දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පිරිසිදු කිරීම හා සම්බන්ධ විශේෂ අවස්ථාවන්

පාඩම පිරිසිදු කිරීම හා සම්බන්ධ විශේෂ අවස්ථාවන්

පාඩම පිළිබඳ තොරතුරු

සමින් මසා නිම කරන ලද පාවහන් ඉවත් කර පාද සේදීම දුෂ්කර වූ (ඉස්ලාමීය නීති) නියම වූවන්ගේ බර ලිහිල් කර ලෙහෙසි කිරීම සඳහා ඉස්ලාම් පාද උර මත පිස දැමීම නීත්‍යානුකූල කර ඇති අතර ජලය නොමැති විට තයම්මුම් නොහොත් පසින් පිරිසිදු කිරීම ද නීතිගත කළේ ය. මෙම ඒකකය තුළ, පාද උර හා වෙළුම් පටි මත පිසදැමීමේ අර්ථ දැක්වීම සහ තයම්මුම් පිළිබඳ එහි විස්තරය ගැන ඔබ ඉගෙන ගනු ඇත.

අරමුණු

  • පාද උර මත පිරිමැදීමේ අවස්ථාවන් පිළිබඳ අවබෝධය.
  • වෙළුම් පටි මත පිසදැමීමේ අවස්ථාවන් පිළිබඳ අවබෝධය.
  • තයම්මුම්  පිළිබඳ හා එය කළ යුතු ආකාරය පිළිබඳ අවබෝධය.

පාද උර මත පිස දැමීම.

මුස්ලිම්වරයෙකුට වුළුඃ දෝවනය ඉටු කිරීමේදී ඔහුගේ පාද සේදීම වෙනුවට ඔහුගේ සම්පූර්ණ පාද ආවරණය කළ මේස් හෝ සපත්තු මත තෙත් දෑතින් පිස දැමීමට අනුමැතිය ලබා දීම යනු ඉස්ලාම් දහමෙහි පහසුතාව විදහා දක්වන්නකි.

පාද උර මත පිස දැමීම නීත්‍යානුකූල වන්නේ කවදා ද?

වුළුඃ දෝවනය සිදු කිරීමේදී පාද උර මත පිස දැමීම නීත්‍යානුකූල වන්නේ මුස්ලිම්වරයකු පිරිසිදු වී ඒ පාවහන් යුවල පැළඳ ගත්තේ නම් පමණි.

වුළුඃ දෝවනය සිදු කිරීමේදී පාද උර මත පිස දැමීම නීත්‍යානුකූල වන්නේ මුස්ලිම්වරයකු පිරිසිදු වී ඒ පාවහන් යුවල පැළඳ ගත්තේ නම් පමණි.

පාද උර මත පිස දැමීමට අනුමත කාල සීමාව

ගමෙහි රැඳී සිටින්නෙකු සඳහා එක් දිනක් හා එක් රාත්‍රියක් (පැය 24 ක කාලයක්)
මගියෙකු නම් දින තුනක් ඒවායෙහි රාත්‍රීන් සමඟ (පැය 72 ක කාලයක්)

වුළුඃ දෝවනය ඉටු කිරීමේ දී පාද උර දෙක මත පිස දැමීම වලංගු වූ ව ද මහා කිල්ලෙන් පිරිසිදු වීම පිණිස ස්නානය කිරීමේදී සෑම අවස්ථාවකම දෙපා සම්පූර්ණ ලෙස සෝදා ගැනීම අනිවාර්ය වේ.

පාද උර දෙක මත පිස දැමීමට වලංගු වේලාව ගණනය කිරීම ආරම්භ වනුයේ ඒවා මත පළමු පිස දැමීම සිදු කළ පසුවයි.

වෙළුම් පටියක් මත පිස දැමීම

වෙළුම් පටිය යනු අස්ථි බිඳීමක් හෝ තුවාලයක් සිදු වූ විට එයින් ඉක්මන් සුවය ලබා ගැනීමට සහ වේදනාව සමනය කිරීමට (වුළුඃ හි දෝවනය කළ යුතු) අවයව මත තබන දෙය වේ.

වෙළුම් පටිය යනු අස්ථි බිඳීමක් හෝ තුවාලයක් සිදු වූ විට එයින් ඉක්මන් සුවය ලබා ගැනීමට සහ වේදනාව සමනය කිරීමට (වුළුඃ හි දෝවනය කළ යුතු) අවයව මත තබන දෙය වේ.

වුළුඃ දෝවනය ඉටු කරන විටක හෝ මහා කිල්ලෙන් පිරිසිදු වීම සඳහා ස්නානය කරන විටක අවශ්‍යතාව අනුව තෙත් අතින් වෙළුම් පටිය මත පිස දැමීම වලංගු වේ.

වෙළුම් පටිය මත පිස දමන්නේ කෙසේ ද?

එම වෙළුම් පටිය පැළඳීමෙන් ආවරණය නො වූ පෙදෙස් සෝදා, එය ආවරණය කළ පෙදෙස් එනම් එම වෙළුම් පටිය තෙත් අතින් පිස දැමිය යුතුයි.

එම වෙළුම් පටිය පැළඳීමෙන් ආවරණය නො වූ පෙදෙස් සෝදා, එය ආවරණය කළ පෙදෙස් එනම් එම වෙළුම් පටිය තෙත් අතින් පිස දැමිය යුතුයි.

වෙළුම් පටිය මත පිස දැමීමට අනුමත කාළ සීමාව

කාල සීමාව දිගු වුව ද ඔහුට අවශ්‍ය වූ තාක් කල් ඔහුට වෙළුම් පටිය මත පිස දැමිය හැකි අතර අවශ්‍යතාව අවසන් වූ විට ඔහු එය ඉවත් කර එම අවයවය සේදීම අනිවාර්ය වේ.

ජලය භාවිත කිරීමට නො හැකි වූ අය

මුස්ලිම්වරයෙකුට අසනීප හෝ ජලය හිඟකම හේතුවෙන් හෝ පානය කිරීමට පමණක් ප්‍රමාණවත් තරම් ජලය තිබේ නම්, ඒ හේතුවෙන් වුළුඃ කිරීමට හෝ ස්නානය කිරීමට ජලය භාවිත කිරීමට නො හැකි නම් ඔහුට ජලය ලැබී එය පරිබෝජනයට ගැනීමට හැකි වන තුරු ඔහුට තයම්මුම් සිදු කළ හැකි ය.

තයම්මුම් කරන ක්‍රමය.

මුස්ලිම්වරයෙකු තම දෑත පස මත එක් වරක් ගසයි.

මුස්ලිම්වරයෙකු තම දෑත පස මත එක් වරක් ගසයි.

තම දෑතෙහි තැවරුණු දෑ මඟින් තම මුහුණ පිසදමයි.

තම දෑතෙහි තැවරුණු දෑ මඟින් තම මුහුණ පිසදමයි.

තම වම් අත්ලෙහි බාහිර පෙදෙසින් දකුණු අත්ලෙහි බාහිර පෙදෙස ද දකුණු අත්ලෙහි බාහිර පෙදෙසින් මව් අත්ලෙහි බාහිර පෙදසෙ ද පිසදමයි.

තම වම් අත්ලෙහි බාහිර පෙදෙසින් දකුණු අත්ලෙහි බාහිර පෙදෙස ද දකුණු අත්ලෙහි බාහිර පෙදෙසින් මව් අත්ලෙහි බාහිර පෙදසෙ ද පිසදමයි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.