වත්මන් කොටස: model:
පාඩම සංචාර මා පිරිසිදුකම
සංචාරයක දී මිනිසෙකුගේ බොහෝ තත්ත්වයන් වෙනස් වනු ඇත. ඔහු ගමෙහි රැඳී සිටියදී ඔහුට පහසුවෙන් ලබා ගැනීමට හැකි වූ බොහෝ දේවල් ගමනෙහි දී අහිමි වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත: "ගමන වේදනාවෙහි කොටසකි. එය කෙනෙකුගේ ආහාර පානය හා නින්ද වළක්වන්නේය. එබැවින් කවරෙකු තම අවශ්‍යතාවය අවසන් කළේද ඔහු කඩිනමින් තම පවුල වෙත නැවත පැමිණෙත්වා!" (මූලාශ්‍රය: බුහාරි 1804,3001,5429/මුස්ලිම් 1927) එසේම කවරෙකු සංචාරවල නිරත වන්නේ ද ඔහු කෙරෙහි පිරිසිදු කිරීම හා ඒ කරුණු සම්බන්ධ විධිවිධාන දැන ගැනීම අනිවාර්ය වේ. එම විධිවිධාන අතරින් ඊළඟට පැමිණෙන විධිවිධානය ද එකකි.
මාර්ගයක මිනිසුන් විවේක ගැනීම සඳහා වෙන් කර ඇති ස්ථානයක හෝ සෙවන ලබා ගැනීම පිණිස පැමිණෙන ගසක් යට හෝ වෙනත් ස්ථානයක ස්වාභාවික අවශ්‍යතාවය සපුරාලීම හා අපවිත්‍ර කිරීම තහනම් ය.
කාන්තාරයක් වැනි ස්ථානවල ස්වාභාවික අවශ්‍යතාවයක් සපුරාලීමේදී මුත්රාව තම ශරීරයේ හෝ තම වස්ත්‍රයේ නොගෑවෙන අයුරනි පවතින දියර අවශෝෂණය කර ගත හැකි ස්ථානයක් සොයා බැලීම යෝග්‍ය බව විද්වතුන් ප්‍රකාශ කර ඇත. රළු භූමි, සුළං හමන ස්ථාන වළක්වා ගත යුතුය.
අවශ්‍යතාවය සපුරාලීමේදී ආවරණය වීම
අල්-මුගීරා බින් ෂුඋබා (රළි) තුමාගේ හදීසයට අනුව කෙනෙකුගේ අවශ්‍යතාවය සපුරාලීමේදී බාධකයකින් හෝ ජනතාවගෙන් ඈත්ව යාමෙන් ආවරණය වීම අනිවාර්ය වේ. එම හදීසයේ මෙසේ සඳහන් වේ: මම ගමනක නබිතුමා සමඟ සිටියෙමි; එවිට එතුමාණන් “මුගීරා! කුඩා වතුර භාජනයක් ගෙන එන්න" යනුවෙන් පැවසූහ. මා එය ගෙනවිත් ලබා දුනිමි. පසුව එතුමාණන් මගෙන් සැඟවී ගොස් අවශ්‍යතාවය ඉටු කළහ.(මූලාශ්‍රය: මුස්ලිම්) තවත් හදීසයක “එතුමාට ස්වභාවික අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය නම් එතුමා ඈත් වී යනු ඇත.”
අබ්දුල්ලාහ් ඉබ්නු ජ:ෆර් (රළි) තුමාණන් වාර්තා කරන නබි වදනක මෙසේ සඳහන් වේ: මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ “ ස්වභාවික අවශ්‍යතාවය සපුරාලීමට වඩාත් කැමති ස්ථානය වූයේ මුදුනක් හෝ රටඉඳි වත්තකි” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම් 342). තවත් සමහර වාර්තාවන්හි මෙසේ පැමිණ ඇත“නබිතුමාණන් ස්වාභාවික අවශ්‍යතාවය සපුරාලන විට බිමට සමීප වන තුරු එතුමාගේ වස්ත්‍රය ඔසවන්නේ නැත” මන්ද එයින් ආවරණයක් සිදු වන බැවිනි.
තයම්මුම් යනු අත් දෙක පොළවේ ඇති පිරිසිදු වැලි මත තබා පසුව ඒ අත් දෙකින් මුහුණ පිරිමැදීම. පසුව වම අත්ලෙන් දකුණු අත්ල ද දකුණු අත්ලෙන් වම් අත්ලද පිරිමැදීම වේ.
ගමෙහි රැඳී සිටීමේ දී ඇති වන අවශ්‍යතාවයට වඩා ගමනක නිරත වීමේ දී තයම්මුම් කිරීමට සිදු වනු ඇත. මන්ද ජලය සම්පූර්ණයෙන් නැතිවීම හෝ ජලය පානය කිරීමේ අවශ්‍යතාවයත් සමඟ එය ස්වල්ප ප්‍රමාණයක් පමණක් තිබීම වැනි තයම්මුම් කිරීමට අවසර ලැබෙන හේතු ගමනක බහුලව තිබේ.
ඒ හා සමානව, අධික සීතල හෝ රෝගී තත්ත්වය වැනි වුළු දෝවනය ඉටු කිරීමට අතිශය දුෂ්කරතාවක් ඇති වූ අවස්ථාවක තයම්මුම් කිරීමට අවසර දී ඇත. සීතල යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට අසනීප හෝ දැඩි දුෂ්කරතා ඇති වේ යැයි සිතෙන ඔහුට අපහසු වන අයුරින් පවතින සීතල තත්ත්වයයි. සුපුරුදු සාමාන්‍ය සීතල තත්ත්වය ගත් කල එය නියම හේතුවක් නොවේ.
තමන් සතුව ජලය නොමැති විට එය ගෙන ඒමට තමන් අසල තිබෙන ස්ථාන වල ජලය නොමැති නම් හෝ ජලය සීතල නම් එය රත් කිරීමට නොහැකි නම් හෝ මෙම තයම්මුම් ක්‍රමය අනුමතය.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීම: එනම් එය දෙපා සම්පූර්ණයෙන් ආවරණය කරන මේස් හෝ හමින් සාදන ලද පාවහන් පැළඳ සිටින අවස්ථාවක වේ. කෙනෙකු වුළු දෝවනය ඉටු කර සිය හිස ජලයෙන් පිරිමැද ඉන් අනතුරුව පාද සේදීමේ දී තමන් පැළඳ ගත් පාවහන් ගැලවීම අවශ්‍ය නොවේ. පාදයේ ඉහළ කොටසින් පාවහන් මත පිරිමදී.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීම වලංගු වීම සඳහා වූ කොන්දේසි වනාහි ඒ දෙක පිරිසිදුව තිබීම, ඒ දෙක පාදය ආවරණය කරන අයුරින් පැවතීම, දෙපාද සේදීමට ලක් වූ සම්පූර්ණ වුළු දෝවනයකට පසුව ඒ දෙක පැළඳීම යන්නයි. එය අඛණ්ඩව පළඳින්නේ නම් ගමෙහි රැඳී සිටින්නාට එක් රැයක් හා දවාලක් මෙන්ම මගියෙකු සඳහා සම්පූර්ණ දින තුනක් ඒ දෙක මත පිරිමැදිය හැක.
සමින් සාදන ලද පාවහන් මත පිරිමැදීමට අනුමත කාලය අවසන් වූ පසු වුළු දෝවනය ඉටු කිරීමට අපේක්ෂා කළේ නම් හෝ මහා කිලිට්ටෙන් ඉවත් වීම පිණිස හෝ වෙනත් කාරණාවන් නිසා ස්නානය කිරීමට සිදු වූයේ නම් හෝ පරිපූර්ණ පිරිසිදු කිරීමකින් පසුව ඒ යුවල පැළඳ නොගත්තේ නම් ඒ පාවහන් යුවල ඉවත් කිරීම අනිවාර්ය වේ.