දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම (ස්වාභාවික කෘතය) අවශ්‍යතා සපුරා ගැනීමේ හා එයින් පිරිසිදුවීමේ විනයන්

මුස්ලිම්වරයාට මුහුණ දීමට සිදු වන කාරණාවන් සඳහා ආචාර විධි හා විනය ඉස්ලාමීය නීතිය විසින් ඇති කර ඇත. ඒවායින් වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සපුරා ගැනීමේ ආචාර විධි හා විනය ද එකකි. එබැවින් මෙම ඒකකයෙහි තම අවශ්‍යතා සපුරා ගන්නා විට සහ එයින් පිරිසිදු වන විට පිළිපැදිය යුතු ඇතැම් ආගමික විනයන් සහ කිලිටිවර්ග සහ ඒ සියලු වර්ගවලින් පිරිසිදු වීමේ ක්‍රම සඳහන් වේ.

  • අවශ්‍යතා සපුරා ගන්නා විට සහ එයින් පිරිසිදු වන විට පිළිපැදිය යුතු විනයන් හඳුනා ගැනීම.
  • කිලි වර්ග හඳුනා ගැනීම.
  • කිල්ලෙන් පිරිසිදුවන ආකාරය.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

(ස්වාභාවික කෘතය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය

වැසිකිළියට පිවිසන විට තම වම් කකුල මුලින් තබා බිස්මිල්ලාහ්, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබ්සි වල්කබාඉසි (අල්ලාහ්ගේ නාමයෙනි, අහෝ අල්ලාහ්! ස්ත්‍රී පුරුෂ නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂාව ඔබෙන් පතමි) යැයි පැවසීම ප්‍රියජනක වේ.

වැසිකිළියට ඇතුල් වීමේ දී පැවසිය යුතු ප්‍රාර්ථනාවට සවන් දෙන්න

එයින් පිට වන විට දකුණු කකුල මුලින් තබා පිට වීම සහ එවිට ගුෆ්රානක (මම ඔබෙන් සමාව අයදිමි) යැයි පැවසීම.

තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ දී ආවරණය කළ යුතු තම ලිංගික අවයවයන් ජනයාට නො පෙනෙන පරිදි ආවරණය කිරීම අනිවාර්ය වේ.

ජනයාට හිංසාවක් හෝ පීඩාවක් ඇති වන අයුරින් යම් ස්ථානයක තම අවශ්‍යතා ඉටු කිරීම තහනම් වේ.

එළිමහන් ස්ථානයක ඔහු සිටියේ නම් තමන්ගේ අවශ්‍යතා වළක ඉටු කිරීම තහනම් ය. මන්ද එමඟින් එහි සිටිය හැකි මෘගයන්ට හානියක් ඇති වී ඒවා මොහුට හානියක් නො කිරීම පිණිස ය.

තම අවශ්‍යතා ඉටු කරන විට කිබ්ලාවට මුහුණ ලෑම හෝ පසුපස ලෑම තහනම් ය. ඔහු එළිමහන් ස්ථානයක සිටියේ නම් (එවිට ඔහුව ආවරණය කරන බිත්තියක් හෝ නොමැති නම් එවිට ද) කිබ්ලාවට මුහුණ ලෑම හෝ පසුපස ලෑම තහනම් ය.

තම ශරීරයට හෝ ඇඳුමට විහිඳී පැමිණ තැවරෙන අපවිත්‍රවලින් ප්‍රවේශම් වීම හා එයින් තැවරුණු දැ සෝදා දැමීම ද අනිවාර්ය වේ.

ස්වාභාවික කෘතය අවසන් කළ පසු කරුණු දෙකකින් එකක් අනිවාර්ය වේ.

١
ඉස්තින්ජා
٢
ඉස්තිජ්මාර්

ඉස්තින්ජා

ඉස්තින්ජා යනු මලමුත්‍රා පහ කළායින් පසු අපවිත්‍ර දෑ බැහැර කළ ස්ථානය ජලයෙන් පිරිසිදු කිරිම වේ.

ඉස්තිජ්මාර්

ඉස්තිජ්මාර් යනු ශරීරය පිරිසිදු කරන (ටිෂූ) පටක කඩදාසි හෝ ගල් හෝ එවැනි යම් වස්තූන් තුනකින් හෝ වැඩි ගණනකින් අපවිත්‍ර දෑ බැහැර කළ ස්ථානය පිරිසිදු කිරීම වේ

කිල්ල

කිල්ල යනු පුද්ගලයෙකු තුළ ඇති වන්නා වූ අභ්‍යන්තර ගුණාංගයකි. එයින් ඔහු පිරිසිදුවීමට පෙර සලාතය ඉටු කිරීමෙන් එය ඔහුව වළක්වයි. මෙය අපවිත්‍ර දෑ වැනි ස්පර්ශ කළ හැකි දෙයක් නො වේ.

පිරිසිදු ජලය

මෙම කිල්ල මුස්ලිම්වරයකු වුළු දෝවනය ඉටු කිරීමෙන් හෝ ස්නානය කිරීමෙන් හෝ ඉවත් ව යනු ඇත. පිරිසිදු ජලය වනාහි: එයට වෙනත් කිසිදු අප්‍රවිත්‍ර දෙයක් මුසු වී එහි ගන්ධය සුවය හෝ වර්ණය වෙනස් නො වූ ජලයයි.

කිල්ල වර්ග දෙකකට බෙදේ

١
සුලු කිල්ල: එය තමන්ගෙන් ඉවත් කිරීම පිණිස වුළු දෝවනය කිරීම මුස්ලිම්වරයකුට අනිවාර්ය වේ.
٢
මහා කිල්ල: එය තමන්ගෙන් ඉවත් කිරීම පිණිස මුළු ශරීරයම ආවරණය වන පරිදි ජලය භාවිත කොට ස්නානය කිරීම මුස්ලිම්වරයකුට අනිවාර්ය වේ.

සුලු කිල්ල හා එයින් මිදිම සඳහා ඉටු කරනු ලබන වුළු දෝවනය.

පහත සඳහන් කරුණුවලින් එක් කරුණක් සිදු වූයේ නම් මුස්ලිම්වරයකුගේ පිරිසිදුකම බිඳෙන අතර සලාතය සඳහා වුළු දෝවනය ගැනීම ඔහුට අනිවාර්ය වේ.

මල මුත්‍රා සහ වාතය වැනි මල මුත්‍රා බැහැර වන ස්ථානයෙන් බැහැර වන සියල්ල, උත්තරීතර අල්ලාහ් පිරිසිදුකම බිඳ දමන කරුණු පැහැදිලි කිරීමේ දී මෙසේ ප්‍රකාශ කර ඇත: "නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ" (අන් නිසා:43) සලාතය කරමින් සිටින විට දී යම් කිලිටි තත්ත්වයක් ඇති වූ බව සැක කරන අයෙකු පිළිබඳ නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: "කෙනෙකුට (වාතය පිටවන) ශබ්දය ඇසුනු විට හෝ යම් දුඟඳක් ඇති වූයේ නම් පමණක් ඔහු සලාතයෙන් ඉවත් වී යයි." (මූලාශ්‍ර: බුහාරි 175, මුස්ලිම් 361)

ආවරණයක් නොමැතිව රාගයක් ඇති ව ලිංගය ස්පර්ෂ කිරීම. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: "කවරෙකු තම ලිංගය රාගය ඇතිව ස්පර්ෂ කළේ ද, ඔහු වුළු දෝවනය ඉටු කළ යුතුයි." (මූලාශ්‍රය: අබූ දාවූද්: 181)

ඔටු මස් අනුභව කිරීම. ඔටු මස් හේතුවෙන් අපි වුළු ධෝවනය කළ යුතු දැ යි නබි (සල්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ "එසේ ය" යැයි පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: මුස්ලිම් 360)

නින්ද, ඔල්මාදය, ක්ලාන්තය හෝ මත්බවින් සිහිවිකල් වීම.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.