වත්මන් කොටස: model:
පාඩම උතුම් අල් කුර්ආනයෙහි මහිමය හා ශ්‍රේෂ්ඨත්වය
උතුම් අල් කුර්ආනය සතු ව බොහෝ මහිමයන් ඇත.ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැක.
දේව දූත මුහම්මද්තුමාණන් පැවසූ බවට උස්මාන් බින් අෆ්ෆාන්තුමා මෙසේ වාර්තා කරයි. “ඔබලා අතුරින් ශ්‍රේෂ්ඨතමයා උතුම් අල් කුර්ආනය ඉගෙන ගෙන එය (අන් අයටත්) උගන්වන්නා ය.” (බුහාරි - 5027)
අනස් බින් මාලික්තුමා මෙසේ වාර්තා කරයි. “දේව දූත මුහම්මද්තුමාණෝ ‘උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට මිනිසුන් අතුරින් උන්වහන්සේගේ උදවියක් සිටිති’ යැයි දේශනා කළහ. එයට සහාබාවරු ඔවුන් කවරෙහු දැයි විමසූහ. එයට දේව දූතයාණෝ ‘ඔවුන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ සුවිශේෂී උදවිය වන අහ්ලුල් කුර්ආන් (කුර්ආනීය උදවිය) වෙති’ යැයි පිළිතුරු දුන්හ.” (ඉබ්නු මාජා - 215)
දේව දූතයාණන් පැවසූ බවට අබ්දුල්ලාහ් බින් මස්ඌද්තුමා මෙසේ වාර්තා කරයි. “කවරෙකු උතුම් අල් කුර්ආනයෙහි එක් අකුරක් කියවන්නේ ද ඔහුට ඒ සඳහා හිමි යහපත් ක්‍රියාව මෙන් දහ ගුණයක් හිමි වේ. ‘අලිෆ් ලාම් මීම්’ යනු එක් අකුරක් යැයි මම නොපවසමි. අලිෆ් එක් අකුරකි; ලාම් එක් අකුරකි; මීම් එක් අකුරකි.” (තිර්මිදි - 2910)
4. උතුම් අල් කුර්ආනය කියවන හා හදාරන ස්ථානවලට මලාඉකාවරන්, සකීනාව (ශාන්ත භාවය හා සැනසීම) හා රහ්මතය (උන්වහන්ස්ගේ ආදරය හා කරුණාව) පහළ වීම.
5. විනිශ්චය දිනයේ දී උතුම් අල් කුර්ආනය එය කියවන උදවිය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වශයෙන් පෙනී සිටීම.
දේව දූතයාණන් දේශනා කළ බවට ආයිෂාතුමිය මෙසේ වාර්තා කරයි. “උතුම් අල් කුර්ආනය නිවැරදි ව හා පහසුවෙන් කියවීමට දත් උදවිය සුවච කීකරු හා ගෞරවණීය දූතයින් (මලාඉකාවරුන්) සමඟ සිටිති. එමෙන් ම, උතුම් අල් කුර්ආනය කියවීමේ දී වරද්දමින් හා අපහසුවෙන් යුතු ව කියවන උදවිය හට ආනිශංස දෙකක් හිමි වේ.” (මුස්ලිම් - 798)
7. උතුම් අල් කුර්ආනය, එහි උදවිය ව ඉතා උසස් හා ගෞරවණීය පුද්ගලයින් බවට පත් කිරීම.
දේව දූතයාණන් දේශනා කළ බවට අබ්දුල්ලාහ් බින් අම්ර් බින් ආස්තුමා මෙසේ වාර්තා කරයි. “කුර්ආනීය පුද්ගලයා හට (විනිශ්චය දිනයේ දී) ‘කියවන්න; (තරාතිරම්හි) ඉහළට යන්න; ලෝකයෙහි ඔබ (කුර්ආනය) අලංකාර ව හා නිවැරදි ව කියවූවා සේ (මෙහි ද) ඔබ (කුර්ආනය) අලංකාර ව හා නිවැරදි ව කියවන්න. නියත වශයෙන් ම, ඔබට හිමි තරාතිරම ඔබ කියවන අවසන් වැකියෙහි ඇත’ යනුවෙන් පවසනු ලැබේ.” (අබූ දාවුද් - 1464)