දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අඹුසැමි අයිතිවාසිකම්

මෙම පාඩමේදී, අපි එක් එක් අඹුසැමියන්ට අනෙකා කෙරෙහි ඇති අයිතිවාසිකම් ගැන ඉගෙන ගනිමු.

  • විවාහ ජීවිතයේ අයිතිවාසිකම් සංග්‍රහය සහ යුතුකම් ගැන ඉගෙන ගැනීම.
  • තම බිරිඳ කෙරෙහි ස්වාමිපුරුෂයාගේ අයිතිවාසිකම් කිහිපයක් පිළිබඳ පැහැදිලි කිරීම..
  • තම ස්වාමිපුරුෂයා කෙරෙහි බිරිඳට ඇති අයිතිවාසිකම් කිහිපයක් පිළිබඳ පැහැදිලි කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

විවාහ ජීවිතයේ අයිතිවාසිකම් සහ යුතුකම්

ඉස්ලාමය සෑම අඹුසැමියෙකුටම ඔවුන් වෙත පැවරී ඇති යුතුකම්වලට සරිලන අයිතිවාසිකම් ගණනාවක් ලබා දුන්නේය. මෙමෙ යුතුකම් එක් එක් අඹුසැමියෙකු ම ඉටු කිරීම තුළින් සහ අනෙකාට හිමිවිය යුතු දේ ලබා දීමෙන් වැළකී නොසිටීම තුළින්, ඔවුන් අතර සම්බන්ධතාවය සංවිධානය වනු ඇත, ඔවුන්ගේ ගෞරවය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා වනු ඇත සහ සාර්ථක පවුලක් ස්ථාපිත වනු ඇති අතර මේ හේතුවෙන් අල්ලාහ්; ආදම් සහ ඔහුගේ පරම්පරාව මැවූ අරමුණ ඉටුකර ගැනීමට හැකි වනු ඇත.

තම බිරිඳ කෙරෙහි ස්වාමිපුරුෂයාගේ අයිතිවාසිකම්

١
පවුල කෙරෙහි ඔහුගේ අධිකාරිය පිළිගැනීම.
٢
ඔහුගේ මුදල් ආරක්ෂා කිරීම.
٣
ඔහු නොමැති විට සුරැකිය යුතු දේ (පතිවෘතාධර්මය) ආරක්ෂා කිරීම.
٤
ඔහුගේ දරුවන් සමඟ ඔහුගේ ගෞරවය ආරක්ෂා කිරීම.
٥
ඔහුට යහපත් හා ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමට උපකාර කිරීම.
٦
ඇයගේ සියලු ඥාතීන්ගේ, දෙමාපියන්ගේ පවා අයිතිවාසිකම්වලට වඩා ඔහුගේ අයිතියට ප්‍රමුඛත්වය දීම.
٧
නිවස සහ දරුවන් ගැන සැලකිලිමත් වීම.

පවුල කෙරෙහි ඔහුගේ අධිකාරිය පිළිගැනීම.

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ." (අන් නිසා : 39). මෙයින් ඇඟවෙන්නේ ඔහු මුරණ්ඩුකමෙන් හා බලහත්කාරයෙන් තොරව හොඳම ආකාරයෙන් භාරකාරත්වයේ රාජකාරි ඉටු කළ යුතු බවත්, ඇය යහපත් දෙයකදී ඔහුට කීකරු විය යුතු බවත්, අල්ලාහ් ඔහුගේ යුක්තිය හා ප්‍රඥාවෙන් ඔහුට ලබා දී ඇති තත්ත්වය පිළිබඳ විවාද නොකළ යුතු බවත්ය.

ඔහුගේ මුදල් ආරක්ෂා කිරීම සහ නාස්ති නොකිරීම.

ඇය ඔහුගේ අවසරය ඇතිව මිස ඔහුගේ මුදලින් පැහැදිලිව හෝ ව්‍යංගයෙන් වියදම් නොකළ යුතුය. නමුත් ඔහුට නිවසට වියදම් කිරීමට හැකියාව තිබියදී ඔහු වියදම් කිරීමට අදිමදි කරයි නම්, ඇයට සහ ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔහුගේ අවසරයකින් තොරව ඔහුගේ මුදලින් ලබා ගැනීමට ඇයට අයිතිය තිබේ. නමුත් නාස්තියට හෝ අධික ලෙස වියදම් කිරීමට අවසර නොමැත.

ඔහු නොමැති විට සුරැකිය යුතු දේ (පතිවෘතාධර්මය) ආරක්ෂා කිරීම.

තම ස්වාමිපුරුෂයා නොමැති විට ඇයගේ මහරම් නොවන පිරිමියෙකුට ඇය වෙත ඇතුළු වීමට ඇය ඉඩ නොදිය යුතුය. මෙහිදී ඇයගේ ඥාතීන්, ඔහුගේ ඥාතීන් සහ අනෙකුත් අය අතර වෙනසක් නැත.

ඔහු සමඟ එකතු වී දරුවන් ආරක්ෂා කිරීම.

දරුවන් හොඳින් ඇති දැඩි කිරීමේ වගකීම ඇය ඔහු සමඟ බෙදා ගනී. විශේෂයෙන්ම දරුවන් ජීවිතයේ මුල් අවුරුදුවලදී බොහෝ විට ඇය සමඟ ජීවත් වන අතර පියාට වඩා ඇයගෙන් ඉගෙන ගනී.

නිවස සහ දරුවන් ගැන සැලකිලිමත් වීම.

නිවසේ කටයුතු කළමනාකරණය කරමින් සහ සංවිධානය කරමින්, ඇයට කළ හැකි සෑම දෙයක්ම ඇය නිවස තුළ සිදු කරයි.

තම ස්වාමිපුරුෂයා කෙරෙහි බිරිඳගේ අයිතිවාසිකම්

١
මහර් හෝ සදාක් (මනාලයා විසින් මනාලියට දෙන අනිවාර්ය) දීමනාව
٢
ඇගේ ආගමේ කාරණා සම්බන්ධයෙන් ඇය දැනගත යුතු දේ ඇයට ඉගැන්වීම.
٣
ඇයගේ, නිවසේ සහ පවුලේ වියදම් දැරීම.
٤
යහපත්ව එකට ජිවත් වීම.
٥
ඇයට සෙනෙහස සහ දයාව පෙන්වීම සහ ඇගේ දුර්වලකම සැලකිල්ලට ගැනීම.
٦
බහු භාර්යාවන් සිටී නම් යුක්ති සහගතව කටයුතු කිරීම.

මහර් හෝ සදාක් (මනාලයා විසින් මනාලියට දෙන අනිවාර්ය) දීමනාව

ස්වාමිපුරුෂයා ඇයට තෑග්ගක් දීම බිරිඳගේ අයිතියයි. එයින් ඔහු ඇගේ හදවත මෘදු කර ඔහුගේ සෙනෙහස සහ ආශාව ඇයට දැනෙන්නට සලස්වයි. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ (මහර් හෙවත් යුතුකමක් වශයෙන් පිරිනමන විවාහ) පරිත්‍යාග සිත් මනාපයෙන් පිරිනමනු." (අන් නිසා : 4)

ඇයගේ, නිවසේ සහ පවුලේ වියදම් දැරීම.

ඒ ඔවුන්ට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස ආදී සෑම දෙයකදීම, තත්වයට අවශ්‍ය දේ අනුව සහ ඔවුන්ගේ ධාරිතාවේ සහ හැකියාවේ සීමාවන් තුළ, අතිරික්තයක් හෝ මසුරුකමක් නොමැතිව වියදම් කිරීමයි. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරයි." (අත් තලාක් : 7)

යහපත්ව එකට ජිවත් වීම.

ඔහු යහපත් සදාචාරයෙන් යුක්ත විය යුතුය, ඇය සමඟ වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රසන්න විය යුතුය, රළු හෝ දරදඬු නොවිය යුතුය. ඔහු තම බිරිඳ සමඟ ඉවසීමෙන් කටයුතු කළ යුතුය. පිළිකුල් සහගත හා වෛරිය ක්‍රියාවල නොයෙදිය යුතුය. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (අන් නිසා : 19). තවද නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ප්‍රකාශ කළේය: "මුස්ලිම්වරයෙකු මුස්ලිම්වරියකට වෛර නොකළ යුතුය. ඔහු ඇගේ එක් ලක්ෂණයකට අකමැති නම්, ඔහු තවත් දෙයක් ගැන සතුටු වනු ඇත." (මුස්ලිම් 1469).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.