දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඉස්ලාමය තුළ පවුලක තත්ත්වය

මෙම පාඩමේ දී, පවුල සහ ඒ පිළිබඳ ඉස්ලාමී නීති පද්ධතියෙහි දෘෂ්ටිය, තවද පුද්ගලයින් එකට එක එකතු වීමේ දී ඉස්ලාමී නීති පද්ධතිය විසින් අපේක්ෂා කෙරෙන අංගයන්, ඉස්ලාම්හි පවුලක තත්ත්වය සහ ඉස්ලාමයේ විවාහය පිළිබඳවත් ඊට අමතර පවුලක් පදනම් වී සාධක පිළිබඳ කරුණුත් අපි ඉගෙන ගනිමු..

පවුල පිළිබඳ ඉස්ලාමීය දැක්ම සහ ඉස්ලාමයේ එහි තත්වය ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සමාජයක් යනු

සමාජයක් සමන්විත වන්නේ ජාතිය, භාෂාව, ඉතිහාසය ආදී පොදු ලක්ෂණ සහිත පුද්ගල සමූහයකිනි. ඒවායින් ආගම වඩා උතුම් ය. මෙම සමාජයේ සිටින පුද්ගලයින් ඇති වූයේ විවාහක පවුලකිනි. ඔවුන්, අනෙක් අතට, මේ ගමන අනුගමනය කරන පුතුන් සහ දූවරුන් බිහි කරන නව පවුල් පිහිටුවනු ඇත. සමාජයක පිහිටීම මේ අයුරින් පිහිටේ.

යහපත් විවාහ ජීවිතය සමාජයක පිහිටීම සඳහා පදනම වන බැවින් පවුල යන මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

ආගමික දෘෂ්ටි කෝණයකින් පවුල යනු නීත්‍යානුකූල විවාහයක් තුළින් දෙපාර්ශවය අතර අයිතිවාසිකම් සහ යුතුකම් ඉටු කර, ඔවුන් දෙදෙනාගෙන් බිහි වූ දරු පරපුර සහ ඔවුන් සමඟ සම්බන්ධ වූ ඥාතීන්ගේ එකමුතුව යි. සමාජීය වශයෙන් පවුල යනු ඔවුන් අතර යම් බැඳීමක් ඇති පුද්ගලයින් දෙදෙනෙකුගේ එකමුතුවකි.

ඉස්ලාමය මෙම ආයතනයේ රැකවරණය සහතික කර ඇති අතර, විවාහ වන ලෙස මානවයාගෙන් ඉල්ලා සිටීමෙන් ආරම්භ වී, තරුණයින්ගේ අයිතිවාසිකම් රැකබලා ගැනීම තුළින් සහ එක ම පවුලේ සියලු ම සාමාජිකයන් අතර සම්බන්ධතාවය නියාමනය කිරීමෙන් අවසන් වේ. මෙම පවුල් ව්‍යූහය සර්වබලධාරී දෙවියන් වහන්සේ අදහස් කළ පරිදි මිනිස් මනුෂත්වයේ දිදුලන ප්‍රතිරූපය යි.

ඉස්ලාම් හී පවුලේ තත්ත්වය

١
ඉස්ලාම් හී පවුලක් යනු සෞඛ්‍ය සම්පන්න හා සමබර මානව සමාජයක ප්‍රධාන කුළුණ යි.
٢
පවුල යනු දීප්තිමත්, පිරිසිදු ප්‍රතිරූපයක් වන අතර එයින් පුද්ගලයන් මතු වී බැඳීම් සෑදෙනු ඇත.
٣
ඉස්ලාම් හී පවුලක් යනු මිනිසා තුළ සෞඛ්‍්‍ය සම්පන්න සමාජ හැසිරීම් වර්ග සාදන පළමු සෛලය වන අතර එහි දී කෙනෙකු තම අයිතිවාසිකම් සහ යුතුකම් ගැන දැන දනී.
٤
පරම්පරාව දිගු කිරීමට පියෙකුගේ නැඹුරුව පවුලක් විසින් පෝෂණය කෙරේ. එමඟින් මිනිස් විශේෂය ආරක්ෂා කර ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගත හැකි ය.
٥
සර්වබලධාරී දෙවියන් මිනිසාට ලබා දුන් බොහෝ ආශීර්වාද අතරට පවුල එකතු කීරීම ද ඉස්ලාම් හී පවුලට ඇති විශිෂ්ට තත්ත්වය පෙන්නුම් කරන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේය." (සූරා අන් නිසා: 01)

ඉස්ලාමයේ විවාහය

සර්වබලධාරී අල්ලාහ් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවය තුළ අනෙකා කෙරෙහි සහජ නැඹුරුවක් රෝපණය කළ අතර, මෙම ප්‍රවණතාව සපුරාලීමට, මිනිසා ප්‍රජනනය කිරීමට සහ ඔහුගේ විශේෂය ආරක්ෂා කර ගැනීමට විවාහය නීත්‍යානූකූල මාධ්‍යයක් බවට පත් කළේය. විවාහ වන ලෙස ශුද්ධ වූ කුර්ආනයේ සහ නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ සුන්නාවෙහි ඉස්ලාමය උපදෙස් දී ඇත.

ඉස්ලාමීය පවුල ගොඩනැගීම ප්‍රධාන ආධාරක දෙකක් මත රඳා පවතී

මානසික ආධාරක

පහත සඳහන් සර්වබලධාරී අල්ලාහ්ගේ කියමනෙහි දක්වා ඇති මානසික සුවය, සෙනෙහස සහ දයාව එයට ඇතුළත් වේ. "තවද නුඹලා ඇය සමග වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින් ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන් ම එහි සිතන ජනයාට සංඥා ඇත." (සූරා අර් රූම්: 21)

භෞතික ආධාරක

විවාහ කොන්ත්‍රාත්තුවේ කොන්දේසි සපුරාලීම, නිවසේ කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම, දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක වීම, වියදම් දැරීම හා රැකවරණය ලබා දීම යනා දී අඹුසැමි යුවලගේ වගකීම් සඳහා කැපවීම මෙයට අදාල වේ.

අඹු සැමියන් දෙදෙනා ම (පවුල යන) මෙම ගොඩනැගිල්ල රැකබලා ගැනීම සහ එය සංරක්ෂණය කිරීම ඉස්ලාමය අපේක්ෂා කරයි, එවිට එය කඩා නොවැටේ. එම පවුල කඩා වැටුනේ නම් පුද්ගලයින් එකිනෙකා තනි වී මුළු සමාජය ම කඩාකප්පල් වී යනු ඇත. එමනිසා, ඉස්ලාමය ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, දෙපාර්ශවය අතර සෙනෙහසක් නොමැති වුව ද විවාහ සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (සූරා අන් නිසා: 19)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.