වත්මන් කොටස: model:
පාඩම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව සාක්ෂි දැරීම
ඉස්ලාමය ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ඒක දේවවාදයේ වදන වෙනුවෙන් ශ්‍රේෂ්ඨඨත ම හා වඩාත් ම ගෞරවණීය ස්ථානයක් ලබා දී ඇත.
ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි මහඟුභාව ය.
එබැවින්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් අයෙකු නොමැත යන්න පිළිබඳ මනා අවබෝධය අනිවාර්ය වීම සෙසු අනිවාර්ය කරුණු අතුරින් ශ්‍රේෂ්ඨතම හා මුඛ්‍ය කරුණකි.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවකු නොමැත යන්නෙහි අර්ථය
දෙවියෙක් යනු: හදවත් ඔහුට යටත් ව නැමදුමට ලක් වන තැනැත්තා ය. එහෙයින් එම හදවත් ඔහු ව මහිමයට පත් කරයි, ඔහුට ඇරයුම් කරයි, ඔහුට බිය වෙයි, ඔහු කෙරෙහි බලාපොරොත්තු තබයි. යම් මිනිසෙකු යම් දෙයකට යටත් වී ඒ ඉදිරියේ බැගෑපත් වී, එයට ආදරය කර ඒ කෙරෙහි බලාපොරොත්තු තබන්නේ නම්, එම මිනිසා විසින් ඒ දේ දෙවියෙකු හා නැමදුමට සුදුස්සෙකු ලෙස ගෙන ඇති බව අදහස් වේ. ඒ අයුරින් නැමදුමට ලක් වන සියලු දෑ අවලංගු වී යනුු ඇත. එක් දෙවියකු හැර. ඔහු නම් උත්තරීතර මැවුම්කරුවාණන් හා පරමාධිපති වූ අල්ලාහ් පමණි.
සර්වපරාක්‍රමයාණන් වන ඔහු නමස්කාර කිරීමට සුදුස්සා ය. නමස්කාර කිරීමට අන් කිසිවකුත් සුදුසු නො වේ. ප්‍රේමය, ගෞරවය හා උත්කර්ෂය, බැගෑපත් වීම, යටත් වීම, බිය, විශ්වාසය සහ අයැදීම යනා දී දේවලින් හදවතින් ම නමස්කාර කරනු ලබන්නේ ඔහු ම ය. අල්ලාහ් හැර අන් කිසිවකුගෙන් ඇරයුම් නො කළ යුතුය. ඔහුගෙන් හැර අන් කිසිවකුගෙන් උදවු උපකාර නො පැතිය යුතු ය. ඔහු මත හැර අන් අය මත විශ්වාසය නො තැබිය යුතු ය. ඔහුට හැර අන් අයට නැමදුම් නො කළ යුතු ය. ආගමික චේතනාවෙන් සත්ව කැපය ඔහු සඳහා පමණක් කැප කළ යුතු ය.එමෙන් ම ඔහුට වන්දනාමාන කිරීමේ දී අවංක චේතනාව අති වැදගත් ය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ අවධාරණය කර ඇත: (පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමට මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. ) (අල්-බය්යිනා: 4).
අවංක චේතනාවෙන් හා ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන පදයෙහි අර්ථය සාක්ෂාත් කරමින් කවරෙකු අල්ලාහ්ට වන්දනාමාන කරන්නේ ද ඔහු ඉමහත් සතුටින් මෙන් ම සුන්දර සෞභාග්‍යමත් ජීවිතයක් මෙලොවෙහි ගත කරනු ඇත. සැබැවින් ම හදවත් කෙරෙහි සැබෑ සන්තෘප්තියක් මෙන් ම සන්සුන්බවක් ඇති වන්නේ අල්ලාහ් ට පමණක් නැමදුම ඉටු කිරීම මඟිනි. ඒ බව උත්තරීතර අල්ලාහ් මෙසේ අවාධාරණය කර ඇත: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසවන්තයකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු." (අන් නහ්ල්: 97)