වත්මන් කොටස: model:
පාඩම පිරිසිදු කිරීම හා සම්බන්ධ විශේෂ අවස්ථාවන්
පාද උර මත පිස දැමීම.
වුළුඃ දෝවනය සිදු කිරීමේදී පාද උර මත පිස දැමීම නීත්‍යානුකූල වන්නේ මුස්ලිම්වරයකු පිරිසිදු වී ඒ පාවහන් යුවල පැළඳ ගත්තේ නම් පමණි.
පාද උර මත පිස දැමීමට අනුමත කාල සීමාව
වුළුඃ දෝවනය ඉටු කිරීමේ දී පාද උර දෙක මත පිස දැමීම වලංගු වූ ව ද මහා කිල්ලෙන් පිරිසිදු වීම පිණිස ස්නානය කිරීමේදී සෑම අවස්ථාවකම දෙපා සම්පූර්ණ ලෙස සෝදා ගැනීම අනිවාර්ය වේ.
පාද උර දෙක මත පිස දැමීමට වලංගු වේලාව ගණනය කිරීම ආරම්භ වනුයේ ඒවා මත පළමු පිස දැමීම සිදු කළ පසුවයි.
වෙළුම් පටිය යනු අස්ථි බිඳීමක් හෝ තුවාලයක් සිදු වූ විට එයින් ඉක්මන් සුවය ලබා ගැනීමට සහ වේදනාව සමනය කිරීමට (වුළුඃ හි දෝවනය කළ යුතු) අවයව මත තබන දෙය වේ.
වුළුඃ දෝවනය ඉටු කරන විටක හෝ මහා කිල්ලෙන් පිරිසිදු වීම සඳහා ස්නානය කරන විටක අවශ්‍යතාව අනුව තෙත් අතින් වෙළුම් පටිය මත පිස දැමීම වලංගු වේ.
එම වෙළුම් පටිය පැළඳීමෙන් ආවරණය නො වූ පෙදෙස් සෝදා, එය ආවරණය කළ පෙදෙස් එනම් එම වෙළුම් පටිය තෙත් අතින් පිස දැමිය යුතුයි.
වෙළුම් පටිය මත පිස දැමීමට අනුමත කාළ සීමාව
ජලය භාවිත කිරීමට නො හැකි වූ අය
තයම්මුම් කරන ක්‍රමය.
මුස්ලිම්වරයෙකු තම දෑත පස මත එක් වරක් ගසයි.
තම දෑතෙහි තැවරුණු දෑ මඟින් තම මුහුණ පිසදමයි.
තම වම් අත්ලෙහි බාහිර පෙදෙසින් දකුණු අත්ලෙහි බාහිර පෙදෙස ද දකුණු අත්ලෙහි බාහිර පෙදෙසින් මව් අත්ලෙහි බාහිර පෙදසෙ ද පිසදමයි.