වත්මන් කොටස: model:
පාඩම වදීඅහ්
වදීඅහ් යනු: දීමනාවකින් තොරව තවත් පුද්ගලයෙකු සන්තකයේ තබන මුදල හෝ භාණ්ඩය වේ. නිදසුනක් ලෙස පුද්ගලයෙකු ඔරලෝසුවක්, මෝටර් රථයක් හෝ මුදල් තවත් පුද්ගලයෙකු සන්තකයේ තැබීම.
වදීඅහ් නීතිය
වදීඅහ් නීත්‍යානුකූල කිරීමේ හේතුව.
වදීයහ් ව අල්ලාහ් වලංගු කිරීමට හේතු වනුයේ: එක් අතකින් තැන්පතුව ආරක්ෂා කිරීමට සහ මූදඃ (තැන්පතුව සන්තකයේ තබා ගන්නා) හට එතුළින් කුසලක් හිමිකර ගැනීම සඳහා ය. මෙය ජනතාවට පහසුකම් සපයන අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.
වදීයහ් නීත්‍යනුකූලය, එහි නීත්‍යානුකූලභාවය සඳහා පදනම වන්නේ අල් කුර්ආනය, සුන්නාහ්ව , ඒකමතික තීරණ සහ සංසන්දනාත්මක තීරණ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි : " පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි." (අන් නිසා : 58)
දේව දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රකාශ කළ බවට අබූ හුරයිරාහ් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි: "තැන්පතුව ඔබ ළඟ තැන්පත් කළ තැනැත්තාට ගෙවන්න, ඔබට වංචා කළ පුද්ගලයාට වංචා නො කරන්න." (අබූ දාවුද් 3535)
වදීඅහ් ව භාර ගැනීමේ නීතිය
වදීඅහ් වේ මූලිකාංග
වදීඅහ් ව සුරකින්නා (මුස්තව්දඃ) එයට වගකිවයුතු අවස්ථා
වදීඅහ් ව පැවරුමේ (ආමානහ්) සිට වගකීමක් ලෙස පෙරළෙන අවස්ථා.
මුස්තව්දඃ සන්තකයේ ඔහු සීමාව ඉක්මවා යෑමකින් හෝ සිතාමතා හානි කිරීමකින් තොරව වදීඅහ් වට හානියක් සිදුවුව හොත් ඔහු ඒ සඳහා වගකිවයුතු නොවේ. ඔහුට එය හිර්zස් අල් මිස්ල් අනුව ආරක්ෂා කිරීම අනිවාර්ය වේ. මූදිඃ මුස්තව්දඃට එය පරිහරණය කිරීමට අනුමැතිය ලබාදුන්නේ නම් එය වගකිවයුතු ණයක් බවට පත්වේ.
බියක් තිබේ නම් සහ මුස්තව්දඃට ගමන් කිරීමට අවශ්‍ය නම්, ඔහු තැන්පතුව එහි හිමිකරුට හෝ ඔහුගේ නියෝජිතයාට නැවත ලබා දිය අනිවාර්ය වේ. එසේ කිරීමට නොහැකි වුවහොත් යුක්තිසහගත විනිශ්චය කරුවෙකු සිටිනම් ඔහුට බාර දිය යුතුය. එසේද කිරීමට නොහැකි වුවහොත් විශ්වාසනීය පුද්ගලයෙකු වෙත එය එහි හිමි කරු වෙත ලබා දීම සඳහා පැවරිය යුතුය.
කවුරුන් හෝ පුද්ගලයෙකු ළඟ වදීයහ් වක් ලෙස මුදල් තැන්පත් කර ඇති අතර, එය ඔහුගේ සුරක්‍ෂිතභාවයෙන් ඉවත් කළහොත් හෝ එය හඳුනා ගත නොහැකි දෙයකට මිශ්‍ර කර මුළු දේම නැති වී හෝ විනාශ වුවහොත් ඔහු වගකිව යුතුය.
මුස්තව්දඃ විශ්වාසනීය වන අතර, ඔහු උල්ලංඝනය කර හෝ නොසැලකිලිමත් වීමකින් තොරව වගකිවයුතු නොවේ. එසේ ම, වදීයහ් ව නැවත බාර දීමේ දී පැහැදිලිව ම මුස්තව්දඃ සිතාමතා එයට හානි කලබවට සාධක නොපවතී නම් මිස මුස්තව්දඃගේ ප්‍රකාශය ඔහුගේ දිවුරුම සමඟ පිළිගනු ලැබේ.
වදීයහ් ආපසු ලබාදීමේ නීතිය
වදීයහ් ව එක් අයෙකුට වඩා වැඩි නම්, ඔවුන්ගෙන් එක් අයෙක් මනින ලද, කිරන ලද හෝ අංකනය කරන ලද දේවලින් තමාගේ කොටස ඉල්ලන්නේ නම්, එය වෙනකොට ඔහුට දෙනු ලැබේ.