වත්මන් කොටස: model:
පාඩම ශීත සෘතුව යන්නෙහි අදහස
ශීත සෘතුව යනු කාලගුණ සෘතු හතරින් එක් සෘතුවක් වන අතර එය සර්වබලධාරි දෙවියන් විසින් මහත් වූ හේතූන් සඳහා නියම කර ඇත.
“ශීත” සෘතුව ”යන වචනය ශුද්ධ වූ අල් කුර්ආනයෙහි සඳහන් වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර එය සූරා කුරෙයිෂ්හි ඇත. උත්තරීත අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: { කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, ශීත හා ග්‍රීෂ්ම ඍතුවන් හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද. (කුරෙයිෂ් 1-2)} කුරෙයිෂ් වරුන් ශීත ඍතුවෙහි යේමනය දෙසට (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑම සහ රීෂ්ම ඍතුවෙහි ෂාම් දෙසට (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යැම ඔවුන්ගේ පුරුද්දකි.
ශීත සෘතුව ග්‍රීෂ්ම සෘතිවට අනුරූප වන අතර සරත් සෘතුව හා වසන්තය ඒ දෙක වෙන්කරවන කාල මෙන් පවතී. වසරට සෘතු දෙකක් ඇත: ගිම්හානය සහ ශීත කාලය වේ යැයි සමහර විද්වතුන් පැවසුවේ මේ හේතුව නිසා ය.
ශීත සෘතුව වනාහි එය සර්වබලධාරි දෙවියන්ගේ බලයේ ප්‍රකාශනයකි.
ශීත සෘතුව වනාහි එය සර්වබලධාරි දෙවියන්ගේ බලයේ ප්‍රකාශනයකි. මන්ද ඔහු රාත්‍රිය සහ දිවා කාලය, උණුසුම සහ සීතල, ගිම්හානය සහ ශීත සෘතුව මාරුවෙන් මාරුවට ඇති කරන බැවිනි. උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.(03:190)} මෙම වෙනස ස්වාභාවික හේතූන් නිසා වුවද, අල්ලාහ් වන ඔවු ම ය මෙම හේතු නිර්මාණය කළේ. ඔහුගේ ප්‍රඥාව හා දයාවේ බොහෝ ප්‍රකාශනයන් ඒ හේතූන් තුළ ඇත.
ශීත සෘතුව යනු කාලයෙන් ප්‍රයෝජන ගැනීම සහ ආශීර්වාද සිහිපත් කිරීම සඳහා වූ අවස්ථාවකි
මිනිසා ප්‍රයෝජනවත් ලෙස ගත කිරීමට අපොහොසත් වන, ගෙවී යන කාලය පිළිබඳ නැවත මතක් කර ගැනීමට ශීත සෘතුව හා කාල භේදය අවස්ථාවකි. මෙවැනි කාල බේද හේතුවෙන් කෙනෙකුට පෙර ශීත සෘතුව සහ එය ඉක්මණින් ගෙවී ගිය ආකාරය සිහිපත් වී අලුතින් පැමිණි කාලය පෙර පැවති අඩුපාඩු සපුරාලීමට වූ අවස්ථාවක් වේ යනුවෙන් වටහා ගනී.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කළේ ඔහුය.} (අල් ෆුර්කාන්:62) උමර් බින් අල් කත්තාබ්තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: ඔබට ඔබේ රාත්‍රී වේලාවෙන් අතපසු වූ දෑ දහවල් කාලයේ ලබා ගන්න යුහුසුලු වන්න. මන්ද සැබැවින්ම අල්ලාහ් උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කර ඇත.
ශීත කාලය යනු ලොම්, උපකරණ ආදියෙන් අල්ලාහ් දායාද කළ ආශීර්වාද සිහිපත් කිරීමට වූ අවස්ථාවකි. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: (තවද ගොවිපළ සතුන් ද ඔහු ඒවා නුඹලා වෙනුවෙන් මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා එවායින් අනුභව කරන්නෙහුය.) (අන් නහ්ල්: 5) එම ආශිර්වාද කෘතවේදයට ලක් විය යුත්තන් ය. (නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින්ම මම නුඹලාට අධික කර දෙමි. නමුත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩි ය.) (ඉබ්රාහීම්: 7)
අධි සීතලය එක් පාඩමක් සහ දේශනයකි, එය අල්ලාහ්ගේ දූතයාණන්හගේ ප්‍රකාශ වලින් අපට උපුටා ගත හැක. වරක් එතුමාණන් මෙසේ වදාලහ: නරකාදිය එහි පරමාධිපති වෙත අහෝ දෙවිඳුනි! මාගේ කොටසක් මාගේ තවත් කොටසක් විනාශ කර දමා ඇතැයි පැමිණිලි කළේය:. එවිට අල්ලාහ් හුස්ම දෙකක් හෙලීම සඳහා එයට අවසරය ලබා දුන්හ. එයින් එකක් ශීත සෘතුවෙහි සහ අනෙක ග්‍රීෂ්ම සෘතිවෙහි ය. ඔබලාට දැනෙන අධික තාපය සහ ඔබලාට දැනෙන අධික සීතල එයයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
නරකාදියෙහි වැසියන් තාපයෙන් දඬුවමට බාජනය වනවාක් මෙන් සීතලෙන් ද දඬුවමට බාජනය වේ. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති. නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ තුවාල වලින් ගලන) සැරව මිස. (වෙන කිසිවක් නැත) (එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි. (අන්නබා: 24-26) මෙම වැකියෙහි සඳහන් ගස්සාක් යනු උනු වී යන අධික සීතල යන්න එයින් අදහස් වේ. නරකාදියේ වැසියන් තාපයෙන් තමන් ම ආරක්ෂා කරනු මෙන් උදවු ඉල්ලා සිටින අවස්ථාවක ඔවුනට සීතල සුළඟින් ඔවුනට උදවු කරනු ලැබේ. එනමුත් එහි සීතල හේතුවෙන් ඇටකටු කැඩෙනු ඇත. පසුව නැවතත් තාපය නරකාදියේ තාපය සොයා අල්ලාහ්ගෙන් උදවු ඉල්ලති. මෙවැනි තත්ත්වයෙන් ආරක්ෂාව අප අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු.
ඇතැම් සැදැහවතුන් විසින් මෙසේ පවසා ඇත: හිම වැටෙන බවක් මා දුටුවේ නම් රැස්වීම් හා ප්‍රකාශන (අවසන්) දිනයේ පුස්තකයන් පියාසර කිරීම මට මතක් වේ.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.