වත්මන් කොටස: model:
පාඩම ශීත සෘතුවෙහි බහුලව දක්නට ලැබෙන පොදු නීති
පාඩම පිළිබඳ තොරතුරු
අරමුණු
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
ශීත සෘතුවෙහි බහුලව භාවිතා කරනු ලබන පහන් සහ යම් හෝ අයුරින් ගිනි ඇවිලීමට තුඩු දෙන විදුලු ගිනි උදුන් ද රාත්‍රියේ නිවා දැමීම අත්‍යාවශ්‍ය ය. අබූ මූසා අල් අෂ්අරී (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: මදීනාවේ වාසය කල පවුලක නිවස රාත්‍රියේ ගිනිබත් විය. ඔවුන් පිළිබඳ නබි (සල්) තුමාණන් අබියස කතාවට ලක් වුනි. එවිට නබි (සල්) තුමාණන් සැබැවින් ම මෙම ගින්න වනාහි ඔබේ සතුරෙකි. ඔබ නින්දට යන විට එය නිවා දමන්න යනුවෙන් ප්‍රකාශ කළහ. තවත් නබි වදනක: ඔබ නිදා ගන්නා අවස්ථාවේදී ගින්න නිවා නොදමා නොසිටින්න යනුවෙන් සටහන් වී ඇත.
උණුසුම්, සීතල, මඳ සුළඟ, සුළි කුණාටුව, උතුරින්, දකුණින්, වර්ෂාව ඇතිව සහ වරෂාව නොමැතිව හෝ වෙනත් අයුරින් සුළඟ හමන්නට සලස්වන අල්ලාහ්ගේ බලය මතක තබා ගත යුතුය. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: සුළං හැමීමෙහි ද අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත. (සූරා අල් බකරා:164)
අබ්දුල්ලාහ් බින් සුබයිර් (රළි) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්) තුමාණන් ගිගුරම් හඬ ඇසුනු සැනින් කතා කිරීම නවත් වා: ඔහු පිවිතුරු ය. ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. මෙම වදන් පෙළ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ: ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.(අර් රඅද් :13)
වර්ෂාව ඇති වීමේදී කළ යුතු දැයින් මෙය ද එකකි: තම ශරීරයෙන් කොටසක් වර්ෂාවෙන් තෙමා ගැනීම පිණිස අනාවරණය කිරීම.
වර්ෂාව අදහැලෙන විට කළ යුතු දෙයින් දුආ (අයැදීම) ද එකකි. මෙය අයැදීම් පිළිගැනීමට සුදුසු වේලාවකි යනුවෙන් බොහෝ වාර්තා වල සඳහන් වී ඇත.
වර්ෂාව ඇති වන විට හා ඉන් පසු ව කළ යුතු ප්‍රාර්ථනා
වර්ෂාව අධික වී එයින් යම් හානියක් සිදු වේ යැයි බියට පත් වූයේ නම් සිය දෑත් ඔසවා අල්ලාහ්ගෙන් අයැද සිටීම ප්‍රියජනක වේ. නබි වදන්හි සඳහන් ප්‍රාර්ථනා අතරින් මෙය ද එකකි: (අල්ලාහුම්ම හවාලයිනා වලා අලයිනා, අල්ලාහුම්ම අලල් ආකාමි වළ්ළිරාබි, වබුතූනිල් අව්දියති වමනාබිටිෂ් ෂජරි) අර්ථය: අහෝ අල්ලාහ්! අප මත නොව අප වට පිටාවට වර්ෂාව පහළ කරනු මැන. අහෝ අල්ලාහ්! කදු මුදුන්වලද දියදහරාවල ඇතුලතද පැළැටි වැඩෙන තැන්වලද වර්ෂාව පහළ කරනු මැන. (බුහාරී, 224 - මුස්ලිම්, 164)