දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අල්ලාහ්ගේ දූතයාණන් පිළිබඳ අවබෝධය

අල්ලාහ් දෙවිඳුන් දේවදූත මුහම්මද් තුමාණන් ව යැව්වේ සියලු ජාතීන්ට සහ සියලු මානව වර්ගයාට ය. මෙම පාඩමෙන් මුහම්මද් නබිතුමා පිළිබඳ කෙටියෙන් දැන ගනිමු.

  • මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය කෙටියෙන් දැන ගැනීම.
  • මුහම්මද් නබිතුමාගේ මහඟුභාවය පිළිබඳ කෙටියෙන් දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අපගේ නබි (සල්) තුමාණන්ගේ නාමය

හාෂිම්ගේ පුත් අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් ය. එතුමාණෝ කුරයිෂ් නම් ගෝත්‍රයට අයත් වෙති. එතුමාණන් අරාබිවරු අතුරින් විශිෂ්ඨතම පෙළපතින් එන අයෙකි. ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා.

මුළු මානව සමාජය වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයාණෝ

අල්ලාහ් විසින් අපගේ මුහම්මද් නබිතුමා සියලු වර්ගවල සහ ජාතිවල සියලු ම මිනිසුන් අරඹයා යැවූ අතර ඔහුට කීකරු වීම සියලු මිනිසුන් හට අනිවාර්ය කළේ ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ ජනයිනි ! සැබැවින් ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි." (අල්අ:රාෆ්: 158)

එතුමා වෙත අල්කුර්ආනය පහළ වූණි

අල්ලාහ්ගේ ග්‍රන්ථයන් අතුරින් ඉතා විශිෂ්ඨ ග්‍රන්ථය වන ශුද්ධ වූ අල්කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් වෙත ඔහු පහළ කළේ ය. එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත.

වක්තෘවරුන්ගේ හා පණිවිඩකරුවන්ගේ අවසානයා

අල්ලාහ් විසින් මුහම්මද් (සල්) තුමා වක්තෘවරුන්ගේ මුද්‍රාවක් ලෙස එවන ලදී. කිසිම වක්තෘවරයෙකු එතුමාට පසු නො පැමිණේ.

එතුමාගේ උපත

පියාණන් අහිමි අනාතයකු ලෙස ක්‍රි.ව. 571 දී මක්කාවේ එතුමාණෝ උපත ලැබූහ. කුඩා කල ම සිය මව ද එතුමාට අහිමි විය. එබැවින් එතුමා හැදී වැඩුණේ එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ රැකවරණය යටතේ ය. ඔහුට පසු එතුමාගේ මාමා වන අබූ තාලිබ්ගේ රැකවරණය යටතේ හැදී වැඩුණේ ය. ඔහු විසින් එතුමණන් හට ආරක්ෂාව හා රැකවරණය සලසා දෙන ලදී.

එතුමාගේ දිවිපෙවෙත හා උත්පත්ති කථාව

ධර්ම දූතත්වය ලැබීමට පෙර (ක්‍රි.ව 571-611) එතුමා අවුරුදු හතළිහක් තම කුරෙයිෂ් ගෝත්‍රය සමඟ ම වාසය කළේ ය. එම කාලනකවානුව තුළ එතුමාණෝ සදාචාරයට පරම ආදර්ශයක් වූ අතර විශිෂ්ටත්වයට ආදර්ශයක් වූහ. කුරෙයිෂ් ගෝත්‍රය අතර එතුමා පිළිබඳ ප්‍රසිද්ධ ව පැවතුනේ: එතුමා අල්-සාදික් (සත්‍යවන්ත) අල්-අමීන් (විශ්වාසවන්ත) අයෙකු බවයි., එතුමාණන් එ‍ඬේර වෘත්තියේ නිරත වූ අතර පසුව වෙළඳාමෙහි නිරත විය. ඉස්ලාම් ආගමනයට පෙර සිට ම ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්)ගේ ආගමට අනුව දෙවියන් වන්දනාමාන කර, රූප වන්දනාව සහ මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වූහ.

එතුමාගේ දූතත්ත්වය ලැබීම.

අල්ලාහ්ගේ දූතයාණන් සිය ජීවිතයේ අවුරුදු හතළිහක් සම්පූර්ණ කළායින් පසු, නූර් කන්දෙහි හිරා ගුහාවේ වරක් දෙවියන් මෙනෙහි කරමින් හා නමස්කාර කිරීමෙන් සිටි අවස්ථාවෙහි, දිව්‍යමය එළිදරව්ව එතුමාට පළමු වරට දෙවියන්ගෙන් ලැබුණි. එතෙන් සිට අල්-කුර්ආනය එතුමා හට පහළ වීමට ආරම්භ වුණි. අල්-කුර්ආනයෙන් එතුමාහට පහළ වූ පළමු වාක්‍යය නම් සර්වබලධාරි දෙවියන්ගේ මෙම වාක්‍ය පෙළයි: "ඔබ ව නිර්මාණය කළ ස්වාමීන්ගේ නාමයෙන් කියවන්න" (අල් අලක්:1); මෙම අර්ථයෙන් යුතුව පළමු වාක්‍ය පෙළ පහළ වීමට හේතුසාධක වූයේ මෙම මෙහෙයුම ආරම්භයේ සිට ම මිනිසුන්ට දැනුම, කියවීම, ආලෝකය සහ මග පෙන්වීම පිළිබඳ වූ නව යුගයක ප්‍රාරම්භය බව මානව සමාජයට නිවේදනය කිරීම සඳහායි. පසුව වසර විසිතුනක් පුරා අල් කුර්ආනයේ වැකි එතුමාණන් හට පහළ වෙමින් තිබිණි.

එතුමාගේ ඇරයුමෙහි ප්‍රාරම්භය

නබිතුමාණන් විසින් වසර තුනක් තිස්සේ සමාජය රහසිගතව අල්ලාහ්ගේ ආගම වෙත අමතමින් සිටි අතර, පසුව ඔහු එම ඇමතුම ප්‍රසිද්ධියේ සිදු කිරීමට ආරම්භ කළහ. ඒ අයුරින් වසර දහයක් එම ඇරයුම දියත් කළහ. එම කාළවකවානුව තුළ එතුමා සහ එතුමාගේ මිතුරන් හට තම ගෝත්‍රය වන කුරෙයිෂ්වරුන් විසින් දරුණුතම හිංසා පීඩා සහ නොයෙකුත් අමානුෂීය ක්‍රියා පිළිවෙත් දියත් කරන ලදී. එබැවින් එතුමාණණෝ හජ් ඉටු කිරීමට පැමිණෙන ගෝත්‍රිකයින්ට ඉස්ලාම් ධර්මය ඉදිරිපත් කළහ. ඉන් ප්‍රතිඵලයක් වශයෙන් මදීනා වැසියෝ ඉස්ලාම් ධර්මය පිළිගත්හ‍. තව ද කෙමෙන් කෙමෙන් මුස්ලිම්වරු මදීනා ව වෙත සංක්‍රමණය කිරීම ට ආරම්භ කළහ.

එතුමාගේ සංක්‍රමණය

එතුමාගේ ඇරයුමට විරුද්ධ වූ කුරෙයිෂ් පාළකයින් හා නායකයින් එතුමා ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කිරීම හේතුවෙන් එතුමාණෝ ක්‍රි.ව. 622 දී මදීනා වෙත සංක්‍රමණය වූූහ. එවිට එතුමාට වයස අවුරුදු පනස් තුනකි. එතුමා එහි ඉස්ලාමය දේශනා කරමින් යාච්ඥාව, අනිවාර්ය දුගී බද්ධ සහ ඉස්ලාමයේ සෙසු නීති ක්‍රියාත්මක කරමින් අවුරුදු දහයක් ජීවත් වූහ.

එතුමාගේ ධර්ම ප්‍රචාරය

අල්ලාහ්ගේ දූතායාණන් සංක්‍රමණයෙන් පසු (ක්‍රි.ව. 622-632) මදීනාවෙහි ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ බීජ පිහිටුවා මුස්ලිම් ප්‍රජාවට වැදගත් සන්ධිස්ථාන ඇති කළේ ය. ඔහු ගෝත්‍රික වාදය අවලංගු කර දැමුවේ ය. තවද දැනුම ව්‍යාප්ත කළේ ය. එසේම යුක්තිය, අඛණ්ඩතාව, සහෝදරත්වය, සහයෝගීතාව සහ පිළිවෙල පිළිබඳ මූලධර්ම ස්ථාපිත කළේ ය. සමහර ගෝත්‍රිකයින් ඉස්ලාමය මෙලොවෙන් තුරන් කිරීමට උත්සාහ කළ හේතුවෙන්, යුද්ධ හා ඇතැම් සිදුවීම් ගණනාවක් සිදු විය. ඒ සියළු අවස්ථාවන්වලදී අල්ලාහ් ඔහුගේ ආගම සහ ඔහුගේ දූතයාණන් හට ජයග්‍රහණය ලබා දුන් අතර, ඉන් අනතුරුව මහ ජනයා විසින් අඛණ්ඩව ඉස්ලාමයට ඇතුළු වන ලදී. මෙම ශ්‍රේෂ්ඨ ආගම පිළිබඳ අවබෝධයෙන් හා ස්වකැමැත්තෙන් මක්කාව සහ අරාබි අර්ධද්වීපයේ බොහෝ නගරවාසීන් සහ ගෝත්‍රිකයින් ඉස්ලාමයට ඇතුළු වූයේ ඒ අනුවයි.

එතුමාගේ වියෝව.

අල්ලාහ්ගේ දූත මුහම්මද් නබිතුමාණන් තම පණිවිඩය ජනයාට නිවේදනය කර තමන් හට පැවරුණු වගකීම බෙහෙවින් අවසන් කළ පසුබිමක හා ආගම සම්පූර්ණ කිරීමෙන් ජනතාවගේ ආශිර්වාදය දෙවියන් සම්පූර්ණ කළායින් පසු නබිතුමාණන් හිජ්රි වර්ෂ 11 සෆර් මස දී, දරුණු උණ රෝගයෙන් පෙළෙන්නට විය. එයත් සමඟ තුමාණෝ රබී අල් අව්වල් 11 වන දින සඳුදා (ක්‍රි.ව 6/8/632) මෙලොවින් සමු ගත්හ. එවිට එතුමාගේ වයස අවුරුදු හැට තුනකි. එතුමාගේ උතුම් දේහය තැන්පත් කරනු ලැබුවේ එතුමාගේ පල්ලියට යාබද ව පිහිටි ආඉෂාතුමියගේ නිවසේ ය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.