වත්මන් කොටස: model:
පාඩම සකාත් අනිවාර්ය වන වස්තූන්
සකාත් අනිවාර්ය වන වස්තූන් මොනවා ද?
තම ප්‍රයෝජනය සඳහා හිමි කර ගත් වස්තුවෙහි මුස්ලිම්වරයෙකුට සකාත් අනිවාර්ය නො වේ. එනම් ඔහු ජීවත් වන ඔහුගේ නිවස, එය කොතරම් මිල අධික වුවත්, ඔහු භාවිතා කරන ඔහුගේ මෝටර් රථය, එය සුඛෝපභෝගී වුවද, ඔහුගේ ඇඳුම්, ආහාරපාන සහ යනාදිය කොතරම් මිල අධික වුවද එහි සකාත් අනිවාර්ය නො වේ.
වර්ධනය සහ වැඩෙන යන ස්වභාවය ඇති විවිධ වස්තු වර්ග සඳහා දෙවිඳාණෝ සකාත් නියම කළහ. ඒවා වනාහි
රන් හා රිදී ඒවා සකාත් නිකුත් කිරීමට තරම් ප්‍රමාණයෙන් වී නම් ද චන්ද්‍ර වර්ෂයක් සම්පූර්ණ වී ඇත්නම් ද ඒවායෙහි සකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. චන්ද්‍ර වර්ෂයක් වනාහි දවස් 354 කි.
රන් සහ රිදීවල නිසාබ් ප්‍රමාණ ය.
මුස්ලිම්වරයෙකු සතුව මෙම රන් හෝ රිදී ප්‍රමාණය හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබේ නම් සහ ඒ සඳහා වසරක් ගත වී ඇත්නම්, ඒවායේ වටිනාකමින් 2.5% ට සමාන මුදලක් ඔහු ඒ සඳහා සකාත් ගෙවයි.
මෙයට සියලු මුදල් වර්ග ඇතුළත් වේ. ඒවා තමන් සතුව හෝ බැංකුවක තැන්පත් කර තිබුණ ද.
මුස්ලිම්වරයෙකු මුදල්වල නිසාබ් ප්‍රමාණය රත්‍රන්වලට සමාන අගයෙන් ගණනය කරනු ඇත. දළ වශයෙන් ග්‍රෑම් 85ක් පමණ වන රත්‍රන්වල නිසාබ් ප්‍රමාණයට සමාන මුදලක් හෝ ඊට වඩා වැඩි මුදලක් ඔහු සතුව ඇත්නම් එමෙන්ම ඔහු සන්තකයේ සම්පූර්ණ චන්ද්‍ර වර්ෂයක් එම මුදල තිබී ඇත්නම් මුදලේ වටිනාකමින් සියයට 2.5ක පංගුවක් සකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.
මුදල්වල නිසාබ් ප්‍රමාණය ගණනය කිරීමට උදාහරණයක්
රත්‍රන් මිල වෙනස් වන සුලු ය. සකාත් ගෙවිය යුතු විට රන් ග්‍රෑම් එකක මිල ඩොලර් (25) ට සමාන යැයි උපකල්පනය කරන්නේ නම්, මුදල්වල සකාත්හි නිසාබ් පහත පරිදි වේ: 25 (රන් ග්‍රෑම් එකක මිල) x 85 (ස්ථාවර කර ඇති ග්‍රෑම් ගණන) = ඩොලර් 2125, එනම් එය මුදලේ නිසාබ් ප්‍රමාණය වේ.
එයින් අදහස් කරන්නේ දේපල වෙළඳාම් සහ ගොඩනැගිලි වැනි වෙළඳාම සඳහා සූදානම් කර ඇති සියලු ම වත්කම් හෝ ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩ වැනි වෙළඳ භාණ්ඩ ය.
වෙළඳ භාණ්ඩවල සකාත් නිකුත් කිරීමේ ආකාරය.
පුද්ගලයෙකු ඔහුගේ වෙළඳාම සඳහා වසරක් ගෙවී ගියහොත් ඔහු වෙළඳාම සඳහා ගත් සියල්ලේ වටිනාකම ගණනය කළ යුතුයි. සකාත් ලබා දීමට යන දිනයෙහි භාණ්ඩවල වෙළඳ පොළ මිල මත එම ගණනය විය යුතුයි. එහි අගය මුදලෙහි නිසාබ් ප්‍රමාණයට ළඟා වන්නේ නම් ඉන් 2.5%ක් නිකුත් කළ යුතුයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් පිට කළ දැයින් ද නුඹලා වියදම් කරනු." (අල්බකරා: 267)
ඉස්ලාමීය නීතියට අනුව නිශ්චිත ප්‍රමාණයකට ළඟා වේ නම් ඇතැම් භෝග වර්ග සඳහා සකාත් අනිවාර්ය වේ.
මිනිසුන්ගේ තත්වයන් සැලකිල්ලට ගෙන, වැසි, ගංගා ජලය ආදියෙන් වාරි ජලය සැපයීම සහ වියදම් කර ජලය සැපයීම අතර සකාත් අනිවාර්ය වන ප්‍රමාණයේ වෙනසක් ඇති වේ.
ධාන්‍ය හා පලතුරු සකාත් වශයෙන් නිකුත් කිරීමේ කොන්දේසි
1) සකාත් හි නිසාබ් ප්‍රමාණය ලැබී තිබිය යුතු වේ.
zසකාත් නිකුත් කිරීම අනිවාර්යය වීම සඳහා තිබිය යුතු නිසාබ් ප්‍රමාණය ධර්ම දූතයාණන් විසින් නිර්ණය කරන ලදී. ඒ ප්‍රමාණයට අඩු ව තිබුණේ නම් සකාත් අනිවාර්ය නො වේ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "රටඉඳිවලින් අවුසුක් පහකට වඩා අඩු දෑහි සකාත් නැත."(මූලාශ්‍රය: බුහාරි 1447 / මුස්ලිම් 979) අවුසුක් යනු තිරිඟු සහ සහල් බර කිලෝග්‍රෑම් 580-600 අතර පරාසයක පවතින බර ප්‍රමාණයක් බව ඇස්තමේන්තු කර ඇති අතර ඊට වඩා අඩුවෙන් තිබුණේ නම් සකාත් අනිවාර්ය නො වේ.
2. එම අස්වැන්න සකාත් නියම වන වර්ගයක විය යුතු ය.
තිරිඟු, බාර්ලි, රටඉඳි, සහල් සහ බඩ ඉරිඟු වැනි නරක් නොවී ගබඩා කර තැබිය හැකි භෝගවල පමණක් සකාත් අනිවාර්ය වේ. කොමඩු, දෙළුම්, සලාද කොළ, අර්තාපල් වැනි ගබඩා කර තැබිය නොහැකි පලතුරු සහ එළවලු වර්ග සඳහා සකාත් ගෙවිය යුතු නො වේ.
3) අස්වැන්න නෙළා අවසන් කිරීම.
ධාන්‍ය හා පලතුරුවල සකාත් අනිවාර්යය වනුයේ ඒවායෙහි අස්වැනු නෙළා ගෙඩි කඩා අවසන් කළ පසුව ය. එය වසර ගෙවී යාම මත රඳා නො පවතී. අවුරුද්දකට දෙවතාවක් අස්වනු නෙලන්නේ නම් එක් එක් අස්වැන්න සඳහා සකාත් ගෙවිය යුතු ය. එක් අස්වැන්නක් සඳහා සකාත් ලබා දී ඉන් පසු ඔහු එය ගබඩා කර වසර ගණනාවක් ඉතිරි කර ගත්ත ද එම වසරවල ඒවා සඳහා සකාත් නැත.
පශු සම්පත් යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට ප්‍රතිලාභ ලැබෙන විශේෂයෙන්: ඔටුවන්, එළදෙනුන් සහ බැටළුවන් වැනි ගොවිපොල සතුන් ය.
මිනිසුන්ට උන්ගේ මස් අනුභව කිරීමට, උන්ගේ ලොම් ඇඳීමට, මිනිසුන්ව උසුලාගෙන යාමට සහ ගමන් බිමන්වලදී ඔවුන්ගේ බර උසුලාගෙන යාමට හැකි වන පරිදි මෙම ගොවිපල සතුන් නිර්මාණය කිරීම දෙවිඳාණෝ ගැත්තන්ට කළ ආශිර්වාදයකි.