වත්මන් කොටස: model:
පාඩම සකාත් අනිවාර්ය වන වස්තූන්
සකාත් අනිවාර්ය වන වස්තූන් මොනවා ද?
වර්ධනය සහ වැඩෙන යන ස්වභාවය ඇති විවිධ වස්තු වර්ග සඳහා දෙවිඳාණෝ සකාත් නියම කළහ. ඒවා වනාහි
රන් හා රිදී ඒවා සකාත් නිකුත් කිරීමට තරම් ප්‍රමාණයෙන් වී නම් ද චන්ද්‍ර වර්ෂයක් සම්පූර්ණ වී ඇත්නම් ද ඒවායෙහි සකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. චන්ද්‍ර වර්ෂයක් වනාහි දවස් 354 කි.
රන් සහ රිදීවල නිසාබ් ප්‍රමාණ ය.
මුස්ලිම්වරයෙකු සතුව මෙම රන් හෝ රිදී ප්‍රමාණය හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබේ නම් සහ ඒ සඳහා වසරක් ගත වී ඇත්නම්, ඒවායේ වටිනාකමින් 2.5% ට සමාන මුදලක් ඔහු ඒ සඳහා සකාත් ගෙවයි.
මෙයට සියලු මුදල් වර්ග ඇතුළත් වේ. ඒවා තමන් සතුව හෝ බැංකුවක තැන්පත් කර තිබුණ ද.
මුස්ලිම්වරයෙකු මුදල්වල නිසාබ් ප්‍රමාණය රත්‍රන්වලට සමාන අගයෙන් ගණනය කරනු ඇත. දළ වශයෙන් ග්‍රෑම් 85ක් පමණ වන රත්‍රන්වල නිසාබ් ප්‍රමාණයට සමාන මුදලක් හෝ ඊට වඩා වැඩි මුදලක් ඔහු සතුව ඇත්නම් එමෙන්ම ඔහු සන්තකයේ සම්පූර්ණ චන්ද්‍ර වර්ෂයක් එම මුදල තිබී ඇත්නම් මුදලේ වටිනාකමින් සියයට 2.5ක පංගුවක් සකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.
මුදල්වල නිසාබ් ප්‍රමාණය ගණනය කිරීමට උදාහරණයක්
එයින් අදහස් කරන්නේ දේපල වෙළඳාම් සහ ගොඩනැගිලි වැනි වෙළඳාම සඳහා සූදානම් කර ඇති සියලු ම වත්කම් හෝ ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩ වැනි වෙළඳ භාණ්ඩ ය.
වෙළඳ භාණ්ඩවල සකාත් නිකුත් කිරීමේ ආකාරය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් පිට කළ දැයින් ද නුඹලා වියදම් කරනු." (අල්බකරා: 267)
ඉස්ලාමීය නීතියට අනුව නිශ්චිත ප්‍රමාණයකට ළඟා වේ නම් ඇතැම් භෝග වර්ග සඳහා සකාත් අනිවාර්ය වේ.
මිනිසුන්ගේ තත්වයන් සැලකිල්ලට ගෙන, වැසි, ගංගා ජලය ආදියෙන් වාරි ජලය සැපයීම සහ වියදම් කර ජලය සැපයීම අතර සකාත් අනිවාර්ය වන ප්‍රමාණයේ වෙනසක් ඇති වේ.
ධාන්‍ය හා පලතුරු සකාත් වශයෙන් නිකුත් කිරීමේ කොන්දේසි
1) සකාත් හි නිසාබ් ප්‍රමාණය ලැබී තිබිය යුතු වේ.
2. එම අස්වැන්න සකාත් නියම වන වර්ගයක විය යුතු ය.
3) අස්වැන්න නෙළා අවසන් කිරීම.
පශු සම්පත් යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට ප්‍රතිලාභ ලැබෙන විශේෂයෙන්: ඔටුවන්, එළදෙනුන් සහ බැටළුවන් වැනි ගොවිපොල සතුන් ය.
මිනිසුන්ට උන්ගේ මස් අනුභව කිරීමට, උන්ගේ ලොම් ඇඳීමට, මිනිසුන්ව උසුලාගෙන යාමට සහ ගමන් බිමන්වලදී ඔවුන්ගේ බර උසුලාගෙන යාමට හැකි වන පරිදි මෙම ගොවිපල සතුන් නිර්මාණය කිරීම දෙවිඳාණෝ ගැත්තන්ට කළ ආශිර්වාදයකි.