දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ජනාසා සලාතය ඉටු කිරීම සහ වළ දැමීමේ ක්‍රමය

ජනාසා සලාතය අනිවාර්ය වන්නේ පැමිණ සිටින සියලුම මුස්ලිම්වරුන්ට මිස මුස්ලිම් වූ සෑම එක් එක් තනි පුද්ගලයකුටම නොවේ. එය ෆර්ල් කිෆායා හෙවත් මුස්ලිම්වරුන්ගෙන් ස්වල්ප දෙනෙකු ඉටු කළේ නම් පාපය අනෙකුත් මුස්ලිම්වරුන්ගෙන් පහ වී යන ගණයට අයත් සලාතයකි.

  • ජනාසා සලාතය ඉටු කිරීමේ ක්‍රමය දැන ගැනීම.
  • මිහිදන් කිරීමට අදාල විධිවිධාන කිහිපයක් දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ජනාසා සලාතයේ නීතිය

ජනාසා සලාතය අනිවාර්ය වන්නේ පැමිණ සිටින සියලුම මුස්ලිම්වරුන්ට මිස පොදුවේ සෑම මුස්ලිම්වරයකුට ම නොවේ. එය ෆර්ල් කිෆායා නම් මුස්ලිම්වරුන්ගෙන් ස්වල්ප දෙනෙකු ඉටු කළේ නම් පාපය අනෙකුත් මුස්ලිම්වරුන්ගෙන් පහ වී යන ගණයට අයත් සලාතයකි. ජනාසා සලාතය ඉටු කරන තැනැත්තාට මහා ත්‍යාග කන්දක වටිනාකම හිමිවන බවට නබි තුමාණන් මේ අයුරින් ශුභාරංචිය ප්‍රකාශ කළහ: කවරෙකු ජනාසා සලාතය ඉටු කරන තෙක් ජනාසාවට සහභාගි වූයේ ද ඔහුට කීරාත් එකක් හිමි වේ. කවරෙකු ජනාසාව වළ දෑමීම දක්වා ම සහභාගි වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමි වේ. කීරාත් දෙකක් යනු කුමක්ද යනුවෙන් විමසන ලදී. මහා කඳු දෙකක් මෙන් වේ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූහ. (බුහාරි 1325/ මුස්ලිම් 945)

ජනාසාවට සහභාගි වීමේ මහිමය

ජනාසාවට සහභාගි වීමෙහි සහ එය පසුපස යාමෙහි මහිමයන් රාශියක් ඇත. ජනාසා සලාතය ඉටු කිරීම මඟින් ඔහුගේ යුතුකම ඉටු කරීම, ඔහු වෙනුවෙන් මැදිහත් වීම සහ ප්‍රාර්ථනා කිරීම, ඔහුගේ පවුලේ අයගේ යුතුකම් ඉටු කිරීම, මරණයට පත් වූ අයගේ පවුලට ඇති වී තිබෙන ‌ශෝකය වෙනුවෙන් සැනසුමක් ලබා දීම, ජනාසාව පසුපස යෑමෙන් ලැබෙන කුසල් රැස් කර ගැනීම, ජනාසාව සහ සොහොන් ගෙවල් ආදිය නරඹා පාඩම් ඉගෙන ගැනීම.

ජනාසා සලාතය ඉටුකරන ආකාරය

1.. ජනාසා සලාතය සාමූහිකව සිදු කිරීම සුන්නත් වේ. සලාතය මෙහෙය වන්නා සාමූහික සලාතයේ දී මෙන් සැමට ඉදිරියෙන් සිටීම ද සුන්නත් වේ.

2- සලාතය ඉටු කරන්නන්ට ඉදිරියෙන් ජනාසාව තබනු ලැබේ. පිරිමි ජනාසාවක් නම් එහි හිස අසල සලාතය මෙහෙය වන්නා සිට ගනු ඇත. කාන්තාවකගේ නම් මැද කොටසේ ඔහු සිට ගනු ඇත. ඒ පිළිබඳ නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී තිබේ. (අබූ දාවූද් 3194)

3- ජනාසා සලාතයෙහි තක්බීර් හතරක් වේ. ඒවා මේ අයුරිනි:

-

පළමු තක්බීරය

දෙඅත් උරහිසට සමාන්තරව පිහිටන සේ හෝ තම දෙකන් කෙළවර දක්වා දෑත් පිහිටන සේ හෝ ඔසවමින් පළමු වන තක්බීරය පවසයි. පසුව පපුව මත වම් අත තබා ඒ මත දකුණත තබා ගනී. එහි දී ආරම්භ ප්‍රාර්ථනාවක් (දුආඋල් ඉස්තිෆ්තාහ්) පවසනු නොලැබේ. පසුව අඌදු බිල්ලාහිමිනෂ් ෂයිතානිර් රජීම් සහ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යනුවෙන් පවසා සූරතුල් ෆාතිහාව නිහඩව පාරායනා කරනු ලැබේ.

දෙවැන තක්බීරය

පසුව දෙවැනි තක්බීරය පවසයි. එහි දී අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා නබියියිනා මුහම්මදින් යන පාඨය වැනි නබි (සල්) තුමාණන්ට සලවාත් පවසන ඕනෑම පාඨයකින් සලවාත් පවසයි. සලාතයේ අවසාන තෂහ්හුද්හි පවසන සම්පූර්ණ සලවාත් පාඨය ද කිව හැක. එය මේ අයුරුය: අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් යැයි සලවාත් පවසයි. තේරුම: යා! අල්ලාහ්, ඉබ්‍රාහීම්(අලෙයිහිස් සලාම්) තුමාට හා ඉබ්‍රාහීම්(අලෙයිහිස් සලාම්) තුමාගේ පවුලේ අයට ඔබ ආශිර්වාද කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ පවුලේ අයට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාභීය. කීර්තිමත් ය. තවද යා! අල්ලාහ්, ඉබ්‍රාහීම්(අලෙයිහිස් සලාම්) තුමාට හා ඉබ්‍රාහීම්(අලෙයිහිස් සලාම්) තුමාගේ පවුලේ අයට ඔබ අභිවෘද්ධිය ඇති කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ පවුලේ අයට අභිවෘද්ධිය ඇති කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාභීය. කීර්තිමත් ය.

තුන්වැනි තක්බීරය

පසුව තුන්වැනි තක්බීරය පවසයි. එහි දී ජනාසාව වෙනුවෙන් -ඒ අවස්ථාවේ ඔහුට සිතෙන ආකාරයෙන්- අල්ලාහ්ගේ කරුණාව,සමාව, ස්වර්ගය හිමි වේවා යි ප්‍රාර්ථනා කරනු ඇත. හදීස් හි සඳහන් ප්‍රාර්ථාවන් අතරින් තමන්ට කට පාඩම් ප්‍රාර්තනාවන් හි නිරත වීම වඩාත් යෝග්‍ය වේ.

ඒවා අතරින් මෙම ප්‍රාර්ථනාව ද එකකි. අල්ලාහුම්මග් ෆිර් ලහූ වර්හම්හු වආෆිහි වඃෆු අන්හු වඅක්රිම් නුසුලහු වවස්සිඃ මුද්කලහු වග්සිල්හු බිල් මාඉ වස්සල්ජි වල්බරද් වනක්කිහ් මිනල් කතායා කමා නක්කයිතස් සව්බල් අබ්යල මිනද් දනස් වඅබ්දිල්හු දාරන් කයිරන් මින් දාරිහි වඅහ්ලන් කයිරන් මින් අහ්ලිහි වසව්ජන් කයිරන් මින් සව්ජිහි වඅද්හිල්හුල් ජන්නත වඅඉද්හු මින් අදාබිල් කබ්රි (අව් මින් අදාබින් නාරි) තේරුම: යා! අල්ලාහ්, ඔහුට සමාව දෙනු මැනව! ඔහුට කරණා කරනු මැනව! ඔහුට සැනසුම දෙනු මැනව ඔහුව පිළි ගනු මැනව! ඔහුගේ පැමිණීම ගෞරවය කරනු මැනව! ඔහු පිවිසෙන ස්ථානය විශාල කරනු මැනව! ඔහුව ජලයෙන් පිනි කැටයෙන් හා සීත ජලයෙන් සෝදනු මැනව! සුදු රෙද්දක කිලිටි පිරිසිදු කරන්නාක් මෙන් ඔහුගේ වැරදි ද පිරිසිදු කරනු මැනව! ඔහුගේ නිවහනට වඩා යහපත් නිවහනක් ඔහුට ලබා දෙනු මැනව! ඔහුගේ පවුලට වඩා යහපත් පවුලක් ද ඔහුගේ බිරියට වඩා යහපත් බිරියක් ද ලබා දෙනු මැනව! ඔහුව ස්වර්ගයට ඇතුළු කරනු මැනව! මිනී වළ වේදනාවෙන් ඔහුව ආරක්ෂා කරනු මැනව! (නිරා ගින්නේ වේදනාවෙන්) (මූලාශ්‍රය: මුස්ලිම් 963)

සිව්වන තක්බීරය

පසුව සිව්වන තක්බීරය පවසයි. එහි මද වේලාවක් රැඳී සිට පසුව අස්ලාමු අලෙයිකුම් වරහ්මතුල්ලා යැයි එක් වරක් සලාම් පවසමින් දකුණු පැත්තට හැරිය යුතුයි. දෙවන වරට වම් පැත්තට හැරී සලාම් පැවසුවේ නම් එය වරදක් නොවේ. මේ ආකාර සියල්ල නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී ඇත.

ජනාසා සලාතය ඉටු කරන ස්ථානය

ජනාසා සලාතය මස්ජිදය තුළ හෝ මස්ජිදයෙන් පිටත ඒ සඳහා සූදානම් කර ඇති විශේෂ ස්ථානයක හෝ එය සුසාන භූමියේ හෝ සිදු කිරීමට අවසර ඇත. මේ සියලු ආකාර නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී තිබේ.

ජනාසාවක් ඔසවා ගෙන යාම සහ

සුන්නාහ්ව නම් ජනාසා කටයුතු, ඒ සඳහා සලාතය ඉටු කිරීම, එය සුසාන භූමියට ගෙන ගොස් භූමදාන කිරීම යනාදිය කඩිනම් කිරීම වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනාසා කටයුතු යුහුසුලුව ඉටු කරන්න. එය දැහැමි නම් එවිට යහපතකි. ඔබ එය ඒ වෙත ඉදිරිපත් කරන්න. ඒ හැර වෙන දෙයක් නම් (දැහැමි නොවන්නේ නම්) එය නපුරුය. ඔබගේ උරහිසින් එය පසෙක තබන්න.(මූලාශ්‍රය: බුහාරි 1315 හා මුස්ලිම් 944)

ජනාසාව පසුපස යන අය එය ඔසවා ගෙන යාම සුන්නත් වේ. එය ඔසවා ගෙන යා යුත්තේ පිරිමින් විසින් මිස කාන්තාවන් විසින් නොවේ. ජනාසාව පසුපස යන අය ඉදිරියෙන් හෝ පිටුපසින් සිටීම සුන්නාහ් වේ. සුසාන භූමිය දුරස්ථ නම් හෝ එය ඔසවාගෙන යාමට යම් දුෂ්කරතාවක් ඇති වුවහොත් යම් වාහනයක තබා එය රැගෙන යාම වරදක් නොවේ.

ජනාසාව වළ දමන විට සැලකිය යුතු කරුණු

١
ජනාසාව නෑවීම, එය කෆන් කිරීම සහ ඒ වෙනුවෙන් සලාතය ඉටු කිරීමෙන් පසු එය වළ දැමීම ඉක්මන් කිරීම සුන්නත් වේ
٢
මිනීවළේ ගැඹුර සහ ප්‍රසාරණය අවශ්‍ය පරිදි ගැඹුරට විශාල ව පිහිටීම සුන්නත් වේ. එය දුගඳ වළක්වන ප්‍රමාණයට පිහටිය යුතුයි. තවද වල් සතුන් එය හාරා ගොඩගැනීමෙන් සහ මිනීවළ සහ මෘත දේහය මඩ වගුරීමෙන් ආරක්ෂා වන අයුරින් පිහිටිය යුතුයි.
٣
කිබ්ලා දෙසට මිනිය පිහිටන සේ ජනාzසාවෙ හි ප්‍රමාණයට මිනී වළට පහළින් වළක් හාරා එහි මිනිය තැන්පත් කිරීම. එයට අල්-ලහ්ද් යැයි කියනු ලැබේ. ඒ ක්‍රමයට යෝ එසේ නොවන සමාන්‍ය වළක් හාරා එහි ද වළ දැමිය හැක. භූමියේ ස්වභාවය සහ එහි තද බව අනුව ඒ ඒ රටවලට ගැලපෙන අයුරින් මිනී වළ හාරනු ලැබේ.
٤
කිබ්ලා දෙසට මිනිය පිහිටන සේ එය දකුණත හරවා තැබීම සුන්නත් වේ.
٥
වළ දමන්නා විසින් මෙසේ පැවසීම සුන්නත් වේ: "බිස්මිල්ලාහි වබිල්ලාහි වඅලා සුන්නති රසූලිල්ලාහ්" තේරුම : අල්ලාහ්ගේ නාමයෙන් හා ඔහුගෙන් (උදවු පතා මෙය) තබමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ පිළිවෙත අනුව තබමි. (මූලාශ්‍රය: තිර්මිදි 1046/ ඉබ්නු මාජාහ් 1550)
١
වළ දමා පස්වලින් වැසීමට පෙර දේහය තබා ඇති ස්ථානය මැටි, ලෑලී හෝ ගල් වැනි දේවලින් ආවරණය කළ යුතුය.
٢
ජනාසාවට සහභාගි වූවන් මිනී වළ මත පස් දැමීම සඳහා සහභාගී වීම සුන්නත් වේ.නබි (සල්) තුමාණන් මළවුන්ගෙන් එක් අයෙකු මත එතුමාගේ සුරතින් පස් අහුරු තුනක් දැමූහ. (දාරකුතනී 1565)
٣
එයට හානියක් නොවන පරිදි හෝ ඒ මත ඇවිදීමෙන් වළකින පිණිස, හඳුනාගත හැකි වන පරිදි සොහොන වියතක් තරම් ඉහළට ඔසවා තැබීම සුන්නත් වේ. ඊට උඩින් යමක් ඉඳි කිරීම මඟින් සීමාව ඉක්මවා කටුයුතු කිරීම හරාම්ය. මක්නිසාද යත් එය මළවුන්ව මහිමයට පත් කිරීම වෙත සහ සර්වබලධාරී දෙවියන්ට ආදේශ තැබීම වෙත ඉඩ සලසන බැවින් ය. ඒ පිළිබඳ තහනම නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා වී ඇත.

වළ දැමූ පසු

ජනාසාවට සහභාගි වූවන් ඒ ජනාසාව සඳහා ස්ථාවරත්වය මෙන්ම අල්ලාහ්ගේ සමාව ද අයැද සිටීම සුන්නත් වේ. වරක් නබි (සල්) තුමාණන් මිනිය වළ දමා අවසන් කළ පසු එහි නතර වී මෙසේ ප්‍රකාශ කළහ:ඔබේ සහෝදරයා වෙනුවෙන් පාපොච්ඡාරණයේ නියැලෙන්න. ඔහු සඳහා ස්ථාවරත්වය අයැද සිටින්න. මන්ද මේ වේලාවෙහි ඔහු විමසනු ලබයි. (අබූ දාවූද් 3221)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.