දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඊදුල් ෆිත්ර් සහ ඊදුල් අළ්හා

රමළාන් මාසයේ අවසාන දිනය අවසන් වීමෙන් පසුව දසවන මාසය වන ෂව්වාල් මාසයේ පළමු දිනයේ ඊදුල් ෆිත්ර් අවුරුදු දිනය පැමිණෙනු ඇත. ඊදුල් අළ්හා පැමිණෙන්නේ දුල් හිජ්ජා මාසයේ දහවන දින ය.එය හජ් වන්දනාකරුවන් අරෆා හි රැඳී සිටින දිනට පසු දිනයි. මෙම පාඩමේදී, මෙම අවුරුදු දින දෙක සහ ඒවායේ නියම කර ඇති දේ ගැන ඔබ ඉගෙන ගනු ඇත.

  • ඉස්ලාමීය ජනතාවගේ ඊදුල් ෆිත්ර් සහ ඊදුල් අළ්හා- යන.අවුරුදු දින ගැන ඉගෙන ගැනීම
  • මෙම අවුරුදු දින දෙක තුළ නියම කර ඇති දේ ගැන දැන ගැනීම.
  • සකාතුල් ෆිත්ර් හි විධිවිධාන ගැන ඉගෙන ගැනීම.
  • උල්හියියා හි විධිවිධාන ගැන ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

නෝම්බි අවුරුදු දිනය

එය දසවන මාසය වන ෂව්වාල් මාසයේ පළමු දිනය වන අතර එය රමළාන් මාසයේ අවසාන දිනය අවසන් වීමෙන් පසුව පැමිණේ. ව්‍යවහාරයේ නෝම්බි අවුරුද්ද නැතහොත් රමළාන් අවුරුද්ද යනුවෙන් එදිනට පවසනු ලබනුයේ එනිසාවෙනි. මක්නිසාද යත් මිනිසුන් රමළාන් මසෙහි නිරාහාරව සිට දෙවියන්ට නැමදුම් කරන ආකාරයටම මෙම දිනයේ උපවාසය අත් හැර දෙවියන්ට නැමුදුම්ක කරති. ඔවුන් විසින් එදින සමරනු ලබන්නේ ආශීර්වාද ලත් රමළාන් මාසයේ උපවාසය සම්පූර්ණ කිරීමට පහසු කර දුන් දෙවියන්ගේ සම්පූර්ණ කරුණාව සහ දයාවට කෘතවේදය පල කිරීමක් ලෙස ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ. (අල් බකරා: 185)

නෝම්බි අවුරුදු දින කළ යුත්තේ කුමක් ද?0

අවුරුදු සලාතය ඉටු කිරීම
සකාතුල් ෆිත්ර් ලබා දීම
පවුල තුළ ප්‍රීතිය හා සතුට පැතිරවීම
තක්බීර් පැවසීම

සකාතුල් ෆිත්ර්

නෝම්බි අවුරුදු දින තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි යමක් ඇති තැනැත්තාට -එදින අවශ්‍යතාව ඇති කිසිවෙක් නොසිටිය යුතුයි යන අරමුණින්- සහල්, තිරිඟු හෝ රටඉඳි යනාදියෙන් තම දේශිය ආහාර දිළිඳු හා අසරණ මුස්ලිම්වරුන් සඳහා ලබා දෙන ලෙස දෙවියන් නියම කර ඇත. සෑම කෙනෙකු වෙනුවෙන්ම නිකුත් කරනු ලබන සකාතුල් ෆිත්ර් හි ප්‍රමාණය වනුයේ සාඃ එකකි. එය කි.ග්‍රෑම් 2.40කට සමාන වෙයි.

සකාතුල් ෆිත්ර් අනිවාර්ය වීමේ වේලාව

රමළාන් අවුරුදු දින රාත්‍රියේ හිරු අවරට යාමත් සමඟ මෙය නිකුත් කිරීමේ වේලාව ආරම්භ වී අවුරුදු සලාතයට පෙර දක්වා වූ කාලය දක්වා දීර්ඝ වේ. එය නිකුත් කිරීමට උචිතම වේලාව වනුයේ අවුරුදු සලාතයට පෙර අවුරුදු දිනයේ දීම නිකුත් කිරීමය. එමෙන්ම අවුරුද්දට දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමට අවසරය ඇත. නමුත් ඊට පෙර නිකුත් නොකළ යුතු වේ.

සකාතුල් ෆිත්ර්හි ප්‍රමාණය.

හාල් තිරිඟු බාර්ලි රට ඉඳි මිදි කේජු ඉරිඟු වැනි ගමක දේශයක ප්‍රධාන ආහාර වේල වශයෙන් සැලකෙන සෑම දෙයකින්ම සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. සෑම කෙනෙකු වෙනුවෙන්ම නිකුත් කරනු ලබන සකාතුල් ෆිත්ර් හි ප්‍රමාණය වනුයේ සාඃ එකකි. කෙසේ වෙතත්, එහි බර නවීන ප්‍රමිතීන්ට අනුව ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 3 බරයි.

සකාතුල් ෆිත්ර් අනිවාර්ය වන්නේ කාහටද?

සෑම මුස්ලිම්වරයෙකු වෙනුවෙන්ම සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. ඔහු පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ වේවා නිදහස් පුද්ගලයෙකු හෝ වහලෙකු හෝ වේවා කුඩා හෝ වැඩිහිටියෙකු හෝ වේවා යමෙකුට ඔහුගේ ආහාරයටත් ඔහුගෙන් යැපෙන අයගේ ආහාරයටත් අමතරව තමන් සතුව ඇත්නම් ඔහු සකාතුල් ෆිත්ර් නිකුත් කළ යුතු වෙයි. මව් කුස තුළ සිටින කලලය වෙනුවෙන් පවා zසකාත් නිකුත් කිරීම සතුටු දායකය. සෑම කෙනෙකු වෙනුවෙන්ම නිකුත් කරනු ලබන සකාතුල් ෆිත්ර් හි ප්‍රමාණය වනුයේ සාඃ එකකි. එය ආසන්න වශයෙන් කි.ග්‍රෑම් 3කට සමාන වෙයි.

සකාතුල් ෆිත්ර් අනිවාර්ය වීමට හේතුව

උපවාස කාලයේ දී සිදු වුනු අර්ථ ශූන්‍ය හා අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිස නබි (සල්) තුමාණන් එය අනිවාර්ය කළහ. (එනම් උපවාස කරුගේ දෝෂයෙන් හා අඩුපාඩුවලින් පිරිසිදු කිරීම සහ උපවාසයේ ආචාර ධර්මවල ඌනතාවය සම්පූර්ණ කිරීම පිණිසය).

හජ් අවුරුදු දිනය

එය මුස්ලිම්වරුන් සඳහා දෙවන අවුරුද්ද වේ. එය දුල් හිජ්ජා (ඉස්ලාම් දින දර්ශනයේ දොළොස්වන මාසය) මාසයේ දහවන දින පැමිණෙන අතර, එදින සමබන්ධයෙන් බොහෝ ගුණධර්ම ඇත. ඒවා අතරින්:

1.එය වසරේ හොඳම දිනවලින් එකකි

වසරේ හොඳම දින දුල්-හිජ්ජා මාසයේ මුල් දින දහයයි. ඒ බව ධර්ම දූතයාණන් මෙසේ පවසා ඇත: "මේ දින දහය තරම් දැහැමි ක්‍රියාවන් දෙවියන්ට ප්‍රිය වූ දින වෙනත් නැත. එවිට මිතුරන් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වීමත් යනුවෙන් විමසූහ. එවිට "තමන් සහ තම මුදල් සමඟ පිටව ගොස් කිසිවක් රැගෙන ආපසු නොඑන මිනිසෙක් හැර යැයි පැවසූහ." (බුහාරි 926/ මුස්ලිම් 757)

මහා හජ් දිනය එයයි.

කාබාව වටා සක්මන් කිරීම, සතෙකු කැප කිරීම සහ ජමරතුල්-අකබාට ගල් ගැසීම වැනි හජ්ජියෙහි ශ්‍රේෂ්ඨතම, වැදගත්ම සහ ගෞරවනීය ක්‍රියාවන් එහි ඇත.

හජ් අවුරුදු දින කළ යුත්තේ කුමක් ද?

නෝම්බි අවුරුද්දෙහි කළ යුතු සියල්ල මෙදින ද සිදු කළ යුතුයි. සකාතුල් ෆිතර් හැර. එය නෝම්බි අවුරද්ද සඳහා ආවේනික වූ සංකල්පයකි. මෙදිනට ආවේනික වූ සංකල්පය වන්නේ සුන්නාහ්වක් වශයෙන් උල්හියියා හෙවත් අල්ලාහ් වෙනුවෙන් සතෙකු කැප කිරීම යි.

උල්හියියා

හජ් අවුරුදු දින ඊද් සලාතයෙන් පසු සිට දුල්-හිජ්ජා මාසයේ දහතුන්වන දින හිරු බැස යන තෙක් දෙවිඳාණන් වෙනුවෙන් ඔටුවන්, එළදෙනුන් හෝ බැටළුවන් අතරින් යම් සතෙකු කැප කිරීම සඳහා උල්හියියා යනුවෙන් කියනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා හරිනු. (අල් කව්සර්:2) මෙම වැකියෙහි අවුරදු සලාතය සහ උල්හියියා කර්තව්‍ය පිළිබඳ සඳහන් වී ඇත යනුවෙන් විද්වතුන් අර්ථ දක්වා ඇත.

උල්හියියාවෙහි නීතිය

එය ලබා දීමට හැකි අයෙකු සඳහා එය සුන්නත් මුඅක්කදා ය. එය අනිවාර්ය නොවේ. තමන් වෙනුවෙන් සහ තම පවුලේ අය වෙනුවෙන් උල්හියියා කර්තව්‍ය සිදු කරයි.

උල්හියියා කර්තව්‍ය සිදු කිරීමට අපේක්ෂා කරන තැනැත්තාට දුල්හිජ්ජා මාසයේ පළමු දින සිට සත්වයා කැප කරන තෙක් හිසකෙස්, නියපොතු හෝ ශරීර රෝම කිසිවක් ඉවත් නොකර සිටීම නියම කෙරේ.

උල්හියායව සඳහා සූදානම් කෙරෙන සත්ත්වයා සපුරා තිබිය යුතු කොන්දේසි

ඒ සතා ගොවිපල සතෙකු විය යුතුය

ගොවිපල සතුන් වනාහි බැටළුවන්, එළදෙනුන් හෝ ඔටුවන් ය. වෙනත් සතුන් හෝ පක්ෂීන් මේ කර්තව්‍ය සඳහා වලංගු නොවේ. එක් මිනිසෙකුට සහ ඔහුගේ පවුලට බැටළුවෙකු හෝ එළුවෙකු ප්‍රමාණවත් වන අතර, හත්දෙනකුට එක් ගවයෙකුට හෝ එක් ඔටුවෙකුට කොටස් කරුවන් වීමට අවසර ඇත.

අවශ්‍ය වයසට පැමිණ සිටීම

අවශ්‍ය වයස: බැටළුවෙකු නම් මාස හයකි, එළුවෙකු නම් අවුරුද්දකි. එමෙන්ම එළදෙනකඅ අවුරුදු දෙකක් සහ ඔටුවෙකු අවුරුදු පහක් විය යුතුයි.

බාහිර දෝෂ වලින් සත්වයින් නීරෝගී ව සිටිය යුතුයි

නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සත්ව වර්ග හතරක් උල්හියියාව සඳහා වලංගු නොවේ: අන්‍ධ බව පැහැදිලි වූ , රෝගීබව පැහැදිලි වූ , පාද කොර වූ හා නැගී සිටීමට නොහැකි තරම් කෙට්ටු සත්ව වර්ගය වේ. (අන් නසාඊ: 4371/ අත් තිර්මිදි 1497)

උල්හියියා මාංශය කුමක් කළ යුතුද?

١
එයින් කිසිවක් විකිණීම තහනම් වන අතර වේතනයත් වශයෙන් සත්ටත්වයා කපා හරින පුද්ගලයාට එයින් කිසිවක් ලබා නොදේ.
٢
ඒ මාංශ තුනෙන් පංගුවකට බෙදීම: තුනෙන් එකක් අනුභව කිරීම, තුනෙන් එකක් තෑග්ගක් ලෙස දීම, ඉතිරි තුනෙන් කොටසක් දුප්පතුන්ට දානය කිරීම සුදුසුය.
٣
පුද්ගලයෙකුට එය වෙනත් කෙනෙකුට පැවරීමට සහ උල්හියාය කටයුත්ත සිදු කර ය අසරණ අයට බෙදා හරින විශ්වාසදායක පුණ්‍ය ආයතන වෙත එය ලබා දීමට එඅවසර ඇත.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.