වත්මන් කොටස: model:
පාඩම අල්ලාහ්ගේ දූතයාණන් පිළිබඳ අවබෝධය
අපගේ නබි (සල්) තුමාණන්ගේ නාමය
අල්ලාහ් විසින් අපගේ මුහම්මද් නබිතුමා සියලු වර්ගවල සහ ජාතිවල සියලු ම මිනිසුන් අරඹයා යැවූ අතර ඔහුට කීකරු වීම සියලු මිනිසුන් හට අනිවාර්ය කළේ ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ ජනයිනි ! සැබැවින් ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි." (අල්අ:රාෆ්: 158)
අල්ලාහ්ගේ ග්‍රන්ථයන් අතුරින් ඉතා විශිෂ්ඨ ග්‍රන්ථය වන ශුද්ධ වූ අල්කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් වෙත ඔහු පහළ කළේ ය. එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත.
අල්ලාහ් විසින් මුහම්මද් (සල්) තුමා වක්තෘවරුන්ගේ මුද්‍රාවක් ලෙස එවන ලදී. කිසිම වක්තෘවරයෙකු එතුමාට පසු නො පැමිණේ.
එතුමාගේ උපත
ධර්ම දූතත්වය ලැබීමට පෙර (ක්‍රි.ව 571-611) එතුමා අවුරුදු හතළිහක් තම කුරෙයිෂ් ගෝත්‍රය සමඟ ම වාසය කළේ ය. එම කාලනකවානුව තුළ එතුමාණෝ සදාචාරයට පරම ආදර්ශයක් වූ අතර විශිෂ්ටත්වයට ආදර්ශයක් වූහ. කුරෙයිෂ් ගෝත්‍රය අතර එතුමා පිළිබඳ ප්‍රසිද්ධ ව පැවතුනේ: එතුමා අල්-සාදික් (සත්‍යවන්ත) අල්-අමීන් (විශ්වාසවන්ත) අයෙකු බවයි., එතුමාණන් එඬේර වෘත්තියේ නිරත වූ අතර පසුව වෙළඳාමෙහි නිරත විය. ඉස්ලාම් ආගමනයට පෙර සිට ම ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්)ගේ ආගමට අනුව දෙවියන් වන්දනාමාන කර, රූප වන්දනාව සහ මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් සිය ජීවිතයේ අවුරුදු හතළිහක් සම්පූර්ණ කළායින් පසු, නූර් කන්දෙහි හිරා ගුහාවේ වරක් දෙවියන් මෙනෙහි කරමින් හා නමස්කාර කිරීමෙන් සිටි අවස්ථාවෙහි, දිව්‍යමය එළිදරව්ව එතුමාට පළමු වරට දෙවියන්ගෙන් ලැබුණි. එතෙන් සිට අල්-කුර්ආනය එතුමා හට පහළ වීමට ආරම්භ වුණි. අල්-කුර්ආනයෙන් එතුමාහට පහළ වූ පළමු වාක්‍යය නම් සර්වබලධාරි දෙවියන්ගේ මෙම වාක්‍ය පෙළයි: "ඔබ ව නිර්මාණය කළ ස්වාමීන්ගේ නාමයෙන් කියවන්න" (අල් අලක්:1); මෙම අර්ථයෙන් යුතුව පළමු වාක්‍ය පෙළ පහළ වීමට හේතුසාධක වූයේ මෙම මෙහෙයුම ආරම්භයේ සිට ම මිනිසුන්ට දැනුම, කියවීම, ආලෝකය සහ මග පෙන්වීම පිළිබඳ වූ නව යුගයක ප්‍රාරම්භය බව මානව සමාජයට නිවේදනය කිරීම සඳහායි. පසුව වසර විසිතුනක් පුරා අල් කුර්ආනයේ වැකි එතුමාණන් හට පහළ වෙමින් තිබිණි.
එතුමාගේ ඇරයුමෙහි ප්‍රාරම්භය
එතුමාගේ සංක්‍රමණය
අල්ලාහ්ගේ දූතායාණන් සංක්‍රමණයෙන් පසු (ක්‍රි.ව. 622-632) මදීනාවෙහි ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ බීජ පිහිටුවා මුස්ලිම් ප්‍රජාවට වැදගත් සන්ධිස්ථාන ඇති කළේ ය. ඔහු ගෝත්‍රික වාදය අවලංගු කර දැමුවේ ය. තවද දැනුම ව්‍යාප්ත කළේ ය. එසේම යුක්තිය, අඛණ්ඩතාව, සහෝදරත්වය, සහයෝගීතාව සහ පිළිවෙල පිළිබඳ මූලධර්ම ස්ථාපිත කළේ ය. සමහර ගෝත්‍රිකයින් ඉස්ලාමය මෙලොවෙන් තුරන් කිරීමට උත්සාහ කළ හේතුවෙන්, යුද්ධ හා ඇතැම් සිදුවීම් ගණනාවක් සිදු විය. ඒ සියළු අවස්ථාවන්වලදී අල්ලාහ් ඔහුගේ ආගම සහ ඔහුගේ දූතයාණන් හට ජයග්‍රහණය ලබා දුන් අතර, ඉන් අනතුරුව මහ ජනයා විසින් අඛණ්ඩව ඉස්ලාමයට ඇතුළු වන ලදී. මෙම ශ්‍රේෂ්ඨ ආගම පිළිබඳ අවබෝධයෙන් හා ස්වකැමැත්තෙන් මක්කාව සහ අරාබි අර්ධද්වීපයේ බොහෝ නගරවාසීන් සහ ගෝත්‍රිකයින් ඉස්ලාමයට ඇතුළු වූයේ ඒ අනුවයි.
අල්ලාහ්ගේ දූත මුහම්මද් නබිතුමාණන් තම පණිවිඩය ජනයාට නිවේදනය කර තමන් හට පැවරුණු වගකීම බෙහෙවින් අවසන් කළ පසුබිමක හා ආගම සම්පූර්ණ කිරීමෙන් ජනතාවගේ ආශිර්වාදය දෙවියන් සම්පූර්ණ කළායින් පසු නබිතුමාණන් හිජ්රි වර්ෂ 11 සෆර් මස දී, දරුණු උණ රෝගයෙන් පෙළෙන්නට විය. එයත් සමඟ තුමාණෝ රබී අල් අව්වල් 11 වන දින සඳුදා (ක්‍රි.ව 6/8/632) මෙලොවින් සමු ගත්හ. එවිට එතුමාගේ වයස අවුරුදු හැට තුනකි. එතුමාගේ උතුම් දේහය තැන්පත් කරනු ලැබුවේ එතුමාගේ පල්ලියට යාබද ව පිහිටි ආඉෂාතුමියගේ නිවසේ ය.