වත්මන් කොටස: model:
පාඩම රමළාන්හි උපවාස ශිලය
වසරක පුරා එක් මාසයක් මුස්ලිම්වරුන්හට අල්ලාහ් උපවාස ශිලයයේ නිරත වීම නියම කර ඇත. ඒ මාසය වනාහි රමළාන් මාසයයි. අල්ලාහ් එය ඉස්ලාම් හි සිව්වන කුළුණක් බවට පත් කොට එහි ප්‍රධාන ව්‍යූහයක් බවට පත් කොට ඇත. ඒ පිළිබඳ ඔහු මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය." (අල් බකරා 183)
ඉස්ලාම්හි උපවාසය යන්නෙහි අර්ථය: සැබෑ ෆජ්ර් උදාව උදා වූ මොහොතේ සිට (ෆජ්ර් සලාතය ආරම්භ වන වේලාවේ සිට) හිරු බැස යන තෙක් (එනම් මග්රිබ් සලාතයේ වේලාව තෙක්) ආහාර පාන ගැනීමෙන්, සංසර්ගයෙන් සහ උපවාසය කඩ කරන කාරණාවලින් වැළකී අල්ලාහ්ට නැමදුම් කිරීම වේ.
රමළාන් මසෙහි මහිමය
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "රමළාන් මාසය, එහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් අල්-කුර්ආනය පහළ කරනු ලැබී ය. එබැවින් කවරෙකු එම මාසයට සම්මුඛ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා!" (අල් බකරා: 185)
ධර්ම දූතයාණෝ මෙසේ වදාළහ: "රමළාන් මස පැමිණි විට ස්වරගයේ දොරටු විවර කරනු ලැබේ. නරකාදියෙහි දොරටු වසනු ලැබේ. ෂයිතානුන් විලංගු දමනු ලැබේ. (බුහාරි 3103/ මුස්ලිම් 1079) දැහැමි ක්‍රියා කිරීමෙන් සහ පිළිකුල් සහගත ක්‍රියා අත්හැරීමෙන් ඔහුගේ ගැත්තන් ඔහු වෙත හැරීමට දෙවිඳාණෝ ඒවා සූදානම් කරනු ඇත.
ධර්ම දූතායාණන් මෙසේ වදාලහ: "කවරෙකු දේවත්වය විශ්වාස කරමින් කුලිය අපේක්ෂාවෙන් රමළාන් මස උපවාසයෙහි නිරත වන්නේ ද ඔහුගේ පෙර පාපයන් සඳහා සමාව දෙනු ලැබේ." (බුහාරි 1910/ මුස්ලිම් 760) එමෙන් ම මෙසේ ද වදාළහ: "කවරෙකු දේවත්වය විශ්වාස කරමින් කුලිය අපේක්ෂාවෙන් රමළාන් මස රාත්‍රියේ නැඟිට නැමදුම් කරන්නේ ද ඔහුගේ පෙර පාපයන් සඳහා සමාව දෙනු ලැබේ." (බුහාරි 1905/ මුස්ලිම් 759)
ලයිලතුල්-කද්ර් යනු: එය එක් රාත්‍රියකි. එහි කරන දැහැමි ක්‍රියාවක් වනාහි වෙනත් බොහෝ දිනවල කරන ක්‍රියාවන්ට වඩා බෙහෙවින් උසස් ය යැයි උතුම් අල්කුර්ආනයේ අල්ලාහ් සඳහන් කර ඇත. "බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම් ය." (අල්කද්ර් 3) එය රමළාන් මාසයේ අවසාන රාත්‍රී දහයේ දින නිශ්චිත නොවන රාත්‍රියකි. යමෙක් විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් ඒ රාත්‍රියේ නැමදුම් කරයි ද, ඔහුගේ පෙර පාපයන් සමාව දෙනු ලැබේ.
උපවාසයේ මහිමය
1. අකුසල්වලට සමාව ලැබීම
ඒ බව ධර්ම දූතයාණෝ මෙසේ වදාළහ: "උපවාසයේ නියැලෙන්නාට ද්විත්ව සතුටක් ඇත. ඉන් එකක් වනාහි ඔහු උපවාසයෙන් මිදෙන විට සහ අනෙක වනාහි තම දෙවිඳාණන් හමු වන විට ය." (බුහාරි 1805/ මුස්ලිම් 1151)
3. ස්වර්ගයේ 'අල්-රයියාන්' නම් දොරටුවක් ඇත, එයින් ඇතුල් වන්නේ උපවාසයේ නිරත වූවන් පමණි.
4. දෙවිඳාණන් උපවාසයේ වේතනය ඔහු වෙත සම්බන්ධ කර ඇත.
උපවාසයේ ධනාත්මක පැතිකඩ
මන්ද උපවාසය යනු එක් නැමදුමකි. එමඟින් ගැත්තෙකු තමන් කැමති දේ අත් හැරීමෙන් හා ඔහුගේ අනුමත ආශාවන් යටපත් කරමින් තම ස්වාමියාගේ අණට අනුකූලව සහ ඔහු තහනම් කළ දැයින් වැළකී සිට ඔහු වෙත සමීප වේ.
නිරාහාරව සිටින පුද්ගලයා සර්වබලධාරී දෙවියන්ගේ අණට අනුකූලව අවසර ලත් දේවලින් වැළකී සිටින්නේ නම්, මෙය ඔහුට අකීකරුකමෙන් හා පාපයෙන් ඔහුගේ ආශාවන් මැඩපැවැත්වීමට වැඩි හැකියාවක් ලබා දෙයි.
මක්නිසාද යත්, උපවාසය යනු හිඟකමෙහි සහ කුසගින්නෙහි වේදානාව අත්හදා බැලීමකි, තම ජීවිතයේ හිඟකමෙන් පෙළෙන දුප්පතුන් සිහිපත් කිරීමකි. එමඟින් කෙනෙකු තම දුප්පත් සහෝදරයන් සිහිපත් කර ඔවුන් කුසගින්නෙන් හා පිපාසයෙන් බොහෝ දුක් විඳින ආකාරය තේරුම් ගනී. එබැවින් ඔහු උපකාර කිරීමට උත්සාහ කරයි.