දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව සාක්ෂි දැරීම

ඉස්ලාමයේ සාක්ෂි දැරීම් දෙකක් පවතින අතර ඒවා නම් "අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බව සහ දේවදූත මුහම්මද් තුමාණෝ උන්වහන්සේගේ දේවදූතයෙකු බව සාක්ෂි දැරීම". එම සාක්ෂි දැරී‌මේ පාඨවලට ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨතම හා වඩාත් ගෞරවනීය ස්ථානයක් හිමිය. මෙම පාඩම තුළින් "අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බව සාක්ෂි දැරී‌මේ" පාඨය පිළිබඳ සහ ඉස්ලාම් දහම තුළ එහි ශ්‍රේෂ්ඨත්වය මෙන් ම ගෞරවනීය ස්ථානය පිළිබඳ ව ද හදාරන්නෙමු.

  • "අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බව සාක්ෂි දැරී‌මේ"  පාඨය පිළිබඳ  හඳුනාගැනීම.
  • එහි ශ්‍රේෂ්ඨත්වය මෙන් ම ගෞරවනීය ස්ථානය පිළිබඳ ව  හඳුනාගැනීම.
  • "අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බව සාක්ෂි දැරී‌මේ"  පාඨයේ මූලිකාංග පිළිබඳ හඳුනාගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉස්ලාමය ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ඒක දේවවාදයේ වදන වෙනුවෙන් ශ්‍රේෂ්ඨඨත ම හා වඩාත් ම ගෞරවණීය ස්ථානයක් ලබා දී ඇත.

ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි මහඟුභාව ය.

١
මුස්ලිම්වරයෙකුගේ පළමු යුතුකම වන්නේ ද එයයි. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨ වීමට කැමති යම් කෙනෙකු වේ නම් ඒක දේවවාදයේ වදන විශ්වාස කර එය මුවින් ප්‍රකාශ කළ යුතු වේ.
٢
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කර දැඩි විශ්වාසයෙන් යුතු ව එම වදන කවරෙකු පවසන්නේ ද නිරා ගින්නෙන් ගැලවීමට එය හේතුවක් වේ. නබි (සල්) තුමාණෝ මෙසේ වදාලහ “ අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැතැයි පවසන අයට නිරය දෙවියන් විසින් තහනම් කර ඇත. (බුහාරි 415)
٣
කවරෙකු මෙම වදන මත විශ්වාස තබමින් මරණයට පත් වන්නේ ද, ඔහු ස්වර්ගයට අයත් අයවළුන් අතුරිනි. ඒ බව අඟවමින් නබි (සල්) තුමාණන් මෙසේ වදාල ඇත: කවරෙකු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව අවබෝධ කරමින් මිය යන්නේ ද ඔහු ස්වර්ගයට ඇතුළු වේ. (අහ්මද්: 464)

එබැවින්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් අයෙකු නොමැත යන්න පිළිබඳ මනා අවබෝධය අනිවාර්ය වීම සෙසු අනිවාර්ය කරුණු අතුරින් ශ්‍රේෂ්ඨතම හා මුඛ්‍ය කරුණකි.

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවකු නොමැත යන්නෙහි අර්ථය

එනම්: ඒකීය අල්ලාහ් හැර සැබැවින් ම නැමදුමට ලක් වන කිසිවකු නොමැත යන්න එහි අර්ථයයි. උත්තරීතර අල්ලාහ් පමණක් දේවත්වයට සම්පූර්ණයෙන් යෝග්‍ය බව ස්ථීර කිරීම හා කිසිදු ආදේශයක් නොමැති ඒකීය අල්ලාහ් හැර අන් සියල්ල දේවත්වයට සුදුසු නොමැතැයි ප්‍රතික්ෂේප කිරීම ද එහි අර්ථයකි.

දෙවියෙක් යනු: හදවත් ඔහුට යටත් ව නැමදුමට ලක් වන තැනැත්තා ය. එහෙයින් එම හදවත් ඔහු ව මහිමයට පත් කරයි, ඔහුට ඇරයුම් කරයි, ඔහුට බිය වෙයි, ඔහු කෙරෙහි බලාපොරොත්තු තබයි. යම් මිනිසෙකු යම් දෙයකට යටත් වී ඒ ඉදිරියේ බැගෑපත් වී, එයට ආදරය කර ඒ කෙරෙහි බලාපොරොත්තු තබන්නේ නම්, එම මිනිසා විසින් ඒ දේ දෙවියෙකු හා නැමදුමට සුදුස්සෙකු ලෙස ගෙන ඇති බව අදහස් වේ. ඒ අයුරින් නැමදුමට ලක් වන සියලු දෑ අවලංගු වී යනුු ඇත. එක් දෙවියකු හැර. ඔහු නම් උත්තරීතර මැවුම්කරුවාණන් හා පරමාධිපති වූ අල්ලාහ් පමණි.

සර්වපරාක්‍රමයාණන් වන ඔහු නමස්කාර කිරීමට සුදුස්සා ය. නමස්කාර කිරීමට අන් කිසි‌වකුත් සුදුසු නො වේ. ප්‍රේමය, ගෞරවය හා උත්කර්ෂය, බැගෑපත් වීම, යටත් වීම, බිය, විශ්වාසය සහ අයැදීම යනා දී දේවලින් හදවතින් ම නමස්කාර කරනු ලබන්නේ ඔහු ම ය. අල්ලාහ් හැර අන් කිසිවකුගෙන් ඇරයුම් නො කළ යුතුය. ඔහුගෙන් හැර අන් කිසිවකුගෙන් උදවු උපකාර නො පැතිය යුතු ය. ඔහු මත හැර අන් අය මත විශ්වාසය නො තැබිය යුතු ය. ඔහු‌ට හැර අන් අයට නැමදුම් නො කළ යුතු ය. ආගමික චේතනාවෙන් සත්ව කැපය ඔහු සඳහා පමණක් කැප කළ යුතු ය.එමෙන් ම ඔහුට වන්දනාමාන කිරීමේ දී අවංක චේතනාව අති වැදගත් ය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ අවධාරණය කර ඇත: (පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමට මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. ) (අල්-බය්යිනා: 4).

අවංක චේතනාවෙන් හා ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන පදයෙහි අර්ථය සාක්ෂාත් කරමින් කවරෙකු අල්ලාහ්ට වන්දනාමාන කරන්නේ ද ඔහු ඉමහත් සතුටින් මෙන් ම සුන්දර සෞභාග්‍යමත් ජීවිතයක් මෙලොවෙහි ගත කරනු ඇත. සැබැවින් ම හදවත් කෙරෙහි සැබෑ සන්තෘප්තියක් මෙන් ම සන්සුන්බවක් ඇති වන්නේ අල්ලාහ් ට පමණක් නැමදුම ඉටු කිරීම මඟිනි. ඒ බව උත්තරීතර අල්ලාහ් මෙසේ අවාධාරණය කර ඇත: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසවන්තයකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු." (අන් නහ්ල්: 97)

ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි කුළුණු

١
ප්‍රථම කුළුණ: (ලා ඉලාහ) එහි අදහස අල්ලාහ්ට හැර අන් කිසිවකුට නැමදුම් කිරීම ප්‍රතික්ෂේප කර ඔහුට ආදේශ කිරීමෙන් වැළකී සිට ඔහු හැර නැමදුමට ලක් වන සියල්ල ප්‍රතික්ෂේප කිරීම ද අනිවාර්ය වේ යන්නයි. ඒ නැමදුමට ලක් වන දෑ මිනිසෙකු වුව ද, සත්වයෙකු වුව ද, පිළිමයක් වුව ද, ග්‍රහ වස්තු හෝ වෙනත් දෙයක් වුව ද එක ය.
٢
දෙවන කුළුණ: (ඉල්ලල්ලාහු) එහි අදහස් වන්නේ අල්ලාහ්ට පමණක් නැමදුම තහවුරු කර සලාතය, දුආ ඉල්ලීම හා බාරවීම යනාදී සියලු වත්පිළිවෙත් හරහා අල්ලාහ්ව ඒකීයට පත් කිරීම වේ.

සෑම ආකාරයේ වන්දනාමාන හවුල් කරුවෙකු නොමැති ඒකීය අල්ලාහ් වෙනුවෙන් පමණක් සිදු කළ යුතුය. එබැවින් යම් හෝ කෙනෙකු විසින් අල්ලාහ්ට හැර වෙනත් කෙනෙකුට එයින් යමක් සිදු කරන්නේ නම් ඔහු අල්ලාහ්ට ආදේශයක් තැබූ බව සනාථ වේ. උත්තරීතර අල්ලාහ් ඒ පිළිබඳ මෙසේ අවධාරණය කරයි: "තවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන් ම දේව ප්‍රතික්ෂේපකයෝ ජය නො ලබනු ඇත." (අල් මුඃමිනූන්: 117)

ලා ඉලාහ ඉල්ලල්ලාහි අර්ථය හා එහි මූලික කරුණු පිළිබඳ සටහනක් මෙම අල්කුර්ආන් වැකියෙහි සඳහන් වේ: "එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගන්නේ ය. එයට විසන්ධි වීමක් නොමැත."(අල් බකරා: 256) මෙහි "කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට" යන්නෙන් පළමු මූලික කරුණ පිළිබඳ අර්ථ විවරණය හා "අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද" යන කොටසින් දෙවන මූලික කරුණ පිළිබඳ අර්ථ විවරණය සඳහන් වේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.