දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම දෙමාපියන්ගේ අයිතිවාසිකම්

මෙම පාඩමෙන් අපි දෙමාපියන් රැකවරණය පිළිබඳ සංකල්පය සහ ඒ හා සම්බන්ධ සමහර දෑ ඉගෙන ගනිමු.

  • ඉස්ලාමය දෙමව්පියන්ට ලබා දී ඇති විශිෂ්ට ස්ථානය පහැදිලි කිරීම.
  • දෙමාපියන් රැකවරණය කෙරෙහි දිරි ගැන්වීම හා  ඔවුන්ට අකීකරු වීමට එරෙහිව අනතුරු ඇඟවීම.
  • දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ වැදගත්ම යුතුකම් හඳුන්වා දීම.
  • දෙමාපියන් සමඟ කටයුතු කිරීමේ දී පිළිපැදිය යුතු සමහර ආචාර ධර්ම කිහිපයක් පැහැදිලි කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉස්ලාමය දෙමව්පියන්ට ලබා දී ඇති ස්ථානය.

ඉස්ලාම් දෙමාපියන්ට ශ්‍රේෂ්ඨත ම ගෞරවයෙන් ගෞරව කරයි. ඉස්ලාමයේ පවතින ශ්‍රේෂ්ඨතම කරුණ වන ඒක දේව වාදය සමඟ සම්බන්ධ කොට දෙමාපියන්ට උපකාර කිරීම සඳහන් වේ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය." (අල් ඉස්රා : 23). සර්වබලධාරී අල්ලාහ් දූ පුතුන්ගේ පැවැත්මට හේතුව දෙමාපියන් බවට පත් කර ඇත. දරුවන් කොපමණ කළත්, දෙමව්පියන්ගේ ත්‍යාගයෙන් කිසිවක් ඔවුන්ට ආපසු ලබා දීමට හෝ තෙහෙට්ටුව, වෙහෙස, වේදනාව, නිදි වැරීම, නැගී සිටීම සහ විවේකයක් නොමැතිකම වැනි ඔවුන්ගේ දරුවන්ගේ පහසුව සඳහා සහ ඔවුන් රැකබලා ගැනීම සඳහා ඔවුන් මුහුණ දුන් දෙයට විපාක දීමට දරුවෝ හට නොහැකි වනු ඇත.

තවද සර්වබලධාරී අල්ලාහ්ගේ යුක්තියෙන් ඔහු දෙමාපියන්ට, ඔවුන් දරුවන් රැකබලා ගැනීම සඳහා කර ඇති සහ කරන යහපත් උත්සාහයන් සඳහා ඔවුන්ට උපකාරයක් ලෙස, තම දරුවන් කෙරෙහි ඔවුනට අයිතිවාසිකම් නියම කළේය. උතර්තර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු." (අල් අන්කබූත් : 8). තවද ඔහු පවසයි: "තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු" (ලුක්මාන් : 15). තවද එක් සගයෙක් නබිතුමාගෙන් මෙසේ ඇසූ විට: "අල්ලාහ්ගේ දූතයාණනි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මගෙන් හොඳම මිත්‍රත්වය ලැබීමට වඩා සුදුසු වන්නේ කාටද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසූහ. එවිට එම සගයා මෙසේ ඇසුවේය: "ඊළඟට කවුද?" නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසීය. එම සගයා තව දුරටත් ඇසුවේය "ඊළඟට කවුද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ මව” යැයි පැවසූහ. සගයා හතරවෙනි වතාවටත් ඇසුවේය. "ඊළඟට කවුද?" නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) “ඔබේ පියා” යැයි පැවසූහ. (බුහාරි 5971, මුස්ලිම් 2548).

දෙමාපියන් රැකවරණයේ මහිමය.

දෙමාපියන් රැකවරණය දරුවන් කෙරෙහි යුතුකමක් සහ වගකීමකි. ඔවුන්ට ගෞරව කිරීම තුළින් ඉමහත් කුසලක් හා විශාල ත්‍යාගයක් අත් වේ. එය අභිවෘද්ධිය, පෝෂණයට හා මෙලොව පොදු යහපතට හේතු වන අතර පරලොව ස්වර්ගයට ඇතුළු වීමට ද හේතුවකි. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුහ: "ඔහු නීච වෙත්වා!, නීච වෙත්වා!, නීච වෙත්වා!. අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔහු කවුද? ඔහු කිව්වා. යමෙක් මහලු වියේ පසුවන තම දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම සිටියදී (ඔවුනට ඇප උපස්ථාන කර), ස්වර්ගයට ඇතුළු නො වූවේ ද," (මුස්ලිම් 2551).

දෙමාපිය රැකවරණය අල්ලාහ් අබියස ඉතා වටිනා සහ ප්‍රියතම ක්‍රියාවකි. අබ්දුල්ලාහ් බින් මස්ඌද් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) නබි තුමා ගෙන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ඇසුවේය: "අල්ලාහ්ට වඩාත්ම ප්‍රියතම ක්‍රියාව කුමක් ද?" ඔහු පිළිතුරු දුන්නේ, "නියමිත වේලාවන්හි දී සලාත් නැමදුම ඉටු කිරීම." අබ්දුල්ලාහ් ඇසුවේය: "පසුව කුමක් ද?" ඔහු පිළිතුරු දුන්නේය, "ඔබේ දෙමාපියන් රැකබලා ගැනීම." අබ්දුල්ලාහ් නැවත ඇසුවේය: "පසුව කුමක්ච ද?" ඔහු පිළිතුරු දුන්නේ, 'අල්ලාහ්ගේ මාර්ගයෙහි ජිහාද් (උත්සහ) කිරීම." (බුහාරි 527, මුස්ලිම් 85)

එනම් දෙමාපිය රැකවරණය වෛකල්පිත ජිහාඩයට වඩා යහපත්ය. නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) වෙත පුද්ගලයෙකු පැමිණ මෙසේ ඇසුවේය. "මම ජිහාද් වලට සහභාගි වෙන්නද?" එවිට නබි තුමා ඇසුවේය: "ඔබේ දෙමාපියන් ජිවතුන් අත‍ර සිටීද?" ඔහු "ඔව්" යයි පිළිතුරු දුන්නේය. "ඔවුන් දෙදෙනාට උපස්ථාන කරමින් ජිහද් කරන්න." (බුහාරි 5972, මුස්ලිම් 2549).

දෙමාපියන්ට අකීකරු වීම

දෙමාපියන්ට අකීකරු වීම මහා පාපයන්ගෙන් ලොකු ම එකක් මෙන් ම බරපතල ම අකුසලක් ද වේ. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුහ: "මහා පාපයන්ගෙන් ලොකු ම ඒවා නම්: අල්ලාහ් දේවත්වය සමඟ හවුල්කරුවන් එක් කිරීම, දෙමාපියන්ට අකීකරු වීම....." (බුහාරි 6919, මුස්ලිම් 87).

දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ යුතුකම්

١
හැකියාව සහ පුළුවන්කම යන සීමාවන් තුළ පවතින තාක් කල් ඔවුන් දෙදෙනා අණ කරන යහපත් දෙයට කීකරු වීම, නමුත් ඔවුන් පාපයක් අණ කළහොත් එයට අවනත නොවිය යුතු ය. මන් ද එයට අවනත නොවන්නේ, මැවුම්කරුට අකීකරු වීම තුළ මැවීමකට කීකරුකමක් නොමැති බැවිනි.
٢
ඔවුන් දෙදෙනා පුතා සමඟ අමනාප වුව ද, කරුණාවෙන් ඔවුන් සමඟ කටයුතු කරන්න. අල්ලාහ් දේවත්වය සමඟ හවුල්කරුවන් එක් කිරීම සහ නිරයේ සදාකාලිකත්වයට කැඳවීමට වඩා විශාල වරදක් තිබේ ද? එසේ තිබියදීත් උතරිතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු." (ලුක්මාන් : 15)
٣
ඔවුන් රැකබලා ගැනීම සහ ඔවුන්ට කරුණාවන්ත වීම, එනම් ඔවුන්ට කරුණාව දැක්වීමේ දී, උපස්ථාන කිරීමේ දී සහ කීකරු වීමේ දී හැකි උපරිමයෙන් සෙනෙහෙබරව සදාචාර සම්පන්නව සංවර ලෙස ඔවුන් සමඟ කටයුතු කිරීම. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය." (අල් ඉස්රා : 15).
٤
ඔවුන්ට සුළු වශයෙන් හෝ හානියක් හෝ අමනාපයක් නොකිරීම, විශේෂයෙන් ඔවුන් වයසට ගිය විට, "උෆ්" යන වචනයෙන් වුව ද අමනාපයාක් නොකිරීම. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනා ම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නොපවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නොහරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු." (අල් ඉස්රා : 23)
٥
ඔවුන් ඉදිරියේ පියාපත් පහත්කර යටහත්ව කටයුතු කිරීම. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!" (අල් ඉස්රා : 24)
٦
සෑම විටම ඔවුන්ට ස්තුති කිරීම සහ ඔවුන්ගේ මහිමය දැනගෙන කටයුතු කිරීම. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු." (ලුක්මාන් : 14)
٧
ඔවුන් වෙනුවෙන් යහපත් අයුරින් වියදම් කිරීම. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුහ: "ඔබ සහ ඔබේ දේපළ ඔබේ පියාට අයත් වේ. ඔබේ දරුවන් ඔබේ ඉපැයීම්වලින් හොඳ ම ඒවා අතර, එබැවින් ඔබේ දරුවන්ගේ ආදායමෙන් අනුභව කරන්න." (අබූ දාවුද් 3530)
٨
ඔවුන් ජීවතුන් අතර සිටින විට සහ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුහ: "පුද්ගලයෙකු මියගියවිට ක්‍රියාවන් තුනක් හැර අන් සියල්ලක් ම විසන්දි වේ. ඒවා සදාතනික දානය (සදකා ජාරියා), ප්‍රයෝජනවාත් දැනුම, මියගිය දෙමාපියන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන පිංවත් දරුවා." (මුස්ලිම් 1631)
٩
දෙමාපියන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ මිතුරන්ට ගෞරව කිරීම. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුහ: "පුතෙකුගේ හොඳම යහපත් ක්‍රියාව වන්නේ තම පියාගේ ආදරණීයයන්ට කාරුණිකව සැලකීමයි." (මුස්ලිම් 2552)

දෙමව්පියන්ට සැලකීමේ දී අනිවාර්ය වන ආචාර ධර්ම

١
ඔවුන්ට හොදින් ඇහුම්කන් දීම, ඔවුන්ගේ සංවාදයට සවන් දීම සහ ජංගම දුරකථන වැනි දේවලින් ඔවුන්ගෙන් අවධානය වෙනතකට යොමු නොකර සිටීම.
٢
ඔවුන්ට කැමති දේ ඔවුන් ඉල්ලීමට පෙර ලබාදීමට යුහුසුළු වන්න. ඔවුන්ට කරදරයක් දුකක් පැමිණීමට පෙර ඒවා ඉවත් කරන්න.
٣
ඔවුන් අඬගැසූවිට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දැක්වීමේ දී ඔබගේ පැහැදීම පෙන්වන්න, ප්‍රමාද නොවන්න.
٤
දෙමව්පියන්ගෙන් එක් අයෙක් පාපයක නිරත වන විට ඔහුට මෘදු හා බුද්ධිමත්ව උපදෙස් ලබා දීම.
٥
දෙමව්පියන්ගේ සිදුවන අපහසුතා හා හිංසාවන් සඳහා - එය සිදු වූවා නම් - ඉවසීමෙන්, කරුණාවෙන් හා ගෞරවයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම.
٦
විරුද්ධ වීම හෝ අභියෝග නො කිරීම
٧
ඔවුන්ගේ මුහුණ බාලා අධිකව මදහස පෑම.
٨
ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම, පෞද්ගලික කටයුතුවලට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ මතයට ගරු කිරීම.
٩
ඔවුන් කැමති නම්, එදිනෙදා ජීවිතයේ කාරණාවල දී පවා ඔවුන් සමඟ සංවාදයට, කතා කිරීමට සහ විවෘත වීමට උනන්දුවක් දැක්වීම.
١٠
සංචාරය හේතුවෙන් වෙන්වීමක දී, දරුවා ඔවුන් සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කළ යුතු අතර ඔවුන්ව සැනසිය යුතු ය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.