දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අයහපත් ඉපැයීම් සහ තහනම් මූල්‍ය ගනුදෙනු

මෙම පාඩමෙන් අපි අයහපත් ඉපැයීම් පිළිබඳ සංකල්පය, එහි හේතු සහ එහි හානි සහ තහනම් මූල්‍ය ගනුදෙනු පිළිබඳ සංකල්පය පිළිබඳව ඉගෙන ගනිමු.

  • අයහපත්  ඉපැයීම් හඳුනා ගැනීම සහ එහි හානිය පෙන්නුම් කිරීම.
  • තහනම් මූල්‍ය ගනුදෙනු ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉපැයීම තුළ පිවිතුරු, හොඳ, අවසර ඇති ක්‍රම අයහපත්, නරක, තහනම් ක්‍රමද වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු." (සූරා බකරා: 267)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ නබි වදනක මෙසේ සඳහන් වේ: මිනිසුනට යම් කාලවකවානුවක් පැමිණෙනු ඇත. එහි මුදල් උපයා ගත් ආකාරය හලාල් ද නැතහොත් හරාම් ද යන්න ගැන මිනිසා සැලකිලිමත් නොවෙයි. (බුහාරි: 2083)

අයහපත් ඉපැයීම

අයහපත් ඉපැයීම යනු මිනිසුන්ගේ දේපොල සුරා කෑම හෝ දහම අනුමත නොකළ ආකාරයකින් මිල මුදල් ඉපැයීම වේ.

අයහපත් ඉපැයීමේ ආකාර

١
මිනිසුන්ගේ දේපළ සුරා කෑම. ඒ සඳහා නිදසුන්: අසාධාරණ ලෙස අනෙකාගේ මිල මුදල් ලබා ගැනීම, වංචා කිරීම, මුලාකිරීම, කොල්ලකෑම. නැතහොත් හිමිකරුගේ තෘප්තිය සහ කැමැත්ත නොමැතිව යමක් ලබා ගැනීම
٢
ෂරීආව විසින් තහනම් කරන ලද ගනුදෙනු සිදු කිරීම. ඒ සඳහා නිදසුන් පොලී, සූදුව. සහ තහනම් කළ දෑ විකිණීම. ඒ සඳහා නිදසුන් මත්පැන්, සූකර මස්, සංගීත භාණ්ඩ වැනි යනාදිය.

අයහපත් ඉපැයීම් සොයා යාමට බලපාන හේතූ

١
දෙවියන් වහන්සේ කෙරෙහි බිය සහ නිහතමානීකම නොමැතිවීම: පුද්ගලයෙකුගේ හදවතින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බිය සහ නිහතමානිකම ඉවත් වුවහොත්, ඔහුගේ ඉපැයීම නීත්‍යානුකූල ද තහනම් ද යන්න ගැන ඔහු තැකීමක් නොකරයි.
٢
ඉක්මනින් උපයා ගැනීමේ ආශාව: සමහරු ඉවසිලිමත් නොවෙති., කෙටි කාලයක් තුළ විශාල මුදලක් ලබා ගැනීමට සිතති. මෙය තහනම් දෑ සිදු කිරීමට ඔවුන් තල්ලු කරයි.
٣
තණ්හාව සහ අතෘප්තිය: සමහරු දෙවියන් වහන්සේ ඔවුන්ට අනුමත පෝෂණ සම්පත් වලින් ලබා දී ඇති දෙයින් සෑහීමකට පත් නොවෙති, එබැවින් ඔවුන් දෙවියන් වහන්සේ තහනම් කර ඇති දේවලින් පවා වැඩි වැඩියෙන් ලබා ගැනීමට උත්සාහ කරති.

අයහපත් ඉපැයීමක තිබෙන හානි

١
අල්ලාහ්ගේ කෝපයට භාජනය වීම සහ නිරයට ඇතුල් වීම. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "කවරෙකු තම දිවුරිම මඟින් තවත් මුස්ලිම් සහෝදරයකුගේ අයිතිය කපා හරින්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ් සැබැවින් ම නිරාගින්න අනිවාර් ය කර ඇත. තවද ඔහු කෙරෙහි ස්වර් ගය තහනම් කර ඇත." එවිට මිනිසෙකු "එය ස්වල්පයක් වූව ද" යැයි විමසා සිටියේය. අරාක් ගසෙහි කෝටු කෑල්ලක තරම් වූව ද එසේය යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිළිතුරු දුන්හ.
٢
හදවතේ අන්ධකාරය, සමිඳාණන් වහන්සේට කීකරු වීමෙන් අත් පා වල කම්මැලිකම ඇති වීම, පෝෂණයෙන් හා ජීවිතයෙන් ආශීර්වාදය ඉවත් වීම.
٣
දුආ (ප්‍රාර් ථනා) ප්‍රතික්ෂේප වීම. සැබවින් ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු) තුමා වාර් තා කර ඇත. " මිනිසෙකු දිගු ගමනක නිරත වේ. හිසි කෙස් බෙදී දූවිලි වැදී අසරණ තත්ත්වයක සිටිනා විට තම දෑත් අහස දෙස ඔසවා අහෝ දෙවිඳුනි! අහෝ දෙවිඳුණි! යැයි ප්‍රාර්ථනා කරයි. එනමුත් ඔහුගේ ආහාරය තහනම් ක්‍රමයකිනි. ඔහුගේ පානය තහනම් ක්‍රමයකිනි. ඔහුගේ ඇඳුම් පැළඳුම් තහනම් ක්‍රමයකිනි. ඔහු තහනම් දේ මඟින් ම අනුභව කිරීමට ලක් විය. ඔහුගේ එම ප්‍රාර්ථනාවට කෙසේ නම් පිළිතුරු ලැබේ ද?. (මුස්ලිම්: 1015)
٤
මිනිසුන් අතර සතුරුකම හා වෛරය ඇතිවීම, සමාජය බිඳවැටීම, මෙය මිනිසුන්ගේ මුදල් ආක්‍රමණය කර අසාධාරණ ලෙස පරිභෝජනය කිරීමේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත:"ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට...." (අල්මාඉදා: 91)

මූල්‍ය ගනුදෙනු වල තහනම් වර් ග

١
තහනම් වස්තු
٢
තහනම් ක්‍රම

තහනම් වස්තු

මියගිය සතුන්, ලේ, ඌරු මස්, අපවිත්‍ර දෑ වැනි තහනම් සියලු දෑ, මෙවැනි දේවල් වලින් සිත ස්වභාවිකව ම වැළකී සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටී: "(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන් ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. නමුත් කවරෙකු බලකිරීමකට ලක්වන්නේද ඔහු සීමාව ඉක්මවීමකින් හා සිය කැමත්තෙන් තොරව (අනුභව) කළ හැක. සැබැවින් ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය." (සූරා අල් අන්ආම්: 145)

තහනම් ක්‍රම

පොළිය, සූදුව, වංචාව, ගබඩා කිරීම, වංචාව යනාදී සමාජයට අයුක්තියක් සිදු කිරීම සහ මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස පරිභෝජනය කිරීම වැනි ෂරීආ නීතිය උල්ලංඝනය කරන සෑම ගනුදෙනුවක්ම මෙයට අදාල වේ. මෙවැනි ගනුදෙනු මිනිසාගේ සිත ආශා කරන හෙයින් දැඩි ලෙස වලක්වන, තරවටු කරන සහ යමෙකු එහි නිරත වීමෙන් වළක්වන දඬුවමක් අවශ්‍ය විය. එහෙයින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතුය." සූරා අන් නිසා: 10) තවද ඔහු මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතුයි." (සූරා අල්බකරා: 278-279)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.