වත්මන් කොටස: model:
පාඩම අල්ලාහ්ගේ පැවත්ම පිළිබඳ විශ්වාසය.
උත්තරීතර වූ අල්ලාහ් පිළිබඳ විශ්වාසයේ අර්ථය
එහි අර්ථය අල්ලාහ්ගේ පැවත්ම ස්ථිර ලෙස තහවුරු කිරීම සහ ඔහුගේ පරමාධිපත්‍යය, දේවත්වය හා ඔහුගේ නාමයන් මෙන් ම ගුණාංග පිළිගැනීම වේ.
සුජුද් නම් හිස පොළෝ මත තබා නැමදුම් කිරීම උත්තරීතර අල්ලාහ්ට අවනත වීමේ විශාලතම ප්‍රකාශනයයි.
සර්වබලධාරි අල්ලාහ්ගේ පැවැත්ම පිළිගැනීම මිනිසා තුළ වූ සහජ කාරණයක් වන අතර ඒ පිළිබඳ සාක්ෂි සාධක සොයා තීරණ ගැනීමට තරම් අසීරු කරුණක් නො වේ. ආගම් හා නිකායන් වෙනස් වුව ද බොහෝ මිනිසුන් දෙවියකුගේ පැවැත්ම පිළිගන්නේ මේ හේතුව නිසා ය.
ගැඹුරු මනෝ භාවයයෙන් ඔහු පවතින බව අපට දැනෙන අතර, සමහර අයවලුන් විසින් එය මකා දැමීමට හා නො සලකා හැරීමට උත්සාහ කළ ද අපගේ විශ්වාසනීය සහජ බුද්ධිය සහ දෙවියන් වහන්සේ සෑම පුද්ගලයෙකුගේ ම ආත්මය තුළ ස්ථාපනය කර ඇති ආගම්වාදයේ සහජ බුද්ධිය තුළින් යම් තාඩනපීඩන හා කරදරකාරී අවස්ථාවන්වල ඔහු වෙත අපි නැඹුරු වෙන්නෙමු.
ඇරයුම් කරන්නන්ගේ ඇරයුම් පිළිගැනීම, අසන්නන්ට ලබා දීම සහ පීඩාවට පත්වූවන්ට පිහිට වීම යනාදී ඇතැම් සිදුවීම් අප දැක හා අසා ඇත්තෙමු. ඒ හරහා අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ නිශ්චිත ඇඟවීමක් පෙන්නුම් කරනු ඇත.
අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි ප්‍රකාශ කිරීමට හා සීමා කිරීමට වඩා ඉතා පැහැදිලි ය. එයින් එක් කරුණක් වනාහි:
යම් සිදුවීමක් ගත් කළ එය සිදුකරන්නෙකු සිටිය යුතු බව සෑම මිනිසෙකුම දන්නා කරුණකි. අප සෑම විටම දකින මෙම බොහෝ මැවීම් ඒවා බිහිකළ නිර්මාණකරුවෙකු සිටිය යුතුව ඇත. එය උත්තරීතර වූ අල්ලාහ් ය. මන්ද යම් නිර්මාණයක් එය නිර්මාණය කළ නිර්මාපකයකු නොමැතිව පැවතීම සිදු විය නොහැකි කරුණකි. එමෙන් ම තමා විසින් ම තමාව ද නිර්මාණය කළ නොහැකි ය. මන්ද යම් වස්තුවක් ගත් කළ එය එය ම නිර්මාණය විය නොහැකි ය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?" (අත් තූර් : 35) මෙම වැකියෙහි අර්ථ විවරණය වනාහි: ඔවුන් නිර්මාපකයකු නොමැති ව නිර්මාණය නො වුනු බව හා තමා විසින් තමාව ද ඔවුන් නිර්මාණය නො කළ බවත් ය. එසේනම් ඔවුන්ගේ නිර්මාපකයා උත්තරීතර අල්ලාහ් විය යුතුයි.
මෙම විශ්වය එහි අහස, පෘථිවිය, තාරකා සහ ගස් සමඟ පෙළගැස්වීම මෙම විශ්වයට එක් මැවුම්කරුවෙකු සිටින බවට නියත ඇඟවීමකි, ඔහු සුවිශුද්ධ වූ උත්තරීතර වූ අල්ලාහ් ය. ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ: "එය සෑම දෙයකට ම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි." (අන් නම්ල්: 88)
නිදසුනක් ලෙස ගත් කළ මෙම ග්‍රහලෝක සහ තාරකා බාධා නො වන ස්ථාවර පද්ධතියක් මත ගමන් කරන අතර සෑම ග්‍රහලෝකයක් ම අනෙක් ග්‍රහයා ඉක්මවා නො යන කක්ෂයක ගමන් කරයි. සර්වබලධාරියාණන් මෙසේ පවසයි: "සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති." (යාසීන්: 40)
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.