වත්මන් කොටස: model:
පාඩම දෙමාපියන්ගේ අයිතිවාසිකම්
පාඩම පිළිබඳ තොරතුරු
අරමුණු
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
ඉස්ලාම් දෙමාපියන්ට ශ්‍රේෂ්ඨත ම ගෞරවයෙන් ගෞරව කරයි. ඉස්ලාමයේ පවතින ශ්‍රේෂ්ඨතම කරුණ වන ඒක දේව වාදය සමඟ සම්බන්ධ කොට දෙමාපියන්ට උපකාර කිරීම සඳහන් වේ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය." (අල් ඉස්රා : 23). සර්වබලධාරී අල්ලාහ් දූ පුතුන්ගේ පැවැත්මට හේතුව දෙමාපියන් බවට පත් කර ඇත. දරුවන් කොපමණ කළත්, දෙමව්පියන්ගේ ත්‍යාගයෙන් කිසිවක් ඔවුන්ට ආපසු ලබා දීමට හෝ තෙහෙට්ටුව, වෙහෙස, වේදනාව, නිදි වැරීම, නැගී සිටීම සහ විවේකයක් නොමැතිකම වැනි ඔවුන්ගේ දරුවන්ගේ පහසුව සඳහා සහ ඔවුන් රැකබලා ගැනීම සඳහා ඔවුන් මුහුණ දුන් දෙයට විපාක දීමට දරුවෝ හට නොහැකි වනු ඇත.
තවද සර්වබලධාරී අල්ලාහ්ගේ යුක්තියෙන් ඔහු දෙමාපියන්ට, ඔවුන් දරුවන් රැකබලා ගැනීම සඳහා කර ඇති සහ කරන යහපත් උත්සාහයන් සඳහා ඔවුන්ට උපකාරයක් ලෙස, තම දරුවන් කෙරෙහි ඔවුනට අයිතිවාසිකම් නියම කළේය. උතර්තර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු." (අල් අන්කබූත් : 8). තවද ඔහු පවසයි: "තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු" (ලුක්මාන් : 15). තවද එක් සගයෙක් නබිතුමාගෙන් මෙසේ ඇසූ විට: "අල්ලාහ්ගේ දූතයාණනි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මගෙන් හොඳම මිත්‍රත්වය ලැබීමට වඩා සුදුසු වන්නේ කාටද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසූහ. එවිට එම සගයා මෙසේ ඇසුවේය: "ඊළඟට කවුද?" නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසීය. එම සගයා තව දුරටත් ඇසුවේය "ඊළඟට කවුද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසූහ. සගයා හතරවෙනි වතාවටත් ඇසුවේය. "ඊළඟට කවුද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ පියා” යැයි පැවසූහ. (බුහාරි 5971, මුස්ලිම් 2548).
දෙමාපියන් රැකවරණයේ මහිමය.
දෙමාපිය රැකවරණය අල්ලාහ් අබියස ඉතා වටිනා සහ ප්‍රියතම ක්‍රියාවකි. අබ්දුල්ලාහ් බින් මස්ඌද් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) නබි තුමා ගෙන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ඇසුවේය: "අල්ලාහ්ට වඩාත්ම ප්‍රියතම ක්‍රියාව කුමක් ද?" ඔහු පිළිතුරු දුන්නේ, "නියමිත වේලාවන්හි දී සලාත් නැමදුම ඉටු කිරීම." අබ්දුල්ලාහ් ඇසුවේය: "පසුව කුමක් ද?" ඔහු පිළිතුරු දුන්නේය, "ඔබේ දෙමාපියන් රැකබලා ගැනීම." අබ්දුල්ලාහ් නැවත ඇසුවේය: "පසුව කුමක්ච ද?" ඔහු පිළිතුරු දුන්නේ, 'අල්ලාහ්ගේ මාර්ගයෙහි ජිහාද් (උත්සහ) කිරීම." (බුහාරි 527, මුස්ලිම් 85)
එනම් දෙමාපිය රැකවරණය වෛකල්පිත ජිහාඩයට වඩා යහපත්ය. නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) වෙත පුද්ගලයෙකු පැමිණ මෙසේ ඇසුවේය. "මම ජිහාද් වලට සහභාගි වෙන්නද?" එවිට නබි තුමා ඇසුවේය: "ඔබේ දෙමාපියන් ජිවතුන් අතර සිටීද?" ඔහු "ඔව්" යයි පිළිතුරු දුන්නේය. "ඔවුන් දෙදෙනාට උපස්ථාන කරමින් ජිහද් කරන්න." (බුහාරි 5972, මුස්ලිම් 2549).