වත්මන් කොටස: model:
පාඩම අදාන් (සලාතයේ ඇරයුම)
මිනිසුන් ව සලාතය වෙත කැඳවීම සඳහාත් එහි වේලාව පැමිණ ඇති බව දන්වා සිටීම සඳහාත් අදාන් ඇරයුම දෙවිඳාණෝ මුස්ලිම්වරුන්ට ආගමානුගත කර ඇත.
සලාතය ආරම්භ කරන වේලාව සහ සලාතය ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඉකාමත් ඇරයුම නියම කරන ලදි.
සලාතය සඳහා කැඳවීම සිදු වූයේ කෙසේ ද?
වරක් (මදීනාවට ගිය අවස්ථාවේ) මුස්ලිම්වරු එකතු වී සලාතයේ වෙලාව එනතුරු බලා සිටියහ. කසිවකුත් ඒ සඳහා කැඳවීමක් සිදු නො කළහ. ඒ පිළිබඳ ඔවුන් එකිනෙකා අතර කතාබහක් ඇති විය. ඔවුන්ගෙන් සමහරෙක් මෙසේ පැවසූහ: "කිතුනුවන් භාවිත කරන සීනුව වැනි සීනුවක් ඔබ සකස් කර ගන්න, ඔවුන්ගෙන් තවත් සමහරෙක් යුදෙව්වන්ගේ අං හා සමාන දෙයක් සකස් කර ගන්න යනුවෙන් පැවසූහ." උමර් (රළි) තුමාණන්: "අප සලාතය වෙත කැඳවන මිනිසෙකු යවා තැබුවහොත් යහපත් නොවේ ද?" යනුවෙන් පැවසූහ. එවිට නබි (සල්) තුමාණෝ: "අහෝ බිලාල්, නැගී සිට සලාතය වෙත ඇරයුම් කරන්න." යනුවෙන් බිලාල් (රළි) තුමාණන් අමතා පැවසූහ. (බුහාරි 604, මුස්ලිම් 377)
අදාන් හා ඉකාමා හි නීතිය
සාමූහික ව සලාතය ඉටු කරන අවස්ථාවක අදාන් හා ඉකාමා දෙක ම අනිවාර්ය වේ. එක් කෙනෙකු පමණක් සලාතය කරන්නේ නම් ඔහුට ඒවා අනිවාර්ය වන්නේ නැත. එමෙන් ම සාමූහිකව ඉටු කරන්නන් ඒවා ඕනෑකමින් අත් හරින්නේ නම් අකුසලක් ඇති වන නමුත් ඔවුන් ඉටු කරන සලාතය වලංගු වේ.
මිනිසුන් සවන් දී සලාතය වෙත පැමිණීමට හැකි වන පරිදි අලංකාර විශාල හඬකින් අදානය පැවසීම ආගමානුගත කර ඇත.
එනමුත් ෆජ්ර් සලාතයේ අදානයෙහි "හයියඅලල් ෆලාහ්" යන පදයට පසු "අස්සලාතු හයිරුම් මිනන් නවුම්, අස්සලාතු හයිරුම් මිනන් නවුම්" යනුවෙන් අමතරව කිව යුතුයි.
මුඅද්දින්ට පිළිතුරු දීම.
මුඅද්දින්ගේ අදාන් හඬ ඇසෙන්නෙකු එයට පිළිතුරු දීම සුන්නාවකි. එනම් ඔහු පවසන අයුරින්ම තමන් ද එය පැවසීම ය. "හය්ය අලස් සලාත්" හා "හය්ය අලල් ෆලාහ්" යන වදන් පවසන විට :"ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි" යැයි පැවසීම ද සුන්නාවකි. මුඅද්දින් අදාන් පවසා හමාර කළ පසු "අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ්" යනුවෙන් පැවසිය යුතුයි. තේරුම : "සම්පූර්ණ වූ මේ කැඳවුම හා ස්ථාවර වූ සලාතයේ පරමාධිපතියාණනි! මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට (ඔබගේ) උපකාරය හා ශ්‍රේෂ්ඨත්වය ලබා දෙනු මැන. ඔබ පොරොන්දු වූ "මකාමන් මහ්මූදා" වෙහි (උතුම් වූ ස්ථානයෙහි) එතුමාණන් අවදි කරනු මැන!
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.