දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ශීත සෘතුවෙහි බහුලව දක්නට ලැබෙන පොදු නීති

ශීත ඍතුවේ දී වඩාත් අවශ්‍ය වන පොදු නීති රීති තිබේ. මෙම පාඩම ඒවායින් කිහිපයක් සමාලෝචනය කරයි.

  • ශීත ඍතුවේ දී වඩාත් අවශ්‍ය වන පොදු  නීති රීති ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

නිදා ගැනීමේදී ගින්න නිවා දැමීම

ශීත සෘතුවෙහි බහුලව භාවිතා කරනු ලබන පහන් සහ යම් හෝ අයුරින් ගිනි ඇවිලීමට තුඩු දෙන විදුලු ගිනි උදුන් ද රාත්‍රියේ නිවා දැමීම අත්‍යාවශ්‍ය ය. අබූ මූසා අල් අෂ්අරී (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: මදීනාවේ වාසය කල පවුලක නිවස රාත්‍රියේ ගිනිබත් විය. ඔවුන් පිළිබඳ නබි (සල්) තුමාණන් අබියස කතාවට ලක් වුනි. එවිට නබි (සල්) තුමාණන් සැබැවින් ම මෙම ගින්න වනාහි ඔබේ සතුරෙකි. ඔබ නින්දට යන විට එය නිවා දමන්න යනුවෙන් ප්‍රකාශ කළහ. තවත් නබි වදනක: ඔබ නිදා ගන්නා අවස්ථාවේදී ගින්න නිවා නොදමා නොසිටින්න යනුවෙන් සටහන් වී ඇත.

සුළඟ හමන විට කළ යුත්තේ කුමක් ද?

උණුසුම්, සීතල, මඳ සුළඟ, සුළි කුණාටුව, උතුරින්, දකුණින්, වර්ෂාව ඇතිව සහ වරෂාව නොමැතිව හෝ වෙනත් අයුරින් සුළඟ හමන්නට සලස්වන අල්ලාහ්ගේ බලය මතක තබා ගත යුතුය. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: සුළං හැමීමෙහි ද අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත. (සූරා අල් බකරා:164)

-

-

එයට බැන වැදීමෙන් වැළකී සිටීම: ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්) තුමාණන් අබියස කෙනෙකු සුළඟට ශාප කරමින් සිටියේය. එවිට නබි (සල්) තුමාණන්: සුළඟට ශාප නොකරන්න. මන්ද එය නියෝගයට ලක් වූවකි. තවද සැබැවින්ම කවරෙකු යම් දෙයක් කෙරෙහි යුක්තියකින් තොරව ශාප කරන්නේද එම ශාපය ඔහු වෙතම නැවත හැරී එනු ඇත යනුවෙන් ඔහුට අවවාද කළහ. (මූලාශ්‍රය: තිර්මිදි) තවත් නබි වදනක: සුළඟට බැන නොවදින්න....) යනුවෙන් සඳහන් වී ඇත. අෂ් ෂාෆිඊ තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: කෙනෙකු සුළඟට බැන වැදීම අනවශ්‍යය. මන්ද එය අල්ලාහ්ගේ නිර්මාණයක් මෙන්ම අල්ලාහ්ට අවනත වන්නක් ය. එමෙන් ම අල්ලාහ්ගේ සේනාවන් අතුරින් එක් සේනාවකි. ඔහු අභිමත කළේ නම් එය ආශිර්වාදයක් ලෙස හෝ දඬුවමක් ලෙස හෝ පත් කරනු ඇත.

ගිගුරුම් හඬ ඇසුනු විට කළ යුතු දේ කුමක් ද?

අබ්දුල්ලාහ් බින් සුබයිර් (රළි) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්) තුමාණන් ගිගුරම් හඬ ඇසුනු සැනින් කතා කිරීම නවත් වා: ඔහු පිවිතුරු ය. ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. මෙම වදන් පෙළ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ: ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.(අර් රඅද් :13)

වර්ෂාව ඇති වීමේදී කළ යුත්තේ කුමක් ද?

වර්ෂාව ඇති වීමේදී කළ යුතු දැයින් මෙය ද එකකි: තම ශරීරයෙන් කොටසක් වර්ෂාවෙන් තෙමා ගැනීම පිණිස අනාවරණය කිරීම.

වර්ෂාව අදහැලෙන විට කළ යුතු දෙයින් දුආ (අයැදීම) ද එකකි. මෙය අයැදීම් පිළිගැනීමට සුදුසු වේලාවකි යනුවෙන් බොහෝ වාර්තා වල සඳහන් වී ඇත.

වර්ෂාව ඇති වන විට හා ඉන් පසු ව කළ යුතු ප්‍රාර්ථනා

සැබැවින්ම නබි (සල්) තුමාණන් වර්ෂාව දකී නම් (අල්ලාහුම්ම සය්යිබන් නාෆිඅන්) අහෝ අල්ලාහ්! මෙම වර්ෂාව ප්‍රයෝජනවත් ලෙස පහළ වන වර්ෂාවක් බවට පත් කරනු මැන යනුවෙන් ප්‍රාර්ථනා කරනු ඇත යනුවෙන් ආඉෂා (රළි) තුමිය වාර්තා කර ඇත. (බුහාරි)

-

රහ්මා (දයාව) යනුවෙන් වර්ෂාව ඇද හැලෙන විට පැවසීම නබි මඟකි. නබි (සල්) තුමාගේ භාර්යාව වන ආඉෂා (රළි) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: සුළඟ හමන හෝ වැසි වළාකුල ඇති වූ දිනක් වේ නම් යම් කලබලකාරී තත්ත්වයක් එතුමාගේ මුහුණෙහි දක්නට ලැබිනි. එහෙයින් ඉදිරියට හා පසුපසට කලබලෙන් ඇවිදෙනු ඇත. එදින වර්ෂාව ඇති වූයේ නම් එතුමාණන් සතුටට පත් වෙති. ඒ කලබලකාරී තත්ත්වය පහ වී යනු ඇත. තවද එතුමිය මෙසේ ප්‍රකාශ කළාය: මා එතුමාගෙන් ඒ පිළිබඳ විමසා සිටියෙමි. එවිට එතුමාණෝ: එය මාගේ සමූහයා වෙත පැවරුනු දඬුවමක් විය හැකැයි මා බියට පත් වූ හේතුවෙනි යැයි පැවසූහ. තවද එතුමාණන් වර්ෂාව දුටු විට රහ්මා (දයාව) යනුවෙන් පවසනු ඇත. (මූලාශ්‍රය: මුස්ලිම්)

වර්ෂාව ඇද හැලෙන විටත් ඉන් පසුවත් මුතිර්නා බිෆල් ලිල්ලාහි වබි රහ්මතිහී යනුවෙන් පැවසීම නබි මඟකි. එහි අර්ථ විවරණය: අල්ලාහ්ගේ දයාවෙන් සහ ඔහුගේ ඉමහත් භාවයෙන් අප වෙත වර්ෂාව ඇද හැළුණි; යන්නයි. සයිද් ඉබ්නු කාලිද් අල් ජුහනී (රළි) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හුදයිබියියා නමැති ස්ථානයෙහි අපත් සමඟ නබි (සල්) තුමාණන් අළුයම සලාතය ඉටු කළහ. එදින රාත්‍රියේ වර්ෂාවක් ඇද හැලෙමින් තිබිණි. සලාතය අවසන් කළ පසු නබි (සල්) තුමාණන් සිය මිතුරන් දෙස හැරී "ඔබේ දෙවියන් පැවසුවේ දෑ පිළිබඳ ඔබ සියල්ල දැනුවත් ද" යනුවෙන් විමසා සිටියේය. එවිට මිතුරන් "අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයාණන් ඒ පිළිබඳ මනා දැනුවත් ය" යනුවෙන් පැවසූහ. එවිට නබි (සල්) තුමාණන් අල්ලාහ් මෙසේ පවසා සිටියේය : එනම් මා කෙරෙහි විශ්වාස කරන්නෙකු ලෙස හා මා ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස මාගේ ගැත්තන් අතුරින් ඇතැමුන් උදය වරුව ලබා ඇත. කවරෙකු අල්ලාහ්ගේ දයාවෙන් සහ ඔහුගේ ඉමහත් භාවයෙන් අප වෙත වර්ෂාව ඇද හැළුණි යනුවෙන් පැවසුවේ ද ඔහු මා කෙරෙහි විශ්වාස කළ අයෙකු වේ. තවද ග්‍රහලෝක ප්‍රතික්ෂේප කරන්නෙකු වේ. එනමුත් කවරෙකු මේ ග්‍රහලෝකයෙහි පලයෙන් වර්ෂාව ඇද හැළුණි යනුවෙන් පැවසුවේ ද ඔහු මා ප්‍රතික්ෂේප කරන්නෙකු හා ග්‍රහලෝක පිළිබඳ විශ්වාස කළ අයෙකු වේ. (මූලාශ්‍රය: බුහාරි)

වර්ෂාව අධික වීම හේතුවෙන් භීතියට පත් වූයේ නම් කුමක් කළ යුතුද?

වර්ෂාව අධික වී එයින් යම් හානියක් සිදු වේ යැයි බියට පත් වූයේ නම් සිය දෑත් ඔසවා අල්ලාහ්ගෙන් අයැද සිටීම ප්‍රියජනක වේ. නබි වදන්හි සඳහන් ප්‍රාර්ථනා අතරින් මෙය ද එකකි: (අල්ලාහුම්ම හවාලයිනා වලා අලයිනා, අල්ලාහුම්ම අලල් ආකාමි වළ්ළිරාබි, වබුතූනිල් අව්දියති වමනාබිටිෂ් ෂජරි) අර්ථය: අහෝ අල්ලාහ්! අප මත නොව අප වට පිටාවට වර්ෂාව පහළ කරනු මැන. අහෝ අල්ලාහ්! කදු මුදුන්වලද දියදහරාවල ඇතුලතද පැළැටි වැඩෙන තැන්වලද වර්ෂාව පහළ කරනු මැන. (බුහාරී, 224 - මුස්ලිම්, 164)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.