දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම වදීඅහ්

මෙම පාඩමෙන් අපි ඉස්ලාමීය නිතී කලාව තුළ වදීඅහ් පිළිබඳ සංකල්පය සහ එහා සබැඳි නිතී රීති පිළිබඳ අවබෝධය ලබා ගනිමු.

  • වදීඅහ් සංකල්පය හා එහි ප්‍රතිලාබ පිළිබඳ අධ්‍යනය
  • වදීඅහ් වටා ගොඩනැගුනු ආගමික නිතී රීති පිළිබඳ අවබෝධය

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

වදීඅහ් පිළිබඳ සංකල්පය

වදීඅහ් යනු: දීමනාවකින් තොරව තවත් පුද්ගලයෙකු සන්තකයේ තබන මුදල හෝ භාණ්ඩය වේ. නිදසුනක් ලෙස පුද්ගලයෙකු ඔරලෝසුවක්, මෝටර් රථයක් හෝ මුදල් තවත් පුද්ගලයෙකු සන්තකයේ තැබීම.

වදීඅහ් නීතිය

වදීඅහ් යනු වලංගු සහ අවසර ලත් ගිවිසුමකි. ගිවිසුම් කරුවන් දෙදෙනාගෙන් ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක ගිවිසුම අවසන් කළ හැකි ය. තැන්පතුව එහි හිමිකරුවා ඉල්ලා සිටින විට එය ලබාදීම අනිවාර්ය වේ. තවද මූදඃ (තැන්පතුව සන්තකයේ තබා ගන්නා) හිමිකරුවට බාරදෙන අවස්තාවේ හිමිකරුට එය බාර ගැනීම අනිවාර්ය වේ. මෙය යහපතට හා බියබතිමත්භාභාවයටපකාර කරන ක්‍රියාවකි.

වදීඅහ් නීත්‍යානුකූල කිරීමේ හේතුව.

එක්කෝ සුදුසු ස්ථානයක් නොමැති වීම නිසා හෝ හැකියාව නොමැති නිසා පුද්ගලයෙකුට තම මුදල් ඉතිරි කර ගත නොහැකි තත්වයන් ඇති විය හැකය. නොහැකියාව, අසනීප තත්වයන් සහ බිය හේතුවෙන් වෙනත් කෙනෙකුට ඔහුගේ මුදල් ඔහු වෙනුවෙන් තබා ගැනීමට ලබාදීමට හැකියාව ඇත.

වදීයහ් ව අල්ලාහ් වලංගු කිරීමට හේතු වනුයේ: එක් අතකින් තැන්පතුව ආරක්ෂා කිරීමට සහ මූදඃ (තැන්පතුව සන්තකයේ තබා ගන්නා) හට එතුළින් කුසලක් හිමිකර ගැනීම සඳහා ය. මෙය ජනතාවට පහසුකම් සපයන අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.

වදීයහ් නීත්‍යනුකූලය, එහි නීත්‍යානුකූලභාවය සඳහා පදනම වන්නේ අල් කුර්ආනය, සුන්නාහ්ව , ඒකමතික තීරණ සහ සංසන්දනාත්මක තීරණ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි : " පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි." (අන් නිසා : 58)

දේව දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රකාශ කළ බවට අබූ හුරයිරාහ් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි: "තැන්පතුව ඔබ ළඟ තැන්පත් කළ තැනැත්තාට ගෙවන්න, ඔබට වංචා කළ පුද්ගලයාට වංචා නො කරන්න." (අබූ දාවුද් 3535)

වදීඅහ් ව භාර ගැනීමේ නීතිය

තමාට වදීඅහ් ව සුරැකීමට හැකි බව දන්නා අය, එය භාර ගැනීම සතුටු දායකය. මන්දයත්, යහපතට හා දේව බිය බක්තිය සඳහා එහි සයෝගයක් පවතින බැවිණි, එසේ ම එය සුරැකීම තුළින් මහත්වූ ආනිසංස ප්‍රමාණයක් අත්කරගත හැකි ය.

වදීඅහ් වේ මූලිකාංග

١
අල් මූදිඃ : ඔහු වදීඅහ් වේ (දීමනාවකින් තොරව තවත් පුද්ගලයෙකු සන්තකයේ තබන මුදල හෝ භාණ්ඩයේ) හිමිකරුවය.
٢
අල් මුස්තව්දඃ : ඔහු වදීඅහ් ව (දීමනාවකින් තොරව තබන මුදල හෝ භාණ්ඩය) සුරකින්නා වේ.
٣
අල් වදීඅහ් : එය තැන්පත් කළ දෙය යි.
٤
අස් සීගා : එය දෙපාර්ශවයේම පිරිනැමීම සහ පිළිගැනීමයි.

වදීඅහ් ව සුරකින්නා (මුස්තව්දඃ) එයට වගකිවයුතු අවස්ථා

١
වදීඅහ් ව සුරැකීමේ නොසැලකිලිමත්කම.
٢
මූදිඃගේ අනුමැතියෙන් තොරව සහ නිදහසට කරුණක් නොමැතිව වදීඅහ් ව තවත් කෙනෙකු සන්තකයේ තැබීම.
٣
වදීඅහ් ව පරිහරණය කිරීම හෝ වියදම් කිරීම.

වදීඅහ් ව පැවරුමේ (ආමානහ්) සිට වගකීමක් ලෙස පෙරළෙන අවස්ථා.

١
එය තවත් දෙයක් සමග වෙන්කළ නොහැකි ලෙස මිශ්‍ර වීම.
٢
වදීඅහ් ව සුරැකීමේ ඉකඟතාවෙන් බැහැරව ක්‍රියා කිරීම.
٣
එහි හිර්zස් අල් මිස්ල් තොරව ප්‍රවාහණය කිරීම. හිර්zස් අල් මිස්ල් යනු: වදීඅහ් භාණ්ඩ සොරකම් කිරීම අපහසු කිරීම සඳහා එයට ලබාදිය යුතු සුදුසු ආරක්ෂාව.

මුස්තව්දඃ සන්තකයේ ඔහු සීමාව ඉක්මවා යෑමකින් හෝ සිතාමතා හානි කිරීමකින් තොරව වදීඅහ් වට හානියක් සිදුවුව හොත් ඔහු ඒ සඳහා වගකිවයුතු නොවේ. ඔහුට එය හිර්zස් අල් මිස්ල් අනුව ආරක්ෂා කිරීම අනිවාර්ය වේ. මූදිඃ මුස්තව්දඃට එය පරිහරණය කිරීමට අනුමැතිය ලබාදුන්නේ නම් එය වගකිවයුතු ණයක් බවට පත්වේ.

බියක් තිබේ නම් සහ මුස්තව්දඃට ගමන් කිරීමට අවශ්‍ය නම්, ඔහු තැන්පතුව එහි හිමිකරුට හෝ ඔහුගේ නියෝජිතයාට නැවත ලබා දිය අනිවාර්ය වේ. එසේ කිරීමට නොහැකි වුවහොත් යුක්තිසහගත විනිශ්චය කරුවෙකු සිටිනම් ඔහුට බාර දිය යුතුය. එසේද කිරීමට නොහැකි වුවහොත් විශ්වාසනීය පුද්ගලයෙකු වෙත එය එහි හිමි කරු වෙත ලබා දීම සඳහා පැවරිය යුතුය.

කවුරුන් හෝ පුද්ගලයෙකු ළඟ වදීයහ් වක් ලෙස මුදල් තැන්පත් කර ඇති අතර, එය ඔහුගේ සුරක්‍ෂිතභාවයෙන් ඉවත් කළහොත් හෝ එය හඳුනා ගත නොහැකි දෙයකට මිශ්‍ර කර මුළු දේම නැති වී හෝ විනාශ වුවහොත් ඔහු වගකිව යුතුය.

මුස්තව්දඃ විශ්වාසනීය වන අතර, ඔහු උල්ලංඝනය කර හෝ නොසැලකිලිමත් වීමකින් තොරව වගකිවයුතු නොවේ. එසේ ම, වදීයහ් ව නැවත බාර දීමේ දී පැහැදිලිව ම මුස්තව්දඃ සිතාමතා එයට හානි කලබවට සාධක නොපවතී නම් මිස මුස්තව්දඃගේ ප්‍රකාශය ඔහුගේ දිවුරුම සමඟ පිළිගනු ලැබේ.

වදීයහ් ආපසු ලබාදීමේ නීතිය

වදීයහ් ව මුස්තව්දඃට පැවරුමකි (අමානහ්). එහි හිමිකරු එය ඉල්ලා සිටින විට එය නැවත බාර දීම අනිවාර්ය වේ. නිදහසට කරුණක් නොමැතිව එහි හිමිකරුගේ ඉල්ලීමෙන් පසු ඔහු එය ආපසු නොදුන්නේ නම්, එය වගකීමට හානි කරයි. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි."

වදීයහ් ව එක් අයෙකුට වඩා වැඩි නම්, ඔවුන්ගෙන් එක් අයෙක් මනින ලද, කිරන ලද හෝ අංකනය කරන ලද දේවලින් තමාගේ කොටස ඉල්ලන්නේ නම්, එය වෙනකොට ඔහුට දෙනු ලැබේ.

වදීයහ් ගිවිසුම අවසන් වන අවස්ථා.

١
වදීයහ් ව ඉල්ලා සිටීම හෝ ආපසු ලබා දීම.
٢
විකිණීමෙන් හෝ තෑග්ගක් මගින් වදීයහ් වේ අයිතිය වෙනත් පාර්ශවයකට පැවරීම.
٣
මූදිඃගේ හෝ මුස්තව්දඃගේ සුදුසුකම නැති වී යෑම.
٤
මූදිඃගේ හෝ මුස්තව්දඃගේ මරණය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.