දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ශෝකය පළ කිරීම

කෙනෙකුගේ මරණය හේතුවෙන් කනස්සල්ලට පත් වූ ඔහුගේ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. මරණය හේතුවෙන් ශෝකයට පත් වූවනට මෙසේ පවසනු ලැබේ.ඉන්න ලිල්ලාහි මා අහද වලහූ මා අඃතා වකුල්ලු ෂෙයිඉන් ඉන්දහූ බිඅජ්ලින් මුසම්මා ෆල්තස්බිර් වල්තහ්තසිබ්. තේරුම : සැබැවින්ම අල්ලාහ් ගත් දෑ ඔහු සතුය. ඔහු පිරිනැමූ දෑද ඔහු සතුය. ඔහු අබියස ඇති සියලු දෑට නියිමිත කාලයක් ඇත. එබැවින් ඉවසා දරා ගන්න. යහපත අපේක්ෂා කරන්න.

ශෝකය ප්‍රකාශ කිරීමේ සහ සොහොන් බැහැ දැකීමේ විධිවිධාන සහ ආචාර විධි ගැන ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ශෝකය පළ කිරීම

කෙනෙකුගේ මරණය හේතුවෙන් කනස්සල්ලට පත් වූ ඔහුගේ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. මරණය හේතුවෙන් ශෝකයට පත් වූවනට මෙසේ පවසනු ලැබේ.ඉන්න ලිල්ලාහි මා අහද වලහූ මා අඃතා වකුල්ලු ෂෙයිඉන් ඉන්දහූ බිඅජ්ලින් මුසම්මා ෆල්තස්බිර් වල්තහ්තසිබ්. තේරුම : සැබැවින්ම අල්ලාහ් ගත් දෑ ඔහු සතුය. ඔහු පිරිනැමූ දෑද ඔහු සතුය. ඔහු අබියස ඇති සියලු දෑට නියිමිත කාලයක් ඇත. එබැවින් ඉවසා දරා ගන්න. යහපත අපේක්ෂා කරන්න.

ජනාzසාව වළ දැමීමට පෙර හෝ පසු ඒ හේතුවෙන් කනස්සල්ලට පත් වූ පවුලේ අය කෙරෙහි සැනසිලි බස් පැවසීම සුන්නාහ්වකි. එය මස්ජිදයේ, සුසාන භූමියේ, නිවසෙහි, රැකියාවෙහි යනාදී වශයෙන් වේවා සෑම තැනකම එය සිදු කළ හැක.

ශෝක උත්සව, කූඩාරම් දමා මිනිසුන් රැස් කර සාද පවත්වා සීමාව ඉක්මවා යන අයුරින් කටයුතු නොකළ යුතුය. මන්ද එය ධර්ම දූතයාණන්ගේ සහ එතුමාගේ මිතුරන්ගේ සුන්නාවෙන් නොවන බැවිනි. පසුව එය, එවැනි දෑ සිදු කරමින් ප්‍රීති හා සතුටු වන අවස්ථාවක් නොවේ.

මියගිය අය වෙනුවෙන් දුක් වීම

හැඬීම දයාව හේතුවෙන් ස්වභාවික ව ඇති වන්නකි. එමෙන්ම එය අහිමිය හා දුක ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි. නබි තුමාණන්ගේ දෑසින් එතුගේ පුත් ඊබ්රාහිම්ගේ මරණය වෙනුවෙන් කඳුළු කඩා හැළුණි. (බුහාරි 1303, මුස්ලිම් 2315).

මරණයට පත් වූවන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා විදිවිධාන කිහිපයක් ඉස්ලාම් දහම නියම කර ඇත:

١
අනවශ්‍ය ආකාරයෙන් හැඬීම, හඬ නැඟීම සහ ඉස්ලාමීය නීතියට පටහැනි ක්‍රියාවන් අනුගමනය කිරීම. එනම් කම්මුලට පහර දීම, තමාටම පහර එල්ල කර ගැනීම, ඇඳුම් ඉරා දැමීම වැනි දේ ඉස්ලාමය තහනම් කරයි.
٢
තම ස්වාමිපුරුෂයා හැර දින තුනකට වඩා ඥාතියෙකුගේ මරණයක් නිසා කාන්තාවකට තම සැරසිලි අත්හැරීම තහනම්ය.
٣
කාන්තාවකගේ ශෝකය පළ කිරීම: තම ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාවක් පොරොත්තු (ඉද්දා) කාලය තුළ කරුණු ගණනාවක් පිළිපැදිය යුතුය.

තම ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාවකගේ ඉද්දා කාල සීමාව.

ඒ කාල සීමාව වනාහි මාස හතරක් සම දින දහයකි. ඇය ගැබ්ගෙන ඇත්නම් දරුවා උපත ලබන තෙක් ය.

තම සැමියාගේ මරණය වෙනුවෙන් ඉද්දා හි සිටින කාන්තාව කුමක් කළ යුතුද?

١
ඇය සුවඳ විලවුන්, ස්වර්ණාභරණ, විසිතුරු ඇඳුම්, හැනා ආලේප සහ සියලුම රූපලාවන්‍ය සායම් වලින් වැළකී සිටිය යුතුය.
٢
ඕනෑම වර්ණයක් හෝ හැඩයක් ඇති සාමාන්‍ය ඇඳුම් ඇඳීමට ඇයට අවසර ඇත. ඒවා ඇයව අලංකාර කර පෙන්වන ඇඳුම් නොවේ නම්. ඇයගේ හිසකෙස් ලිහා දැමීම සහ ස්නානය කිරීම තහනම් නොවේ. දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ අවශ්‍යතාවය සඳහා ඇයට පිටතට යාමට අවසර ඇත. මහ්රම් නොවන පිරිමින් සමඟ- සැප විඳීමේ චේතනාවෙන් තොරව- කතා කිරීමට අනුමැතිය ඇත.

සොහොන් බැහැ දැකීම: එය වර්ග තුනකි.

١
සුන්නත් වූ බැහැ දැකීම්
٢
අවසර ලත් බැහැ දැකීම්
٣
තහනම් බැහැ දැකීම්

සුන්නත් වූ බැහැ දැකීම්

එය මරණය, සොහොන සහ මරණින් මතු ජීවිතයේ නිවහන සිහිපත් කිරීම සඳහා කෙරෙන බැහැ දැකීමකි. ධර්ම දූතයාණන් මෙසේ පැවසීය: "මා ඔබට මීට පෙර සොහොන් බැහැ දැකීම තහනම් කළෙමි. -එනමුත් දැන්- ඒවා බැහැ දකින්න." තවත් වාර්තාවක: "එය පරලොව සිහිපත් කරයි" (මුස්ලිම් 977, තිර්මිදි 1054). මෙම බැහැ දැකීම සිදු විය යුත්තේ -පෙර සඳහන් කළ නැමදුම සඳහා ඒ වෙත ගමනේ නිරත විය හැකි ඒ දේවස්ථාන තුන හැර- එකම රටක තිබෙන සොහොන් වෙත පමණි.

2- අවසර ලත් බැහැ දැකීම

එය මරණය මෙනෙහි කිරීමේ අරමුණින් නොව වෙනත් අවසර ලත් අරමුණක් සඳහා වන බැහැ දැකීම වේ. එහි තහනම් කරුණක් ද ඇතුළත් නොවේ. උදාහරණයක් ලෙස තම ඥාතියෙකුගේ හෝ මිතුරෙකුගේ සොහොනකට යාම වැනි ය. එවිට ඔහුගේ අභිප්‍රාය පරලොව නිවහන සිහිපත් කිරීම නොවේ.

තහනම් වූ බැහැ දැකීම්

එය තහනම් දෙයක් සමඟ මුසු වූ බැහැ දැකීමකි. මිනීවළ මත අසුන් ගැනීම ඒ මත ඇවිදීම, ඒ අසල සිට කම්මුල් වලට පහර දී ගැනීම සහ විලාප දීම හඬා හඬ නැගීම වැනි කරුණු සිදු කිරීම එයට උදාහරණ වේ. නැතහොත් නව්‍ය කරුණු සමඟ මුසු වූ බැහැ දැකීමකි; මිනීවළේ වළ දමා සිටින අය හරහා මැදිහත් වීමක් අයැද සිටීම හෝ සොහොනෙන් ආශීර්වාද ලබා ගැනීම සහ එය ස්පර්ශ කිරීමෙන් ආශීර්වාද ලබා ගැනීම වැනි කරුණු සිදු කිරීම එයට උදාහරණ වේ. නැතහොත් දේව ආදේශයක් වන කරුණු සමඟ මුසු වූ බැහැ දැකීමකි; තම අවශ්‍යතාවන් ඉටු කර දෙන ලෙස උපකාර ඉල්ලා සිටීම එයට උදාහරණ වේ .

මුස්ලිම්වරයෙකු සොහොනක් බැහැ දකින්නේ නම් එහි අරමුණු කිහිපයක් තිබිය යුතුය:

١
පළමුවැන්න: පරලොව සිහිපත් කිරීම, පාඩම් ඉගැනීම සහ ඒ දෙස බලා උපදෙස් ගැනීම.
٢
දෙවැන්න: අල්ලාහ්ගේ සමාව සහ දයාව පතා ඔහු වෙනුවෙන් අයැද සිටීම. මක්නිසාද යත් කෙනෙකු ජීවතුන් අතර සිටින අයකු බැලීමට ගොස් ඔහුට ත්‍යාගයක් ලබා දෙන විට ඔහු ප්‍රීති වන්නාක් මෙන් මිය ගිය තැනත්තා ද ප්‍රීති වන බැවිනි.
٣
තුන්වැන්න: සොහොන් බැහැ දැකීමේ දී සුන්නාහ්ව අනුගමනය කිරීමෙන් සහ විපාකය උපයා ගැනීමෙන් තමාට ම යහපතක් ඇති කර ගැනීම.

සොහොන් බැහැ දැකීමේ දී මළවුන්ට කරන ගෞරවයක් වශයෙන් සොහොන් මත හිඳීමෙන් හෝ ඇවිදීමෙන් වැළකී සිටීමට වගබලා ගත යුතුය. ඊට හේතුව නබි (සල්) තුමාණෝ එසේ කිරීමෙන් ලැබෙන දඩුවම මෙසේ පැහැදිලි කළහ: : "ඔබගෙන් කෙනෙකු ගල් අඟුරු මත හිඳගෙන ඔහුගේ ඇඳුම් පුළුස්සා ඔහුගේ සම තුවාල කර ගැනීම සොහොන් මත හිඳීමට වඩා ඔහුට හොඳය." (මුස්ලිම් 971).

කබ්ර් ස්ථාන බැහැ දකින අවස්ථාවේ පැවසිය යුතු දෑ

අස්සලාමු අලෙයිකුම් දාර කව්මින් මුඃමිනීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලාහිකූන් තේරුම : දේව විශ්වාසවන්ත නිවැසියන් වන ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. (මූලාශ්‍රය: මුස්ලිම් 249) අස්සලාමු අලා අහ්ලිද් දියාරි මිනල් මුඃමිනීන් වල්-මුස්ලිමීන් වයර්හමුල්ලාහුල් මුස්තක්දිමීන මින්නා වල්-මුස්තඃහිරීන, වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලලාහිකූන් තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අප අතරින් පෙර ගියවුන්ටත් පසුව යන්නට සිටින්නන්ටත් අල්ලාහ් කරුණා කරත්වා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. (මූලාශ්‍රය: මුස්ලිම් 974) අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි මිනල් මුඃමිනීන වල් මුස්ලිමීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු ලලාහිකූන් අස්අලුල්ලාහ ලනා වලකුමුල් ආෆියා තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. අපට ද ඔබට ද සුවය ලබා දෙන මෙන් මම අල්ලාහ්ගෙන් පතමි. (මූලාශ්‍රය: මුස්ලිම් 975)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.