දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම වෛකල්පිත -සුන්නත් වූ- උපවාසයන්

දෙවියන් වසරකට මාසයක් උපවාසයේ නියැලීම නියම කර ඇත, එනමුත් වේතනය වැඩි කර ගැනීම සඳහා තමා තුළම එසේ කිරීමට හැකියාව සහ ආශාව ඇති තැනැත්තන් වෙනුවෙන් වෙනත් දින උපවාසයේ නිරත වීමට උන්වහන්සේ උනන්දු කළහ.

  • වෛකල්පිත -සුන්නත් වූ- උපවාස වර්ග කිහිපයක් ගැන ඉගෙන ගැනීම.
  • මෙවැනි උපවාසවල  තිබෙන ප්‍රතිලාභ සහ ප්‍රයෝජන ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

දෙවියන් වසරකට මාසයක් උපවාසයේ නියැලීම නියම කර ඇත, එනමුත් වේතනය වැඩි කර ගැනීම සඳහා තමා තුළම එසේ කිරීමට හැකියාව සහ ආශාව ඇති තැනැත්තන් වෙනුවෙන් වෙනත් දින උපවාසයේ නිරත වීමට උන්වහන්සේ උනන්දු කළහ. එවැනි දින වනාහි:

1) ආෂූරා දින

එය මුහර්රම් මාසයේ දසවන දිනයයි. එම මාසය ඉස්ලාමීය දින දර්ශනයේ පළමු මාසය වේ. දෙවිඳාණන් විසින් මෝසස්තුමාණන් ෆිර්අවුන්ගෙන් ගලවා ගත් දිනය ද එය වේ. එය පෙරනිමිත කොට ගෙන අල්ලාහ්ට කෘතඥ වීම සඳහාත් නබි මුහම්මද් (සල්) තුමාණන් ව අනුගමනය කිරීම සඳහාත් එදින මුස්ලිම්වරු උපවාසයේ නිරත වෙති. ආෂූරා දින උපවාසය පිළිබඳ එතුමාණන්ගෙන් විමසූ අවස්ථාවක එතුමාණන් මෙසේ පිළිතුරු දෙන ලදී: එය පෙර වසර සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත. (මුස්ලිම් 1162) එබැවින් ඒ මාසයේ නමවන දින ද උපවාසය නිරත වීම සුන්නත් වේ. ඒ පිළිබඳ මෙසේ වාර්තා වේ: මා ඊළඟ අවුරුද්දෙහි ද ජීවත් ව සිටියා නම් නමවෙනි දින ද උපවාසය රකින්නෙමි. (මුස්ලිම් 1134)

2) අරෆා දිනය

එය ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස්වන මාසය වන දුල්-හිජ්ජා මාසයේ නවවන දිනයයි, හජ් වන්දනාකරුවන් අරෆාවෙහි රැස්වී සර්වබලධාරී දෙවියන්ට කන්නලව් කර උන් වහන්සේට ආයාචනා කරන දිනය මෙයයි. එය වසරේ හොඳම දිනය වන අතර හජ් වන්දනාකරුවන් නොවන අයට එදින උපවාසයේ නියැලීම සුන්නත් වේ. එදින උපවාසය පිළිබඳ නබිතුමාණන්ගෙන් විමසූ අවස්ථාවක එතුමාණන් මෙසේ පිළිතුරු දුන්හ: එය පෙර වසර හා ඉතිරිව ඇති වසර සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත.(මුස්ලිම් 1162)

4) ෂව්වාල් මසෙහි දින හය

ෂව්වාල් යනු දසවන ඉස්ලාමීය මාසයයි. ධර්ම දූතයාණන් මෙසේ පවසා ඇත: කවරෙකු රමළාන් මසෙහි උපවාසයෙහි නිරත වී ඉන් පසු අඛණ්ඩව දින හයක උපවාසයේ නිරත වන්නේ ද එය සදාකාලික උපවාසයකට සමානය.(මුස්ලිම් 1164)

4) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම

අබූ හුරෙයිරා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: මාගේ මිතුරා -මා මිය යන තුරු මා හැර නොයන- කරුණු තුනක් මට නිර්දේශ කළේය: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ලුහා සලාතය සහ විත්ර් සලාතය ඉටු කර නිදා ගැනීම.යන කරුණු තුන වේ. (බුහාරි 1178/ මුස්ලිම් 721)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.