වත්මන් කොටස: model:
පාඩම මිථ්‍යා විශ්වාස හා ඇදහිලි
අරාබිවරු හා ලොව අනෙකුත් මිනිස් සමාජ ඇතුළු සියල්ලෝ ම මිථ්‍යා ප්‍රබන්ධ, මිථ්‍යා විශ්වාස හා මනඃකල්පිත දෑ විශ්වාස කරමින් ඒවාට වහල්වූවන් සේ සිටියහ. කිසිදු සමාජයක් ඒවායින් ආරක්ෂා වී දුරස් ව නො සිටියේ ය. කෙතරම් දුරට ද යත්, ඉස්ලාමයේ ආරම්භ අවධියේ දී අරාබිවරු උතුම් අල් කුර්ආනය පවා, හුදෙක් මිථ්‍යා ප්‍රබන්ධයක් හා මනඃකල්පිතයක් යැයි සිතන තරමට පත් ව සිටියහ.
පසුව, උතුම් ඉස්ලාම් දහමේ පැමිණීමත් සමඟ මිථ්‍යා විශ්වාස, මිථ්‍යා ප්‍රබන්ධ හා මනඃකල්පිතවල ගිලී සිටි එම උදවිය, ඉස්ලාමීය ඉගැන්වීම්, නීති රීති, මූලිකාංග හා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව පමණක් විශ්වාස කිරීමට යොමු කිරීම යනාදී කරුණු මඟින් ඒවායෙහි ආධිපත්‍යයෙන් මිදී මනා බුද්ධියකින්, පිවිතුරු මනසකින් හා ආත්මයකින් යුතු මිනිසුන් ලෙස පත් වූහ. එවැනි ඉස්ලාමීය ඉගැන්වීම්, නීති රීති හා මූලිකාංගවලින් කිහිපයක් පහත දැක් වේ.
යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් හා හූනියම් යනාදිය තහනම් කිරීම.
එමෙන් ම හූනියම්කරුවන් හා ශාස්ත්‍රකරුවන් වෙත යෑම, ඔවුන්ගෙන් යමක් විමසීම හෝ උදව් උපකාර පැතීම යනාදිය ඉස්ලාමය තහනම් කොට ඇත. එසේ කටයුතු කරන උදවිය, දේව දූත මුහම්මද්තුමාණන් හට පහළ කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ උදවිය බවට පත් වෙති. මන්ද, කෙනෙකුට යහපතක් කිරීමට හෝ අයහපතක් ඇති වීමෙන් වැළැක්වීමට බලය ඇත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අතෙහි පමණි. තවද, උන්වහන්සේට හැර වෙන කිසිවෙකුට ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත. මේ පිළිබඳ දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ පවසා ඇත. “කවරෙක් ශාස්ත්‍රකරුවෙකු වෙත ගොස් ඔහුගෙන් යමක් විමසා, ඔහු ව විශ්වාස කරන්නේ ද, නියත වශයෙන් ම ඔහු මුහම්මද් හට පහළ කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ අයෙක් වේ.” (මූලාශ්‍රය: අල්හාකිම් - 15)
යහපතක් කිරීම හෝ අයහපතක් ඇති වීමෙන් වැළැක්වීමේ ශක්තිය ඇත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අතෙහි පමණි.
කවරෙකු එම මැවීම්හි ඉමහත් බව හා සූක්ෂ්ම බව දෙස අවධානය යොමු කරන්නේ ද ඒවායෙහි මැවුම්කරු, සියල්ල පරිපාලනය කරන මහා ශක්තිවන්ත පරමාධිපති අල්ලාහ් බවත්, සියලු ම ආකාරයේ නැමදුම් කටයුතු හා වත්පිළිවෙත් උන්වහන්සේ හැර අන් කිසිවෙකුටත් සිදු නො කළ යුතු බවත් ඔහු අවබෝධ කරගනී. උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හැර අන් සියල්ල උන්වහන්සේගේ මැවීම් ය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “රාත්‍රිය ද, දහවල ද, සූර්යයා ද, චන්ද්‍රයා ද, (උත්තරීතර අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ හඟවන) උන්වහන්සේගේ සාධක අතුරින් ඇති ඒවා ය. එබැවින්, සැබැවින් ම ඔබලා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව පමණක් නමදින්නන් වශයෙන් සිටින්නේ නම්, සූර්යයාට හෝ චන්ද්‍රයාට සුජූද් (නමස්කාර) නො කරනු. ඒ සියල්ල මැවූ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට පමණක් සුජූද් කරනු.” (සූරා ෆුස්සිලත් - 37)
ගුප්ත දෑ මෙන් ම අනාගතය හා සම්බන්ධ දෑ ද උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හැර අන් කිසිවෙක් නො දනී.
එපමණක් නො ව, මැව්ම් අතුරින් උසස් ම හා ශ්‍රේෂඨතම මැවීම වන දේව දූත මුහම්මද්තුමාණන් හට පවා, (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අවසරයකින් තොර ව) තමාට යහපතක් කරගැනීමට හෝ තමන් ව අයහපතකින් වළක්වා ගැනීමට හෝ හැකියාවක් නො තිබුණි. එමෙන් ම, ගුප්ත දෑ මෙන් ම අනාගතය හා සම්බන්ධ දෑ පිළිබඳ ද එතුමාණන්ට දැනුමක් නො තිබුණි. එසේ තිබිය දී, එතුමාණන්ට වඩා තරාතිරමෙන් හා ශ්‍රේෂඨත්වයෙන් අඩු උදවියට, එවැනි දෑ පිළිබඳ දැනුමක් තිබිය හැක්කේ කෙසේ ද? “ 'අල්ලාහ්ගේ අභිමතයෙන් තොර ව, මා හට යහපතක් කරගැනීමට හෝ අයහපතකින් මා වළක්වා ගැනීමට හෝ හැකියාවක් මා හට නොමැත. ගුප්ත දෑ පිළිබඳ මා දන්නේ නම් අධික වශයෙන් යහපත් දෑ ඉටු කරගන්නට තිබුණි. එමෙන් ම, කිසිදු අයහපතක් මා හට ඇති නො වන්නට ද තිබුණි. (නමුත්) මා අවවාද කරන්නෙකු හා ශුභාරංචි පවසන්නෙකු මිස අන් කිසිවෙක් නො වේ’ යැයි (නබිතුමනි) ඔබ පවසන්න.” (සූරා අල් අඃරාෆ් - 188)
නිමිති බැලීම හා නැකැත් බැලීම යනාදිය තහනම් කිරීම
නිමිති බැලීමට නිදසුනක් ලෙස, කෙනෙකු ගමනක් යන විට හෝ යෑමට පෙර යම් නිශ්චිත පක්ෂියෙකු නෙත ගැටීම හෝ එම පක්ෂියාගේ හඬ කන වැකීම අශුභ නිමිත්තක් ලෙස සැලකීම දැක්විය හැකි ය. දේව දූත මුහම්මද්තුමාණන් එය ෂිර්ක් (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට ආදේශ තැබීමක්) ලෙස සඳහන් කොට ඇත. එතුමාණන් මෙසේ පවසා ඇත. “නිමිති බැලීම ෂිර්ක් කටයුත්තක් වේ.” (මූලාශය: අබූ දාවූද් - 3912, ඉබ්නු මාජා - 3538) මන්දයත්, ගුප්ත දෑ පිළිබඳ දැනුම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොමැති බවත්, මුළු මහත් විශ්වයේ ම සියලු කටයුතු පරිපාලනය කරන්නා හා සැලසුම් කරන්නා උන්වහන්සේ බවත් යනුවෙන් මුස්ලිම්වරයෙකු සතු ස්ථීර ඊමානය හෙවත් විශ්වාසයට එය සම්පූර්ණයෙන් ම පටහැනි ය. මෙනිසා හුදෙක් යම් පක්ෂියෙකු හෝ සත්ත්වයෙකු නෙත ගැටීම හා ඌගේ ශබ්දය කන වැකීම පමණක් මුල් කොටගෙන එය අශුභ නිමිත්තක් ලෙස සැලකීම ඉස්ලාමය තහනම් කරයි.
අනෙක් අතට, ඉස්ලාම් ශුභවාදීව, ශුභවාදී වචන තෝරා ගැනීම, යහපත්කම අපේක්ෂා කිරීම, අල්ලාහ් පිළිබඳ යහපත් මතය ඇති කිරීම සඳහා නියෝග කරයි. නබිතුමාණෝ මෙලෙස ප්‍රකාශ කළහ: "මම හොඳ පෙර නිමිත්තකට කැමතියි: හොඳ වචනයක්, කරුණාවන්ත වචනයක්" (බුහාරි: 5776, මුස්ලිම්: 2224).