දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු

ඉහ්රාම් තත්ත්වයට ඇතුළු වන විට, හජ් හෝ උම්රා ඉටු කරන වන්දනාකරු තහනම් වූ කරුණු ගණනාවකින් වැළකී සිටිය යුතුය. මෙම පාඩමෙන් ඔබ ඉගෙන ගනු ඇත්තේ ඒ කරුණු පිළිබඳවයි.

  • ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු පිළිබඟ දැන ගැනීම.
  • මෙවැනි තහනම් කරුණු සිදු  කිරීමෙන් ඇති වන විධිවිධාන ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු

හජ් හෝ උම්රා ඉටු කිරීමේ චේතනාවෙන් ඉහ්රාම් පැළඳගත් අයෙකු සිදු කිරීමට තහනම් වූ කරුණු වේ

ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වූ කරුණු කොටස් තුනකි

١
පිරිමීන් හා කාන්තාවන් සඳහා තහනම් කොටස
٢
පිරිමීන් සඳහා පමණක් තහනම් කොටස
٣
කාන්තාවන් සඳහා පමණක් තහනම් කොටස

පිරීමීන් හා කාන්තාවන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු

١
හිස බූ ගෑම හෝ කොට කිරීම. නියපොතු කැපීම
٢
ඔහුගේ ඇඳුම් මත හෝ ඔහුගේ ශරීරය මත වුවද, සුවඳ විලවුන් හෝ සුවඳක් ඇති යමක් භාවිතා කිරීම.
٣
ලිංගික ආශ්‍රයකින් තොර වුව ද අඹු සැමි ඇසුර. කාමුක ආශාවක් ඇතිව ස්පර්ශ කිරීම හෝ වැළඳ ගැනීම
٤
ඉහ්රාම් තත්ත්වයෙහි සිටින්නා කාන්තාවක් වුවද පිරිමයකු වුවද විවාහ ගිවිසුම් ඇති කර ගැනීම.
٥
ඉහ්රාම් තත්ත්වයෙහි සිටින්නාට දඩයම් කිරීම තහනම් බැවින් කුරුල්ලන් සහ වන සතුන් දඩයම් කිරීමට ඔහුට අවසර නැත.

පිරිමීන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු

١
මසා නිම කළ ඇඳුම් පැළඳීම; මසා නිම කළ ඇඳුම් ලෙස අදහස් කෙරෙනුයේ ශරීරයේ ප්‍රමාණයටම මැසූ ඇඳුමක් හෝ කමිසයක් කලිසමක් වැනි ශරීරයේ අඩක ප්‍රමාණයක් සඳහා මැසූ ඇඳුමකි.
٢
ඍජූව හිසට සමබන්ධ වන යම් දෙයකින් හිස වසා ගැනීම: ගොඩනැගිලිවල, වාහනවල, කුඩවල ඉහළ කොටසින් ආවරණය වීම සම්බන්ධයෙන් ගත් කළ එහි වරදක් නැත.

කාන්තාවන් සඳහා ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු

١
නිකාබ් මඟින් මුහුණ ආවරණය කිරීම. මහ්රම් නොවන පිරිමින් පසුකර යන්නේ නම් මිස ඇගේ මුහුණ විවෘත කිරීමට ඇයට අවසර කර ඇත. එවැනි අවස්ථාවක ඇයට ඇගේ මුහුණ වසා ගත හැකි අතර මෙම ආවරණය ඇගේ මුහුණ ස්පර්ශ කළහොත් එය ඇයට හානියක් නොවේ.
٢
අත්වැසුම් පැළඳීම.

එමෙන්ම අමතකවීමකින්, නොදැනුවත්කම නිසා හෝ බලහත්කාරයෙන් මෙම තහනම් කරුණු වලින් එක් කරුණක් සිදු කරන්නේද, ඔහුට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ පවසා ඇත: කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද, එහි නුඹලා වෙත වරදක් නැත. නමුත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) (අල් අහ්සාබ්: 05) එනමුත් ඔහුට මතක් වූ විට හෝ දැනුවත් වූ විට ඔහු වහාම ඒ තහනම් කරුණ අත්හැරිය යුතුය.

යමෙක් අවසර ලත් හේතුවක් සඳහා හිතාමතාම තහනම් කරන ලද කරුණක් සිදු කරන්නේ ද, ඔහුට ෆිද්යා ලබා දීම අනිවාර්ය වේ, ඔහුට කිසිදු පාපයක් නොමැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප (පරිත්‍යාග) කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා ! එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු. (අල් බකරා: 196)

යමෙක් අවසර ලත් හේතුවත් සඳහා හිතාමතාම තහනම් කරන ලද දෙයක් සිදු කරන්නේ ද, ඔහු ෆිද්යා ලබා දිය යුතුය, ඔහුට කිසිදු පාපයක් නොමැත.

ෆිද්යා හෙවත් ප්‍රතිකර්මය අනුව ඉහ්රාම් තත්ත්වයෙහි තහනම් වන කරුණු වර්ග හතරකට බෙදේ.

١
1- ෆිද්යා හෙවත් ප්‍රතිකර්මය අවශ්‍ය නැති තත්ත්වය. එය හජ් හි විවාහ ගිවිසුම් ඇති කර ගැනීම වේ.
٢
2- ෆිද්යා හෙවත් ප්‍රතිකර්මය ඔටුවකු කැප කිරීම වේ. එය පළමු තහල්ලුල් තත්ත්වයට පෙර සංසර්ගයේ යෙදුනේ නම් අනිවාර්ය වේ.
٣
3- එහි ෆිද්යාව වනාහි එයට සමාන දෙයක් හෝ එය වෙනුවන් යමක් ෆිද්යා හෙවත් ප්‍රතිකර්මයක් ලෙස ලබා දීම වේ. මෙය දඩයම් කර සතෙකු ඝාතනය කළ අවස්ථාවේ දී ලබා දෙන ෆිද්යාව වේ.
٤
4- උපවාසයේ නියැලීම, පුණ්‍යකර්මය සහ සත්ත්වයකු කැප කිරීම වැනි දෑ මගින් ෆිද්යා හෙවත් ප්‍රතිකර්මය ඉටු කිරීම. මෙය හිස මුඩු කිරීම හා ඉහත සඳහන් කරුණු තුන හැර අනෙකුල් සියලු තහනම් කරුණු කිරීමෙන් අනිවාර්ය වන ෆිද්යාව වේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.