වත්මන් කොටස: model:
පාඩම ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්
සැබෑ ඉස්ලාම් දහම (එහි දිව්‍යමය ඉගැන්වීම් සහ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් සමඟ) මුස්ලිම් කාන්තාව රැකබලා ගනිමින්, ඇයගේ ගෞරවය ආරක්ෂා කර, ඇයගේ තේජස සහ සතුට සාක්ෂාත් කර ගැනීම සහතික කර ඇත. තවද සැක සහිත, අපරාධකාරී, නපුරු සහ දූෂීත ස්ථානවලින් ඈත්ව, සුවපහසු ජීවිතයක් සඳහා ඇයට මාර් ග සකස් කළේය. මේ සියල්ල සර්වබලධාරී අල්ලාහ්ගේ මහා දයාවෙන් විශේෂයෙන් කාන්තාවන්ට සහ පොදුවේ සමාජයට අත් වන අතර මෙම රැකවරණයේ බොහෝ ස්වරූප පවතී.
ගෞරවය කිරීම සහ උසස් තත්ත්වය
උමර් බින් කත්තාබ් (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) තුමා ප්‍රකාශ කරයි: “අල්ලාහ් මත දිව්රා පවසමි, අල්ලාහ් කාන්තාවන් සම්බන්ධයෙන් පහළ කළ දේ ඔවුන් සම්බන්ධයෙන් පහළ කරන තෙක් සහ ඔහු පවරා ඇති දේ ඔවුන්ට පවරන තුරු අපි පූර්ව ඉස්ලාමීය අඥාන යුගයේ, කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කළේ නැත." (අල් බුහාරි 4913, මුස්ලිම් 1479). ඉස්ලාමයේ ආලෝකය වසර 1400 කට පෙර බැබළුණු අතර, එය කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නැංවූයේය, තවද බොහෝ ගෝත්‍ර සහ සමාජ විසින් සිදු කරන ලද අසාධාරණයන් බොහොමයක් ඔවුන්ගෙන් ඉවත් කරන ලදී. නිදසුන් ලෙස හිමිකාරත්වයේ අයිතිය සහ පසු උරුමයේ අයිතිය දැක්විය හැකි ය. බිරිදකගේ ස්වාමිපුරුෂයා මිය ගියහොත් ඇයව ද පසු උරුමයක් ලෙස ලබා දීම හෝ පුළුස්සා දමනු ලැබීය, තවද ඇයව මිලදී ගෙන විකුණන ලදී, මෙම චාරිත්‍රය, (උදාහරණයක් ලෙස එංගලන්තයේ) විසිවන සියවස ආරම්භය දක්වා පැවතුනි.
කාන්තාවන් සහ පිරිමින් අතර යුක්තිය
මැවීමේ මූලාරම්භය
ආගමික පැවරීම් සම්බන්ධයෙන්ද, මෙලොව සහ පරලොවදී ඔවුන්ට ලැබෙන ආනිශංස හා කුළිය සම්බන්ධයෙන්ද ඉස්ලාම් පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට සමානව සළකයි. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත." (අන් නහ්ල් : 97) තවද උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති." (අන් නිසා : 124). (සිරුරේ හෝ ඇඳුමේ) තෙතමනය ඇති නමුත් ලිංගික සිහිනය මතක නැති පුද්ගලයෙකු ගැන නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ගෙන් විමසන ලදී. ඔහු මෙසේ පැවසුවේය: "ඔහු ස්නානය කළ යුතුය." තමාට ලිංගික සිහිනයක් දුටු බව මතක නමුත් තෙතමනයක් නොමැති පුද්ගලයෙකු ගැන ඔහුගෙන් විමසන ලදී. ඔහු මෙසේ පැවසුවේය: "ඔහුට ස්නානය අවශ්‍ය නොවේ." එවිට උම්මු සලීම් මෙසේ ඇසුවාය: කාන්තාවක් (ඇගේ සිහිනෙන්) එය දුටුවහොත් ඇයට සේදීම අවශ්‍යද? ඔහු පිළිතුරු දුන්නේ: "ඔව්. ගැහැනිය පිරිමින්ගේ ප්‍රතිමූර්තියයි." (අබූ දාවුද් : 236)
දේව දූතයාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පණිවිඩය මුලින් ම විශ්වාස කළේ කාන්තාවකි. ඇය, විශ්වසවන්තයින්ගේ මව වන කදීජා තුමියයි (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!). කාන්තාවන් ඇබිසීනියාවට ගිය පළමු සංක්‍රමණ කණ්ඩායමේ සිටි අතර, තවද ඔවුන් යත්රිබ් සිට පැමිණ නබි තුමාණන්ට (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පක්ෂපාතී බවට ප්‍රතිඥා දුන් පළමු නියෝජිත පිරිසේ ද සිටියහ.
ඉස්ලාමීය ඉතිහාසයේ කාන්තාවන් දීප්තිමත් නිරූපිකාවන් විය. ඒවායින් සුවිශේෂී වනුයේ: ඇයගේ යහපත් ගුණාංග, බහුල දැනුම සහ ඉස්ලාමයේ පණිවිඩය පිළිබඳ ඇගේ අවබෝධය යනාදිය යි. එසේ ම, ඇය බොහෝ විට මෙම ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ අතර, මුස්ලිම්වරු තම ආගමේ බොහෝ කරුණු පුරෝගාමී මුස්ලිම් විද්වත් කාන්තාවන්ගෙන් ලබා ගත්හ. එසේ දැනුම ලබාදුන් කාන්තාවන් අතුරින් වඩාත් ප්‍රමුක කාන්තාව වනුයේ විශ්වසවන්තයින්ගේ මව වන ආයිෂා තුමියයි (අයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!).
කාන්තාව සහ පුරුෂයා අනිවාර්ය, භාර වූ හා අනුමත සාමූහික නැමදුම්වල එකට සහභාගි වේ. නිදසුන් ලෙස උම්රා සහ හජ් මෙහෙය, වැස්ස පතා නැමදුම, ඊද් (අවුරුදු) දෙකේ නැමදුම, සිකුරාදා මෙහෙය සහ සාමූහික නැමදුම දැක්විය හැකිය. ඇය ද ඉස්ලාමයට කැඳවීම, යහපත අණ කිරීම සහ අයහපත වැළකීම මෙන් පැහැදිලිවම පොදුවේ පවතින ආගමික පැවරුම්වල දෙපාර්ශවයම එක සමානව ක්‍රියා කරයි. ඔවුන් අතර මැවීමේ වෙනසට සම්බන්ධ වූ දේ හැර මෙයින් කිසිදු ව්‍යතිරේකයක් සිදු නොවේ.
ඉස්ලාමය පොදු රීතියක් ලෙස පැවරීම්වල සමානාත්මතාවය මූලධර්මයක් ලෙස පිළිගන්නා අතර, එහි දී ස්ත්‍රී පුරුෂභාවය අතර ස්වභාවයේ වෙනස සහ එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යයන්හි වෙනස සැලකිල්ලට ගත් අතර, එය මෙම කාර්යයන් සංවිධානය කර එක් එක් පුද්ගලයාගේ නියම ස්ථානයට පත් කළේය. එය ජීවිතයේ ඒකාබද්ධතාවයට මග පාදයි. ගැහැනිය සහ දරුවන් වෙනුවෙන් වියදම් කිරීමේ වගකීම පිරිමියා සතු වන අතර, ඔහු ඔවුන් ආරක්ෂා කළ යුතු අතර පවුලේ සියලු කටයුතු බලාගත යුතුය.ස්ත්‍රිය තම නිවස, සැමියා සහ දරුවන් සඳහා වගකිව යුතු අතර, ඇය දැරිය යුතු වගකීම් ද ඇත.
ඉස්ලාමය කාන්තාවන්ට ඔවුන්ගේ සිවිල්, සමාජීය සහ පුද්ගලික තව අයිතීන් සහතික කර ඇති අතර, එය නූතන යුගයේ සිවිල් සහ මානව හිමිකම් සංවිධාන ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර වසර 1400 කට පෙර (ඉස්ලාමයේ) පණිවිඩයේ ආරම්භයේ සිටම කාන්තාවන්ට සහතික කර ඇති අයිතිවාසිකම් වේ.
කාන්තා සිවිල් සහ සමාජ අයිතිවාසිකම්
පෞද්ගලිකත්වය සහ විවාහය සඳහා ඇති කාන්තා අයිතිවාසිකම්
ඉහත සඳහන් කර ඇත්තේ ඉස්ලාමයේ සඳහන් කාන්තා අයිතිවාසිකම් කිහිපයක් නිරූපණය කිරීම සඳහා උදාහරණ කිහිපයක් පමණි, මිට අමතරව ඉස්ලාමය තුළ කාන්තාවන්ට ලබා දී ඇති අයිතිවාසිකම් බොහොමයක් පවතී.