වත්මන් කොටස: model:
පාඩම ෂිර්ක් හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ආදේශ තැබීම.
ෂිර්ක් යන්නෙහි අර්ථය කුමක් ද?
ෂිර්ක් කිරීම හෙවත් ආදේශ තැබීමට අදාළ නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
ෂිර්ක් හි බරපතලකම සහ අන්තරාය
ෂිර්ක් කිරීම, යහක්‍රියා සියල්ල විනාශ කර දමනු ඇත. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “ඔවුන් (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට) ආදේශ තැබුවහොත් ඔවුන් කරමින් සිටි යහක්‍රියා සියල්ල විනාශ වී යනු ඇත.” (සූරා අල් අන්ආම් - 28)
ෂිර්ක් කිරීම මඟින් කෙනෙකුට සදාතනික ව ම නිරයේ සිටීමට සිදු වේ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “කවරෙකු (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි) ආදේශ තබන්නේ ද නියත වශයෙන් ම උත්තරිතර අල්ලාහ් දෙවිඳාණෝ ඔහුට ස්වර්ගය තහනම් කරති. (පරලොව) ඔහුගේ වාසස්ථානය නිරය යි.” (සූරා අල්මාඉදා - 72)
ෂිර්ක්හි ප්‍රභේද
මහා ෂිර්ක් යනු යම් ඉබාදතයක් උත්තරිතර අල්ලාහ් දෙවිඳාණන් නො වන වෙනත් කෙනෙකු හෝ දෙයක් වෙත ඉටු කිරීම. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ යම් ඉබාදතයක ඇති සෑම ප්‍රකාශයක් ම හා ක්‍රියාවක් ම ප්‍රිය කරති. එබැවින්, එය උන්වහන්සේ හැර වෙනත් කෙනෙකුට හෝ දෙයකට ඉටු කිරීම මහා ෂිර්කයක් හෙවත් කුෆ්ර් (උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීමක්) වේ. මීට නිදසුන් ලෙස, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නො වන වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම, උන්වහන්සේ හැර වෙනත් කෙනෙකුගෙන් තම රෝගය සුව කර දෙන මෙන් අයැඳ සිටීම, තම ධනය වර්ධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම, උන්වහන්සේ මත පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේට හැර වෙනත් කෙනෙකුට වැඳ නමස්කාර කිරීම යනාදිය සඳහන් කළ හැකි ය.
මෙවැනි ඉබාදතයන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙනත් අයෙකුට ඉටු කිරීම මහා ෂිර්ක් හා කුෆ්ර් (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව ප්‍රතික්ෂේප කිරීම) වේ. මන්ද යත්, රෝග නිවාරණය හා ධනය, ආහාර පාන ඇතුළු මෙලොව දිවියට අවශ්‍ය දෑ ලබා දීම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ රුබූබියියත් හෙවත් පරමාධිපතීත්වයෙහි සුවිශේෂී ලක්ෂණ වේ. එමෙන් ම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේට සිරස බිම තබා සුජූද් කිරීම උන්වහන්සේගේ උලුව්හියියත් හෙවත් දේවත්වයෙහි මූලික යථාර්ථයන් වේ.
සුළු ෂිර්ක්
සුළු ෂිර්ක්වලට අදාළ නිදසුන්
ජීවත් ව සිටින මිනිසුන්නේ උදව් පැතීම ෂිර්ක් ක්‍රියාවක් වන්නේ ද?
මළවුන්ගෙන් හා අප්‍රාණික දෙයකින් උදව් පැතීම ඉස්ලාමයට පටහැනි ෂිර්ක් ක්‍රියාවකි. මන්ද යත්, මළවුන්ට හා අප්‍රාණික දෙයකට එම ප්‍රාර්ථනාවලට සවන් දීමට හෝ එම ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දීමට හැකියාවක් නොමැත. ප්‍රාර්ථනා කිරීම හා උදව් පැතීම ඉබාදතයකි. එනිසා, එම ඉබාදතය උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙනත් කෙනෙකුට හෝ දෙයකින්ට ඉටු කිරීම ෂිර්ක් වේ. නබිතුමාණන් ව දේව දූතයෙකු වශයෙන් යවන අවස්ථාවේ දී අරාබිවරු මළවුන්ගෙන් හා අප්‍රාණික දේවල්වලින් උදව් පැතීම හා ප්‍රාර්ථනා කිරීම යන ෂිර්ක් ක්‍රියාවෙහි නියැලෙමින් සිටියහ.