දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සාමූහික සලාතය

සාමුහික සලාතය අල්ලාහ් විසින් මුස්ලිම්වරයකුට අනිවාර්ය කරන ලදී. මන්ද එමඟින් මුස්ලිම්වරුන් අතර වූ බැඳීම වර්ධනය වේ. මෙම ඒකකයෙහි එහි ක්‍රමය සහ ඒ හා බැඳුණු නීති ඔබ ඉගෙන ගනු ඇත.

  • සාමූහික සලාතයේ මහිමය පිළිබඳ දැනුවත් වීම.
  • මෙහෙයවන්නා ව අනුගමනය කිරීම පිළිබඳ දැන ගැනීම.
  • ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන පුද්ගලයා සහ ඔහු අනුගමනය කරන පුද්ගලයා හා බැඳුණු නීති දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අනිවාර්යය වූ පස් වේල් සලාතය ඉටු කිරීමේ දී ඒවා සාමූහිකව ඉටු කිරීම අල්ලාහ් විසින් නියෝග කරන ලද කරුණකි. එහි මහිමය වනාහි ඒ සඳහා ඉමහත් වේතනයක් ලැබෙනු ඇත. නබි (සල්ලල්ලාහු අලයෙහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ: "සාමූහික සලාතය තනිව ඉටු කරනු ලබන සලාතයට වඩා විසිහත් ගුණයකින් ශ්‍රේෂ්ඨ වේ." (බුහාරි 619, මුස්ලිම්650)

සාමූහික සලාතයක් සිදු කිරීම සඳහා සිටිය යුතු අවම ප්‍රමාණය පුද්ගලයන් දෙකකි. ඉන් එක්කෙනෙකු සලාතය මෙහෙයවන්නා සහ අනිත් කෙනා ඔහුව අනුගමනය කරන්නා ය. සාමූහික සලාතයෙහි පුද්ගලයින් අධික වන්නේ නම් එය අල්ලාහ් ඇලුම් කරයි.

අනුගමනය කිරීම යන්නෙහි තේරුම.

සලාතය ඉටු කරන්නෙකු තම සලාතය එය මෙහෙයවන අයකු සමඟ සම්බන්ධ කර ඔහුගේ රුකූඋ, සුජූද් යනාදී ඉරියව්වන්හි ඔහුව අනුගමනය කර ඔහුගේ පාරායනයට සවන් දී සලාතය ඉටු කිරීම වේ. ඔහු ඒ කිසිවකදී ඔහුට පෙර හෝ පටහැනිව කිසිවක් නො කරයි. ඒ වෙනුවට ඔහු මෙහෙයවන්නාට පසුව වහා ම එම ක්‍රියාවන් සිදු කරයි.

මෙහෙයවන්නා ව අනුගමනය කිරීම.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ: "සලාතයේ මෙහෙයවන්නෙකු පත් කර ඇත්තේ ඔහුව අනුගමනය කිරීම පිණිස ය. ඔහු තක්බීර් පැවසූ විට ඔබ ද තක්බීර් පවසන්න. ඔහු තක්බීර් පැවසීමට පෙර ඔබ තක්බීර් නො පවසන්න. ඔහු රුකූඋ කරන තුරු ඔබ රුකූඋ නො කරන්න. තවද 'සම්අල්ලාහු ලිමන් හමිදා' යනුවෙන් පැවසූ විට 'රබ්බනා වලකල් හම්දු' යනුවෙන් පවසන්න. ඔහු සුජූද් කළේ නම් ඔබ ද සුජූද් කරන්න. ඔහු සුජූද් කරන තුරු ඔබ සුජූද් නො කරන්න. (බුහාරි 701, මුස්ලිම් 414, අබූ දාවූද් 603)

ඉමාමත් කිරීමට සුදුස්සන්

මැනවින් අල්-කුර්ආනය කට පාඩම් කළ එය හොඳින් කියවන්නට හැකියාව ඇති අයෙකු ඒ සඳහා ඉදිරිපත් කරනු ලැබේ. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "පිරිසකට ඔවුන් අතුරින් අල්-කුර්ආනය හොඳින් පාරායනය කරන කෙනෙකු සලාතය මෙහෙයවයි. ඔවුන් සියල්ලෝ ම පාරායනා කිරීමේ හැකියාවෙහි එක හා සමාන නම් ඔවුන් අතුරින් සුන්නාහ් ව හොඳින් දන්නා එය මෙහෙයවයි." (මුස්ලිම් 673)

ඉමාම් හා මඃමූම් යන අය සිට ගත යුත්තේ කෙසේ ද?

ඉමාම් ඉදිරියට යා යුතු අතර, ඔහුට පිටුපසින් සලාතය කරන අය පේළියක පෙළ ගැසී පළමු පේළිය සම්පූර්ණ කළ යුතු ය. ඉන් පසු දෙවන ප‍ේළිය ආරම්භ කළ යුතුයි. එක් මඃමූම්වරයෙක් පමණක් සිටී නම් ඉමාම්වරයාට දකුණින් සිට ගෙන සලාතය කරයි.

ඉමාම් සමඟ මග හැරුණු දේ සම්පූර්ණ කරන්නේ කෙසේ ද?

සලාතයෙන් යම් කොටසක් අතපසු වූ පසු කවුරුන් හෝ ඉමාම් සමඟ සලාතයට ඇතුළු වන්නේ ද, ඉමාම් සලාම් පවසන තෙක් ඔහු ඔහුව අනුගමනය කර පසුව ඔහුගේ සලාතයේ ඉතිරි කොටස සම්පූර්ණ කරයි. ඉමාම්වරයා සමඟ ඉටු කළ ගණන සහ තමන්ට ඉතිරි ව ඇති ගණන ඔහු නිර්ණය කර ඒ අනුව සලාතය අවසන් කරයි.

එක් රක්අතයක් සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේ ද?

කවරෙකුට ඉමාම් සමග රුකූඋ කිරීමට අවස්ථාව ලැබුණේ ද ඔහු රකඅතයක් හිමි කර ගත්තේ ය. කවරෙකුට කිරීමට අවස්ථාව අහිමි වන්නේ ද ඔහු මෙම රකඅතය මෙන් ම ඊට පෙර වූ සියළු රක්අතයන් අහිමි කර ගත්තේ ය. එනමුත් ඔහු ඉමාම් සමඟ සලාතයට පිවිසේ. ඉමාම් සලාම් පැවසූ පසු මොහු නැගිට ඔහුට අතපසු වූ සලාතයේ ඉතිරි කරුණු සම්පූර්ණ කරයි.

ඉමාම් සමඟ සලාතයේ ආරම්භය මග හැරුණු අය පිළිබඳ උදාහරණ

කවුරුන් හෝ ෆජ්ර් සලාතයේ දෙවන රක්අත්හි ඉමාම් සමඟ සම්බන්ධ වන්නේ නම්, ඔහු ඉමාම්ගේ සලාමයෙන් පසුව, ඔහු ඉතිරි රක්ආත් සම්පූර්ණ කිරීමට නැඟී සිටිය යුතු අතර ඔහු එය අවසන් කරන තුරු සලාම් නො පවසයි; මක්නිසාද යත් ෆජ්ර් සලාතය රක්අත් දෙකක් වන අතර ඔහුට ඉමාම් සමඟ සම්බන්ධ වීමට හැකි වූයේ ඉන් එකක් පමණි.

මග්රිබ් සලාතයේ අවසාන තෂහ්හුද්හි සිටින විට ඉමාම් සමඟ සම්බන්ධ වූයේ නම් ඉමාම්ගේ සලාමයෙන් පසු ඔහු සම්පූර්ණ රකආත් තුනක් ඉටු කළ යුතු ය. මක්නිසාද යත් ඔහු අවසාන තෂහ්හුද්හි ඉමාම් සමඟ සම්බන්ධ විය. රකආතයක් ලෙස ගණන් ගනු ලබනුයේ ඉමාම් රුකූ ඉරියව්වෙහි සිට නැගිටීමට පෙර පැමිණ සම්බන්ධ වූයේ නම් පමණි.

යමෙක් ළුහර් සලාතයේ තුන් වන රකඅතෙහි සිටිය දී ඉමාම් සමඟ සම්බන්ධ වන්නේ ද ඔහු ඉමාම් සමඟ රකආත් දෙකක් ලබා ගනී. (ඔහු විෂයෙහි ඒවා ළුහර්හි පළමු රකආත් දෙක වේ) ඉමාම් සලාම් ප්‍රකාශ කළ පසු ඔහු නැගී සිට ඉතිරිව ඇති දේ සම්පූර්ණ කළ යුතු ය. එය ඔහු විෂයෙහි තුන් වන සහ හතර වන රකආත් වේ, මන්ද ළුහර් සලාතය රකආත් හතරක් වන බැවිනි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.