වත්මන් කොටස: model:
පාඩම ජුමුආ සලාතය
සිකුරාදා දින ළුහර් සලාතයේ වේලාවේදී, ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨතම චාරිත්‍රවලින් එකක් වන සහ එහි වගකීම්වලින් වඩාත් අවධාරණය කරන ජුමුආ සලාතය අල්ලාහ් විසින් නියම කර ඇත. එහි මුස්ලිම්වරුන් සතියකට වරක් එක්රැස් වන අතර එහි ඔවුනට ලබා දෙන දේශනා සහ උපදෙස්වලට ඔවුන් සවන් දෙනු ඇත. පසුව ජුමුආ සලාතය ඉටු කරනු ලබයි.
සිකුරාදා දිනයෙහි මහිමය
අනෙකුත් සමූහයන් මෙන් නොව මුහම්මද් (සල්ලල්ලාහු අලයෙිහි වසල්ලම්) තුමාගේ සමූහයා වෙනුවෙන් පමණක් අල්ලාහ් එදින සුවිශේෂී කර ඇත. ඒ බව ධර්ම දූතයාණන් මෙසේ වදාළහ: "අපට පෙර සිටි සමූහයාට සිකුරාදා දින මහිමයට පත් කිරීමේ භාග්‍ය අල්ලාහ් නො දුන්හ. යුදෙව්වන් සඳහා සෙනසුරාදා දින ද කිතුනුවන් සඳහා ඉරිදා දින ද වෙන් කර තිබුණි. එනමුත් අප විෂයෙහි අල්ලාහ් සිකුරාදා දිනය ඔහු භාග්‍යයක් ලෙස ලබා දුන්නේ ය." (856)
එදිනයෙහි ආදම්තුමාණන් නිර්මාණය කෙරිනි. එදිනයෙහි ම අවසන් දින උදා වනු ඇත. ධර්ම දූතයාණන් ඒ බව මෙසේ ප්‍රකාශ කළහ: "හිරු උදා වූ හොඳ ම දිනය සිකුරාදා දිනය ය. ආදම් මවනු ලැබුවේ ද, ඔහුව ස්වර්ගයට ඇතුළු කරන ලද්දේ ද, ඔහුව එයින් නෙරපා හරින ලද්දේ ද එදින ය. අවසන් හෝරාව එළඹෙන්නේ ද එදිනයි." (මුස්ලිම් 854)
ජුමුආ සලාතය අනිවාර්ය වන්නේ කවුරුන්හට ද?
මුස්ලිම්වරයෙකු සිකුරාදා සලාතයට පෙර ස්නානය කිරීම, දේශනාව ආරම්භ කිරීමට පෙර වේලාසනින් දේවස්ථානය වෙත යෑම, සුවඳ විලවුන් ගල්වා ගැනීම, හොඳ ම ඇඳුම් ඇඳීම යනාදී කරුණු සුන්නත් වේ.
මුස්ලිම්වරුන් දේවස්ථානයට රැස් වනු ඇත. ඉමාම් ඔවුන් ඉදිරියේ පැමිණ, මින්බර් නම් වේදිකාවට නැඟී, රැස් වී සිටින අය මුහුණ ලා ඔවුනට දේශනා දෙකක් පවත්වයි, ඒ දෙක සුළු අසුන්වා ගැනීමකින් වෙන් කරනු ඇත. එම දේශනාවෙහි දේව බියබැතිමත්කම පිළිබඳ සිහිපත් කර, ඔවුන්ට උපදෙස්, අනුශාසනා සහ අල්කුර්ආන් වැකි ඉදිරිපත් කරනු ඇත.
එම දේශනාව රැස් ව සිටින පිරිස ශ්‍රවණය කළ යුතු අතර, එයින් ප්‍රයෝජනය නො ලබා කතා කිරීම හෝ දේවස්ථානයේ ඇති බුමුතුරුණු, ගල් කැට, හා දූවිලි සමඟ නිකරුණේ කාලය නාස්ති කිරීමෙන් වුවද වෙනතකට යොමු වීම තහනම් ය.
ජුම්ආ සලාතය අතපසු වූ අයෙකු
ජුම්ආ සලාතයට ප්‍රමාද වී පැමිණි අය
කාන්තාවක් සහ මගියෙකු වැනි ජුමුආ සලාතය ඉටු කිරීම අනිවාර්ය නොවන ඕනෑම අයෙකු මුස්ලිම්වරුන් පිරිසක් සමඟ ජුමුආ සලාතය ඉටු කරන්නේ නම් ඔහුට එය වලංගු වන අතර ළුහර් සලාතය ඔහු වෙනුවෙන් අත්හැර දමනු ලැබේ.
ජුමුආවට පැමිණීමේ අනිවාර්ය බව
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආ සලාතය මග හැර ගිය අයට අනතුරු ඇඟවීම් කළේ කුමකින් ද?
ජුමුආ සලාතය අනිවාර්ය වන තැනැත්තාට ඒ වෙත නො පැමිණීම සඳහා අවසර ලත් නිදහසට කරුණ වනාහි: අසාමාන්‍ය ලෙස දැඩි දුෂ්කරතාවක් ඇති කරන, නැතහොත් එය ඔහුගේ ජීවනෝපායට හෝ සෞඛ්‍යයට බරපතල හානියක් සිදු කරනු ඇතැයි බිය වන යම් කරුණක් ඇති වී තිබීම.