පාඩම ශෝකය පළ කිරීම
කෙනෙකුගේ මරණය හේතුවෙන් කනස්සල්ලට පත් වූ ඔහුගේ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. මරණය හේතුවෙන් ශෝකයට පත් වූවනට මෙසේ පවසනු ලැබේ.ඉන්න ලිල්ලාහි මා අහද වලහූ මා අඃතා වකුල්ලු ෂෙයිඉන් ඉන්දහූ බිඅජ්ලින් මුසම්මා ෆල්තස්බිර් වල්තහ්තසිබ්. තේරුම : සැබැවින්ම අල්ලාහ් ගත් දෑ ඔහු සතුය. ඔහු පිරිනැමූ දෑද ඔහු සතුය. ඔහු අබියස ඇති සියලු දෑට නියිමිත කාලයක් ඇත. එබැවින් ඉවසා දරා ගන්න. යහපත අපේක්ෂා කරන්න.
ශෝකය ප්‍රකාශ කිරීමේ සහ සොහොන් බැහැ දැකීමේ විධිවිධාන සහ ආචාර විධි ගැන ඉගෙන ගැනීම.
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
මෙම පාඩමේ පරිවර්තනය පහත භාෂාවලින් ලබාගත හැකිය:
ශෝකය පළ කිරීම
කෙනෙකුගේ මරණය හේතුවෙන් කනස්සල්ලට පත් වූ ඔහුගේ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. මරණය හේතුවෙන් ශෝකයට පත් වූවනට මෙසේ පවසනු ලැබේ.ඉන්න ලිල්ලාහි මා අහද වලහූ මා අඃතා වකුල්ලු ෂෙයිඉන් ඉන්දහූ බිඅජ්ලින් මුසම්මා ෆල්තස්බිර් වල්තහ්තසිබ්. තේරුම : සැබැවින්ම අල්ලාහ් ගත් දෑ ඔහු සතුය. ඔහු පිරිනැමූ දෑද ඔහු සතුය. ඔහු අබියස ඇති සියලු දෑට නියිමිත කාලයක් ඇත. එබැවින් ඉවසා දරා ගන්න. යහපත අපේක්ෂා කරන්න.
ජනාzසාව වළ දැමීමට පෙර හෝ පසු ඒ හේතුවෙන් කනස්සල්ලට පත් වූ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. එය මස්ජිදයේ, සුසාන භූමියේ, නිවසෙහි, රැකියාවෙහි යනාදී වශයෙන් වේවා සෑම තැනකම එය සිදු කළ හැක.
ශෝක උත්සව, කූඩාරම් දමා මිනිසුන් රැස් කර සාද පවත්වා සීමාව ඉක්මවා යන අයුරින් කටයුතු නොකළ යුතුය. මන්ද එය ධර්ම දූතයාණන්ගේ සහ එතුමාගේ මිතුරන්ගේ සුන්නාවෙන් නොවන බැවිනි. පසුව එය, එවැනි දෑ සිදු කරමින් ප්‍රීති හා සතුටු වන අවස්ථාවක් නොවේ.
මියගිය අය වෙනුවෙන් දුක් වීම
හැඬීම දයාව හේතුවෙන් ස්වභාවික ව ඇති වන්නකි. එමෙන්ම එය අහිමිය හා දුක ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි. නබි තුමාණන්ගේ දෑසින් එතුගේ පුත් ඊබ්රාහිම්ගේ මරණය වෙනුවෙන් කඳුළු කඩා හැළුණි. (බුහාරි 1303, මුස්ලිම් 2315).
තම ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාවකගේ ඉද්දා කාල සීමාව.
ඒ කාල සීමාව වනාහි මාස හතරක් සම දින දහයකි. ඇය ගැබ්ගෙන ඇත්නම් දරුවා උපත ලබන තෙක් ය.
සුන්නත් වූ බැහැ දැකීම්
එය මරණය, සොහොන සහ මරණින් මතු ජීවිතයේ නිවහන සිහිපත් කිරීම සඳහා කෙරෙන බැහැ දැකීමකි. ධර්ම දූතයාණන් මෙසේ පැවසීය: "මා ඔබට මීට පෙර සොහොන් බැහැ දැකීම තහනම් කළෙමි. -එනමුත් දැන්- ඒවා බැහැ දකින්න." තවත් වාර්තාවක: "එය පරලොව සිහිපත් කරයි" (මුස්ලිම් 977, තිර්මිදි 1054). මෙම බැහැ දැකීම සිදු විය යුත්තේ -පෙර සඳහන් කළ නැමදුම සඳහා ඒ වෙත ගමනේ නිරත විය හැකි ඒ දේවස්ථාන තුන හැර- එකම රටක තිබෙන සොහොන් වෙත පමණි.
2- අවසර ලත් බැහැ දැකීම
එය මරණය මෙනෙහි කිරීමේ අරමුණින් නොව වෙනත් අවසර ලත් අරමුණක් සඳහා වන බැහැ දැකීම වේ. එහි තහනම් කරුණක් ද ඇතුළත් නොවේ. උදාහරණයක් ලෙස තම ඥාතියෙකුගේ හෝ මිතුරෙකුගේ සොහොනකට යාම වැනි ය.
එවිට ඔහුගේ අභිප්‍රාය පරලොව නිවහන සිහිපත් කිරීම නොවේ.
තහනම් වූ බැහැ දැකීම්
එය තහනම් දෙයක් සමඟ මුසු වූ බැහැ දැකීමකි. මිනීවළ මත අසුන් ගැනීම ඒ මත ඇවිදීම, ඒ අසල සිට කම්මුල් වලට පහර දී ගැනීම සහ විලාප දීම හඬා හඬ නැගීම වැනි කරුණු සිදු කිරීම එයට උදාහරණ වේ. නැතහොත් නව්‍ය කරුණු සමඟ මුසු වූ බැහැ දැකීමකි; මිනීවළේ වළ දමා සිටින අය හරහා මැදිහත් වීමක් අයැද සිටීම හෝ සොහොනෙන් ආශීර්වාද ලබා ගැනීම සහ එය ස්පර්ශ කිරීමෙන් ආශීර්වාද ලබා ගැනීම වැනි කරුණු සිදු කිරීම එයට උදාහරණ වේ. නැතහොත් දේව ආදේශයක් වන කරුණු සමඟ මුසු වූ බැහැ දැකීමකි; තම අවශ්‍යතාවන් ඉටු කර දෙන ලෙස උපකාර ඉල්ලා සිටීම එයට උදාහරණ වේ .
කබ්ර් ස්ථාන බැහැ දකින අවස්ථාවේ පැවසිය යුතු දෑ
අස්සලාමු අලෙයිකුම් දාර කව්මින් මුඃමිනීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලාහිකූන් තේරුම : දේව විශ්වාසවන්ත නිවැසියන් වන ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. (මූලාශ්‍රය: මුස්ලිම් 249)
අස්සලාමු අලා අහ්ලිද් දියාරි මිනල් මුඃමිනීන් වල්-මුස්ලිමීන් වයර්හමුල්ලාහුල් මුස්තක්දිමීන මින්නා වල්-මුස්තඃහිරීන, වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලලාහිකූන්
තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අප අතරින් පෙර ගියවුන්ටත් පසුව යන්නට සිටින්නන්ටත් අල්ලාහ් කරුණා කරත්වා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. (මූලාශ්‍රය: මුස්ලිම් 974)
අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි මිනල් මුඃමිනීන වල් මුස්ලිමීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු ලලාහිකූන් අස්අලුල්ලාහ ලනා වලකුමුල් ආෆියා
තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. අපට ද ඔබට ද සුවය ලබා දෙන මෙන් මම අල්ලාහ්ගෙන් පතමි. (මූලාශ්‍රය: මුස්ලිම් 975)