දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ජනාසාවක් නෑවීම සහ කෆන් කිරීම

මුස්ලිම්වරයකු මරණයට පත් වූ විට කළ යුතු දෑ

  • මුස්ලිම්වරයෙකුගේ මරණයෙන් පසු කළ යුතු දේ දැන ගැනීම.
  • ජනාසාව සේදීමේ ක්‍රමය දැන ගැනීම.
  • (කෆන්) ආවරණය කිරීමේ විධිවිධාන කිහිපයක් දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

මුස්ලිම්වරයකු මරණයට පත් වූ විට කළ යුතු දෑ

කෙනෙකුගේ ආත්මය ඔහුගේ ශරීරයෙන් ඉවත් වී මරණය තහවුරු වූ විට කළ යුතු සුන්නත් වූ කරුණු බොහෝ ඇත.

1. මිය ගිය පුද්ගලයාට ගෞරවයක් වශයෙන් ඔහුගේ දෑස් මෘදු ලෙස වසා දැමීම

අබී සලමා (රළි) තුමාණන් මරණයට පත් වන අවස්ථාවේදී නබි (සල්) තුමාණන් ඔහු වෙත පැමිණියේ යත පසුව මෙසේ ප්‍රකාශ කළහ: මරණයට පත් වූ අය වෙත ඔබ පැමිණියේ නම් ඔවුන් දෑස් වසා දමන්න. (ඉබ්නු මාජාහ් 1455)

2. ඉවසීම සහ ස්වයං පාලනය

මිය ගිය ඇත්තන් කෙරෙහි මොර දී හඬා වැලපීම තහනම් දෙයකි. ඔහුගේ ඥාතීන් ට ඉවසීම සිටින ලෙස දිරිගැන්වයි යුතුයි. නබි (සල්) තුමාණන් තම දියණියකගේ අලුත උපන් බිළිඳා මිය ගිය විට, ඉවසීමෙන් හා විපාක ලබා ගැනීමට අණ කළේය (බුහාරි 1284, මුස්ලිම් 923).

3. ඔහු ට අල්ලාහ්ගේ දයාව හා සමාව ලැබීමට ප්‍රාර්ථනා කිරීම සහ ඔහුගේ පවුලේ අයට ඉවසීම සහ සැනසුම ලබා දෙන මෙන ප්‍රාර්ථනා කිරීම

අබූ සලමා (රළි) තුමාණන් මරණයට පත් වූ විට නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම ආත්මය ග්‍රහණයට ලක් වන විට බැල්ම එය පසුපස යනු ඇත. පසුව මෙසේ ප්‍රකාශ කළහ: අහෝ අල්ලාහ්! අබූ සලමාට සමාව ලබා දෙනු මැනව! යහ මඟ ලැබූවන් අතර ඔහුගේ නිලය උසස් කරනු මැනව! ඔහුගේ කටයුතු රැකබලා ගැනීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයකු වන මැන! අහෝ සකල ලෝහි අධපතියාණනි! අපටත් ඔහටත් ඔබේ සමාව ලබා දෙනු මැනව! ඔහුගේ මිනීවල විස්තීර කරනු මැනව! එහි ඔහුට ආලෝකය ලබා දෙනු මැනව! (මුස්ලිම්920)

4. ජනාසාව සූදානම් කිරීම, එය නෑවීම, ඒ වෙනුවෙන් සලාතය ඉටු කොට ඔහුව භූමදාන කිරීමට ඉක්මන් වීම

එය නෑවීම, ඒ වෙනුවෙන් සලාතය ඉටු කොට ඔහුව භූමදාන කිරීමට ඉක්මන් වීම. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනාzසා කටයුතු යුහුසුලුව ඉටු කරන්න. එය දැහැමි නම් එවිට යහපතකි. ඔබ එය ඒ වෙත ඉදිරිපත් කරන්න. ඒ හැර වෙන දෙයක් නම් (දැහැමි නොවන්නේ නම්) එය නපුරුය. ඔබගේ උරහිසින් එය පසෙක තබන්න. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

5. මියගිය අයගේ පවුලට උපකාර කිරීම

ඔවුනට අවශණ දෑ සලුරා දීමෙන් ඔවුනට උදවු කිරීම. නබි (සල්) තුමාණන් ජ:ෆර් බින් අබූ තාලිබ් (රළි) තුමාණන් ඝාතනය කරනු ලැබූ විට: ජ:ෆර්ගේ පවුලේ අයට ආහාර සපයා දෙන්න. ඔවුන් ව කාර්ය බහුල කරවන දෑ ඔවුන් වෙත පැමිණ ඇත යනුවෙන් ප්‍රකාශ කළහ. (අබූ දාවූද් 3132/ තිර්මිදි 998/ ඉබ්නු මාජාහ් 1610)

ජනාසාව නෑවීම

ජනාසාව කෆන් කිරීමට පෙර හා භූමදාන කිරීමට පෙර නෑවීම අනිවාර්ය වේ. ඔහුගේ පවුලේ අය හෝ ඥාතීන් හෝ වෙනත් මුස්ලිම්වවරයකු නෑවීම සිදු කළ යුතු අතර, නබි තුමාණන් මිය ගිය විට එතුමාව සෝදා පිරිසිදු කරන ලදී.

නෑවිය යුතු

ජනාසාව සේදීමේදී මුළු සිරුරම ජලයෙන් සේදීම ප්‍රමාණවත් වන අතර, සේදීමේදී යම් අපවිත්‍රයක් ශරීරයේ වී නම් ඔහුගේ රහස්‍ය කොටස් ආවරණය වන පරිදි පරිස්සමින් ඒවා ඉවත් කළ යුතුයි. පහත සඳහන් කරුණු සැලකිල්ලට ගැනීම සුදුසුය:

1. සේදීම සඳහා ඇඳුම් ගලවා දැමූ පසු, ඔහුගේ පෙකිණිය සහ දණහිස අතර ඔහුගේ රහස් කොටස් ආවරණය කිරීම.

2. මියගිය පුද්ගලයාගේ රහස්‍ය කොටස් සේදීමේදී සේදුම්කරු අත්වැසුමක් අතෙහි දමා ගත යුතුය.

3. මියගිය තැනත්තාගේ දේහයේ ඇති කිලිටි සහ අපිරිසිදුකම ඉවත් කිරීම ආරම්භ කිරීම.

4. ඉන්පසු ඔහු සුප්‍රසිද්ධ පිළිවෙළට වුළු හි අවයව සෝදා හරියි.

5. ඉන්පසු ඔහු හිස සහ සිරුරේ ඉතිරි කොටස් සෝදා, එය සිද්ර් හෝ සබන් සමග මිශ්‍ර කර පසුව ඔහු මත ජලය වත් කිරීමට යෝග්‍ය වේ.

6. දකුණු පස ‌සෝදා පසුව වම් පස සෝදා දැමීම සුන්නත් වේ.

7. තුන් වතාවක් හෝ අවශ්‍ය නම්, වැඩි වාර ගණනක් නැවත නැවත සේදීම සුන්නත් වේ

නබි (සල්) තුමාණන් සයිනබ් (රළි) තුමියගේ දියණිය ව ‌නෑවීමේ දී මෙසේ ප්‍රකාශ කළහ: ඇය ව තුන්වරක් හෝ පසවරක් හෝ අවශ්‍ය නම් ඊටත් වඩා අධිකව සෝදන්න. (බුහාරි 1253/ මුස්ලිම් 939)

ගුද මාර්ගය, කන්, නාසය සහ මුඛය තුළ රෙදි, කපු, වැනි දේ දමා අවාරණය කළ හැකිය.

ගුද මාර්ගය, කන්, නාසය සහ මුඛය තුළ රෙදි, කපු, වැනි දේ දමා අවාරණය කළ හැකිය. එබැවින් අපිරිසිදු දෑ හෝ රුධිරය යනාදී කිසිවක් එයින් පිටතට නොපැමිණේ.

9. සේදීමේදී සහ සේදීමෙන් පසු සුවඳ විලවුන් ගැල්වීම සුන්නත් වේ.

ධර්ම දූතයාණන්, තම දියණිය සයිනබ් ව සේදූ අයට කපුරු (සුවඳ විලවුන් වර්ගයක්) අවසන් සේදීමෙහි භාවිතා කරන ලෙස අණ කළහ. (බුහාරි 1253/මුස්ලිම් 939).

ජනාසාව නෑවිය යුත්තේ කවුරුන් ද?

١
මියගිය තැනැත්තා ඔහුව නෑවීම සඳහා කෙනෙකු ව අවසන් කැමැත්ත මඟින් නියම කළේ නම්, ඔහුගේ අවසන් කැමැත්ත ක්‍රියාත්මක කරනු ලැබේ.
٢
වයස අවුරුදු හතට අඩු පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම ඔවුන් දෙදෙනාම සේදීමට අවසර ඇත, නමුත් පිරිමි කුඩා දරුවන් ව පිරිමින් සේදීම සහ ගැහැනු කුඩා දරුවන් ව කාන්තාවන් සේදීම වඩාත් සුදුසුය.
٣
මියගිය පුද්ගලයා වයස අවුරුදු හතට වඩා වැඩි නම්, පිරිමින් නෑවිය යුත්තේ පිරිමින් පමණක් වන අතර කාන්තාව කාන්තාවන් පමණි.
٤
ස්වාමිපුරුෂයාට තම බිරිඳ ව නෑවිය හැකි අතර, බිරිඳට තම ස්වාමිපුරුෂයා ව ද නෑවිය හැකිය, අලි බින් අබි තාලිබ්තුමා ෆාතිමාතුමියව සේදූහ.

ආඉෂා (රළි) තුමිය මෙසේ ප්‍රකාශ කළාය: මම දැන් දන්නා (සැමියන් සහ භාර්යාවන් එකිනෙකා නාවා ගත හැකි බව) මා කලින් දැන සිටියේ නම්, නබි (සල්) තුමාණන් ව සෝදා දමන්නේ ඔවුන්ගේ භාර්යාවන් වේ. ඔවුන් නොවන වෙනත් අය එය නොකරනු ඇත. (අබූ දාවූද්/ ඉබ්නු මාජාහ් 1464)

ජනාසාව කෆන් කිරීම

ජනාසාය අවාරණය වන අයුරින් යම් ආවරණයකින් එය ආවරණය කිරීම වනාහි පවුලේ අයගෙන් සහ මුස්ලිම්වරුන්ගෙන් මරණයට පත් වුනු අය හට හිමි විය යුතු අයිතිවාසිකම්වලින් එකකි. එය ෆර්ල් කිෆායා වේ. මන්ද නබි (සල්) තුමාණන් මෙසේ පැවසූූහ“ඔබ සතුව ඇති සුදු වස්ත්‍ර පළඳින්න, මන්ද ඒ්වා ඔබේ හොඳම වස්ත්‍ර වේ. එමෙන්ම ඔබේ දේහයන් එයින් ආවරණය කරන්න” (අබු දාවූද් 3878).

කෆන් වැස්ම සඳහා වියදම් මුදල් ඔහු හැරගිය වත්කමින් ලබා ගනු ලැබේ, ඔහු සතුව මුදල් ඉතිරි ව නොති‌බුණේ නම්, ඔහුගේ පියා සහ පුත්‍රයා වැනි ඔහු ජීවත් ව සිටින විට වියදම් කිරීමට බැඳී සිටින අය විසින් එහි වියදම් දැරිය යුතුය. ඔවුනට හැකියාව නැතිනම් මුස්ලිම් සමාජයේ ධනවතුන් ඒ සඳහා වියදම දැරිය යුතුයි.

මියගිය පුද්ගලයා පිරිමියෙකු හෝ කාන්තාවක් වුවද, දේහය පිරිසිදු ඇඳුමකින් ආවරණය කිරීම අනිවාර්ය වූ කෆන් වැස්ම සඳහා ප්‍රමාණවත් වේ.

කෆන් කරන විට සුන්නත් වන කරුණු

١
දෙවියන්ගේ දූතයාණන් ආවරණය කළාක් මෙන් පිරිමියෙකු සුදු වස්ත්‍ර තුනකින් ආවරණය කිරීමත් කාන්තාවක් නම් ඇයගේ සුදු වස්ත්‍ර පහකින් ආවරණය කිරීම සුදුසු ය.
٢
හැකි නම්, කෆ්නහි වර්ණය සුදු වීම යෝග්‍ය වේ. නබි (සල්සේ) තුමාණන් මෙසේ පැවසීය: “ඔබ සතුව ඇති සුදු වස්ත්‍ර පළඳින්න, මන්ද ඒවා ඔබේ හොඳම වස්ත්‍ර වේ. එමෙන්ම මළවුන්ගේ දේහය එයින් ආවරණය කරන්න. ” (අබූ දාවූද් 4061, තිර්මිදි 994 සහ ඉන්බු මාජාහ් 3566 ).
٣
අවසර ලත් සුවඳ විලවුන් කෆස් වැස්ම මත ගැල්වීම සුන්නත් වේ
٤
කෆන් වැස්ම මගින් ආවරණය කරන විටත් දේහයේ හිස සහ පාද ඔතා ගන්නා විටත් සැලකිලිමත් විය යුතුයි, නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ “ඔබගෙන් කෙනෙකු තම සහෝදරයා (කෆන්) ආවරණය කරන්නේ නම්, ඔහු ඔහුව හොඳින් ආවරණය කරත්වා”. (මුස්ලිම් 943).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.