දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අල් වක්ෆ්

මෙම පාඩමෙන් අපි වක්ෆ් සංකල්පය සහ ඉස්ලාමීය නීති සම්පාදනයේ ඒ හා සම්බන්ධ නීතිරීති ගැන ඉගෙන ගනිමු.

  • වක්ෆ් සංකල්පය සහ එහි නීති සම්පාදනයේ ප්‍රඥාව ගැන ඉගෙන ගැනීම.
  • වක්ෆ්වලට අදාළ නීතිරීති ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අල්ලාහ් ආර්ථික ශක්තිය ප්‍රසාරණය කළ ඇතැම් ධනවතුන් ඔවුන්ගේ සම්පත්වලින් කොටසක් එහි මූල බීජය ආරක්ෂා කරමින් එහි ප්‍රයෝජන ව්‍යාප්ත වන පරිදි වක්ෆයක් ලෙස යහපත සඳහා වියදම් කිරීමට ප්‍රිය කරයි. එමගින් ඔවුන්ට ජීවත්වෙමින් සිටිනවිට සහ මරණින් මතුවට ද, කුසල් හිමිවෙමින් පවතී. වක්ෆ් මගින් අසරණයින් සඳහා විශාල සේවයක් අත් වේ.

වක්ෆ් සංකල්පය

වක්ෆ් යනු: මූලික සම්පත භාරයේ තබාගෙන අල්ලාහ්ගෙන් කුසල් බලපොරෝතුවෙන් එහි ප්‍රතිලාබ ලබාදීමයි.

වක්ෆ් නීතිය

වක්ෆ් සතුටුදායක දෙයකි. එය උතුම් ම දානයන් ගෙන් එකකි. තවද එය උතුම්, යහපත්, ක්‍රියාවකි. එසේ ම එය වඩාත් ප්‍රතිලාබී සහ ප්‍රයෝජනවත් ක්‍රියාවකි. මන්දයත් එය මරණින් පසුව ද අඛණ්ඩව පවතින ක්‍රියාවන්ගෙන් එකකි.

වක්ෆ්හි ප්‍රඥාව

දහමට, මෙලොවට සහ පරලොවට වක්ෆ් මගින් ඇති දායාද සලකා අල්ලාහ් එය නීතිගත කළේය. ගැත්තා අල්ලාහ්ගේ තෘප්තිය සොයමින් තම මුදල් පරිත්‍යාග කිරීමෙන් ඔහුගේ කුසලේ බලය වැඩිකර ගනී. තවද එහි ප්‍රතිලාබ මරණින් මතුවට ද නොනැවතී ඇදී යයි. මව්කූෆ් අලයිහි එම සම්පතෙන් ප්‍රතිලාබ ලබා ගනී. තවද වක්ෆය දායාද කළ පුද්ගලයාට ප්‍රාර්ථනා කරයි. එනිසා සමාජය තුළ සංහිඳියාවට වැඩි වේ.

එය හොඳ ම දානයන් ගෙන් එකකි. මක්නිසාද යත් එය යහපත සහ ධර්මිෂ්ඨකම අරමුණු කරගත් තිරසාර ස්ථිර දානයක් වන බැවිනි.

උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය." (ආල ඉම්රාන් : 92)

ඉබ්නු උමර් තුමා (ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි. "උමර්ට කයිබාර් හි ඉඩමක් ලැබුණු විට, ඔහු නබි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!) තුමාණන් වෙත පැමිණ, "මට කිසිදා නොලැබුණු ඉඩමක් මට ලැබී ඇත. එසේනම් ඔබ ඒ සම්බන්ධයෙන් මට උපදෙස් දෙන්නේ කුමක් ද?" “ඔබ කැමති නම් එහි මුල් හිමිකම තබා ගෙන එය පරිත්‍යාග කරන්න” යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසූහ. එබැවින්, උමර් තුමා ඉඩමේ අයිතිය නො විකිනෙන, තෑග්ගක් ලෙස ලබා නො දෙන සහ පසු උරුමයක් ලෙස ලබා නො දීය හැකි පරිදි තම නමින් එම ඉඩම පරිත්‍යාග කළේය. (තවද එහි අස්වැන්න) දුප්පතුන්, ඥාති හිතමිත්‍රාදීන්, විමුක්තිය ලැබීමට සිටින වහලුන්,අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නන්, අමුත්තන්, මගීන් ප්‍රතිලාබ ලැබිය යුතු ය. එහි පරිපාලකයාට සාධාරණ ලෙස එයින් පරිභෝජනයට ගත හැකි අතර, ඔහුට ප්‍රතිලාබ ලැබීම අදහස් නොකර තම මිතුරන් පෝෂණය කළ හැකි ය." (අල් බුහාරි 2772, මුස්ලිම් 1632)

වක්ෆ් වර්ග

١
ආගමික සුභසාධනය සඳහා වූ වක්ෆ්.
٢
ලෞකික සුභසාධනය සඳහා වූ වක්ෆ්.

ආගමික සුභසාධනය සඳහා වූ වක්ෆ්.

නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු මුස්ලිම් පල්ලියක් (මස්ජිදයක්) හෝ සිසුන් සඳහා පාසලක් හෝ දුර්වලයන්, දුප්පතුන්, අනාථයන්, වැන්දඹුවන් යනාදිය සඳහා නිවසක් ලබා දීම දැක්විය හැකි ය.

ලෞකික සුභසාධනය සඳහා වූ වක්ෆ්.

තවත් නිදසුනක් ලෙස පුද්ගලයෙකු නිවසක් තනා එය තම උරුමකරුවන්ට වක්ෆ් කිරීම හෝ ගොවිතැනක් සදා එහි අස්වැන්න ඔවුන්ට වෙන් වක්ෆ් කිරීම .

වක්ෆ් කිරීමේ වලංගුභාවය ක්‍රම දෙකකින් ඕනෑම ක්‍රමයකින් සිදුවේ.

١
ප්‍රකාශයෙන් : අව්කෆ්තු (මම වක්ෆ් කරා), හෝ හබස්තු ( මම අගුලු දැමුවා), හෝ සබ්බල්තු (මම මාර්ගයක් හැදුවා) යන ලෙස ඔහු ප්‍රකාශ කිරීම.
٢
ක්‍රියාවෙන් : මස්ජිදයක් ඉඳිකර එහි මිනිසුන්ට සලාතය ඉටු කිරීමට අවසර ලබා දීම නැතහොත් සොහොන් බිමක් වෙන්කර එහි මිනී වල දැමීමට අවසර ලබා දීම නැතහොත් පාසැලක් ආරම්භ කර එහි ඉගැනීමේ කටයුතු ආරම්භ කර දීම නැතහොත් ළිඳක් හාරා එය මිනිසුන්ගේ පරිභෝජනයට ලබා දීම වැනි ක්‍රියාවන් එයට නිදසුනකි.

වක්ෆ් හි කොන්දේසි

١
වක්ෆ් කරන්නා පරිත්‍යාග කිරීමට සුදුස්සෙකු විය යුතු ය. ඔහු වක්ෆ් කරන දෙය සඳහා හිමිකරුවා විය යුතු ය.
٢
මව්කූෆය (වක්ෆ් කරය දෙය) පහැදිලි වටිනාකමක් ඇති දෙයක් විය යුතු ය.
٣
වක්ෆය ඉතිරිව පවතිද්දී එහි ප්‍රතිලාබ ගත හැකි අවබෝධයක් ඇති දෙපළක් විය යුතු ය.
٤
වක්ෆය යහපත අරමුණු කර ගත්තක් විය යුතු ය. නිදසුන් ලෙස මස්ජිද් (මුස්ලිම් පල්ලි), පාලම්, ඥාතීන් සහ දුප්පතුන් වැනි.
٥
වක්ෆය කුමක් ද? කියා නිශ්චය විය යුතු ය. නිදසුනක් ලෙස මෙවැනි මස්ජිදයක් හෝ කා හට ද? දුගීන් හෝ පුද්ගලයෙකු උදා: සයිද් ලෙස නම් කොට.
٦
වක්ෆය සදාකාලික විය යුතුය තාවකාලික නොවිය යුතු ය. ලබාගත හැකි නොවැලක් වූ දෙයක් විය යුතු ය. නමුත් ඔහුගේ මරණයෙන් එය අත්හිටවිය හැකි ය. එහෙයින් එය අවසාන කැමැත්තක් ලෙස පවතී.

වක්ෆ් කිරීම සඳහා නිශ්චිත ප්‍රමාණයක් නැත. නමුත් මිනිසුන්ගේ ඇති හැකියාව අනුව එය වෙනස් වේ. කවරෙකු දරුවන් නොමැතිව පොහොසත්ව සිටින්නේ ද, ඔහුට සියලු දේපළ වක්ෆ් කළ හැකි ය. තවද කවරෙකු දරුවන් ද ඇතිව පොහොසත්ව සිටින්නේ ද, ඔහුට තම දේපළෙන් කොටසක් වක්ෆ් කළ හැකිය. ඉතිරිය තම උරුමකරුවන් සඳහා තබාගත යුතු ය.

වක්ෆ් සදාකාලිකව අල්ලාහ්ට හිමි දෙයකි. එහි කාලය සඳහා සීමාවක් නොමැත. කවරෙකු භූමියක් හෝ නිවසක් හෝ ගොවිතැනක් අල්ලාහ්ට වක්ෆ් කරයි ද, ඔහුගෙන් එහි හිමිකාරත්වය ඉවත් වන්නේය. එය විකිණිය නොහැක, තෑගි කළ නොහැක, පසු උරුම කළ නොහැක, නැවත ලබා ගත නොහැක. පසු උරුමකරුවන්ටද එය විකිණිය නොහැකිය, මන් ද එය උරුමකරුවාගේ හිමිකාරත්වයෙන් ඉවත්වී අවසන්ය.

පුද්ගලයෙකු වක්ෆය සිදුවන ප්‍රකාශයක් හෝ වක්ෆය සිදුවන ක්‍රියාවක් කළේ නම්, වක්ෆය ලබාදීම අනිවාර්ය වේ. මෙහි දී මව්කූෆ් අලයිහි (වක්ෆයේ ප්‍රතිලාබියා) වක්ෆය අනුමත කිරීම අවශ්‍ය නොවේ. එසේ ම විනිසුරුවෙකුගේ අනුමැතිය ද අවශ්‍ය නොවේ. වක්ෆය ස්ථිර වූ පසු එය ඉවත් කරගන්නා ආකාරයේ කටයුතු කළ නො හැකිය.

උත්තරිතර භාග්‍යවත් අල්ලාහ් යහපත් වන අතර යහපත හැර අන් කිසිවක් නොපිළිගනී. මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ තෘප්තිය බලපොරෝතුවෙන් යමක් වක්ෆ් කිරීමට අදහස් කරන්නේ නම් ඔහුට තම ධනයෙන් හොඳම, වටිනාම හා කැමතිම දේ තෝරා ගැනීම වඩා යහපත්ය. එය වනාහි පරිපූර්ණ යහපත සහ ධර්මිෂ්ඨකමේ ලක්ෂණයකි.

වක්ෆ් කිරීම සඳහා හොඳම දොරටු වනුයේ, සෑම කාලයකටම හා සෑම ස්ථානයකම මුස්ලිම්වරුන්ට පොදුවේ ප්‍රතිලාබ ලබාගත හැකි පරිදි පැවතීමයි. නිදසුන් ලෙස මස්ජිදයක්, සිසුන්, අල්ලාහ්ගේ මාර්ගයේ උත්සහ කරන්නන්, ඥාතීන්, දුප්පතුන් සහ දුර්වල මුස්ලිම්වරුන් යනාදීන් සඳහා වක්ෆ් කිරීම දැක්විය හැකිය.

වක්ෆ් නිතී

١
පොහොසතුන් හා දුප්පතුන්, සමිපයින් හා දුරස්තයින්, සාමූහික හා පෞද්ගලික ලෙස වක්ෆ් කළ හැකිය.
٢
පාර්ශව ගණනාවක් සඳහා වක්ෆ් කළ හැකිය. නිදසුන් ලෙස දුප්පතුන්, විද්වතුන්, ශිෂ්‍යයින් යනාදීය.
٣
ප්‍රතිලාබ ගැනීම තුළින් ක්ෂය වන දෑ වක්ෆ් කළ නොහැක. නිදසුන් ලෙස මුදල්, ආහාර, පාන. තවද ව්‍යාපාර නොකළ හැකි දෑ. නිදසුන් ලෙස උකස් කළ හා පැහැර ගත් දෑ ද, වක්ෆ් කළ නොහැක.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.