දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග සහ එහි අනිවාර්ය කරුණු

මෙම ඒකකය තුළ, ඔබ සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග සහ වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු, එය අවලංගු කරන සහ ඒ තුළ නො කළ යුතු පිළිකුල් සහගත කරුණු ගැන ඉගෙන ගනු ඇත.

  • සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග පිළිබඳ දැනුවත් වීම.
  • සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු පිළිබඳ දැනුවත් වීම.
  • සලාතය අවලංගු කරන කරුණු පිළිබඳ දැනුවත් වීම.
  • සුජූද් අස් සහ්වූ පිළිබඳ දැනුවත් වීම්‍.
  • සලාතය තුළ නො කළ යුතු පිළිකුල් සහගත කරුණු පිළිබඳ දැනුවත් වීම්‍.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග

අර්කාන් යනු සලාතයේ මූලික කොටස් ය: ඒවායින් යමක් අතපසු වූයේ නම් සලාතය නිෂ්ඵල වී යයි. එය අමතකවීමෙන් අතපසු වු විටක එය නැවත වරක් ගෙන ඒම අනිවාරය වේ. නැතහොත් සලාතය අවලංගු වී යනු ඇත.

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග

١
තක්බීර් අල් ඉහ්රාම් හෙවත් පළමු තක්බීරය.
٢
හැකියා ව ඇති නම් සිට ගෙන සිටීම.
٣
අල් ෆාතිහා පරිච්ඡේදය පාරායනය කිරීම.
٤
රුකූඃ කිරීම.
٥
ඉන් නැගිට හැකියාව ඇත්තා ඍජූව සිට ගැනීම.
٦
සුජූද් කිරීම.
٧
සුජූද් දෙක අතර අසුන් ගැනීම.
٨
අවසන් තෂහ්හුදය සහ ඒ සඳහා අසුන් ගැනීම.
٩
සඳහන් කළ සෑම ක්‍රියාවකම මදක් රැඳීම.
١٠
සලාම් පැවසීම.
١١
මූලිකාංග අනුපිළිවෙලට සිදු කිරීම.

සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු

ඒවා සලාතයේ අනිවාර්ය සහ උවමනාවෙන් එය අත්හැරීමෙන් සලාතය අවලංගු කරන කොටස් වේ. එය අමතක වීම හේතුවෙන් මග හැරුණු විට සලාතය සම්ර්ණ කරනු ලබයි. එමෙන් ම සලාතය අවසානයේ ඒ සඳහා සුජූද් අස් සහ්වු නම් සුජූද් වර්ගය ගෙන එනු ලැබේ.

සලාතයේ අනිවාර්ය කරුණු

١
තක්බීරතුල් ඉහ්රාම් හෙවත් පළමු තක්බීරය හැර සෙසු අනෙකුත් සියලු තක්බීර්
٢
රුකූඃ හි "සුබ්හාන රබ්බියල් අළීම්" යැයි එක් වරක් පැවසීම.
٣
සලාතය මෙහෙයවන්නා සහා තනිව සලාතය ඉටු කරන්නා " සමිඅල්ලාහු ලිමන් හමිදාහ්" යනුවෙන් පැවසීම.
٤
"රබ්බනා වලකල් හම්දු" යනුවෙන් සියලු දෙනා පැවසීම.
٥
සුජූද් හි "සුබ්හාන රබ්බියල් අඃලා" යැයි එක් වරක් පැවසීම.
٦
සුජූද් දෙක අතර අසුන් ගැනීමේදී "රබ්බිග් ෆිර්ලී" යනුවෙන් එක් වරක් පැවසීම.
٧
ආරම්භ තෂහ්හුදය සහ ඒ සඳහා අසුන් ගැනීම.

මෙම අනිවාර්ය කරුණු අමතක් වීමෙන් අතපසු වූයේ නම් ඒවා අත්හරිනු ලැබේ. ඒ සඳහා සුජූද් අස් සහ්වු ගෙන එනු ලැබේ

සලාතයේ සුන්නත් හෙවත් වෛකල්පිත කරුණු

වචන සහ ක්‍රියාවන්වලින් සලාතයේ මූලිකාංග හා එහි අනිවාර්ය කරුණු නො වන සෑම කරුණක් ම අනුපූරක සුන්නාවක් වන අතර ඒවා ආරක්ෂා කළ යුතු ය, නමුත් එය අත්හැරීමෙන් සලාතය අවලංගු නො වේ.

සුජූද් අස් සහ්වු

එය සුජූද් දෙකකි. සලාතයේ ඇති වූ අඩුපාඩුකම් සහ දෝෂ පිරිමසා ගැනීම සඳහා උත්තරීතර අල්ලාහ් එය ආගමානුගත කර ඇත.

සුජූද් අස් සහ්වු කළ යුත්තේ කුමන අවස්ථාවන්වල ද?

١
සලාතයේ රුකූඃ, සුජූද්, නැගිට සිටීම සහ අසුන ගැනීම යන ක්‍රියාවන් අතරින් යමක් අමතක වීම නිසාවෙන් හෝ වැරදීමකින් අමරත ව සිදු කළ විට අනිවාර්යයෙන් ම ඒ සඳහා සුජූද් අස් සහ්වු ද කළ යුතු වේ.
٢
මූලිකාංගවලින් යම් කරුණක් නො කර සිටියේ නම් එවිට ඒ කරුණ නැවත සිදු කළ යුතු අතර සලාතය අවසානයේ ඒ සඳහා සුජූද් අස් සහ්වු ද කළ යුතු වේ.
٣
ආරම්භක තෂහ්හුදය වැනි අනිවාර්ය කරුණු අතරින් යම් කරුණක් අමතක වීමකින් හෝ අතපසුවීමකින් හෝ මගහැරුණු විට ඒ සඳහා සුජූද් අස් සහ්වු ද කළ යුතු වේ.
٤
සලාතයේ රක්ආත් ගණන පිළිබඳ සැක සිතුණේ නම් ඔහුට වඩා විශ්වාසනීය ප්‍රමාණය වන කුඩා ප්‍රමාණය ඔහු තෝරාගෙන සලාතය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත‍.ඒ සඳහා සුජූද් අස් සහ්වු ද කළ යුතු වේ.

සුජූද් අස් සහ්වූ කළ යුතු ආකාරය

සුජූද් අස් සහ්වු කළ යුුතු වේලාව

١
අවසන් තෂහ්හුදයට පසුව සහ සලාමී පැවසීමට පෙර වූ වේලාවෙහි සුජූද් අස් සහ්වු ඉටු කර පසු ව සලාම් පැවසීම.
٢
සලාම් පවසා සලාතය අවසන් කළ පසු සුජූද් අස් සහ්වු ඉටු කර නැවත වරක් සලාම් පැවසීම.

සලාතය අවලංගු කරන කරුණු

ඒවා වනාහි සලාතය අවලංගු කර එය නැවත ඉටු කළ යුතු තත්ත්වයට ගෙන එන කරුණු ය.

සලාතය අවලංගු කරන කරුණු

١
ඔහුට කළ හැකිව තිබූ යම් කොන්දේසියක් හෝ මූලිකාංගයක් වැරදීමකින් හෝ ඕනෑකමින් හෝ අත්හැරීම.
٢
සලාතයේ යම් වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු අතරනි යම් කරුණක් ඕනෑකමින් අත්හැරීම.
٣
ඕනෑකමින් කතා කිරීම.
٤
ශබ්ද නගා සිනාසීම.
٥
අනවශ්‍ය ලෙස නො කඩවා කෙරෙන අධික චලනය.

සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත කරුණු

ඒවා වනාහි සලාතයෙන් ලැබෙන කුලිය හීන කරන, එහි ගෞරවය හා කීර්තිය කෙලෙසන ක්‍රියාවන් ය.

සලාතය තුළ දී වෙනතකට හැරීම.

ඒ පිළිබඳ විමසනු ලැබූ විට "එය සලාතයේ දී ෂෙයිතාන් විසින් ගැත්තෙකු වංචාවට ලක් කරන්නා වූ වංචාවකි." යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූහ. (බුහාරි 718)

මුහුණ හෝ අත් හෝ වෙනත් අවයව මඟින් අනවශ්‍ය ක්‍රියාවන් සිදු කිරීම

ඉනෙහි අත තබා ගැනීම, ඇගිලි පුරුක් කැඩීම, ඇගිලි අතර අමුණාගෙන සිටීම.

මළ මූත්‍ර හෝ වාතය දරා සිටීම, දරා ගත නො හැකි සීතල හෝ උණුසුම, ප්‍රියතම ආහාර වේලක් ඉදිරියේ තබනු ලැබීම වැනි යම් මනසට පීඩනයක් ඇති කරන යමක් සිදුවීමෙන් තමන්ගේ සිතුවිලි වෙනතකට යොමු කරන අවස්ථාවක සලාතය තුළට පිවිසීම ද පිළිකුල් සගතය.

"ආහාර ඉදිරියේ සලාතය නොමැත. එමෙන් ම මළ මූත්‍ර දරා සිටින්නාට ද සලාතය නොමැත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ. ( මුස්ලිම්: 560)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.