දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම දික්කසාදය

මෙම පාඩමෙන් අපි දික්කසාද සංකල්පය සහ ඊට අදාළ සමහර නීතිරීති ගැන ඉගෙන ගනිමු.

  • දික්කසාදය පිළිබඳ සංකල්පය අවබෝධ කර ගැනීම.
  • දික්කසාදයේ විධිවිධාන සම්බන්ධයෙන් ඉස්ලාමයේ සමහර අලංකාරයන් ගැන ඉගෙන ගැනීම.
  • දික්කසාදයේ ඇති ප්‍රතිලාභ හා හානිය පැහැදිලි කිරීම.
  • දික්කසාද වර්ග ගැන ඉගෙන ගැනීම.
  • 'ඉද්ද' සංකල්පය (කාන්තාවක් බලා සිටිය යුතු කාලසීමාව) සහ ඒහා බැඳුණු අනෙකුත් කාරනා පිළිබඳව ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ස්ථිර කැපවීම

ඉස්ලාමය පවුල් ජීවිතය රැක ගැනීමට උනන්දු වෙයි. අල් කුර්ආනය ස්ථිර යනුවෙන් විශේෂ කළ ගිවිසුමකින් විවාහ සබඳතාව ආරක්ෂා කළේය. මෙම "ස්ථිර කැපවීම" යනු විවාහ ගිවිසුමයි.

විවාහ සබඳතාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ ඉස්ලාමයේ තහවුරු කිරීමක් ලෙස, එය ස්වාමිපුරුෂයන්ට තම භාර්යාවන් තබා ගන්නා ලෙසත්, ඔවුන් ඔවුන්ට වෛර කළත්, ඔවුන්ගෙන් දේවල් වලට වෛර කළත් ඔවුන් දික්කසාද නොකරන ලෙසත් උපදෙස් දී ඇත. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (අන් නිසා : 19). ස්ථීර කැපවීම බිඳ වැටීමට යටත් නොකිරීමට. මිනිසෙකුගේ බිරිඳ ඔහුගේ ඇස් හමුවේ නරක ලෙස පෙනෙන්නට සලස්වා අඹුසැමියන් අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ කිරීමට එරෙහිව ඉස්ලාම් දැඩි ලෙස අවවාද කර ඇත. අබූ හුරයිරා තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූ බවට වාර්තා කරයි: "තම ස්වාමිපුරුෂයාට එරෙහිව කාන්තාවක් පොළඹවන ඕනෑම අයෙක් අපෙන් කෙනෙකු නොවේ." (අබූ දාවුද් 2175).

ඉස්ලාමයේ යථාර්ථවාදය සහ ප්‍රයෝගිකත්වය

විවාහ සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉස්ලාමය අවධාරනය කළද, කෙසේ වෙතත් යථාර්ථවාදී ප්‍රයෝගික දහමක් ලෙස ඉස්ලාමය මිනිසුන්ගේ ස්වභාවයට පටහැනි, ඔවුන්ගේ ආශාවන් යටපත් කරන හෝ ඔවුන් මත පීඩනයක් ඇති කරන දෙයක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට එය, ඔවුන්ගේ තත්වයන්, හැඟීම් සහ අවශ්‍යතා සලකා බලයි. විවාහ ජීවිතය දිගටම පවත්වාගෙන යාම බොහෝ අවස්ථාවලදී එය අවසන් කිරීමට වඩා හානිදායක විය හැකි බව සර්වබලධාරී අල්ලාහ් දනී. එසේම දික්කසාදය සමහර අවස්ථාවලදී අවශ්‍යතාවක් හෝ අත්‍යවශ්‍යතාවක් විය හැකි බව ඔහු දනී. එයින් විය හැකි බරපතලකම සහ හානිය නිසා වෙනි දික්කසාදයට අවසර දීම මිනිසුන්ට විශාල ප්‍රඥාවක් හා ලිහිල් කිරීමක් වනුයේ.

දික්කසාදයේ නීත්‍යානුකූලභාවය

දික්කසාදයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව උතුම් අල් කුර්ආනයේ සහ නබිතුමාගේ සුන්නාවේ බොහෝ පාඨ තිබේ. මෙසේ එහි නිතී සංවිධානය කිරීමට සහ එහි ආචාර ධර්ම පැහැදිලි කිරීමට මෙමෙ කුර්ආන් වාක්‍ය සහ හදීස් පැමිණි අතර අල් කුර්ආනයේ එක් පරිඡ්චේදයක් සූරහ් අල්-තලාක් ලෙසද හැඳින්වේ.

"තලාක්" යන්නෙහි භාෂාමය තේරුම:

සීමා ඉවත් කිරීම සහ නිදහස් වීම.

"තලාක්" යන්නෙහි ආගමානුකූල අර්ථය:

එය නිශ්චිත වචන භාවිතා කර, විවාහයේ බැඳීම වහාම විසුරුවා හැරීම හෝ යම් කාලයකට පසු විවාහයේ බැඳීම විසුරුවා හැරීමයි. එම නිශ්චිත වචනය: ඍජු වචනය: දික්කසාදය වැනි, සහ වක්‍ර වචනය : බායින් (පහැදිලි), හරාම් (තහනම්), ඉත්ලාක් (නිදහස්) යනාදී ලෙස පවතී. එසේම නිශ්චිත එම වචනය නියෝජනය කරන ලිඛිත හෝ අවබෝධ කරගත හැකි සංඥාවක් ලෙසද පැවතිය හැකිය. තවද දික්කසාදය (තලාක්) යන වචනය ඉවත්කිරීම (කුල්උ) යන වචනයද අන්තර්ගත කර ගන්නා අතර විනිසුරුවරයා වෙන් කීරිමක දී "මම වෙන් කළෙමි " ලෙස පවසයි.

දික්කසාදයේ ප්‍රතිලාබ

١
පළමු පවුල තුළ නොතිබූ ශක්තිමත් පදනමක් මත නව පවුල් දෙකක් ආරම්භ කිරීමට මග පෑදීම. අල්ලාහ්ගේ කරුණාව අතිමහත් වන අතර ඔහු මෙසේ පවසයි: "ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය." (අන් නිසා : 130).
٢
ද්වේශයෙන් හා අමනාපයෙන් පිරුණු ජීවිතයක් අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් ඇති විය හැකි බොහෝ හානි පිටුදැකිය හැකි අතර, එම ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම රැවටිලිකාර සහ දුරාචාර හැසිරීම්වලට වැටීමට හේතු විය හැක. එවැන්නක් සිදුවීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා.
٣
පළමු විවාහයේ පාඩම්වලින් පාඩම් උකහා ගැනීම. බොහෝ කරුණු නැවත සලකා බැලීම. එහි අඩුපාඩු සමඟ අවංකව කටයුතු කිරීම සහ ඒවා මඟහරවා ගැනීමට උත්සාහ කිරීම. එය දෙවන විවාහයේ සාර්ථකත්වයට උපකාරී වේ.
٤
ගැටුම් සහ ගැටුම් චක්‍රයේ පවතින එකිනෙකා අතර සබඳතා බිඳ වැටීමට තුඩු දිය හැකි සියලූම වෛරයන් සහ වැරදි හැසිරීම් අවසන් කිරීම.
٥
දරුවන්ට වඩාත් අහිතකර, සාමයෙන් හා සන්සුන් භාවයෙන් තොර නිවසක වාසය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පවුලේ සාමාජිකයන්, ඔවුන්ගේ මානසික යහපැවැත්ම සහ ඔවුන්ගේ පෞරුෂය විනාශ නොවී ආරක්ෂා කර ගැනීම.

දික්කසාදයේ අහිතකර බලපෑම්

١
පවුල් සංස්ථාව විසිරී යාමත්, සෙනෙහස දයාව මුල් කරගෙන ගොඩනැගිය යුතුව තිබූ කැදැල්ල විනාශ වීම.
٢
දික්කසාදයෙන් පසු දෙමාපියන් යහපත් ලෙස නො හැසිරෙන්නේ නම්; එක්කෝ සතුරුකම දිගටම පැවතීම සහ ඔවුන්ගෙන් දරුවන්ගේ උරුමයන් උල්ලංගනය වීම, එසේත් නැතිනම් දරුවන්, එක් එක් පාර්ශ්වය අනෙකාට බලපෑම් කරන මාධ්‍යයක් බවට පත් කිරීම හෝ වෙනත් හේතූන් නිසාද ළමුන් මානසික ආබාධවලට ගොදුරු වේ. මේ හේතුවෙන් බුද්ධිමය හා සදාචාරාත්මක පිරිහීම මෙන්ම එහි අහිතකර බලපෑම් ජීවිතයේ අවසානය දක්වාම ඔවුන් සමඟ වර්ධනය වේ.
٣
ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සතුරුකම සහ අසමගිය. මෙය ඔවුන්ගේ පවුල්වලට ද පැතිර යා හැකි අතර මේ නිසා අසමගියේ කවය තවත් පුළුල් වේ. මෙම තත්වය ඉස්ලාම් දහම බලාපොරොතු වන සමාජයේ සහජීවනය සහ අන්තර් රඳා පැවැත්මට පටහැනිය.

දික්කසාද වර්ග

١
තලාක් රජඊ (නැවත හැරිය හැකි දික්කසාදය)
٢
තලාක් බායින් බෛනූනා සුග්රා (නැවත හැරවිය නොහැකි අර්ධ දික්කසාදය.)
٣
තලාක් බායින් බෛනූනා කුබ්රා (නැවත හැරවිය නොහැකි පූර්ණ දික්කසාදය.)

තලාක් රජඊ (නැවත හැරිය හැකි දික්කසාදය)

මෙය පුරුෂයෙකු තම බිරිඳට පළමු සහ දෙවන වරට සිදු කරන දික්කසාදයයි. එය ඉද්දා කාලය තුළ පවතින තාක් කල් නැවත හැරීමේ අයිතිය ඔහුට ඇත. මෙහි දී බිරිඳගේ අවසරය හෝ නව ගිවිසුමක් අවශ්‍ය නොවේ.

තලාක් බායින් බෛනූනා සුග්රා (නැවත හැරවිය නොහැකි අර්ධ දික්කසාදය.)

මෙය සිදු වන්නේ පළමු හෝ දෙවන වර දික්කසාද කීමෙනි, නමුත් ඉද්දා කාලය අවසන් වීමෙන් පසුවය. මෙහි දී ඔහුට ආපසු හැරීමට අවසර නැතී අතර, නමුත් නව ගිවිසුමකින් නැවත එකතු විය හැකිය.

තලාක් බායින් බෛනූනා කුබ්රා (නැවත හැරවිය නොහැකි පූර්ණ දික්කසාදය.)

මෙය තුන්වන වරටත් කරන දික්කසාද යි. මෙහි දී, තම බිරිඳ වෙනත් ස්වාමිපුරුෂයෙකු සමඟ විවාහ වූ පසු (පළමු සැමියා වෙත නැවත යෑමේ පුර්ව සැළසුමකින් තොරව) ඔහු ඇයව දික්කසාද කර හෝ මියගියේ නම්. නව විවාහ ගිවිසුමක් සහ මහර් දීමකින් හැර තම බිරිඳ ආපසු ලබා ගැනීමට සැමියාට අයිතියක් නැත.

නැවත හැරිය හැකි, බෛනූනා සුග්රා සහ බෛනූනා කුබ්රා සම්බන්ධ දික්කසාද නීතිය ඉස්ලාමීය නීතියේ ගුණධර්මවල පැහැදිලි ස්වරුපය පෙන්නුම් කරයි. දික්කසාදය අවසානය නොවේ. රජඊ හෝ බෛනූනා සුග්රා අවස්ථාවේදී, සංසුන්ව සහ ගැටළුවල පීඩනයෙන් ඉවත්ව, අඹුසැමියන් එකිනෙකා ගැන නැවත සලකා බැලීමට සහ ප්‍රතිවිපාක ගැන මෙනෙහි කිරීමට අවස්ථාවක් සහ ප්‍රමාණවත් කාලයක් ලබා ගනී. එලෙසම, බයිනුනා කුබ්රා අවස්ථාවේදී කාන්තාව තම දෙවන සැමියාගෙන් දික්කසාද වීමෙන් පසුව, දෙපාර්ශ්වයටම නැවත පැමිණීම හැකි බව සහ හොඳ විකල්පයක් සොයාගත හැකිය. කෙසේ වෙතත්, මෙම අත්දැකීම බොහෝ විට ශක්තිමත් සහ ස්ථිර පදනම් මත විවාහය නැවත ගොඩනැඟීමට හේතුවයි.

ඉද්දා

එය(මරණයෙන් හෝ දික්කසාදයෙන්) වෙන්වීමෙන් පසු ෂරියා නීතියෙන් නියම කරන ලද කාල සීමාවක් වන අතර, එම කාලසීමාව අවසන් වන තෙක් කාන්තාවක් අනිවාර්යෙන් විවාහ නොවී සිටිය යුතු ය.

භාර්යාවට තම ඉද්දා කාලය තම සැමියාගේ නිවසේ ගත කිරීමට අයිතියක් ඇති අතර, ඇයගේ නඩත්තු වියදම ඔහු දැරිය යුතුය. ඇය ඉද්දා කාලය තුළ සිටියදී තම ස්වාමිපුරුෂයා මිය ගියහොත් ඇයට පසු උරුමයේ අයිතියද හිමිවේ. මෙම ඉද්දා කාලය තුළ ඇයට වෙනත් පිරිමින් සමඟ විවාහ ගිවිස ගැනීම තහනම්ය.

ඉද්දාව නීතිගත කිරීම පිටුපස ඇති ප්‍රඥාව.

١
වන්දනාමාන කිරීම, මුස්ලිම්වරයෙක් සහ මුස්ලිම්වරියක් තම කටයුතු අල්ලාහ්ට භාර දී ඇත අතර ඔහු නියෝගයක් නියම කරන්නේ නම්, වහල්කම පෙන්වීම සඳහා එය පිළිපැදීමට ඉක්මන් කරයි.
٢
කාන්තාවගේ ගර්භාෂය කිසිදු කලලයකින් හෝ ගැබ් ගැනීමකින් තොර බව සහතික කර ගැනීම.
٣
දික්කසාදයෙන් පසු ස්වාමිපුරුෂයාට දික්කසාද වූ බිරිඳ වෙත ආපසු යාමට ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දීම.
٤
මියගිය ස්වාමිපුරුෂයා ගැන දුක් වීමට කාලය ලැබීම.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.