වත්මන් කොටස: model:
පාඩම උපවාසය අවලංගු කරවන කරුණු
උපවාසය අවලංගු කරන කරුණු
උපවාසයේ නිරත වන අයකු වැළකී සිටිය යුතු දේවල්, මන්ද ඒවා උපවාසය අවලංගු කරයි
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු.(අල් බකරා: 187)
කවරෙකු අමතක වීමෙන් ආහාර පාන අනුභව කළේද ඔහුගේ උපවාසය වලංගුය. ඔහුට පාපයක් ද සිදු නොවේ. ඒ බව ධර්ම දූතයාණන් මෙසේ ප්‍රකාහ කළහ: කවරෙකු ඔහු උපවාසයේ නිරත බව අමතක වී ආහාර පාන අනුභව කළේද ඔහු තම උපවාසය සම්පූර්ණ කරත්වා! ඔහුට ආහාර පාන ලබා දුන්නේ අල්ලාහ් ය. (බුහාරි 1831/ මුස්ලිම් 1155)
2) ආහාර පාන ගනයට අයත් වන දෑ
3) ශිශ්නය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළු කොට සංසර්ගයේ නියැලීම. ශුක්‍රාණු පිට කළ ද පිට නොකළ ද උපවාසය අවලංගු වේ.
4. යම් දෙයක් උපයෝගී කරමින් හෝ ස්වයං වින්දනය මාර්ගයෙන් ශුක්‍රාණු පිට කිරීම.
නින්දේදී ඇතිවන ශුක්‍රාණු පිටවීම සම්බන්ධයෙන් ගත් කල, එයින් උපවාසය නොබිඳෙයි. පුරුෂයෙකුට තමාව පාලනය කර ගත හැකි නම් තම බිරිඳ සිප ගැනීමට අවසර ඇත. එසේ නොමැති නම් ඔහුගේ උපවාසය අවලංගු නොවීම සඳහා එසේ කිරීමට ඔහුට අවසර නැත.
5. හිතාමතා වමනය ගැනීම
තම පාලනයෙන් බැහැරව වමනය පිට වන තැනැත්තා සම්බන්ධයෙන් ගත් කළ එහි කිසි වදක් නැත. ඔහුගේ උපවාසය වලංගුය. ධර්ම දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ: “කවරෙකු උපවාසයේ නිරත ව සිටියදී වමනය ආවේ ද, ඔහු නැවත වරක් එම උපවාසයේ නිරත වීමට අවශ්‍ය නැක. කවුරුන් හිතාමතා වමනය කළේද ඔහු නැවත වරක් එම උපවාසයේ නිරත විය යුතුයි” (තිර්මිදි 720,/අබු දාවුද් 2380).
දවසේ ඕනෑම කොටසක ඔසප් වීම හෝ දරු ප්‍රසූතියෙන් පසු පිට වන රුධිරය හමු වූ විට, කාන්තාවකගේ උපවාසය අවලංගු වී යනු ඇත. ඔසප් වූ කාන්තාවක් ෆජ්ර් උදා වූ පසු එයින් පිරිසිදු වූවා නම්, එදින ඇයගේ උපවාසය වලංගු නොවේ. මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: ඇය ඔසප් වූවා නම් සලාතය ඉටු නොකර උපවසායේ නිරත නොවී සිටින්නේ නැති ද? (බුහාරි 1850)
6. ඔසප් සහ පශ්චාත් ප්‍රසව රුධිර වහනය වීම
රෝගයක් නිසා කාන්තාවකගෙන් පිටවන රුධිරය සම්බන්ධයෙන් ගත් කල, එය මාසයේ නිශ්චිත දින ගණනක සිදුවන සාමාන්‍ය ඔසප් වීමක් හෝ දරු ප්‍රසූතියෙන් පසු පිටවන ප්‍රසව රුධිරයක් හෝ නොවේ, එහෙයින් එය යමෙකු උපවාසයේ නිරත වීම වළක්වන්නේ නැත.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.