වත්මන් කොටස: model:
පාඩම ජනාසාවක් නෑවීම සහ කෆන් කිරීම
මුස්ලිම්වරයකු මරණයට පත් වූ විට කළ යුතු දෑ
අබී සලමා (රළි) තුමාණන් මරණයට පත් වන අවස්ථාවේදී නබි (සල්) තුමාණන් ඔහු වෙත පැමිණියේ යත පසුව මෙසේ ප්‍රකාශ කළහ: මරණයට පත් වූ අය වෙත ඔබ පැමිණියේ නම් ඔවුන් දෑස් වසා දමන්න. (ඉබ්නු මාජාහ් 1455)
2. ඉවසීම සහ ස්වයං පාලනය
අබූ සලමා (රළි) තුමාණන් මරණයට පත් වූ විට නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම ආත්මය ග්‍රහණයට ලක් වන විට බැල්ම එය පසුපස යනු ඇත. පසුව මෙසේ ප්‍රකාශ කළහ: අහෝ අල්ලාහ්! අබූ සලමාට සමාව ලබා දෙනු මැනව! යහ මඟ ලැබූවන් අතර ඔහුගේ නිලය උසස් කරනු මැනව! ඔහුගේ කටයුතු රැකබලා ගැනීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයකු වන මැන! අහෝ සකල ලෝහි අධපතියාණනි! අපටත් ඔහටත් ඔබේ සමාව ලබා දෙනු මැනව! ඔහුගේ මිනීවල විස්තීර කරනු මැනව! එහි ඔහුට ආලෝකය ලබා දෙනු මැනව! (මුස්ලිම්920)
එය නෑවීම, ඒ වෙනුවෙන් සලාතය ඉටු කොට ඔහුව භූමදාන කිරීමට ඉක්මන් වීම. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනාzසා කටයුතු යුහුසුලුව ඉටු කරන්න. එය දැහැමි නම් එවිට යහපතකි. ඔබ එය ඒ වෙත ඉදිරිපත් කරන්න. ඒ හැර වෙන දෙයක් නම් (දැහැමි නොවන්නේ නම්) එය නපුරුය. ඔබගේ උරහිසින් එය පසෙක තබන්න. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
5. මියගිය අයගේ පවුලට උපකාර කිරීම
ජනාසාව කෆන් කිරීමට පෙර හා භූමදාන කිරීමට පෙර නෑවීම අනිවාර්ය වේ. ඔහුගේ පවුලේ අය හෝ ඥාතීන් හෝ වෙනත් මුස්ලිම්වවරයකු නෑවීම සිදු කළ යුතු අතර, නබි තුමාණන් මිය ගිය විට එතුමාව සෝදා පිරිසිදු කරන ලදී.
ජනාසාව සේදීමේදී මුළු සිරුරම ජලයෙන් සේදීම ප්‍රමාණවත් වන අතර, සේදීමේදී යම් අපවිත්‍රයක් ශරීරයේ වී නම් ඔහුගේ රහස්‍ය කොටස් ආවරණය වන පරිදි පරිස්සමින් ඒවා ඉවත් කළ යුතුයි. පහත සඳහන් කරුණු සැලකිල්ලට ගැනීම සුදුසුය:
1. සේදීම සඳහා ඇඳුම් ගලවා දැමූ පසු, ඔහුගේ පෙකිණිය සහ දණහිස අතර ඔහුගේ රහස් කොටස් ආවරණය කිරීම.
2. මියගිය පුද්ගලයාගේ රහස්‍ය කොටස් සේදීමේදී සේදුම්කරු අත්වැසුමක් අතෙහි දමා ගත යුතුය.
3. මියගිය තැනත්තාගේ දේහයේ ඇති කිලිටි සහ අපිරිසිදුකම ඉවත් කිරීම ආරම්භ කිරීම.
4. ඉන්පසු ඔහු සුප්‍රසිද්ධ පිළිවෙළට වුළු හි අවයව සෝදා හරියි.
5. ඉන්පසු ඔහු හිස සහ සිරුරේ ඉතිරි කොටස් සෝදා, එය සිද්ර් හෝ සබන් සමග මිශ්‍ර කර පසුව ඔහු මත ජලය වත් කිරීමට යෝග්‍ය වේ.
6. දකුණු පස සෝදා පසුව වම් පස සෝදා දැමීම සුන්නත් වේ.
7. තුන් වතාවක් හෝ අවශ්‍ය නම්, වැඩි වාර ගණනක් නැවත නැවත සේදීම සුන්නත් වේ
ගුද මාර්ගය, කන්, නාසය සහ මුඛය තුළ රෙදි, කපු, වැනි දේ දමා අවාරණය කළ හැකිය.
ධර්ම දූතයාණන්, තම දියණිය සයිනබ් ව සේදූ අයට කපුරු (සුවඳ විලවුන් වර්ගයක්) අවසන් සේදීමෙහි භාවිතා කරන ලෙස අණ කළහ. (බුහාරි 1253/මුස්ලිම් 939).
ජනාසාව නෑවිය යුත්තේ කවුරුන් ද?
ආඉෂා (රළි) තුමිය මෙසේ ප්‍රකාශ කළාය: මම දැන් දන්නා (සැමියන් සහ භාර්යාවන් එකිනෙකා නාවා ගත හැකි බව) මා කලින් දැන සිටියේ නම්, නබි (සල්) තුමාණන් ව සෝදා දමන්නේ ඔවුන්ගේ භාර්යාවන් වේ. ඔවුන් නොවන වෙනත් අය එය නොකරනු ඇත. (අබූ දාවූද්/ ඉබ්නු මාජාහ් 1464)
ජනාසාය අවාරණය වන අයුරින් යම් ආවරණයකින් එය ආවරණය කිරීම වනාහි පවුලේ අයගෙන් සහ මුස්ලිම්වරුන්ගෙන් මරණයට පත් වුනු අය හට හිමි විය යුතු අයිතිවාසිකම්වලින් එකකි. එය ෆර්ල් කිෆායා වේ. මන්ද නබි (සල්) තුමාණන් මෙසේ පැවසූූහ“ඔබ සතුව ඇති සුදු වස්ත්‍ර පළඳින්න, මන්ද ඒ්වා ඔබේ හොඳම වස්ත්‍ර වේ. එමෙන්ම ඔබේ දේහයන් එයින් ආවරණය කරන්න” (අබු දාවූද් 3878).