වත්මන් කොටස: model:
පාඩම දේව දූතයාණන්ගේ අලංකාර ගතිගුණ හා සාරධර්ම
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උසස් සදාචාරය විස්තර කරන සංශිප්ත වදන් පෙළ
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය." (සූර අල්කලම්: 14) ජිබ්රීල් (අලෙයහිස්සලාම්), නබිතුමාණන් වෙත ප්‍රථම වතාවට පැමිණි අවස්ථාව් දී, එතුමා බියට පත් විය. ඇදහිලිවන්තයන්ගේ මව වන කදීජා තුමියට එතුමාණෝ මෙසේ පැවසූහ, "මම මා ගැනම බිය වූවෙමි" එවිට එතුමිය එතුමාට මෙසේ පැවසුවාය: ඔබ බිය නොවන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබව අල්ලාහ් කිසිදා නින්දාවට පත් නොකරයි. මන්ද ඔබ ඥාතී සම්බන්ධය විසන්ධි නොකරන්නෙහිය. කතාවෙහි සත්‍යවන්තයෙු වන්නෙහි. අනෙකාගේ බර උසුල්නනෙහිය. ඔබ මිනිසුන්ට අන් අය සමඟ නැති දෑ ලබා දෙන්නෙහිය.ආගන්තුක සත්කාරයේ නිරත වන්නෙහිය. සත්‍ය කරුණුවලට ඔබගේ සහයෝගය ලබා දෙන්නෙහිය. (බුහාරි 4953- මුස්ලිම් 160)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ විශ්වාසවන්තභාවය
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විශ්වාසවන්තභාවය විෂයෙහි වඩාත් ප්‍රසිද්ධ චරිතයකි. කෙතරම්දයත් එතුමාට නබිත්වය ලැබීමට පෙර සිටම එතුමාගේ සමූහයා එතුමාව "අල් අමීන්" විශ්වාසවන්තයා යන අනුවර්ත නාමයෙන් හඳුන්වති. නබිත්වයට පසු එතුමා කෙරෙහි ඔවුන් තුළ සතුරුකම තිබියදීත්, ඔවුන් තම වස්තූන් ආරක්ෂාව සඳහා එතුමාට ලබා දීමට පුරුදුව සිටියෝය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සමාව දීමේ ගුණාංගය
අල්ලාහ්ගේ දූතයාණෝ ජයග්‍රාහකයෙකු ලෙස මක්කමට ඇතුළු වූ විට, මක්කමේ වැඩිහිටියන් සහ එහි නායකයින් එතුමා ඉදිරියේ යටත්ව සිට ගෙන සිටියෝය. ඔවුන් වසර ගණනාවක් එතුමාට සහ එතුමාගේ සහචරයන්ට හානි කරමින් සිටි පිරිසක් වෙති. එවන් තත්ත්වයක පයා එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: අද දින නුඹලාට කිසිදු දොසක් නොකියමි. නුඹලා නිදහස් වූවන් ලෙස විසිර යනු.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ධෛර්යය සහ ශක්තිය
අලී (රළියල්ලාහු අන්හු) තුමාණෝ මෙසේ පැවසූහ: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ධෛර්යවන්තයින් අතරින් මහා ධෛර්යවන්තයකු වූහ.එතුමාගේ ධෛර්යය පිළිබඳ අලී (රළියල්ලාහු අන්හු) තුමාණෝ තවදුරටත් මෙසේ විස්තර කරයි: යුද්ධය උත්සන්න වී සේනාවන් එකට එක සටන් කිරීමට පටන් ගත් විට අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාව ආරක්ෂා කිරීමට පෙළගෙසෙමු. එනමුත් නබිතුමාණෝ එදිරි සේනාවට ඉතා සමීපව සිටනාක් මෙන් අපගෙන් කිසිවෙක් හෝ සිටියේ නැත. (මූලාශ්‍රය: අහ්මද්:1347)
දේව දූතයාණන්ගේ දේහ ලක්ෂණ
දේව දූතයාණෝ ශ්‍රේෂ්ඨ ගතිගුණ හා සාරධර්මවලින් ද සිත් ඇදගන්නා සුළු දේහ ලක්ෂණවලින් ද පිරිපුන් චරිතයකි. එතුමාණෝ අලංකාර හා ප්‍රශංසනීය ගතිගුණ, සාරධර්ම මෙන් ම උසස් ආචාරධර්මයන්හි ප්‍රතිමූර්තිය වෙති. කවරෙකු එතුමාණන්ගේ ගතිගුණ හා සාර්ධර්ම කෙරෙහි අවධානය යොමු කරන්නේ ද, නියත වශයෙන් ම, මිනිස් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම හා අග්‍රගන්‍ය ම මිනිසා එතුමාණන් බව අවබෝධ වනු ඇත.
එතුමාණන් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් විෂිශ්ඨ ගැත්තෙකු වේ. ඔවුන් අතරින් අල්ලාහ් වඩාත් ප්‍රිය කරන ගැත්තෙකු වේ. එතුමාණන් අල්ලාහ්ගේ කල්‍යාණ මිතුරාය. එතුමාණන් අල්ලාහ් විසින් තෝරාගත් අයෙකු වෙති. එතුමාණන් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් නැමදුමෙන් සර්ව සම්පූර්ණ, සදාචාරයෙන් ඉතා පිවිතුරු, ආත්මයෙන් ඉතා පිරිසිදු, ගනුදෙනුවෙන් ඉතා අලංකාර, අල්ලාහ් පිළිබඳ ඥානයෙන් ඉමහත්, අල්ලාහ් කෙරෙහි ගැතිකමෙන් අති සාර්ථක වූ අයෙකු වෙති. .තම මැවීම් වෙත වූ ධර්ම දූතයකු සහ වක්තෘවරයකු ලෙසත් ඔහු සහ මිනිසුන් අතර යහපත්කම දන්වා යහමඟ වෙත ඇරයුම් කිරීම පිණිස මැදිහත්කරුවෙකු ලෙසත් අල්ලාහ් එතුමාණන්ව තෝරා ගත්තේය.
මිනිස් වර්ගයා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම හා ගෞරවණීය ම පෙළපතකින් උන්වහන්සේ එතුමාණන් ව තෝරා ගත්හ. තව ද, ශ්‍රේෂ්ඨ හා උදාර ගතිගුණවලින් ද ඉතා ප්‍රියමනාප හා සිත් ඇදගන්නා සුළු දේහ ලක්ෂණවලින් ද උන්වහන්සේ එතුමාණන් ව පරිපූර්ණ කළහ. එම දේහ ලක්ෂණ මෙසේ ය.
1. දේව දූතයාණන්ගේ ශරීර ස්වභාවය හා පෙනුම
අනස් බින් මාලික්තුමා නබි නායකතුමාණන්ගේ පෙනුම පිළිබඳ මෙසේ ප්‍රකාශ කරයි. “එතුමාණෝ මිනිසුන් අතුරින් වඩාත් උසත් නොවන, වඩාත් මිටිත් නොවන, මධ්‍යස්ථ උසකින් හෙබි පුද්ලයෙකු ව සිටියහ.” (බුහාරි - 3547)
ධර්ම දූතයාණන්ගේ ගෞරවණීය මුහුණ පිළිබඳ විස්තරය
නබි (සල්) තුමාණන් මුහුණෙන් අලංකාරය. එතුමාගේ මුහුණ මධ්‍යස්ථ වක්‍රාකාර හැඩයකින් තිබුණි. ඉතා අලංකාරය. දීප්තිය, පුර පසළොස්වක රාත්‍රියේ චන්ද්‍රයාගේ මුහුණ මෙන් එතුමාගේ මුහුණ ද බබළයි. එතුමාණන් දකින සියල්ලෝම සන්සුන් වෙති. එතුමාණන් සතුටට පත් වූයේ නම් මුහුණෙහි දීප්තිය විහිදෙනු ඇත.
එතුමාණන්ගේ මුහුණෙහි ස්වභාවය හා සම්බන්ධ තවත් විස්තර
එතුමාණන්ගේ රැවුල ඝන ව වැවී තිබුණු අතර, ගෝලාකාර ස්වභාවයකින් හා තද කලු පැහැති වර්ණයෙන් යුක්ත ව තිබුණි. කන් පෙති හා යටි තොල අතර රැවුල තරමක් උස් ව වැවී තිබුණු අතර, යටි තොලට පහළින් ඇති රැවුල, යටි රැවුලෙන් කොටසක් මෙන් ඊට සමාන්තර ව වැවී තිබුණි. එතුමාණන්ගේ රැවුලෙහි හා හිසෙහි සුදු පැහැති කෙස් ගස් විස්සකට වඩා වැඩියෙන් නොතිබුණි. වැඩිපුර ම සුදු පැහැති කෙස් තිබුණේ එතුමාණන්ගේ කන් පෙති හා යටි තොල අතර වැවී තිබුණු රැවුලෙහි ය. එතුමාණන්ගේ හිසෙහි සුදු පැහැති කෙස් තිබුණේ හිසෙහි හරි මැද ය.
3. ධර්ම දූතයාණන්ගේ මුහුණෙහි පැහැය
එතුමාණෝ අලංකාර පැහැයකින් යුක්ත ව සිටියහ. එතුමාණන්ගේ පැහැය රක්ත වර්ණය මුසු සුදු පැහැයකි. එතුමාණන්ගේ මුහුණු දීප්තිමත් සුදු පැහැයෙන් යුක්ත ව තිබුණි. අලි බින් අබී තාලිබ්තුමා නබිතුමාණන් ව ස්වරෑපය පිළිබඳ කළ වර්ණනාව ජුබෙයිර් බින් මුත්අම්තුමා මෙසේ වාර්තා කරයි. “එතුමාණෝ තරමක් විශාල හිසකින් ද රක්ත වර්ණය මුසු සුදු පැහැයෙන් ද බහුල ව වැවුණු රැවුලකින් ද හෙබි පුද්ගලයෙකු ව සිටියහ.” (මුස්නද් අහ්මද් - 944)
4. ධර්ම දූතයාණන්ගේ හිසකෙස්
එතුමාණන්ට හිසකෙස් බහුල ව තිබුණි. හිසකෙස් කොටට කපා තිබුණු විට එය එතුමාණන්ගේ කනෙහි මැද හරියට වන තෙක් දීර්ඝ ව තිබුණු අතර, හිසකෙස් වවා තිබෙන විට එය එතුමාණන්ගේ උරහිස දක්වා තිබුණි. තව ද, එතුමාණන්ගේ හිසකෙස් දිගුත් නොවන රැලි වැටුණුත් නොවන මධ්‍යස්ථ ස්වභාවයකින් තිබුණි. එතුමාණෝ සමහර අවස්ථාවල දී තම නළල මත වැටෙන සේ හිසකෙස් පීරන අතර, තවත් සමහර අවස්ථාවල දී නළල මත නොවැටන සේ හිසෙහි හරි මැදින් දෙකට බෙදා පීරති.
කතාදාතුමා මෙසේ වාර්තා කරයි. “මම අනස් බින් මාලික්තුමාගෙන් "ධර්ම දූතයාණන්ගේ හිසකෙස් කෙසේ තිබුණේ දැ’යි විමසුවෙමි. එයට එතුමා ‘දේව දූතයාණන්ගේ හිසකෙස් වඩාත් සිනිදුත් නොවන වඩාත් ඝනකමත් නොවන තත්ත්වයෙන් තිබුණි. එමෙන් ම, එතුමාණන්ගේ හිසකෙස් දිගුත් නොවන රැලි වැටුණුත් නොවන මධ්‍යස්ථ ස්වභාවයෙන් තිබුණු අතර, එය එතුමාණන්ගේ කන් හා උරහිස අතර වැටී තිබුණි’ යැයි පැවසූහ.” (මුස්ලිම් - 2338)
එතුමාණන්ගේ රැවුලෙහි හා හිසෙහි සුදු පැහැති කෙස් ගස් විස්සකට වඩා වැඩියෙන් නොතිබුණි. වැඩිපුර ම සුදු පැහැති කෙස් තිබුණේ එතුමාණන්ගේ කන් පෙති හා යටි තොල අතර වැවී තිබුණු රැවුලෙහි ය. එතුමාණන්ගේ හිසෙහි සුදු පැහැති කෙස් වැවී තිබුණේ හිසෙහි හරි මැද ය.
ධර්ම දූතයාණෝ තම හිසකෙස්වලට තෙල් ගාමින් හා පීරමින් එය අලංකාර අයුරින් තබාගෙන සිටියහ. එතුමාණෝ හිසකෙස් පීරන විට දකුණු පැත්තෙන් ම ආරම්භ කළහ. එමෙන් ම, එතුමාණෝ දවසක් හැර දවසක් පාහේ තම හිසකෙස් පීරමින් අලංකාර ව හා පිරිසිදු ව තබා ගත්හ.
ධර්ම දූතයාණන්ගේ උරහිස, වැලමිට හා දෑත්හි ස්වභාවය
අනස් (රළි) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මා කිසිදා නබිතුමාගේ අත්ලට වඩා මෘදු සේද වස්ත්‍රරයක් හෝ ස්පර්ශ කර නැත" එතරම් එතුමාගේ අත්ල මෘදුභාවයකින් යුක්ත විය. (බුහාරි 3561/ මුස්ලිම් 2330)
ධර්ම දූතයාණන් සිරුරෙහි පිහිටා තිබූ මුද්‍රාවෙහි ස්වභාවය
එය දේව දූතයාණන්ගේ වම් උරහිසෙහි පිහිටා තිබුණි. එය, එතුමාණන්ගේ සිරුරේ පැහැයට ම සමාන, පරවි බිත්තරයක ප්‍රමාණයෙන් යුත්, තරමක් සම පිටතට නෙරා පැමිණි ස්ථානයකි. ඒ වටා උපන්ලප තිබූ අතර, ඒ මත එකට එක් වූ රෝම ද වැවී තිබුණි.
ජාබිර් බින් සමුරාතුමා මෙසේ වාර්තා කරයි. “එතුමාණන්ගේ සිරුරේ පැහැයට සමාන, පරවි බිත්තරයක් මෙන් වූ මුද්‍රාව මම එතුමාණන්ගේ උරහිසෙහි තිබෙනු දුටුවෙමි.” (මුස්ලිම් - 2344)
ධර්ම දූතයාණන්ගේ පපුව හා උදරයෙහි ස්වභාවය
නබිතුමාගේ බත් කෙණ්ඩය පාදවල ලක්ෂණ
එතුමාණන්ගේ සිරුරෙන් පිටවන දහඩිය කස්තූරිවලටත් වඩා සුවඳවත් විය. කෙනෙකු එතුමාණන් ව වැළඳගතහොත් මුළු දවස පුරාවට ම එතුමාණන්ගේ සුවඳ ආග්‍රහණය කරමින් සිටිනු ඇත. දේව දූතයාණෝ සෑම විට ම පාහේ සුවඳ විලවුන් ගල්වාගෙන සිටියහ.
අනස්තුමා මෙසේ වාර්තා කරයි. “මම දේව දූතයාණන්ගේ සුවඳට වඩා සුගන්ධවත් කස්තුරි හෝ අන්බර් (තල්මස් වර්ගයකින් ගනු ලබන සුවඳ විලවුන් වර්ගයකි) ආග්‍රහණය කර නොඇත්තෙමි.” (මුස්ලිම් - 2330)
නබිතුමාණන්ගේ මෛත්‍රිය හා කරුණාව
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සමාජය කෙරෙහි මෛත්‍රී කරුණා ගුණයෙන් සපිරි චරිතයක් වූහ. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: (විශ්වාස කරන්නනි!) නුඹලා අතරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන් හට සෙනෙහෙවන්තය; මහා කාරුණිකය. (සූරා අත් තව්බා: 128) තවද ඔහු මෙසේ පවසයි: අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. (සූරා ආලු ඉම්රාන්: 159)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තුළ තිබූ මුළු මානව සංහතියගේ යහමඟ පිළිබඳ ආශාව
මිනිසුන් හට මඟ පෙන්වීමට එතුමා කොතරම් උනන්දු වූවාද කිවහොත් එතුමා ඔවුන් ගැන ශෝකයෙන් තමාවම විනාශ කර ගන්නට බැලුවේය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත. (සූරා අල් කහ්ෆ්:06)
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.