දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ෂිර්ක් හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ආදේශ තැබීම.

තව්හීද් (ඒකදේවවාදය) හි ප්‍රතිවිරුද්ධ දෙය වන්නේ ෂිර්ක් (බහුදේවවාදය) යි. මෙයයි ලොකු ම පාපය. මෙම පාඩමෙන් ඔබ ෂිර්ක් යන්නෙහි තේරුම, එහි හානිය සහ වර්ග පිළිබඳව ඉගෙන ගනු ඇත.

  • ආදේශ තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීම.
  • ශිර්ක්වල භයානකකම දැන සිටීම.
  • ශිර්ක්හි වර්ග පිළිබඳ දැනුම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ෂිර්ක් යන්නෙහි අර්ථය කුමක් ද?

ෂිර්ක් යනු “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ රුබූබියිත් (පරමාධිපතීත්වය), උලුව්හියියත් (දේවත්වය) හා අස්මා වස්සිෆාත් (අලංකාර නාම හා උතුම් ගුණාංග) යනාදියෙහි උන්වහන්සේට හවුල්කරුවෙකු හෝ ආදේශකයක් තැබීම” වේ.

ෂිර්ක් කිරීම හෙවත් ආදේශ තැබීමට අදාළ නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

١
රුබූබියියාවට අදාළ ෂිර්ක් හෙවත් ආදේශ තැබීම: කෙනෙකු මෙම විශ්වයෙහි නිර්මාතෘ උන්වහන්සේ හැර වෙනත් කෙනෙකු යනුවෙන් ද උන්වහන්සේ සමඟ මෙම විශ්වය හසුරුවන තවත් හවුල්කරුවෙකු ඇතැයි යනුවෙන් ද විශ්වාස කිරීම.
٢
උලුව්හියියාවට අදාළ ෂිර්ක් හෙවත් ආදේශ තැබීම: කෙනෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හැර වෙනත් කෙනෙකු ව හෝ වෙනත් යමක් නැමදීම උන්වහන්සේ හැර වෙනත් කෙනෙකු හෝ වෙනත් යමකින් ප්‍රාර්ථනා කිරීම.
٣
අස්මා වස්සිෆාතයට අදාළ ෂිර්ක් හෙවත් ආදේශ තැබීම: කෙනෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව උන්වහන්සේගේ මැවීම්හි යම් දෙයකට සමාන කිරීම.

ෂිර්ක් හි බරපතලකම සහ අන්තරාය

ෂිර්කය, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දේවත්වය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමනු ඇත. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ඒකීයත්වය පිළිබඳ විශ්වාස කිරීම හා උන්වහන්සේට පමණක් ඉබාදත් කිරීම මිනිසා විසින් දෙවිඳාණන්ට ඉටු කළ යුතු වගකීම් හා කර්තව්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨතම හා උතුම් ම කර්තව්‍යය වනවා සේ ම, ෂිර්ක් හෙවත් ආදේශ තැබීම පාපයන් අතුරින් මහා පාපය වේ. එමෙන් ම, අවංක ව තව්බා කිරීමෙන් තොර ව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් සමාව ලබා නො දෙන එක ම පාපය ෂිර්කය යි. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ දේශනා කරති. “නියත වශයෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ තමන්ට ආදේශ තැබීම සඳහා පාපක්ෂමාව ලබා නො දෙන අතර, ඒ හැර අනෙකුත් සියලු ම පාපයන් සඳහා තමන් කැමති උදවියට සමාව ලබා දෙති.” (සූරා අන්නිසා - 48) “දේව දූතයාණන්ගෙන් ‘උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අබියස ඉමහත් ම පාපය කුමක් දැ’යි විමසූ අවස්ථාවේ දී ‘උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔබ ව මවා තිබිය දී උන්වහන්සේට ආදේශයක් තැබීම’ යනුවෙන් එතුමාණෝ පිළිතුරු දුන්හ.” (බුහාරි - 4207, මුස්ලිම් - 86)

ෂිර්ක් කිරීම, යහක්‍රියා සියල්ල විනාශ කර දමනු ඇත. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “ඔවුන් (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට) ආදේශ තැබුවහොත් ඔවුන් කරමින් සිටි යහක්‍රියා සියල්ල විනාශ වී යනු ඇත.” (සූරා අල් අන්ආම් - 28)

ෂිර්ක් කිරීම මඟින් කෙනෙකුට සදාතනික ව ම නිරයේ සිටීමට සිදු වේ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “කවරෙකු (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි) ආදේශ තබන්නේ ද නියත වශයෙන් ම උත්තරිතර අල්ලාහ් දෙවිඳාණෝ ඔහුට ස්වර්ගය තහනම් කරති. (පරලොව) ඔහුගේ වාසස්ථානය නිරය යි.” (සූරා අල්මාඉදා - 72)

ෂිර්ක්හි ප්‍රභේද

١
මහා ෂිර්ක්
٢
සුළු ෂිර්ක්

1. මහා ෂිර්ක්

මහා ෂිර්ක් යනු යම් ඉබාදතයක් උත්තරිතර අල්ලාහ් දෙවිඳාණන් නො වන වෙනත් කෙනෙකු හෝ දෙයක් වෙත ඉටු කිරීම. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ යම් ඉබාදතයක ඇති සෑම ප්‍රකාශයක් ම හා ක්‍රියාවක් ම ප්‍රිය කරති. එබැවින්, එය උන්වහන්සේ හැර වෙනත් කෙනෙකුට හෝ දෙයකට ඉටු කිරීම මහා ෂිර්කයක් හෙවත් කුෆ්ර් (උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීමක්) වේ. මීට නිදසුන් ලෙස, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නො වන වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම, උන්වහන්සේ හැර වෙනත් කෙනෙකුගෙන් තම රෝගය සුව කර දෙන මෙන් අයැඳ සිටීම, තම ධනය වර්ධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම, උන්වහන්සේ මත පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේට හැර වෙනත් කෙනෙකුට වැඳ නමස්කාර කිරීම යනාදිය සඳහන් කළ හැකි ය.

١
ඔබලාගේ පරමාධිපතියාණෝ මෙසේ පවසති. ‘ඔබලා මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මම ඔබලාගේ ප්‍රාර්ථනාවලට පිළිතුරු දෙන්නෙමි.” (සූරා ගාෆිර් - 60)
٢
“නුඹලා සැබෑ විශ්වාසවන්තයින් නම් උත්තරීතර අල්ලාහ් කෙරෙහි පූර්ණ විශ්වාසය තබනු.” (සූරා අල්මාඉදා - 23)
٣
“ඔබලා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට සිරස බිම තබා සුජූද් කරන්න. තවද, උන්වහන්සේ වෙනුවෙන් සතුන් කැප කරන්න.” (සූරා කව්සර් - 2)

මෙවැනි ඉබාදතයන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙනත් අයෙකුට ඉටු කිරීම මහා ෂිර්ක් හා කුෆ්ර් (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව ප්‍රතික්ෂේප කිරීම) වේ. මන්ද යත්, රෝග නිවාරණය හා ධනය, ආහාර පාන ඇතුළු මෙලොව දිවියට අවශ්‍ය දෑ ලබා දීම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ රුබූබියියත් හෙවත් පරමාධිපතීත්වයෙහි සුවිශේෂී ලක්ෂණ වේ. එමෙන් ම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේට සිරස බිම තබා සුජූද් කිරීම උන්වහන්සේගේ උලුව්හියියත් හෙවත් දේවත්වයෙහි මූලික යථාර්ථයන් වේ.

සුළු ෂිර්ක්

මහා ෂිර්කය වෙත මඟ පාදන සියලු ම ප්‍රකාශ හා ක්‍රියා සුළු ෂිර්ක් වේ.

සුළු ෂිර්ක්වලට අදාළ නිදසුන්

١
රියා හෙවත් සමහර අවස්ථාවල දී අන් අයට පෙන්වීම වෙනුවෙන් යම් ඉබාදතයක් කිරීම. මීට නිදසුන් ලෙස සමහර අවස්ථාවල දී අන් අය දැකීම පිණිස සලාතය ඉටු කිරීමේ දී දීර්ඝ ව හා බැතිමත් ව ඉටු කිරීම හා සමහර අවස්ථාවල දී උතුම් අල් කුර්ආනය කියවීමේ දී අන් අයට ඇසෙනු පිණිස ශබ්ද නගා කියවීම. මේ පිළිබඳ ව දේව දූතයාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “ඔබලා සම්බන්ධයෙන් මා බියට පත් වන බියකරු ම කරුණ වන්නේ සුළු ෂිර්කය යි. එයට සහාබාවරු ‘දේව දූතයාණෙනි! සුළු ෂිර්කය යනු කුමක් දැ?’යි විමසූහ. එයට දේව දූතයාණෝ ‘රියා හෙවත් අන් අයට පෙන්වීම වෙනුවෙන් යම් ඉබාදතයක් කිරීම වේ’ යනුවෙන් පැවසූහ.” (අහ්මද් - 23630)
٢
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ පරිපූර්ණ ඒකීයත්වයට පටහැනි වන ප්‍රකාශ. මීට නිදසුන් වශයෙන් කෙනෙකු තම දෙමව්පියන්, තම ජීවිතය මත හා දේව දූතයාණන් මත යනුවෙන් උත්තරීතර අල්ලාහ් නො වන වෙනත් කෙනෙකු හා වෙනත් දෑ මත දිවුරීම සඳහන් කළ හැකි ය. මේ පිළිබඳ ව අනතුරු අඟවමින් දේව දූත මුහම්මද්තුමාණෝ මෙසේ ප්‍රකාශ කොට ඇත්තාහ. “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නො වන වෙනත් දෙයක් හෝ කෙනෙකු මත කවරෙක් දිවුරන්නේ ද, ඔහු කුෆ්ර් හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව ප්‍රතික්ෂේප කළේය. නැතහොත් උන්වහන්සේට ෂිර්ක් හෙවත් ආදේශ තැබුවේය.” (තිර්මිදි - 1335)

ජීවත් ව සිටින මිනිසුන්නේ උදව් පැතීම ෂිර්ක් ක්‍රියාවක් වන්නේ ද?

ඉස්ලාමය මෙලොවට පහළ වූයේ, අන්ධ විශ්වාස හා මිත්‍යා ඇදහිලිවලින් විලංගු දමා තිබූ මිනිස් බුද්ධිය නිදහස් කිරීමටත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හැර වෙනත් දේවල්වලට නැමදීමෙන් හා යටත් වීමෙන් මිනිසා මුදවා ගැනීමටත් ය. එනිසා, මළවුන්ගෙන් හා අප්‍රාණික යමකින් උදව් පැතීම, බැගෑපත් වීම හා ඒවාට යටත් වීම යනාදිය ඉස්ලාමයට පටහැනි ය. තවද, ඒවා අන්ධ විශ්වාස හා ෂිර්ක් ක්‍රියා වේ. නමුත්, ජීවත් ව සිටින කෙනෙකුට කළ හැකි යමක් සම්බන්ධයෙන් ඔහුගෙන් උදව් පැතීම අනුමත ය. මෙයට නිදසුන් ලෙස, තමන්ට යම් උපකාරයක් හෝ රැකියාවක් ලබා දෙන මෙන් හෝ දියෙහි ගිලෙන අවස්ථාවක දී තමන් ව බේරා ගන්නා මෙන් හෝ තමන් වෙනුවෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් උදව් පැතීම දැක්විය හැකි ය.

මළවුන්ගෙන් හා අප්‍රාණික දෙයකින් උදව් පැතීම ෂිර්ක් ක්‍රියාවක් වන්නේ ද?

මළවුන්ගෙන් හා අප්‍රාණික දෙයකින් උදව් පැතීම ඉස්ලාමයට පටහැනි ෂිර්ක් ක්‍රියාවකි. මන්ද යත්, මළවුන්ට හා අප්‍රාණික දෙයකට එම ප්‍රාර්ථනාවලට සවන් දීමට හෝ එම ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දීමට හැකියාවක් නොමැත. ප්‍රාර්ථනා කිරීම හා උදව් පැතීම ඉබාදතයකි. එනිසා, එම ඉබාදතය උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙනත් කෙනෙකුට හෝ දෙයකින්ට ඉටු කිරීම ෂිර්ක් වේ. නබිතුමාණන් ව දේව දූතයෙකු වශයෙන් යවන අවස්ථාවේ දී අරාබිවරු මළවුන්ගෙන් හා අප්‍රාණික දේවල්වලින් උදව් පැතීම හා ප්‍රාර්ථනා කිරීම යන ෂිර්ක් ක්‍රියාවෙහි නියැලෙමින් සිටියහ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.