වත්මන් කොටස: model:
පාඩම පොලිය
පොලිය මඟින් මානවයාට සහ මානව සමාජයට මහා විනාශයක් සහ ව්‍යසනයක් සිදු වන නිසා ඉස්ලාමීය නීතියේ ප්‍රධාන තහනම් කරුණු තුළ පොලිය ද ඇතුළුත් කිරීම සර්ව බලධාරී දෙවියන්ගේ ප්‍රඥාව පිළිඹිබු කරයි. අපට පෙර සිටි සමූහයා ට ද එය තහනම් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් අවහිර කළ බැවිනි. තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු." (සූරා අන් නිසා: 160-161)
පොලිය පිළිබඳ දැඩි තර්ජනාත්මක ප්‍රකාශය එහි වූ බරපතලකම පෙන්නුම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු." (සුරා අල් බකරා: 278-279) උත්තරීතර අල්ලාහ් පොලිය වළක්වා එය තහනම් කර ඇත. ඉන් ඈත් නොවී සිටින්නාට තමන් සමඟ යුද්ධයට පැමිණෙන ලෙස තර්ජනය කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එහි තහනම හා ඒ පිළිබඳ වූ දැඩි තර්ජනය තවදුරටත් තහවුරු කළහ. ඒ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: පොලිය අනුභව කරන්නා, අන් අයට පොලිය අනුභව කරවන්නා, එය ලියන්නා හා එයට සාක්ෂිකරුවන් වශයෙන් සිටින්නන් යන සියලු දෙනාට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ශාප කළහ. තවද" ඔවුන් සියල්ලෝ ම එක සමාන ය" යනුවෙන් ප්‍රකාශ කළහ. (මුස්ලිම් 1598)
පොලිය යන්නෙහි නිර් වචනය
(රිබා) පොලියෙහි නිර්වචනය
පොලී වර් ග
වැඩි වීම නිසා ඇති වන පොලිය
ප්‍රමාද වීම නිසා ඇති වන පොලිය
පොලියේ නීතිය
පොලිය තහනම් කිරීමට හේතුව
2- යම් දෙයක් තොරව ඉපැයීම වැලැක්වීම: ඉස්ලාමය දෙපාර් ශවයෙහි ම අවශ්‍යතා සාක්ෂාත් කර ගන්නා ආකාරයෙන් මූල්‍ය ගනුදෙනු නියාමනය කරයි. මූල්‍ය ගනුදෙනුවක් සිදු කරන දෙපාර් ශවය ම යමක් ලබා දී ඒ වෙනුවට ආපසු යමක් ලබා ගනී. මෙය පොලී ගනුදෙනුවක දී දැක ගත නොහැකි වේ.
3- සැබැවින් ම පොලී ගනුදෙනුව මිනිසුන් අතර යහපත් දේ ඇති වීම කපා හරියි: මෙය ඔවුන් අතර ප්‍රසාදය සහ කරුණාව පතුරුවා හැරීමේ ඉස්ලාමයේ අරමුණට පටහැනිය.
4- සූරාකෑම වැලැක්වීම: සාමාන්‍යයෙන් ණය දෙන්නා ණය ගැනුම්කරුගේ අවශ්‍යතාවයෙන් ගසාකයි; ඒ හේතුවෙන් ඔහු පොලියට ණය දෙයි.
5- අයුක්තිය වැලැක්වීම: පොලිය මඟින් එක් පාර් ශවයකට අසාධාරණයක් සිදු වේ. දෙවිඳාණෝ සියලු ආකාරයේ අයුක්තිය තහනම් කර ඇත.
පොලියේ ඇති හානි
1- සදාචාරාත්මක හා අධ්‍යාත්මික හානි
පොලිය යනු සමාජයන් කැබලි වලට කඩා වෙන් කර විනාශ කරන සාධකයකි. එවැනි ගනුදෙනු තුළ, ශක්තිමත් අය විසින් දුර්වලයන් සුරාකනු ලැබේ. කිසිවෙකු යම් හේතුවක් මත මිස අන් අයට උදව් නොකරයි.