්වරුන් වෙත මෙසේ නියෝග කරනු ඇත: "මාගේ ගැත්තාගේ සලාතය එය සම්පූර්ණ ද නැතහොත් අඩුපාඩු එහි තිබෙනවා ද යන්න පිළිබඳ සොයා බලනු. එය සම්පූර්ණ ව තිබුණේ නම් සම්පූර්ණ ලෙස ලියනු ලැබේ. එහි යම් අඩුපාඩුවක් තිබුණේ නම් : මාගේ ගැත්තාගෙන් යම් වෛකල්පිත (සුන්නත්) සලාතයන් තිබේ දැයි බලනු යැයි අල්ලාහ් පවසයි. ඔහුට එවැනි වෛකල්පිත කරුණක් තිබුණේ නම් මාගේ ගැත්තාගේ අසම්පූර්ණ අනිවාර්ය කරුණ මෙයින් සම්පූර්ණ කරනු යනුවෙන් අල්ලාහ් නියෝග කරනු ඇත. අනෙකුත් ක්‍රියාවන් ද ඒ අනුව ම බලනු ලැබේ." (සුනන් අබී දාවූද් 864)
මෙම සලාතයන් සඳහා මේ අයුරින් නම් තැබීමට හේතුව වනාහි ඒවා අනිවාර්ය වූ සලාතයන්ට සාපේක්ෂව සහ ආවේනික ව තිබීම හේතුවෙන් සහ මුස්ලිම්වරෙයකු එය නො කඩවා ඉටු කරන හේතුවෙනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණණෝ මෙසේ ප්‍රකාශ කළහ. "කවර මුස්ලිම්වරයෙකු සෑම දිනක ම අනිවාර්යය සලාතයන්ට අමතරව අතිරේක රකආත් දොළොහක් ඉටු කරන්නේ ද ඔහුට අල්ලාහ් ස්වර්ගයේ නිවසක් ඉදි කරනු ඇත." (මූලාශ්‍රය: මුස්ලිම්)
අස් සුනන් අර් රවාතිබ් සලාතයන්
විත්ර් සලාතයේ රක්අත් ගණන ඔත්තේ ඉලක්කමින් ඉටු කරනු ලබන හෙයින් එය එසේ නම් කර තිබේ. මෙය සුන්නත් සලාතයන් අතරන් අතිවිශිෂ්ඨ සලාතයකි. නබි (සල්ලල්ලාහු අලෙයි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අහෝ අල් කුර්ආන් වැසියනි! විත්ර් සලාතය ඉටු කරන්න." (තිර්මිදි 453/ඉබ්නු මාජාහ් 1170)
එය ඉටු කිරීමට යෝග්‍ය වේලාව වනාහි අවසන් රාත්‍රියයි. එනමුත් ඉෂා සලාතයට පසුව සිට ෆජ්ර් උදාව දක්වා ඕනෑ ම වේලාවක මුස්ලිම්වරයකුට ඒ සලාතය ඉටු කිරීමට හැකි ය.
විත්ර් සලාතයේ රක්අත් ගණන
විත්ර් හි අවම රකආත් ගණන එකකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) රක්ආත් තුන බැගින් ද, පහ බැගින් ද, හත බැගින් ද, නවය බැගින් ද, එකොළහ බැගින් ද විත්ර් සලාතය ඉටු කරන්නෙකු වූහ.
පරිපූර්ණත්වයේ අඩු ම ප්‍රමාණය වනාහි රක්ආත් තුනකි. පළමුව රක්අත් දෙකක් ඉටු කර සලාම් පවසා එය අවසන් කර පසුව නැගිට එක් රක්අතයක් ඉටු කරනු ඇත. අවසන් රක්අතයෙහි රුකූඃ ඉරියව්වට පෙර හෝ පසු ව තම දෑත් පපුවට සමානව ඔසවා කුනූත් පාරායනය කළ යුතුයි.
වර්ෂාව නොමැතිකම නිසා මහපොළොව වියළී ගොස් මිනිසුන්හට හානියක් සිදු වන අවස්ථාවක ඉටු කිරීම සඳහා අල්ලාහ් විසින් නීතිගත කරන ලද සලාතයකි. හැකි නම් විවෘත ස්ථානවල එය කිරීමට නියම කර ඇති අතර, එය දේවස්ථානය තුළ ද ඉටු කිරීමට අවසර ඇත.
ඒ සලාතය ඉටු කිරීමට යන බැතිමතුන් නිහතමානීව, පසුතැවිලි වී, අල්ලාහ් වෙත කන්නලව් කරන්නන් ලෙස පිටවී යා යුතුය. සමාව පැතීම සහ යුක්තිගරුක ලෙස හැසිරීම, පුණ්‍යකර්මය, මිනිසුන්ට කරුණාව දැක්වීම යනාදි අල්ලාහ්ගේ දයාව ගෙන දෙන හේතු කාරණා ද ඔවුන් විසින් සිදු කළ යුතු ය.
ඉස්තිස්කා සලාතයේ ක්‍රමය
මෙම සලාතය අවුරුදු සලාතය මෙන් රකආත් දෙකකින් සමන්විත සලාතයකි. පළමුවැනි රකආතයේ ආරම්භ තක්බීරය හැර තක්බීර් හයක් පවසයි. පසුව සූරතුල් ෆාතිහාව හා අල්-කුර්ආනයෙන් කොටසක් ශබ්ද නගා පාරායනය කරයි. පසුව රුකූඋ කරයි. පසුව සුජූද් දෙකක් ඉටු කරයි. පසුව නැගී සිට දෙවන රකආතයේ නැගිටීම සඳහා පවසන තක්බීරය හැර අමතර තක්බීර් පහක් පවසයි. පසුව සූරතුල් ෆාතිහාව හා අල්-කුර්ආනයෙන් කොටසක් ශබ්ද නගා පාරායනය කරයි. රක්ආත් දෙක මෙලෙස ඉටු කළ පසුව තෂහ්හුද් පවසා සලාම් දී අවසන් කරයි. සලාතය අවසන් කළ පසු ඉමාම්වරයා විසින් දේශනාවන් දෙකක් පවත්වනු ලබයි. එහි අධික ලෙස පාපොච්ඡාරණය කර දුආ ප්‍රාර්ථනාවෙහි නියැලෙනු ඇත.
අනිවාර්යය කටයුත්තක දී හෝ අවශ්‍ය කටයුත්තක දී එම කටයුත්ත ඉටු කිරීමට යම් බාධාවක් ඇති වූ විටක හෝ අනුමත කටයුත්තක දී යහපතක් නො දකින විටක අල්ලාහ්ගෙන් යහපත පතා අයැදීම ය.
ඉස්තිහාරාවෙහි නීතිය
අනිවාර්යය කටයුත්තක දී හෝ අවශ්‍ය කටයුත්තක දී එම කටයුත්ත ඉටු කිරීමට යම් බාධාවක් ඇති වූ විටක හෝ අනුමත කටයුත්තක දී යහපතක් නො දකින විටක අල්ලාහ්ගෙන් යහපත පතා අයැද මෙම සලාතය ඉටු කිරීම සුන්නත් ය. එය රක්අත් දෙකකි. එහි දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන්ට ඉගැන් වූ ප්‍රාර්ථනාව මඟින් අයැදිය යුතුයි. "අල්ලාහුම්ම ඉන්නී අස්තකීරුක බිඉල්මික වඅස්තක්දිරුක බි කුද්රතික වඅස්අලුක මින් ෆල්ලිකල් අලීම්, ෆ ඉන්නක තක්දිරු වලා අක්දිරු වතඃලමු වලා අඃලමු වඅන්ත අල්ලාමුල් ගුයූබ්, අල්ලාහුම්ම ඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර කයිරුන් ලී ෆී දීනී වමආෂී වආකිබති අම්රී, ෆක්දුර් ලී වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී වමආෂී වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර් ලී අල්-කයිර හයිසු කාන සුම්ම අර්ළිනී බිහී." තේරුම: "අහෝ අල්ලාහ්! ඔබගේ අනුදැනුමෙන් සැබැවින් ම මම යහපත පතමි. තවද ඔබගේ අනුබලයෙන් මම ශක්තිය පතමි. ඔබගේ මහත් වූ භාග්‍යය ඔබෙන් පතමි. ඔබ බලය දරන්නා ය. නමුත් මම බලය නො දරමි. ඔබ සියල්ල දන්නා ය. නමුත් මා නො දනිමි. ඔබ ගුප්ත දෑ පිළිබඳව මැනවින් දන්නා ය. අහෝ අල්ලාහ්! සැබැවින් ම මෙම කටයුත්ත මාගේ දහමට මාගේ ජීවිතයට මාගේ කරුණුවල අවසානයට යහපතක් යැයි ඔබ දන්නෙහි නම් මට එය සලස්වනු මැනව! තවද මට එය පහසු කරනු මැනව! පසුව එහි මට අභිවෘද්ධිය ලබා දෙනු මැනව! සැබැවින් ම මෙම කටයුත්ත මාගේ දහමට මාගේ ජීවිතයට මාගේ කරුණුවල අවසානයට අයහපතක් යැයි ඔබ දන්නෙහි නම් මට එය සලස්වනු මැනව! තවද මට එය පහසු කරනු මැනව! පසුව එහි මට අභිවෘද්ධිය ලබා දෙනු මැනව! එය මගෙන් හරවනු මැනව! මාව ද එයින් හරවනු මැනව! යහපත ඇති පරිදි මට එය සලස්වනු මැනව! පසුව මාව පිළිගනු මැනව!" (මූලාශ්‍රය: බුහාරි)
මෙය ද සුන්නත් වූ සලාතයන් අතරින් එකකි. ඒ සඳහා ඉමහත් කුලිය ඇත. එහි අවම ප්‍රමාණය වනාහි රක්ආත් දෙකකි. හිරු හීයක තරම් (මීටරයක් පමණ) උසට උදාවීමෙන් පසුව මෙහි වේලාව ආරම්භ වේ. එනම් හිරු උදා වී විනාඩි පහක් පමණ වේලාවක් ගතවීමෙන් ආරම්භ වී දහවල් කාලයට සුළු වේලාවකට පෙර එහි වේලාව අවසන් වෙයි. එහි වඩා උතුම් ම වේලාව වනුයේ උෂ්ණත්වය අධික වීම හේතුවෙන් ඔටුවන් නැගී සිටින වේලාව ය.
ග්‍රහණයක් යනු සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ආලෝකය සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් අතුරුදහන් වන අසාමාන්‍ය විශ්වීය තත්වයක් වන අතර, එය දෙවියන්ගේ බලට සහ රාජ්‍යය පෙන්නුම් කරන එක් සංඥාවක් වන අතර, එය මිනිසාට අනතුරු අඟවා ඔහුගේ නො සැලකිලිමත් භාවයෙන් ඔහුව අවදි කරයි. දෙවියන්ගේ දඬුවමට බිය වී ඔහුගේ කුලිය අපේක්ෂා කිරීම වෙත පොළඹවයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින් ම හිරු හා සඳු වනාහි මිනිසුන්ගෙන් කිසිවෙකුගේ මරණය හේතුවෙන් ඒ දෙක ග්‍රහණය නො වන්නේ ය. එනමුත් ඒවා අල්ලාහ්ගේ සංඥාවන් අතුරින් සංඥාවන් දෙකකි. ඒ දෙකින් කිසිවක් ඔබ දුටුවේ නම් නැගිට සලාතයේ නියැළෙන්න." (මූලාශ්‍රය: බුහාරි 993)
ග්‍රහණ සලාතයේ ක්‍රමය
එය රක්ආත් දෙකකි. එහි එක් රක්අතයක රුකූඋ දෙකක් ඇත. එය මෙසේ ය. එහි ක්‍රමය වනුයේ ඉමාම් තක්බීර් පවසා සූරතුල් ෆාතිහාව හා තවත් දීර්ඝ සූරාවක් ශබ්ද නගා පාරායනා කරයි. පසුව දීර්ඝ ලෙස රුකූඋ කරයි. පසුව රැකූඋවෙහි සිට නැගිටියි. පසුව සුජූද් නො කර නැවතත් සූරතුල් ෆාතිහාව හා පෙර සූරාහ්වට වඩා මදක් කෙටි සූරාවක් පාරායනය කරයි. පසුව පෙර රුකූඋ කිරීමට වඩා මදක් කෙටියෙන් රුකූඋ කරයි. පසුව නැගී සිටියි. පසුව දීර්ඝ වශයෙන් සුජූද් දෙකක් ඉටු කරයි. පළමුවැන්න දෙවැන්නට වඩා දීර්ඝ විය යුතුයි. පසුව ඒ දෙක අතර වාඩි වෙයි. පසුව නැවත නැගිට පළමු වැනි රකාඅතය මෙන් ම දෙවන රකආතය ද ඉටු කරයි. නමුත් එය ඊට වඩා මදක් කෙටියෙන් විය යුතුයි. පසුව ෂහාදා පවසා සලාම් පවසයි.