වත්මන් කොටස: model:
පාඩම ජනාසා සලාතය ඉටු කිරීම සහ වළ දැමීමේ ක්‍රමය
ජනාසා සලාතය අනිවාර්ය වන්නේ පැමිණ සිටින සියලුම මුස්ලිම්වරුන්ට මිස පොදුවේ සෑම මුස්ලිම්වරයකුට ම නොවේ. එය ෆර්ල් කිෆායා නම් මුස්ලිම්වරුන්ගෙන් ස්වල්ප දෙනෙකු ඉටු කළේ නම් පාපය අනෙකුත් මුස්ලිම්වරුන්ගෙන් පහ වී යන ගණයට අයත් සලාතයකි. ජනාසා සලාතය ඉටු කරන තැනැත්තාට මහා ත්‍යාග කන්දක වටිනාකම හිමිවන බවට නබි තුමාණන් මේ අයුරින් ශුභාරංචිය ප්‍රකාශ කළහ: කවරෙකු ජනාසා සලාතය ඉටු කරන තෙක් ජනාසාවට සහභාගි වූයේ ද ඔහුට කීරාත් එකක් හිමි වේ. කවරෙකු ජනාසාව වළ දෑමීම දක්වා ම සහභාගි වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමි වේ. කීරාත් දෙකක් යනු කුමක්ද යනුවෙන් විමසන ලදී. මහා කඳු දෙකක් මෙන් වේ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූහ. (බුහාරි 1325/ මුස්ලිම් 945)
ජනාසාවට සහභාගි වීමේ මහිමය
1.. ජනාසා සලාතය සාමූහිකව සිදු කිරීම සුන්නත් වේ. සලාතය මෙහෙය වන්නා සාමූහික සලාතයේ දී මෙන් සැමට ඉදිරියෙන් සිටීම ද සුන්නත් වේ.
2- සලාතය ඉටු කරන්නන්ට ඉදිරියෙන් ජනාසාව තබනු ලැබේ. පිරිමි ජනාසාවක් නම් එහි හිස අසල සලාතය මෙහෙය වන්නා සිට ගනු ඇත. කාන්තාවකගේ නම් මැද කොටසේ ඔහු සිට ගනු ඇත. ඒ පිළිබඳ නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී තිබේ. (අබූ දාවූද් 3194)
-
පළමු තක්බීරය
දෙවැන තක්බීරය
තුන්වැනි තක්බීරය
සිව්වන තක්බීරය
ජනාසා සලාතය මස්ජිදය තුළ හෝ මස්ජිදයෙන් පිටත ඒ සඳහා සූදානම් කර ඇති විශේෂ ස්ථානයක හෝ එය සුසාන භූමියේ හෝ සිදු කිරීමට අවසර ඇත. මේ සියලු ආකාර නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී තිබේ.
සුන්නාහ්ව නම් ජනාසා කටයුතු, ඒ සඳහා සලාතය ඉටු කිරීම, එය සුසාන භූමියට ගෙන ගොස් භූමදාන කිරීම යනාදිය කඩිනම් කිරීම වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනාසා කටයුතු යුහුසුලුව ඉටු කරන්න. එය දැහැමි නම් එවිට යහපතකි. ඔබ එය ඒ වෙත ඉදිරිපත් කරන්න. ඒ හැර වෙන දෙයක් නම් (දැහැමි නොවන්නේ නම්) එය නපුරුය. ඔබගේ උරහිසින් එය පසෙක තබන්න.(මූලාශ්‍රය: බුහාරි 1315 හා මුස්ලිම් 944)
ජනාසාව වළ දමන විට සැලකිය යුතු කරුණු
ජනාසාවට සහභාගි වූවන් ඒ ජනාසාව සඳහා ස්ථාවරත්වය මෙන්ම අල්ලාහ්ගේ සමාව ද අයැද සිටීම සුන්නත් වේ. වරක් නබි (සල්) තුමාණන් මිනිය වළ දමා අවසන් කළ පසු එහි නතර වී මෙසේ ප්‍රකාශ කළහ:ඔබේ සහෝදරයා වෙනුවෙන් පාපොච්ඡාරණයේ නියැලෙන්න. ඔහු සඳහා ස්ථාවරත්වය අයැද සිටින්න. මන්ද මේ වේලාවෙහි ඔහු විමසනු ලබයි. (අබූ දාවූද් 3221)