දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ජුමුආ සලාතය

ජුමුආ සලාතය යනු මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වන කරුණු අතරින් ඉතා වැදගත් කරුණකි .මෙම ඒකකය තුළ ඔබ එහි ගුණ සහ නීති පිළිබඳව ඉගෙන ගනු ඇත.

  • ජුමුආ සලාතයේ ගුණ පිළිබඳ දැනුවත් වීම.
  • ජුමුආ සලාතයේ නීති පිළිබඳ දැනුවත් වීම.
  • ජුමුආ සලාතයට පැමිණීමට නොහැකි වන අය කවුරුන්ද යන්න හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ජුමුආ සලාතය

සිකුරාදා දින ළුහර් සලාතයේ වේලාවේදී, ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨතම චාරිත්‍රවලින් එකක් වන සහ එහි වගකීම්වලින් වඩාත් අවධාරණය කරන ජුමුආ සලාතය අල්ලාහ් විසින් නියම කර ඇත. එහි මුස්ලිම්වරුන් සතියකට වරක් එක්රැස් වන අතර එහි ඔවුනට ලබා දෙන දේශනා සහ උපදෙස්වලට ඔවුන් සවන් දෙනු ඇත. පසුව ජුමුආ සලාතය ඉටු කරනු ලබයි.

සිකුරාදා දිනයෙහි මහිමය

සිකුරාදා දින යනු සතියේ ශ්‍රේෂ්ඨතම සහ ගෞරවනීය දිනයයි. සර්වබලධාරී දෙවියන් එය වෙනත් දිනවලට වඩා තෝරාගෙන ඇති අතර, ප්‍රතිලාභ රැසක් සමඟින් අනෙකුත් දිනවලට වඩා එය විශේෂ කර ඇත. ඒවායින් ස්වල්පයක් පහත දැක්වේ:

අනෙකුත් සමූහයන් මෙන් නොව මුහම්මද් (සල්ලල්ලාහු අලයෙිහි වසල්ලම්) තුමාගේ සමූහයා වෙනුවෙන් පමණක් අල්ලාහ් එදින සුවිශේෂී කර ඇත. ඒ බව ධර්ම දූතයාණන් මෙසේ වදාළහ: "අපට පෙර සිටි සමූහයාට සිකුරාදා දින මහිමයට පත් කිරීමේ භාග්‍ය අල්ලාහ් නො දුන්හ. යුදෙව්වන් සඳහා සෙනසුරාදා දින ද කිතුනුවන් සඳහා ඉරිදා දින ද වෙන් කර තිබුණි. එනමුත් අප විෂයෙහි අල්ලාහ් සිකුරාදා දිනය ඔහු භාග්‍යයක් ලෙස ලබා දුන්නේ ය." (856)

එදිනයෙහි ආදම්තුමාණන් නිර්මාණය කෙරිනි. එදිනයෙහි ම අවසන් දින උදා වනු ඇත. ධර්ම දූතයාණන් ඒ බව මෙසේ ප්‍රකාශ කළහ: "හිරු උදා වූ හොඳ ම දිනය සිකුරාදා දිනය ය. ආදම් මවනු ලැබුවේ ද, ඔහුව ස්වර්ගයට ඇතුළු කරන ලද්දේ ද, ඔහුව එයින් නෙරපා හරින ලද්දේ ද එදින ය. අවසන් හෝරාව එළඹෙන්නේ ද එදිනයි." (මුස්ලිම් 854)

ජුමුආ සලාතය අනිවාර්ය වන්නේ කවුරුන්හට ද?

١
පිරිමි පාර්ශවය: කාන්තාවට එය අනිවාර්ය නො වේ.
٢
ඉස්ලාමීය නීති අදාළ වන අයකු : උමතු පුද්ගලයෙකුට හෝ වැඩිවියට පත් නො වූ දරුවෙකුට එය අනිවාර්ය නො වේ.
٣
පදිංචිකරු: මගියාට හෝ නගර සහ ගම්වලින් පිටත ජීවත් වන අයට එය අනිවාර්ය නො වේ.

ජුමුආ සලාතයේ ක්‍රමය සහ එයට අදාළ නීති

ජුමුආ සලාතයට සූදානම් වීම

මුස්ලිම්වරයෙකු සිකුරාදා සලාතයට පෙර ස්නානය කිරීම, දේශනාව ආරම්භ කිරීමට පෙර වේලාසනින් දේවස්ථානය වෙත යෑම, සුවඳ විලවුන් ගල්වා ගැනීම, හොඳ ම ඇඳුම් ඇඳීම යනාදී කරුණු සුන්නත් වේ.

ජුමුආ දේශනාව

මුස්ලිම්වරුන් දේවස්ථානයට රැස් වනු ඇත. ඉමාම් ඔවුන් ඉදිරියේ පැමිණ, මින්බර් නම් වේදිකාවට නැඟී, රැස් වී සිටින අය මුහුණ ලා ඔවුනට දේශනා දෙකක් පවත්වයි, ඒ දෙක සුළු අසුන්වා ගැනීමකින් වෙන් කරනු ඇත. එම දේශනාවෙහි දේව බියබැතිමත්කම පිළිබඳ සිහිපත් කර, ඔවුන්ට උපදෙස්, අනුශාසනා සහ අල්කුර්ආන් වැකි ඉදිරිපත් කරනු ඇත.

එම දේශනාව රැස් ව සිටින පිරිස ශ්‍රවණය කළ යුතු අතර, එයින් ප්‍රයෝජනය නො ලබා කතා කිරීම හෝ දේවස්ථානයේ ඇති බුමුතුරුණු, ගල් කැට, හා දූවිලි සමඟ නිකරුණේ කාලය නාස්ති කිරීමෙන් වුවද වෙනතකට යොමු වීම තහනම් ය.

පසුව ඉමාම්වරයා වේදිකාවෙන් බැස එනු ඇත. ඉන්පසු ජුම්ආ සලාතය සඳහා ඉකාමත් කියනු ලබයි. ඉන් අනතුරුව ඔහු විසින් රක්අත් දෙකකින් සමන්විත සලාතයක් මෙහෙයවනු ලබයි. එහි දී ශබ්ද නගා පාරායනා කරනු ලැබේ.

ජුම්ආ සලාතය අතපසු වූ අයෙකු

ජුම්ආ සලාතය නියම කරනු ලබන්නේ දේවස්ථානවල සලාතය ඉටු කරන්නන් රැස්වීම මගිනි. එබැවින් කවුරුන්හට හෝ එය අතපසු වූයේ නම් නැතහොත් හේතුවක් මත කවරෙකු හෝ එය මග හැරියද, ඔහු එය වෙනුවට ළුහර් සලාතය ඉටු කරන අතර ජුම්ආ ව ඔහුට වලංගු නො වේ.

ජුම්ආ සලාතයට ප්‍රමාද වී පැමිණි අය

ජුම්ආ සලාතයට ප්‍රමාද වී පැමිණි අය ගත් කළ ඉමාම් සමඟ එක් රක්අතයක් හෝ ඔහුට නොලැබුනේ නම් ඔහු එම සලාතය ළුහර් සලාතයක් වශයෙන් ඉටු කරනු ඇත.

කාන්තාවක් සහ මගියෙකු වැනි ජුමුආ සලාතය ඉටු කිරීම අනිවාර්ය නොවන ඕනෑම අයෙකු මුස්ලිම්වරුන් පිරිසක් සමඟ ජුමුආ සලාතය ඉටු කරන්නේ නම් ඔහුට එය වලංගු වන අතර ළුහර් සලාතය ඔහු වෙනුවෙන් අත්හැර දමනු ලැබේ.

ජුමුආවට පැමිණීමේ අනිවාර්ය බව

ජුමුආ සලාතය අනිවාර්ය වන අය එයට සහභාගි වීම අනිවාර්ය බව ෂරීආ ව අවධාරණය කර ඇත. ඒ වේලාවෙහි ලෞකික සැප සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳ මෙසේ අනතුරු අඟවා ඇත: "අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය". (අල් ජුමුආ 9)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආ සලාතය මග හැර ගිය අයට අනතුරු ඇඟවීම් කළේ කුමකින් ද?

ධර්මානුකූල නිදහසට කරුණක් නොමැතිව එය ඉටු කිරීමට අපොහොසත් වන්නේ ද ඔහුගේ හදවත මුද්‍රා තබනු ලැබේ යනුවෙන් නබි (සල්) තුමාණන් අනතුරු ඇඟවී ය. ඒ බව මෙසේ සඳහන් කළහ: "යමෙක් නිදහසට කරුණක් නොමැතිව නොසැලකිලිමත් ලෙස ජුමුආ සලාතයන් තුනක් අත්හැරියේ ද දෙවිඳාණන් ඔහුගේ හදවතේ මුද්‍රාවක් තබනු ඇත" (අබූදාවූද් 1052/ අහ්මද් 15498) දෙවිඳාණන් ඔහුගේ හදවතේ මුද්‍රාවක් තබනු ඇත යන්නෙහි තේරුම: එනම්, ඔහු එය මුද්‍රා කර එය ආවරණය කර, කුහකයන්ගේ සහ අකීකරු අයගේ හදවත් මෙන් නොදැනුවත්කම හා විරසකත්වය එහි තබනු ඇත.

ජුමුආ සලාතය ඉටු නො කර සිටීමට අවසර ලත් නිදහසට කරුණ කුමක් ද?

ජුමුආ සලාතය අනිවාර්ය වන තැනැත්තාට ඒ වෙත නො පැමිණීම සඳහා අවසර ලත් නිදහසට කරුණ වනාහි: අසාමාන්‍ය ලෙස දැඩි දුෂ්කරතාවක් ඇති කරන, නැතහොත් එය ඔහුගේ ජීවනෝපායට හෝ සෞඛ්‍යයට බරපතල හානියක් සිදු කරනු ඇතැයි බිය වන යම් කරුණක් ඇති වී තිබීම.

රැකියාවේ නිරත වීම ජුමුආ සලාතය ඉටු නො කර සිටීම සඳහා නිදහසට කරුණක් ද?

ස්ථීර රැකියාවක නිරත වීම යන කාරණාව අවස්ථා දෙකකදී හැර, ජුමුආ සලාතයට නො පැමිණීම සඳහා නිදහසට කරුණක් ලෙස නො සැලකේ:

1. රැකියාවේ රැඳී සිටීමෙන් සහ සිකුරාදා සලාතය අත්හැරීමෙන් පමණක් ඉටු කළ හැකි විශාල යහපතක් එම රැකියාවෙහි තිබිය යුතුයි. ඔහුගේ එම රැකියාව අත්හැරීමෙන් විශාල ප්‍රශ්නයක් සිදුවන්නේ නම් එමෙන් ම මෙම කාර්යය සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටීමට වෙනත් කිසිවෙකු නොමැති වේ නම්

උදාහරණයක් ලෙස

١
හදිසි අවස්ථා සහ තුවාලවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.
٢
මිනිසුන්ගේ මුදල් සහ ඔවුන්ගේ කාර්යභාරය, සොරකම් හා අපරාධ ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරන මුරකරු සහ පොලිස් නිලධාරියා.
٣
වහා නිරීක්ෂණය කළ යුතු සහ නැවැත්විය නොහැකි විශාල කර්මාන්ත ශාලා වැනි වැඩ කටයුතු අධීක්ෂණය කරන අය

2. රැකියාව ඔහුගේ එකම ජීවනෝපාය මාර්ගය වන අතර ඔහුට අවශ්‍ය ආහාර පාන සහ එම රැකියාව හැර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය දෑ ආවරණය කිරීමට වෙනත් මාර්ගයක් ඔහු සතුව නොමැති නම්, ඔහුට රැකියාවේ රැඳී සිටීමට අවසර ඇත. ඔහුට වෙනත් රැකියාවක් ලැබෙන තුරු හෝ ඔහුට හෝ ඔහුගේ යැපෙන්නන්ට ප්‍රමාණවත් ආහාර පාන සහ අවශ්‍ය හා ප්‍රමාණවත් දේ සොයා ගන්නා තෙක් ජුමුආ සලාතය අත් හැර තම රැකියාවේ නිරත විය හැකි ය. කෙසේ වෙතත් ඔහු නිරතුරුවම වෙනත් රැකියාවක් සහ වෙනත් ජීවනෝපායක් සෙවිය යුතු ය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.