දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්

මෙම පාඩමෙන් අපි ඉස්ලාමයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කිහිපයක් ගැන ඉගෙන ගනිමු.

  • ඉස්ලාමය කාන්තාවන්ට ගෞරව කිරීම සහ පෙර සමාජ ඇයට අපහාස කිරීම අතර වෙනස පැහැදිලි කිරීම.
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්ලාමයේ කටයුතුවල පොදු රීතිය පැහැදිලි කිරීම.
  • විවිධ ක්ෂේත්‍රවල ඉස්ලාමීය නීතිය මගින් සහතික කර ඇති කාන්තා අයිතිවාසිකම් ගණනාවක් ඉදිරිපත් කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉස්ලාමයේ කාන්තා රැකවරණය

සැබෑ ඉස්ලාම් දහම (එහි දිව්‍යමය ඉගැන්වීම් සහ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් සමඟ) මුස්ලිම් කාන්තාව රැකබලා ගනිමින්, ඇයගේ ගෞරවය ආරක්ෂා කර, ඇයගේ තේජස සහ සතුට සාක්ෂාත් කර ගැනීම සහතික කර ඇත. තවද සැක සහිත, අපරාධකාරී, නපුරු සහ දූෂීත ස්ථානවලින් ඈත්ව, සුවපහසු ජීවිතයක් සඳහා ඇයට මාර් ග සකස් කළේය. මේ සියල්ල සර්වබලධාරී අල්ලාහ්ගේ මහා දයාවෙන් විශේෂයෙන් කාන්තාවන්ට සහ පොදුවේ සමාජයට අත් වන අතර මෙම රැකවරණයේ බොහෝ ස්වරූප පවතී.

ගෞරවය කිරීම සහ උසස් තත්ත්වය

ඉස්ලාම් කාන්තාවන්ට ඔවුන්ගේ ගෞරවය සහ මනුෂ්‍යත්වය සහතික කරන අතර මව, බිරිඳ, දියණිය ලෙස ඔවුන් කුමන තත්වයක සිටියත් ඔවුන්ට නිසි තත්ත්වය ලබා දෙයි. එසේ ම එය ඇයට යහපත, කරුණාව දක්වන ලෙස අණ කරමින් ඇය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. තවද එය ස්ත්‍රීන් හෑල්ලූවට ලක් කරන හෝ ඔවුන්ව අවමන් කරන සහ පිළිකුල් කරන දූෂිත ආගමික, බුද්ධිමය සහ සමාජ උරුමයන් සමඟ ද සටන් කළේය.

උමර් බින් කත්තාබ් (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) තුමා ප්‍රකාශ කරයි: “අල්ලාහ් මත දිව්රා පවසමි, අල්ලාහ් කාන්තාවන් සම්බන්ධයෙන් පහළ කළ දේ ඔවුන් සම්බන්ධයෙන් පහළ කරන තෙක් සහ ඔහු පවරා ඇති දේ ඔවුන්ට පවරන තුරු අපි පූර්ව ඉස්ලාමීය අඥාන යුගයේ, කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කළේ නැත." (අල් බුහාරි 4913, මුස්ලිම් 1479). ඉස්ලාමයේ ආලෝකය වසර 1400 කට පෙර බැබළුණු අතර, එය කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නැංවූයේය, තවද බොහෝ ගෝත්‍ර සහ සමාජ විසින් සිදු කරන ලද අසාධාරණයන් බොහොමයක් ඔවුන්ගෙන් ඉවත් කරන ලදී. නිදසුන් ලෙස හිමිකාරත්වයේ අයිතිය සහ පසු උරුමයේ අයිතිය දැක්විය හැකි ය. බිරිදකගේ ස්වාමිපුරුෂයා මිය ගියහොත් ඇයව ද පසු උරුමයක් ලෙස ලබා දීම හෝ පුළුස්සා දමනු ලැබීය, තවද ඇයව මිලදී ගෙන විකුණන ලදී, මෙම චාරිත්‍රය, (උදාහරණයක් ලෙස එංගලන්තයේ) විසිවන සියවස ආරම්භය දක්වා පැවතුනි.

කාන්තාවන් සහ පිරිමින් අතර යුක්තිය

ඉස්ලාම් යනු ලොවට අධිපති, සර්වඥ, සාධාරණ, ප්‍රඥාවන්ත දෙවියන්ගේ ආගම වන අතර දෙවියන්ගේ යුක්තියේ සහ ප්‍රඥාවේ අංගයක් වන්නේ ඔහු වෙනස් අයට සමානව නො සළකන අතර සමාන අය අතර වෙනස්කම් නොකිරීමයි. මේ හේතුවෙනි අපි ඉස්ලාමීය නීතිය තුළ ස්ත්‍රීන් හා පුරුෂයින් අතර එක සමාන අවස්තාවල සමානව සළකන ආකාරය සහ, ඔවුන් අතර වෙනස් අවස්තාවල වෙනස් ලෙස සලකන ආකාරය දකින්නෙමු. එමඟින් එක් එක් අයගේ අයිතිවාසිකම් සහ යුතුකම් ඔහුගේ අවශ්‍යතා සහ හැකියාවන්ට අනුරූප පත්කර තිබේ. එසේ ම එය සර්වබලධාරී දෙවියන් නිර්මාණය කළ සහජ බුද්ධියට අනුරූපී වේ. ඉස්ලාමය සෑම ක්ෂේත්‍රයක ම කාන්තාවට නිසි තැන ලබා දුන්නේය. ඔහු ඇයව බොහෝ අවස්තාවල පිරිමින්ට සමාන කළේය. එසේ සමාන කළ අවස්තා වනුයේ.

මැවීමේ මූලාරම්භය

පෙර ජාතීන් කාන්තාවන් කෙරෙහි දැක්වූ පිළිකුල කෙතරම් දුරකට ළඟා වූවාද කිවහොත් ඔවුහු ඇයව මනුෂ්‍යා යන සිමාවෙන් ඉවත් කර දැමුවෝය.ඇරිස්ටෝටල් පවසයි: "කාන්තාව අසම්පූර්ණ පිරිමියෙක් වන අතර ස්වභාවධර්මය ඇයව මැවීමේ ඉණිමඟේ පහළම මට්ටමේ තබා ඇත." තවද සොක්‍රටීස් ඇයව විෂ සහිත ගසකට සමාන කරයි. එසේම රෝමයේ විශාල සමුළුවක් පැවැත්විණි. එහි දී ඔවුන් ගත් තීරණ වනුයේ: කාන්තාවන්ට ආත්මයක් හෝ අමරණීයත්වයක් නොමැති බවත්, ඇයට මරණින් මතු ජීවිතයක් උරුම නොවන බවත්, ඇය පිළිකුල් සහගත බවත්, ඇය මස් අනුභව නොකළ යුතු බවත්, සිනහ නොවිය යුතු බවත්, කතා නොකළ යුතු බවත් ය. ප්‍රංශ ජාතිකයින් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ක්‍රි.ව. 586 දී “වැදගත්” ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට සම්මන්ත්‍රණයක් පැවැත්වීය: එනම් කාන්තාවක් යන්න මනුෂ්‍යයෙකු ද? නැතහොත් නොමිනිසකු ද? ඇයට ආත්මයක් තිබේද? නැතහොත් ආත්මයක් නැතිද? එසේ ආත්මයක් තිබේ නම් එය තිරිසන් ආත්මයක්ද? නැතහොත් මනුෂ්‍ය ආත්මයක්ද? ඇය මනුෂ්‍යයෙක් නම්, ඇයගේ ආත්මය පිරිමියෙකුගේ ආත්මයේ මට්ටමේ ද? නැතහොත් ඊට වඩා පහත් මට්ටමකද? අවසානයේදී ඔවුන් තීරණය කළේ ඇය මනුෂ්‍යයෙකු බවත්, නමුත් ඇය නිර්මාණය කර ඇත්තේ පිරිමියාට සේවය කිරීමට පමණක් බවත්ය. ඉස්ලාමය සම්බන්ධයෙන් ගත් කල, එය මැවීමේ මූලාරම්භයේ දීම ස්ත්‍රී පුරුෂ සමානාත්ම බාවය ස්ථාපිත කරයි. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි:"අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය." (අන් නිසා : 1)

ආගමික සමානාත්මතාවය

ආගමික පැවරීම් සම්බන්ධයෙන්ද, මෙලොව සහ පරලොවදී ඔවුන්ට ලැබෙන ආනිශංස හා කුළිය සම්බන්ධයෙන්ද ඉස්ලාම් පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට සමානව සළකයි. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත." (අන් නහ්ල් : 97) තවද උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති." (අන් නිසා : 124). (සිරුරේ හෝ ඇඳුමේ) තෙතමනය ඇති නමුත් ලිංගික සිහිනය මතක නැති පුද්ගලයෙකු ගැන නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ගෙන් විමසන ලදී. ඔහු මෙසේ පැවසුවේය: "ඔහු ස්නානය කළ යුතුය." තමාට ලිංගික සිහිනයක් දුටු බව මතක නමුත් තෙතමනයක් නොමැති පුද්ගලයෙකු ගැන ඔහුගෙන් විමසන ලදී. ඔහු මෙසේ පැවසුවේය: "ඔහුට ස්නානය අවශ්‍ය නොවේ." එවිට උම්මු සලීම් මෙසේ ඇසුවාය: කාන්තාවක් (ඇගේ සිහිනෙන්) එය දුටුවහොත් ඇයට සේදීම අවශ්‍යද? ඔහු පිළිතුරු දුන්නේ: "ඔව්. ගැහැනිය පිරිමින්ගේ ප්‍රතිමූර්තියයි." (අබූ දාවුද් : 236)

දේව දූතයාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පණිවිඩය මුලින් ම විශ්වාස කළේ කාන්තාවකි. ඇය, විශ්වසවන්තයින්ගේ මව වන කදීජා තුමියයි (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!). කාන්තාවන් ඇබිසීනියාවට ගිය පළමු සංක්‍රමණ කණ්ඩායමේ සිටි අතර, තවද ඔවුන් යත්රිබ් සිට පැමිණ නබි තුමාණන්ට (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පක්ෂපාතී බවට ප්‍රතිඥා දුන් පළමු නියෝජිත පිරිසේ ද සිටියහ.

ඉස්ලාමීය ඉතිහාසයේ කාන්තාවන් දීප්තිමත් නිරූපිකාවන් විය. ඒවායින් සුවිශේෂී වනුයේ: ඇයගේ යහපත් ගුණාංග, බහුල දැනුම සහ ඉස්ලාමයේ පණිවිඩය පිළිබඳ ඇගේ අවබෝධය යනාදිය යි. එසේ ම, ඇය බොහෝ විට මෙම ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ අතර, මුස්ලිම්වරු තම ආගමේ බොහෝ කරුණු පුරෝගාමී මුස්ලිම් විද්වත් කාන්තාවන්ගෙන් ලබා ගත්හ. එසේ දැනුම ලබාදුන් කාන්තාවන් අතුරින් වඩාත් ප්‍රමුක කාන්තාව වනුයේ විශ්වසවන්තයින්ගේ මව වන ආයිෂා තුමියයි (අයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!).

කාන්තාව සහ පුරුෂයා අනිවාර්ය, භාර වූ හා අනුමත සාමූහික නැමදුම්වල එකට සහභාගි වේ. නිදසුන් ලෙස උම්රා සහ හජ් මෙහෙය, වැස්ස පතා නැමදුම, ඊද් (අවුරුදු) දෙකේ නැමදුම, සිකුරාදා මෙහෙය සහ සාමූහික නැමදුම දැක්විය හැකිය. ඇය ද ඉස්ලාමයට කැඳවීම, යහපත අණ කිරීම සහ අයහපත වැළකීම මෙන් පැහැදිලිවම පොදුවේ පවතින ආගමික පැවරුම්වල දෙපාර්ශවයම එක සමානව ක්‍රියා කරයි. ඔවුන් අතර මැවීමේ වෙනසට සම්බන්ධ වූ දේ හැර මෙයින් කිසිදු ව්‍යතිරේකයක් සිදු නොවේ.

ඉස්ලාමය පොදු රීතියක් ලෙස පැවරීම්වල සමානාත්මතාවය මූලධර්මයක් ලෙස පිළිගන්නා අතර, එහි දී ස්ත්‍රී පුරුෂභාවය අතර ස්වභාවයේ වෙනස සහ එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යයන්හි වෙනස සැලකිල්ලට ගත් අතර, එය මෙම කාර්යයන් සංවිධානය කර එක් එක් පුද්ගලයාගේ නියම ස්ථානයට පත් කළේය. එය ජීවිතයේ ඒකාබද්ධතාවයට මග පාදයි. ගැහැනිය සහ දරුවන් වෙනුවෙන් වියදම් කිරීමේ වගකීම පිරිමියා සතු වන අතර, ඔහු ඔවුන් ආරක්ෂා කළ යුතු අතර පවුලේ සියලු කටයුතු බලාගත යුතුය.ස්ත්‍රිය තම නිවස, සැමියා සහ දරුවන් සඳහා වගකිව යුතු අතර, ඇය දැරිය යුතු වගකීම් ද ඇත.

ඉස්ලාමය කාන්තාවන්ට ඔවුන්ගේ සිවිල්, සමාජීය සහ පුද්ගලික තව අයිතීන් සහතික කර ඇති අතර, එය නූතන යුගයේ සිවිල් සහ මානව හිමිකම් සංවිධාන ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර වසර 1400 කට පෙර (ඉස්ලාමයේ) පණිවිඩයේ ආරම්භයේ සිටම කාන්තාවන්ට සහතික කර ඇති අයිතිවාසිකම් වේ.

කාන්තා සිවිල් සහ සමාජ අයිතිවාසිකම්

١
ඉගැන්ටවීමට සහ ඉගෙනීමට ඇති කාන්තා අයිතිය: ඉස්ලාම් දැනුම ප්‍රවර්ධනය කරන අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එකසේ ඒ කෙරෙහි එය දිරි ගන්වයි.
٢
ස්ත්‍රියකට වැඩ කිරීමට ඇති අයිතිය: මූලික මූලධර්මය වන්නේ පිරිමියා වැඩ කරන සහ වියදම් කරන තැනැත්තා බවයි. නමුත් කාන්තාවකට අවශ්‍ය නම් වැඩ කිරීමට බාධා කරන කිසිවක් ඉස්ලාමයේ නොමැත, නමුත් කොන්දේසිය නම්, එය ඉස්ලාමයේ විධිවිධාන, එහි ඉගැන්වීම් සහ සදාචාරයට අනුකූලව සිදු කරනු ලැබිය යුතු බවයි.
٣
ස්ත්‍රියකට පසු උරුමය සඳහා ඇති අයිතිය: අල් කුර්ආනයේ, නබිතුමාගේ සම්ප්‍රදයන්වල සහ ඉස්ලාමීය නීති ශාස්ත්‍ර පොත්වල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම උරුම වූ විවිධ පසු උරුම ස්වරූප පිළිබඳ කතා බහට ලක්ව ඇත.
٤
දේපල හිමිකර ගැනීමට කාන්තාවකට ඇති අයිතිය: රැකියාවෙන් උපයන දෙයින් හෝ ඇයට පසු උරුම දේ හරහා දේපල හිමිකර ගැනීමේ සම්පූර්ණ අයිතිය කාන්තාවකට ඇත. ඇය සතු දේ පරිහරණය කිරීමට ඇයට පූර්ණ නිදහස ඇති අතර, ඇයට ඇයගේම මූල්‍ය උරුමයක් ඇති අතර, එය ඇයගේ පියාට, සැමියාට හෝ වෙනත් කිසිවෙකුට අයත් නොවේ.

පෞද්ගලිකත්වය සහ විවාහය සඳහා ඇති කාන්තා අයිතිවාසිකම්

١
හොඳ ස්වාමිපුරුෂයෙකු තෝරා ගැනීමටත්, ඇයට යෝජනා කරන අය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටත් ඇයට ඇති අයිතිය.
٢
මහර් (විවාහයේදී මනාලයා විසින් මනාලියට දෙන අනිවාර්ය දීමනාව) සඳහා ඇගේ අයිතිය.
٣
ද්‍රව්‍යමය රැකවරණය සහ ස්වාමිපුරුෂයා ඇය සහ ඇගේ දරුවන් වෙනුවෙන් වියදම් කිරීම සඳහා වූ ඇයගේ අයිතිය.
٤
තම ස්වාමිපුරුෂයා තමා සමඟ කාරුණිකව ජීවත් වීමටත්, වචනයෙන් හා ක්‍රියාවෙන් යහපත් හැසිරීම් වලින් සලකනු ලැබීමටත් ඇයට ඇති අයිතිය.
٥
බහු විවාහය තුළ සාධාරණ ලෙස සලකනු ලැබීමට ඇයට ඇති අයිතිය.
٦
මූල්‍ය ස්වාධීනත්වය සහ ස්වාමිපුරුෂයාගෙන් ස්වාධීන මූල්‍ය උරුමය සඳහා ඇයගේ අයිතිය,
٧
කුල්උ ක්‍රමයට දික්කසාද වීමට ඇයට ඇති අයිතිය සහ නියමිත කොන්දේසි සපුරා ඇති විට සහ අවශ්‍යතාවය අනුව තලාක් දික්කසාදය ඉල්ලා සිටීමට හා ලබා ගැනීමට ඇති අයිතිය.
٨
දික්කසාදයෙන් පසුව, ඇය නැවත විවාහ නො වන්නේ නම්, ඇගේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා ඇයට ඇති අයිතිය.

ඉහත සඳහන් කර ඇත්තේ ඉස්ලාමයේ සඳහන් කාන්තා අයිතිවාසිකම් කිහිපයක් නිරූපණය කිරීම සඳහා උදාහරණ කිහිපයක් පමණි, මිට අමතරව ඉස්ලාමය තුළ කාන්තාවන්ට ලබා දී ඇති අයිතිවාසිකම් බොහොමයක් පවතී.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.