වත්මන් කොටස: model:
පාඩම ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු
ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු
හජ් හෝ උම්රා ඉටු කිරීමේ චේතනාවෙන් ඉහ්රාම් පැළඳගත් අයෙකු සිදු කිරීමට තහනම් වූ කරුණු වේ
ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු කොටස් තුනකි
පිරීමීන් හා කාන්තාවන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු
පිරිමීන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු
කාන්තාවන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු
එමෙන්ම අමතකවීමකින්, නොදැනුවත්කම නිසා හෝ බලහත්කාරයෙන් මෙම තහනම් කරුණු වලින් එක් කරුණක් සිදු කරන්නේද, ඔහුට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ පවසා ඇත: කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද, එහි නුඹලා වෙත වරදක් නැත. නමුත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) (අල් අහ්සාබ්: 05) එනමුත් ඔහුට මතක් වූ විට හෝ දැනුවත් වූ විට ඔහු වහාම ඒ තහනම් කරුණ අත්හැරිය යුතුය.
යමෙක් අවසර ලත් හේතුවක් සඳහා හිතාමතාම තහනම් කරන ලද කරුණක් සිදු කරන්නේ ද, ඔහුට ෆිද්යා ලබා දීම අනිවාර්ය වේ, ඔහුට කිසිදු පාපයක් නොමැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප (පරිත්‍යාග) කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා ! එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු. (අල් බකරා: 196)
යමෙක් අවසර ලත් හේතුවත් සඳහා හිතාමතාම තහනම් කරන ලද දෙයක් සිදු කරන්නේ ද, ඔහු ෆිද්යා ලබා දිය යුතුය, ඔහුට කිසිදු පාපයක් නොමැත.
ෆිද්යා හෙවත් ප්‍රතිකර්මය අනුව ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු වර්ග හතරකට බෙදේ.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.