වත්මන් කොටස: model:
පාඩම අල් වක්ෆ්
අල්ලාහ් ආර්ථික ශක්තිය ප්‍රසාරණය කළ ඇතැම් ධනවතුන් ඔවුන්ගේ සම්පත්වලින් කොටසක් එහි මූල බීජය ආරක්ෂා කරමින් එහි ප්‍රයෝජන ව්‍යාප්ත වන පරිදි වක්ෆයක් ලෙස යහපත සඳහා වියදම් කිරීමට ප්‍රිය කරයි. එමගින් ඔවුන්ට ජීවත්වෙමින් සිටිනවිට සහ මරණින් මතුවට ද, කුසල් හිමිවෙමින් පවතී. වක්ෆ් මගින් අසරණයින් සඳහා විශාල සේවයක් අත් වේ.
වක්ෆ් යනු: මූලික සම්පත භාරයේ තබාගෙන අල්ලාහ්ගෙන් කුසල් බලපොරෝතුවෙන් එහි ප්‍රතිලාබ ලබාදීමයි.
වක්ෆ් නීතිය
වක්ෆ් සතුටුදායක දෙයකි. එය උතුම් ම දානයන් ගෙන් එකකි. තවද එය උතුම්, යහපත්, ක්‍රියාවකි. එසේ ම එය වඩාත් ප්‍රතිලාබී සහ ප්‍රයෝජනවත් ක්‍රියාවකි. මන්දයත් එය මරණින් පසුව ද අඛණ්ඩව පවතින ක්‍රියාවන්ගෙන් එකකි.
වක්ෆ්හි ප්‍රඥාව
දහමට, මෙලොවට සහ පරලොවට වක්ෆ් මගින් ඇති දායාද සලකා අල්ලාහ් එය නීතිගත කළේය. ගැත්තා අල්ලාහ්ගේ තෘප්තිය සොයමින් තම මුදල් පරිත්‍යාග කිරීමෙන් ඔහුගේ කුසලේ බලය වැඩිකර ගනී. තවද එහි ප්‍රතිලාබ මරණින් මතුවට ද නොනැවතී ඇදී යයි. මව්කූෆ් අලයිහි එම සම්පතෙන් ප්‍රතිලාබ ලබා ගනී. තවද වක්ෆය දායාද කළ පුද්ගලයාට ප්‍රාර්ථනා කරයි. එනිසා සමාජය තුළ සංහිඳියාවට වැඩි වේ.
එය හොඳ ම දානයන් ගෙන් එකකි. මක්නිසාද යත් එය යහපත සහ ධර්මිෂ්ඨකම අරමුණු කරගත් තිරසාර ස්ථිර දානයක් වන බැවිනි.
උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය." (ආල ඉම්රාන් : 92)
ඉබ්නු උමර් තුමා (ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි. "උමර්ට කයිබාර් හි ඉඩමක් ලැබුණු විට, ඔහු නබි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!) තුමාණන් වෙත පැමිණ, "මට කිසිදා නොලැබුණු ඉඩමක් මට ලැබී ඇත. එසේනම් ඔබ ඒ සම්බන්ධයෙන් මට උපදෙස් දෙන්නේ කුමක් ද?" “ඔබ කැමති නම් එහි මුල් හිමිකම තබා ගෙන එය පරිත්‍යාග කරන්න” යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසූහ. එබැවින්, උමර් තුමා ඉඩමේ අයිතිය නො විකිනෙන, තෑග්ගක් ලෙස ලබා නො දෙන සහ පසු උරුමයක් ලෙස ලබා නො දීය හැකි පරිදි තම නමින් එම ඉඩම පරිත්‍යාග කළේය. (තවද එහි අස්වැන්න) දුප්පතුන්, ඥාති හිතමිත්‍රාදීන්, විමුක්තිය ලැබීමට සිටින වහලුන්,අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නන්, අමුත්තන්, මගීන් ප්‍රතිලාබ ලැබිය යුතු ය. එහි පරිපාලකයාට සාධාරණ ලෙස එයින් පරිභෝජනයට ගත හැකි අතර, ඔහුට ප්‍රතිලාබ ලැබීම අදහස් නොකර තම මිතුරන් පෝෂණය කළ හැකි ය." (අල් බුහාරි 2772, මුස්ලිම් 1632)
වක්ෆ් වර්ග
නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු මුස්ලිම් පල්ලියක් (මස්ජිදයක්) හෝ සිසුන් සඳහා පාසලක් හෝ දුර්වලයන්, දුප්පතුන්, අනාථයන්, වැන්දඹුවන් යනාදිය සඳහා නිවසක් ලබා දීම දැක්විය හැකි ය.
තවත් නිදසුනක් ලෙස පුද්ගලයෙකු නිවසක් තනා එය තම උරුමකරුවන්ට වක්ෆ් කිරීම හෝ ගොවිතැනක් සදා එහි අස්වැන්න ඔවුන්ට වෙන් වක්ෆ් කිරීම .
වක්ෆ් කිරීමේ වලංගුභාවය ක්‍රම දෙකකින් ඕනෑම ක්‍රමයකින් සිදුවේ.
වක්ෆ් හි කොන්දේසි
වක්ෆ් කිරීම සඳහා නිශ්චිත ප්‍රමාණයක් නැත. නමුත් මිනිසුන්ගේ ඇති හැකියාව අනුව එය වෙනස් වේ. කවරෙකු දරුවන් නොමැතිව පොහොසත්ව සිටින්නේ ද, ඔහුට සියලු දේපළ වක්ෆ් කළ හැකි ය. තවද කවරෙකු දරුවන් ද ඇතිව පොහොසත්ව සිටින්නේ ද, ඔහුට තම දේපළෙන් කොටසක් වක්ෆ් කළ හැකිය. ඉතිරිය තම උරුමකරුවන් සඳහා තබාගත යුතු ය.
වක්ෆ් සදාකාලිකව අල්ලාහ්ට හිමි දෙයකි. එහි කාලය සඳහා සීමාවක් නොමැත. කවරෙකු භූමියක් හෝ නිවසක් හෝ ගොවිතැනක් අල්ලාහ්ට වක්ෆ් කරයි ද, ඔහුගෙන් එහි හිමිකාරත්වය ඉවත් වන්නේය. එය විකිණිය නොහැක, තෑගි කළ නොහැක, පසු උරුම කළ නොහැක, නැවත ලබා ගත නොහැක. පසු උරුමකරුවන්ටද එය විකිණිය නොහැකිය, මන් ද එය උරුමකරුවාගේ හිමිකාරත්වයෙන් ඉවත්වී අවසන්ය.
පුද්ගලයෙකු වක්ෆය සිදුවන ප්‍රකාශයක් හෝ වක්ෆය සිදුවන ක්‍රියාවක් කළේ නම්, වක්ෆය ලබාදීම අනිවාර්ය වේ. මෙහි දී මව්කූෆ් අලයිහි (වක්ෆයේ ප්‍රතිලාබියා) වක්ෆය අනුමත කිරීම අවශ්‍ය නොවේ. එසේ ම විනිසුරුවෙකුගේ අනුමැතිය ද අවශ්‍ය නොවේ. වක්ෆය ස්ථිර වූ පසු එය ඉවත් කරගන්නා ආකාරයේ කටයුතු කළ නො හැකිය.
උත්තරිතර භාග්‍යවත් අල්ලාහ් යහපත් වන අතර යහපත හැර අන් කිසිවක් නොපිළිගනී. මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ තෘප්තිය බලපොරෝතුවෙන් යමක් වක්ෆ් කිරීමට අදහස් කරන්නේ නම් ඔහුට තම ධනයෙන් හොඳම, වටිනාම හා කැමතිම දේ තෝරා ගැනීම වඩා යහපත්ය. එය වනාහි පරිපූර්ණ යහපත සහ ධර්මිෂ්ඨකමේ ලක්ෂණයකි.
වක්ෆ් කිරීම සඳහා හොඳම දොරටු වනුයේ, සෑම කාලයකටම හා සෑම ස්ථානයකම මුස්ලිම්වරුන්ට පොදුවේ ප්‍රතිලාබ ලබාගත හැකි පරිදි පැවතීමයි. නිදසුන් ලෙස මස්ජිදයක්, සිසුන්, අල්ලාහ්ගේ මාර්ගයේ උත්සහ කරන්නන්, ඥාතීන්, දුප්පතුන් සහ දුර්වල මුස්ලිම්වරුන් යනාදීන් සඳහා වක්ෆ් කිරීම දැක්විය හැකිය.
වක්ෆ් නිතී
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.