දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

රෝග වැලැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපායන්

පාඩම රෝග වැලැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපායන්

පාඩම පිළිබඳ තොරතුරු

ආධ්‍යාත්මික හා භෞතික රෝග වලින් ආරක්ෂාව සපයන ඖෂධීය හා රෝග වැලැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපායන්

අරමුණු

  • රෝග වැලැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපායන් ගැන දැන ගැනීම.

ප

රෝග වැළැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපාය

රෝග සහ වසංගත ගැන ජනතාව අතර භීතිය වැඩි වීමත් සමඟ; මුස්ලිම්වරයා භෞතික හේතූ සාධක පිළිපදින අතරම ආගමානුකූල රෝග වැළැක්වීමේ හේතු සාධක මඟින් ද ආරක්ෂා වේ.

අල්ලාහ් වෙත නැඹුරු වීම

අර්බුද හා විපත් අවස්ථාවලදී ඇදහිලිවන්තයා ශක්තිමත් කරන පළමු, වැදගත්ම හා ශ්‍රේෂ්ඨතම දෙය; සර්වබලධාරි දෙවියන් වෙත නැඹුරු වීම සහ ස්ථීර ව සිට නපුරෙන් මිදීම සඳහා ඔහුගේ ආරක්ෂාව පැතීමයි.

අධික ලෙස (දුආ) ප්‍රාර්ථනාවෙහි නියැලීම

තවද පීඩා ඉවත් කර කරදර ඉවත් කරන මෙන් දෙවියන්ගෙන් ඔහුට යටහත් වී බැගෑපත් ව හා ඔහු වෙත වූ අවශ්‍යතාව හඟවමින් ඇරයුම් කිරීම. කන්නලව් කිරීම මුස්ලිම්වරයාගේ බලකොටුව සහ ඔහුගේ ආයුධයයි. එමෙන් ම යම් හෝ කරදරයක් සිදු වේ නම් එය අල්ලාහ්ගේ පෙර නියමයන් අනුව ම සිදු වේ. එම පෙර නියමය නැවත හරවා යැවීමට හැකි වන්නේ (දුආ) ප්‍රාර්ථනාවෙන් පමණි.

උතුම් අල් කුර්ආනයට අනුගත වීම

ඒ හරහා සුවය ඉල්ලා සිටීම. සියලු ආධ්‍යාත්මික හා භෞතික රෝග සඳහා එය ඖෂධයකි (දේව විශ්වාසවන්තයින්ට දයාව හා සුවය ඇති දෑ අපි අල්කුර්ආනයෙන් පහළ කරන්නෙමු.)

විශ්වාසය, නිසැකකම සහ අවංකභාවය සමඟ සුවය ලැබීමේ ප්‍රවනතාවන් වැඩි වේ. ඒ පිළිබඳ උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සහනයකි"

පස්වේල් සලාතය නොකඩවා ඉටු කිරීම

විශේෂයෙන් (අළුයම්) සුබහ් සලාතය. ඒ පිළිබඳ නබි (සල්) තුමාණන් මෙසේ පවසා ඇත: "කවරෙකු සුබහ් සලාතය ඉටු කළේ ද ඔහු අල්ලාහ්ගේ ආරක්ෂාවෙහි ය"

පීඩනයකට ලක් වූ අයෙකු දුටු විට (දුආ) ප්‍රාර්ථනා කිරීම

යම් පීඩනයකට ලක් වූ අයෙකු හෝ රෝගියෙකු දුටු විට (දුආ) ප්‍රාර්ථනා කිරීම ඉතා වැදගත් ආරක්ෂිත ක්‍රමෝපායන් අතරිනි. නබි වදනෙහි මෙසේ සඳහන් වේ: රෝගියෙකු දුටු විට "අල්හම්දු ලිල්ලාහිල් ලදී ආෆානී මිම් මබ්ලාක බිහි, වෆළ්ළලනී අලා කසීරිම් මිම්මන් කලක තෆ්ලීලා" යනුවෙන් පවසයි ද එම රෝගය ඔහුට නොවැළඳේ.

උදේ සවස කිව යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ සුරක්ෂිත වීම

නෙකඩවා සර්වබලධාරි අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් මේ ලෞකික ‍ජීවිතයේ යහපත් රාශියක් හිමි වන අතර ම පරලොවදී ඉමහත් වේතන හිමි වේ. උදේ සවස කිව යුතු ප්‍රාර්ථනාවන් මුස්ලිම්වරයෙකු විසින් දිනපතා සැලකිලිමත් ව පාරායනා කළ යුතු වැදගත්ම ප්‍රාර්ථනාවන් වේ. එහි ප්‍රතිලාභ තුළ: හදවත් විවරණය, සන්සුන් භාවය, සර්වබලධාරි දෙවියන්ගේ සමාගාමීත්වය සහ උත්තරීතර ස්ථානයේ ඒ දාසයා ගැන අල්ලාහ්ගේ මෙනෙහි කිරීම යනාදිය ඇතුලත් ය.

නිදා ගැනීමට පෙර ආයතුල් කුර්සී පාරායනා කිරීම

නබි වදනෙහි මෙසේ සඳහන් වේ: ඔබ නිදි යහනට පැමිණි පසු (අල්ලාහු ලාඉලාහ ඉල්ලා හුවල් හයියුල් කයියූම් යනුවෙන් ආරම්භ වන) ආයතුල් කුර්සිය එහි අවසානය දක්වා පාරායනා කරන්න. එසේ පාරායනා කිරීම මඟින් ඔබ උදය ලබන තෙක් අල්ලාහ්ගෙන් වූ මුරකරුවෙකු ඔබ සමඟ සිටිනු ඇති අතර ෂෙයිතාන් ඔබ වෙත සමීප නොවනු ඇත. (මූලාශ්‍රය: බුහාරි)

අල් බකරා පරිච්ඡේදයෙහි අවසාන වාක්‍ය දෙක

අබූ මස්ඌද් (රළි) තුමාණන් මෙසේ වාර්තා කරයි: "කවරෙකු එක් රාත්‍රියක අල් බකරා පරිච්ඡේදයෙහි අවසන් වාක්‍ය දෙක පාරායනා කරයි ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ" යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

අධික ලෙස අල්ලාහ් ව සුවිශුද්ධ කිරීම හා සමාව අයැද සිටීම:

එය නොකඩවා කරන පුද්ගලයාගෙන් අල්ලාහ් සියළුම ආකාරයේ නපුර හා පීඩාව ඉවතලනු ඇත. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: නුඹ ඔවුන් අතර සිටිය දී ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.

පරීක්ෂණය ආරම්භ කරන්න.