වත්මන් කොටස: model:
පාඩම අයහපත් ඉපැයීම් සහ තහනම් මූල්‍ය ගනුදෙනු
ඉපැයීම තුළ පිවිතුරු, හොඳ, අවසර ඇති ක්‍රම අයහපත්, නරක, තහනම් ක්‍රමද වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු." (සූරා බකරා: 267)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ නබි වදනක මෙසේ සඳහන් වේ: මිනිසුනට යම් කාලවකවානුවක් පැමිණෙනු ඇත. එහි මුදල් උපයා ගත් ආකාරය හලාල් ද නැතහොත් හරාම් ද යන්න ගැන මිනිසා සැලකිලිමත් නොවෙයි. (බුහාරි: 2083)
අයහපත් ඉපැයීම යනු මිනිසුන්ගේ දේපොල සුරා කෑම හෝ දහම අනුමත නොකළ ආකාරයකින් මිල මුදල් ඉපැයීම වේ.
අයහපත් ඉපැයීමේ ආකාර
අයහපත් ඉපැයීම් සොයා යාමට බලපාන හේතූ
අයහපත් ඉපැයීමක තිබෙන හානි
මූල්‍ය ගනුදෙනු වල තහනම් වර් ග
තහනම් වස්තු
මියගිය සතුන්, ලේ, ඌරු මස්, අපවිත්‍ර දෑ වැනි තහනම් සියලු දෑ, මෙවැනි දේවල් වලින් සිත ස්වභාවිකව ම වැළකී සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටී: "(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන් ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. නමුත් කවරෙකු බලකිරීමකට ලක්වන්නේද ඔහු සීමාව ඉක්මවීමකින් හා සිය කැමත්තෙන් තොරව (අනුභව) කළ හැක. සැබැවින් ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය." (සූරා අල් අන්ආම්: 145)
පොළිය, සූදුව, වංචාව, ගබඩා කිරීම, වංචාව යනාදී සමාජයට අයුක්තියක් සිදු කිරීම සහ මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස පරිභෝජනය කිරීම වැනි ෂරීආ නීතිය උල්ලංඝනය කරන සෑම ගනුදෙනුවක්ම මෙයට අදාල වේ. මෙවැනි ගනුදෙනු මිනිසාගේ සිත ආශා කරන හෙයින් දැඩි ලෙස වලක්වන, තරවටු කරන සහ යමෙකු එහි නිරත වීමෙන් වළක්වන දඬුවමක් අවශ්‍ය විය. එහෙයින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතුය." සූරා අන් නිසා: 10) තවද ඔහු මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතුයි." (සූරා අල්බකරා: 278-279)
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.