වත්මන් කොටස: model:
පාඩම සංචාර මා පිරිසිදුකම
සංචාරයක දී මිනිසෙකුගේ බොහෝ තත්ත්වයන් වෙනස් වනු ඇත. ඔහු ගමෙහි රැඳී සිටියදී ඔහුට පහසුවෙන් ලබා ගැනීමට හැකි වූ බොහෝ දේවල් ගමනෙහි දී අහිමි වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත: "ගමන වේදනාවෙහි කොටසකි. එය කෙනෙකුගේ ආහාර පානය හා නින්ද වළක්වන්නේය. එබැවින් කවරෙකු තම අවශ්‍යතාවය අවසන් කළේද ඔහු කඩිනමින් තම පවුල වෙත නැවත පැමිණෙත්වා!" (මූලාශ්‍රය: බුහාරි 1804,3001,5429/මුස්ලිම් 1927) එසේම කවරෙකු සංචාරවල නිරත වන්නේ ද ඔහු කෙරෙහි පිරිසිදු කිරීම හා ඒ කරුණු සම්බන්ධ විධිවිධාන දැන ගැනීම අනිවාර්ය වේ. එම විධිවිධාන අතරින් ඊළඟට පැමිණෙන විධිවිධානය ද එකකි.
මාර්ගයක මිනිසුන් විවේක ගැනීම සඳහා වෙන් කර ඇති ස්ථානයක හෝ සෙවන ලබා ගැනීම පිණිස පැමිණෙන ගසක් යට හෝ වෙනත් ස්ථානයක ස්වාභාවික අවශ්‍යතාවය සපුරාලීම හා අපවිත්‍ර කිරීම තහනම් ය.
කාන්තාරයක් වැනි ස්ථානවල ස්වාභාවික අවශ්‍යතාවයක් සපුරාලීමේදී මුත්රාව තම ශරීරයේ හෝ තම වස්ත්‍රයේ නොගෑවෙන අයුරනි පවතින දියර අවශෝෂණය කර ගත හැකි ස්ථානයක් සොයා බැලීම යෝග්‍ය බව විද්වතුන් ප්‍රකාශ කර ඇත. රළු භූමි, සුළං හමන ස්ථාන වළක්වා ගත යුතුය.
අවශ්‍යතාවය සපුරාලීමේදී ආවරණය වීම
අබ්දුල්ලාහ් ඉබ්නු ජ:ෆර් (රළි) තුමාණන් වාර්තා කරන නබි වදනක මෙසේ සඳහන් වේ: මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ “ ස්වභාවික අවශ්‍යතාවය සපුරාලීමට වඩාත් කැමති ස්ථානය වූයේ මුදුනක් හෝ රටඉඳි වත්තකි” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම් 342). තවත් සමහර වාර්තාවන්හි මෙසේ පැමිණ ඇත“නබිතුමාණන් ස්වාභාවික අවශ්‍යතාවය සපුරාලන විට බිමට සමීප වන තුරු එතුමාගේ වස්ත්‍රය ඔසවන්නේ නැත” මන්ද එයින් ආවරණයක් සිදු වන බැවිනි.
තයම්මුම් යනු අත් දෙක පොළවේ ඇති පිරිසිදු වැලි මත තබා පසුව ඒ අත් දෙකින් මුහුණ පිරිමැදීම. පසුව වම අත්ලෙන් දකුණු අත්ල ද දකුණු අත්ලෙන් වම් අත්ලද පිරිමැදීම වේ.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීම: එනම් එය දෙපා සම්පූර්ණයෙන් ආවරණය කරන මේස් හෝ හමින් සාදන ලද පාවහන් පැළඳ සිටින අවස්ථාවක වේ. කෙනෙකු වුළු දෝවනය ඉටු කර සිය හිස ජලයෙන් පිරිමැද ඉන් අනතුරුව පාද සේදීමේ දී තමන් පැළඳ ගත් පාවහන් ගැලවීම අවශ්‍ය නොවේ. පාදයේ ඉහළ කොටසින් පාවහන් මත පිරිමදී.