දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

උපවාසය අත්හැරීමට අල්ලාහ් අවසර දුන් අය

පාඩම උපවාසය අත්හැරීමට අල්ලාහ් අවසර දුන් අය

පාඩම පිළිබඳ තොරතුරු

අල්ලාහ් පිරිසකට ඔවුන්ගේ පහසුව පිණිස සහ ඔහුගෙන් වූ දයාවක් ලෙස රමළාන් උපවාසය අත්හැරීමට අවසර දී ඇත.

අරමුණු

  • උපවාසය අත්හැරීමට සර්වබලධාරී දෙවියන් විසින් අවසර දී ඇති අය පිළිබඳ හඳුනා ගැනීම.

අල්ලාහ් උපවාසය අත්හැරීමට අවසර දුන් අය

අල්ලාහ් පිරිසකට ඔවුන්ගේ පහසුව පිණිස සහ ඔහුගෙන් වූ දයාවක් ලෙස රමළාන් උපවාසය අත්හැරීමට අවසර දී ඇත.

1. උපවාසයෙන් පීඩාවට පත් වන රෝගියා

උපවාසය අත්හැරීමට ඔහුට අවසර ඇති නමුත් රමළාන් මාසයෙන් පසු -ඔහු සුවයක් අපේක්ෂා කරන අයගෙන් කෙනෙකු නම්- ඔහුට මගහැරුනු උපවාසයෙහි ඔහු නිරත විය යුතුයි.

උපවාසය අත්හැරීමට ඔහුට අවසර ඇති නමුත් රමළාන් මාසයෙන් පසු  -ඔහු සුවයක් අපේක්ෂා කරන අයගෙන් කෙනෙකු නම්- ඔහුට මගහැරුනු උපවාසයෙහි ඔහු නිරත විය යුතුයි.

2. උපවාසයේ නිරත වීමට අපහසු අය

වයසට යාම හෝ සුවවීමේ බලාපොරොත්තුවක් නොමැති රෝගාබාධ නිසා උපවාසයේ නිරත වීමට අපහසු අය වනාහ ඔවුනට උපවාසය අත්හැරීමට අවසර ඇති අතර සෑම දිනකම ඔහු එක් දුප්පත් පුද්ගලයෙකුට රටේ ප්‍රධාන ආහාරයෙන් කිලෝ එකහමාරක් ලබා දෙයි.

3) ඔසප් කාන්තා සහ දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව

ඒ දෙදෙනාට උපවාසයේ නිරත වී හරාම් වේ. උපවාසය ඒ දෙදෙනාගෙන් වලංගු නොවේ. රමළානයට පසු ඔවුන් එම උපවාසසයෙහි නැවත නිරත විය යුතුයි.

ඒ දෙදෙනාට උපවාසයේ නිරත වී හරාම් වේ. උපවාසය ඒ දෙදෙනාගෙන් වලංගු නොවේ. රමළානයට පසු ඔවුන් එම උපවාසසයෙහි නැවත නිරත විය යුතුයි.

4. ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්

ගැබිනි හෝ කිරි දෙන කාන්තාව තමා ගැන හෝ දරුවා ගැන බියක් ඇත්නම්, ඇය උපවාසය අත්හැර එය රමළානයට පසු නැවත එහි නිරත විය යුතුය. ධර්ම දූතයාණන් පැවසූ බව අනස් බින් මාලික් (රළි) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: අසුන් ගන්න මා ඔබට උපවාසය පිළිබඳ කියා දෙන්නම්. සැබිවින් ම අල්ලාහ් මගියාට ඔහුගේ සලාතයෙන් අඩක් ලිහිල් කර ඇත. එමෙන් ම මගියා, ගර්භනී සහ කිරි දෙන කාන්තාව යන අයගේ උපවාසයෙන් අඩක් ලිහිල් කර ඇත.(ඉබ්නු මාජාහ් 1667)

5) මගියා

ඔහු තම ගමනෙහි නිරත වන කාලය තුළ ද ඔහුගේ දින හතරකට අඩු තාවකාලික පදිංචිය තුළ දඋපවාසය අත් හැරීමට අනුමැතයි ඇත. රමළානයට පසු ඒවායෙහි නැවත නිරත වනු ඇත.

ඔහු තම ගමනෙහි නිරත වන කාලය තුළ ද ඔහුගේ දින හතරකට අඩු තාවකාලික පදිංචිය තුළ දඋපවාසය අත් හැරීමට අනුමැතයි ඇත. රමළානයට පසු ඒවායෙහි නැවත නිරත වනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තවද කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා! අල්ලාහ් නුඹලාට පහසු ව ප්‍රිය කරයි. අපහසුතාව ඔහු ප්‍රිය නොකරයි. (අල් බකරා 185)

කිසිදු හේතුවක් නැතිව රමළාන් මස උපවාසය අත්හරින අයගේ නීතිය

කවරෙකු හෝ නිදහසට කරුණක් නොමැතිව රමළාන් මස උපවාසය අත හැර දමන්නේ ද ඔහු විශාල පාපයක් කිරීම සහ මැවුම්කරුගේ අණට අකීකරු වීම ගැන පසුතැවිලි විය යුතුය. එමෙන්ම ඔහු ඒ උපවාසය වෙනුවෙන් වෙනත් උපවසායක නැවත නිරත විය යුතුයි. සංසර්ගයේ යෙදී උපවාසය වලංගු කර ගත් අය වනාහි ඔහු ඒ ගැන පසුතැවිලි වී ඒ උපවාසය වෙනුවෙන් වෙනත් උපවසායක නැවත නිරත විය යුත අතරම ඔහු ප්‍රතිකර්මයක් වශයෙන් වහලෙකු නිදහස් කරයි. එනම් මුස්ලිම් වහලෙකු මිල දී ගෙන ඔහුට නිදහස ලබා දීමයි. සැමවිට වහල්භාවයෙන් මුදා ගැනීමේ වැදගත්කම ඉස්ලාම් දහම අවධාරණය කරනු ඇත. වර්තමානය මෙන් වහලෙකු නිදහස් කිරීමේ අවස්ථවා නොලැබුණේ නම් ඔහු දෙමසක් අඛණ්ඩව උපවාසයේ නිරත විය යුතුයි. ඔහුට එසේ කිරීමටත් නොහැකි නම්, ඔහු දුප්පත් මිනිසුන් හැට දෙනෙකුට ආහාර ලබා දෙයි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.

පරීක්ෂණය ආරම්භ කරන්න.