වත්මන් කොටස: model:
පාඩම සලාතය ඉටු කරන ආකාරය
පාඩම පිළිබඳ තොරතුරු
අරමුණු
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
1. චේතනාව
නැගිට සිට (අල්ලාහු අක්බර්) යැයි පවසයි. එවිට තම දෑත තම උරහිස දක්වා හෝ තම දෙකන් දක්වා ඔසවයි. එසේ ඔසවන විට තම ඇඟිලි දිගු කර අත්ල කිබ්ලා දෙසට හරවා ගනියි.
තක්බීර් යන්නෙහි අදහස
3. තක්බීරයෙන් පසු තම දකුණතින් වමත අල්ලා තම හදවත මත තබා ගත යුතුයි. ඔහු සිටගෙන සිටින තාක් මේ අයුරින් ම සිටී.
7. සූරතුල් ෆාතිහා හෙවත් ශුද්ධ වූ අල් කුර්ආනයේ තිබෙන ඉමහත් පරිච්ඡේදයක් වන අල් ෆාතිහා පරිච්ඡේදය පාරායනා කරනු ලබයි.
එම සූරාව ඉගෙන ගැනීම මුස්ලිම්වරයකුට අනිවාර්ය වේ. මන්ද සලාතය මෙහෙයවන්නා විසින් ශබ්ද නගා පාරායන නො කරන සලාතයන් හි ඔහු ව අනුගමනය කරන්නා හා තනිව සලාතය ඉටු කරන්නා මෙම පරිච්ඡේදය පාරායනා කිරීම සලාතයේ කුලුණක් හෙවත් එක් මූලික කරුණක් වන බැවිනි.
සූරතුල් ෆාතිහා
10. පසුව රුකූඃ ඉරියව්ව සඳහා ප්‍රථම තක්බීරය මෙන් තම දෑත් උරහිස දක්වා හෝ එයට උඩින් ඔසවා ගනිමින් තක්බීර් පවසයි. එවිට දෙඅත්ල කිබ්ලා දිශාව වෙත හරවා තබා ගත යුතුයි.
11. රුකූඃ හෙවත් දණහිස මත දෑත් තබා කිබ්ලා දිශාව වෙත තම පිට පිහිටන අයුරින් නමා තබා ගනියි. එවිට ඔහුගේ පිට සහ හිස සමව තබා ගත යුතු වේ. එමෙන් ම දෑත් හි ඇඟිලි එකතු නො කොට ඒවා අතර හිඩැස් තබමින් ඔහුගේ දෑත් දණහිස් මත තබා ගත යුතුයි. එමෙන් ම එහි දී "සුබ්හාන රබ්බියල් අළීම්" යනුවෙන් පවසනු ඇත. එහි තේරුම: මාගේ මහා පරමාධිපතියාණන් ව මා සුවිශුද්ධ කරමි යන්නයි. මේ අයුරින් තුන්වරක් පැවසීම සුන්නත් ය. එක්වරක් පැවසීම වාජිබ් හෙවත් අනිවාර්ය කරුණකි. රුකූඃ ඉරියව්ව වනාහි සර්වබලධාරී දෙවියන්ව මහිමයට හා ගෞරවයට පත් කරන අවස්ථාවකි.
"සුබ්හාන රබ්බියල් අළිම්" යන්නෙහි පූර්ණ අදහස වන්නේ: ශ්‍රේෂ්ඨ හා අතිශුද්ධ වූ දෙවිඳාණන් ව මා සියළු දෝෂවලින් පිවිතුරු කරමි යන්නයි. සලාතය ඉටුු කරන්නා රුකූඃ අවස්ථාවෙහි මෙය පවසා සිටී.
එවිට මීට පෙර සඳහන් කළ අයුරින් ඔහු තම අත්ල කිබ්ලා දිශාව වෙත පිහිටන අයුරින් තබා දෑත් උරහිස් දක්වා ඔසවා "සමිඅල්ලාහු ලිමන් හමිදාහ්" යනුවෙන් පවසමින් නැගිට ඍජූව සිට ගනී. මෙසේ පැවසිය යුත්තේ ඉමාම් හෙවත් සලාතය මෙහෙය වන්නෙකු හෝ සලාතය තනිව ඉටු කරන අයෙකු නම් පමණි. ඉන් පසු "රබ්බනා වලකල් හම්දු" අර්ථය: අහෝ මාගේ පරමාධිපතියාණනි! සියලු පැසසුම් ඔබට ම හිමිය. යැයි සියළු දෙනා ම පැවසුය යුතු ය.
එහිදි "රබ්බලා වලකල් හම්දු" යන පාඨයත් සමඟ අමතර ව මේ අයුරින් ද පැවසිය හැකි ය. එය ද සුන්නත් වේ: "හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහි, මිල්අස්සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂයිඉන් බඃදු" එහි තේරුම: අහස් හා පොළොව ඒ දෙක අතර තිබෙන දෑහි ඔබගේ කැමැත්ත ඇති සියලූ දෑහි ද සියලූ ම ප‍්‍රශංසා ඔබ සතු ය. ඔබට අභිවෘද්ධිමත් පවිත‍්‍රවූත් අධික ප‍්‍රශංසාවන් හිමි වේවා! යන්නයි.
13. ඉන්පසු තක්බීර් පවසමින් ශරීර අවයව හතක් පොළොව මත තබයි. සුජූද් කිරීමේ දී පොළොව මත තබන අවයව හත වනුයේ: නළල සමඟ නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි යන අවයව වේ. මෙහිදී තම දෑත් මදක් ශරීරයට ස්පර්ෂ නො වන අයුරින් දුරස් කර තබා, උදරය ද කලවා දෙකින් වෙන් කර පාදවලින් ද කලවා දෙක වෙන් කර, තවද වැලමිට සහ මැණික් කටුව අතර කොටස බිමෙන් ඔසවා තබා ගනී.
අල්ලාහ්ගෙන් අයැදීම සඳහා වූ උචිත ම ස්ථානය සුජූදය වේ. මෙහි කිව යුතු අනිවාර්ය පාඨය ප්‍රකාශ කළ පසු දෙලොවෙහි යහපතින් තමන් අභිමත කරන දෑ අල්ලාහ්ගෙන් අයැද සිටිය හැකි ය. ධර්ම දූතයාණෝ මෙසේ පැවසූහ: "ගැත්තෙකු තම ස්වාමියා වෙත ඉතා සමීප වන්නේ ඔහු සුජූද් කරන විටය. එබැවින් එහි අධික ලෙස අයැදිනු." (මුස්ලිම් 482)
15. පසුව අල්ලාහු අක්බර් යැයි පවසා සජදා දෙක අතර වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම ය. තම දෑත් කලව මත තබයි.
සලාතයේ වාඩි වී සිටිය යුතු අයුරු
16. සජදා දෙක අතර එක් වරක් "රබ්බිග් ෆිර්ලී" (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම. එය තුන් වරක් දක්වා වැඩි කිරීම සුන්නාවකි.
17. පසුව තක්බීර් පවසා සුජූද් කරයි. ආරම්භයේ සිදු කළාක් මෙන් ම දෙවන සුජූදයෙහි ද පිළිපදියි.
18. පසුව "අල්ලාහු අක්බර්" යැයි තක්බීර් පවසමින් ඍජූව නැගිටියි.
19. දෙවන රක්අතය ද සම්පූර්ණ ලෙස පළවෙනි රක්අතය මෙන් ඉටු කරයි.
20. දෙවන රක්අතයෙහි දෙවන සුජූදයෙන් පසු පළවෙනි තෂහ්හුදය සඳහා අසුන් ගනී. එහි අසුන් ගන්නා විට සුජූද් දෙක අතර අසුන් ගන්නාක් මෙන් අසුන් ගත යුතුයි. පසුව කිබ්ලා දිශාව වෙත තම දකුණු අතහෙි පිහිටි දබරැඟිල්ලෙන් සංඥා කරයි. තවද "අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." යැයි පවසයි. තේරුම: "සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතුය. එමෙන්ම සියලු ආශිර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතු ය.) අහෝ නබිතුමණි! ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන්ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි."
22. පසුව අවසන් රක්අතයෙහි දෙවන සුජූදයෙන් පසු අවසන් තෂහ්හුදය සඳහා අසුන් ගනී. එහි අසුන් ගැනීමේ ආකාරය වනාහි: . වම් කකුල දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගැනීම වේ. ප්‍රථම තෂහ්හුදයෙහි පැවසූ පාඨය මෙහි ද පැවසිය යුතුයි.
23. පසුව "අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි. මෙසේ සලාම් පැවසීමත් සමඟ මුස්ලිම්වරයකු තමා ඉටු කරන සලාතය අවසන් කරනු ඇත. ධර්ම දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ: "සලාතය තුළ සියල්ල තහනම් කරන්නේ තක්බීරයයි. ඒවා සියල්ල නැවතත් අනුමත කරන්නේ සලාම් පැවසීමයි." (අබූ දාවූද් 61, තිර්මිදි 3) එහි අර්ථ විවරණය වනාහි සලාතය තුළ කෙනෙකු පිවිසෙන්නේ තක්බීරය මඟින් හා එයින් පිටත් ව යන්නේ සලාම් පැවසීම මඟින් ය යන්නයි.
අනිවාර්ය වූ සලාතයක් අවසන් කළ පසු පහත සඳහන් අයුරින් පැවසීම සුන්නත් වේ:
අරාබි බසින් අල්-ෆාතිහා කටපාඩම් කිරීමට ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ, මන්ද එය වෙනත් කිසිදු භාෂාවකින් වලංගු නො වන බැවිනි. එසේ ම, සලාතයේ අනිවාර්ය පාඨයන් මතක තබා ගැනීමට ද ඔහු උත්සාහ කළ යුතු ය. ඒ අනිවාර්ය පාඨ වනාහි: අල්ෆාතිහා පරිච්ඡේදය, තක්බීර් පැවසීම, සුබ්හාන රබ්බියල් අළීම්, සමිඅල්ලාහු ලිමන් හමිදා, රබ්බනා ලකල් හම්දු, සුබ්හාන රබ්බියල් අඃලා, රබ්බිග් ෆිර්ලී හා තෂහ්හුද් මා නබි තුමාණන් හට සලවාත් පැවසීම හා අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පැවසීමයි.
ඒවා පාඩම් කරන තුරු ඔහු දැනුවත් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ් හෝ අල්ලාහු අක්බර් වැනි යම් හෝ මෙනෙහි කිරීමක් ඔහු කිව යුතුයි. නැතහොත් ඔහු දැනුවත් අල්කුර්ආන් වැකියක් ඍජූ ව සිට ගෙන සිටින ඉරියව්වෙහි පාරායනා කළ යුතුයි. මන්ද උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසා තිබේ: "ඔබට හැකි අයුරින් අල්ලාහ්ට බියබැතිමත් වනු" (අත් තඝාබුන්:16)
ඔහුගේ සලාතය විධිමත් කිරීම සඳහා (ඔහුට හැකි පමණින්) සාමූහික ව සලාතය ඉටු කිරීමට ඔහු ඉතා උනන්දු විය යුතු ය. මන්ද සලාතය මෙහෙය වන ඉමාම්වරයා විසින් ඔහු අනුගමනය කර සලාතය ඉටු කරන්නන්ගේ ඇතැම් අඩුපාඩු දරා ගනු ලැබේ.