දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

දේව දූත මුහම්මද්තුමාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය

පාඩම දේව දූත මුහම්මද්තුමාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය

පාඩම පිළිබඳ තොරතුරු

මෙම පරිච්ජේදයේ අරමුණ පොදුවේ දේව දූතයාණන්ගේ පෞරුෂත්වය හා චරිතාපදානය පිළිබඳ හැඳින්වීමක් ලබා දීම.

අරමුණු

  • පාඨකයා දේව දූතයාණන්ගේ පෞරුෂත්වය පිළිබඳ දැනගැනීම.

දේව දූත මුහම්මද්තුමාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය

දේව දූතයාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය ඉස්ලාමීය ඉගැන්වීම් හා නීතිරීති සියල්ලෙහි පරිපූර්ණ ප්‍රයෝගික ක්‍රියාවලියක් වන බැවින් ජීවිතයේ සෑම කටයුත්තක දී ම එතුමාණන් ව ආදර්ශයට ගෙන කටයුතු කිරීම පිණිස එතුමාණන්ගේ සීරාව සවිස්තරාත්මක ව ඉගෙන ගැනීම හා අධ්‍යනය කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. “උත්තරීතර අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට, උත්තරීතර අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් ව සිටින ඔබලාට නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් සතු ව අලංකාරවත් ආදර්ශයක් පවතී.” (සූරා අල් අහ්සාබ් - 21)

දේව දූතයාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය ඉස්ලාමීය ඉගැන්වීම් හා නීතිරීති සියල්ලෙහි පරිපූර්ණ ප්‍රයෝගික ක්‍රියාවලියක් වන බැවින් ජීවිතයේ සෑම කටයුත්තක දී ම එතුමාණන් ව ආදර්ශයට ගෙන කටයුතු කිරීම පිණිස එතුමාණන්ගේ සීරාව සවිස්තරාත්මක ව ඉගෙන ගැනීම හා අධ්‍යනය කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. 
“උත්තරීතර අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට, උත්තරීතර අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් ව සිටින ඔබලාට නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් සතු ව අලංකාරවත් ආදර්ශයක් පවතී.”   (සූරා අල් අහ්සාබ් - 21)

1. දේව දූත මුහම්මද්තුමාණන්ගේ නසබ් හෙවත් පෙළපත

එතුමාණෝ ඉතා ශ්‍රේෂ්ඨ හා කුලවත් පෙළපතකින් පැමිණි අයෙකි. එතුමාණෝ මුහම්මද් බින් අබ්දුල්ලාහ් බින් අබ්දුල් මුත්තලිබ් බින් හිෂාම් බින් අබ්දු මනාෆ් බින් කුසෙයි බින් කිලාබ් බින් මුර්රා බින් කඃබ් බින් ලුඅයි බින් ගාලිබ් බින් ෆහ්ර් බින් මාලික් බින් නල්ර් බින් කිනානා බින් හුසෙයිමා බින් මුද්රිකා බින් ඉස්යාස් බින් මුළර් බින් නිසාර් බින් මඅද් බින් අද්නාන් වේ. අද්නාන් යනු දේව දූත ඉස්මාඊල්තුමාණන්ගේ පුත්‍රයෙක් වේ.

2. දේව දූත මුහම්මද්තුමාණන්ගේ මව සහ පියා

එතුමාණන්ගේ පියා අබ්දුල්ලාහ් බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් වේ. දේව දූතයාණන් තම මවගේ කුස තුළ සිටිය දී ම පියා මරණයට පත් විය. එතුමාණන්ගේ මව ආමිනා බින්ත් වහ්බ් බින් අබ්දු මනාෆ් බින් සුහ්රා වේ.

3. දේව දූත මුහම්මද්තුමාණන්ගේ උප්පත්තිය

එතුමාණෝ ආමුල් ෆීල් නැමැති ඇත් වර්ෂයේ රබීඋල් අව්වල් මස සඳුදා දිනක උපත ලැබූහ.

4. දේව දූත මුහම්මද්තුමාණන්ට කිරි පෙවීම

අබූ ලහබ්ගේ වහල් කාන්තාවක වන සුවෙයිබා නැමැත්තිය දවස් කිහිපයක් එතුමාණන් කිරි පෙවූ අතර, පසු ව බනූ සඃද් ගෝත්‍රයේ හලීමා අස්සඅදියියා නැමැති කාන්තාව එතුමාණන්ට කිරි පෙවීමට භාර ගත්තාය. එතුමාණෝ ඇය සමඟ වසර හතරක් සිටියහ. එහි දී, සුර දූත ජිබ්රීල්තුමාණෝ පැමිණ, දේව දූතයාණන්ගේ පපුව දෙපළු කොට, හෘදය වස්තුව පිටතට ගෙන ඉන් ෂෙයිතාන්ට හිමි කොටස ඉවත් කළහ. මෙම සිදුවීමෙන් අනතුරු ව හලීමාතුමිය දේව දූතයාණන් ව එතුමාණන්ගේ මෑණියන් වෙන භාර දුන්නාය.

5. දේව දූතයාණන් හැදී වැඩුණු ළමා විය හා තරුණ විය

١
දේව දූතයාණෝ බනූ සඃද්වරුන්ගේ ප්‍රදේශයෙන් පිටත් ව, මක්කාවේ සිටි තම මෑණියන් වෙත නැවත පැමිණ, ඇගේ රැකවරණය යටතේ හැදී වැඩුණහ. නමුත්, දේව දූතයාණන්ට අවුරුදු හය වන විට එතුමාණන්ගේ ආදරණීය මෑණියෝ මදීනාවේ සිට මක්කාව බලා නැවත පැමිණෙන අතරතුර අබ්වාඃ නැමැති ප්‍රදේශයේ දී මෙලොවින් නික්ම ගියහ. මෙලෙස, එතුමාණෝ මව පියා දෙපළ ම නොමැති දරුවෙකු බවට පත් වූහ.
٢
පසු ව, එතුමාණන්ගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් එතුමාණන් ව මක්කාවට රැගෙන විත් එතුමාණන් ව හොඳින් රැකබලා ගත්තේය. නමුත්, එතුමාණන්ට වයස අවුරුදු අටයි මාස දෙකයි දින දහයක් වන විට එතුමාණන්ගේ සීයා ද මක්කාවේ දී මරණයට පත් විය.
٣
පසු ව, එතුමාණන්ගේ බාප්පා වන අබූ තාලිබ් කිසිදු වෙනස්කමක් නොකොට, තම දරුවා සමඟ ම ඉතා යහපත් හා ගෞරවණීය අයුරින් එතුමාණන් ව රැකබලා ගත්තේය. මෙලෙස අවුරුදු හතලිහකටත් වැඩියෙන් ඔහු දේව දූතයාණන් ව ආරක්ෂාකාරී ව මහත් සෙනෙහසින් යුතු ව රැකබලා ගත්තේය.

වක්තෘත්වයට පෙර දේව දූතයාණන් කළ රැකියා

١
දේව දූතයාණන් තම කුඩා කාලයේ කීරාත් (අරාබියේ භාවිතා කරන ලද මුදල් වර්ගයක්) කිහිපයකට මක්කාවැසියන්ගේ එළුවන් රැක බලාගෙන ඇත.
٢
දේව දූතයාණෝ තම තරුණ වියේ දී තම බාප්පා සමඟ ව්‍යාපාර කටයුතු සඳහා සිරියාවට යෑමට පුරුදු ව සිටියහ. එමෙන් ම, එතුමාණෝ මක්කාවේ තිබූ ව්‍යාපාරික ස්ථානවල වෙළඳාම් කිරීමට ද පටන් ගත්හ. පසු ව, කදීජා බින්ත් හුවෛලිද් නැමැති ධනවත් කාන්තාවගේ බඩු භාණ්ඩ රැගෙන වෙළඳාම් කිරීම පිණිස එතුමාණෝ සිරියාව බලා පිටත් වූහ. එහි දී, දේව දූතයාණන්ගේ සත්‍යවන්තභාවය, විශ්වාසවන්තභාවය හා යහපත් ගතිගුණ පිළිබඳ ආරංචි වූ පසු, ඇය එතුමාණන් වෙත පණිවිඩකරුවෙකු යවා, අන් කිසිදු වෙළෙන්දෙකුට ලබා නොදෙන ඉස්තරම් ම හා වටිනා ම බඩු භාණ්ඩ ආදිය ද මයිසරා නැමැති සේවකයෙකු ද ලබා දෙමින් නැවත වාරයක් සිරියාවට වෙළඳාමේ යෑමට යෝජනා කළාය. දේව දූතයාණෝ ද ඊට එකඟ වී, ඇගේ බඩු භාණ්ඩ හා මිල මුදල් රැගෙන, ඇගේ සේවකයා වන මයිසරා සමඟ සිරියාවට පිටත් ව ගියහ.

වක්තෘත්වයට පෙර දේව දූතයාණන්ගේ දිවිය

නුබුව්වතය හෙවත් වක්තෘත්වයට පෙර වුව ද, දේව දූතයාණෝ කිසිදු චෝදනාවකින් හෝ අශීලාචාරකමකින් හෝ වරදකින් තොර, යහපත් හා ගෞරවණීය දිවියක් ගත කළහ. එතුමාණන්ගේ තරුණ වියේ දී එකල පැවති දූෂිත හා අශීලාචාර සමාජයේ ගතිගුණ හා අකටයුතුකම්වලට නැඹුරු වීමෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ එතුමාණන් ව ආරක්ෂා කළහ. තව ද, එකල සමාජයේ කිසිදු අකටයුත්තක් හෝ අවැඩක් නොකළ, උදාර ගතිගුණවලින් හෙබි, වඩාත් ශිෂ්ට සම්පන්න, ත්‍යාගශීලී මෙන් ම සත්‍යවන්ත හා විශ්වාසවන්ත ම පුරුෂයා වශයෙන් එතුමාණෝ සිටියහ. මෙනිසා ම, අස්සාදික් (සත්‍යවන්තයා) හා අල්අමීන් (විශ්වාසවන්තයා) යන පටබැඳි නම්වලින් එතුමාණෝ ඔවුනතර ප්‍රකට වූහ.

නුබුව්වතය හෙවත් වක්තෘත්වයට පෙර වුව ද, දේව දූතයාණෝ කිසිදු චෝදනාවකින් හෝ අශීලාචාරකමකින් හෝ වරදකින් තොර, යහපත් හා ගෞරවණීය දිවියක් ගත කළහ. එතුමාණන්ගේ තරුණ වියේ දී එකල පැවති දූෂිත හා අශීලාචාර සමාජයේ ගතිගුණ හා අකටයුතුකම්වලට නැඹුරු වීමෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ එතුමාණන් ව ආරක්ෂා කළහ. තව ද, එකල සමාජයේ කිසිදු අකටයුත්තක් හෝ අවැඩක් නොකළ, උදාර ගතිගුණවලින් හෙබි, වඩාත් ශිෂ්ට සම්පන්න, ත්‍යාගශීලී මෙන් ම සත්‍යවන්ත හා විශ්වාසවන්ත ම පුරුෂයා වශයෙන් එතුමාණෝ සිටියහ. මෙනිසා ම, අස්සාදික් (සත්‍යවන්තයා) හා අල්අමීන් (විශ්වාසවන්තයා) යන පටබැඳි නම්වලින් එතුමාණෝ ඔවුනතර ප්‍රකට වූහ.

6. දේව දූතයාණන්ගේ භාර්යාවෝ

කදීජාතුමියගේ බඩු භාණ්ඩ රැගෙන ඇගේ සේවකයා වන මයිසරා සමඟ දේව දූතයාණන් සිරියාවට වෙළඳාමට ගිය අවස්ථාවේ දී එතුමාණන්ගේ විශ්වාසවන්තභාවය, සත්‍යවන්තභාවය ඇතුළු යහපත් ගතිගුණ දුටු මයිසරා නැවත මක්කාවට පැමිණි විට ඒ පිළිබඳ කදීජාතුමියට කියා සිටියේය. එයින් දේව දූතයාණන් කෙරෙහි පැහැදීමට පත් වූ කදීජාතුමිය ඇය ව විවාහ කරගන්නා මෙන් තම සේවිකාවක් ලවා දේව දූතයාණන්ට යෝජනා කළාය. දේව දූතයාණන්ට එතුමිය හා විවාහ වීමට කැමැත්ත පළ කර අතර, එසේ විවාහ වන විට එතුමාණන්ගේ වයස අවුරුදු 25ක් විය. එතුමිය දේව දූතයාණන්ගේ ප්‍රථම භාර්යාව වූ අතර, එතුමිය මරණයට පත් වන තුරු වෙනත් කිසිදු කාන්තාවක හා එතුමාණෝ විවාහ නොවූහ. එතුමිය ඉබ්රාහීම් හැර දේව දූතයාණන්ගේ අනෙකුත් සියලු ම දරුවන්ගේ මෑණියෝ වූහ. හිජ්රතයට අවුරුදු තුනකට පෙර එතුමිය මෙලොවින් සමුගත්තාය.

දේව දූතයාණන්ගේ භාර්යාවෝ

١
කදීජාතුමිය
٢
කදීජාතුමියගේ මරණයෙන් පසු එතුමාණෝ සව්දා බින්ත් සම්ආතුමිය හා විවාහ වූහ.
٣
පසු ව, ආයිෂා බින්ත් අබූ බක්ර්තුමිය හා විවාහ වූහ.
٤
පසු ව, හෆ්සා බින්ත් උමර් බින් අල්කත්තාබ්තුමිය හා විවාහ වූහ.
٥
පසු ව, සයිනබ් බින්ත් හුසෙයිමා බින් අල්හාරිස්තුමිය හා විවාහ වූහ.
٦
පසු ව, හින්ද් බින්ත් උමයියා හෙවත් උම්මු සලමාතුමිය හා විවාහ වූහ.
٧
අනතුරු ව, සයිනබ් බින්ත් ජහ්ෂ්තුමිය හා විවාහ වූහ.
٨
අනතුරු ව, ජුවෛරියා බින්ත් අල්හාරිස්තුමියා හා විවාහ වූහ.
٩
ඉන් අනතුරු ව, උම්මු හබීබා නැමැති රම්ලා නොහොත් හින්ද් බින්ත් අබූ සුෆ්යාන්තුමිය හා විවාහ වූහ.
١٠
කයිබර් යුද්ධය අවසන් වීමෙන් පසු ව, සෆියියා බින්ත් හුයයි බින් අක්තබ්තුමිය හා විවාහ වූහ.
١١
අවසන් වශයෙන් මයිමූනා බින්ත් අල්හාරිස්තුමිය හා විවාහ වූහ.

ධර්ම දූතයාණන්ගේ දූදරුවෝ

නිවැරදි මතයට අනුව එතුමාගේ දූ දරුවන් හත් දෙනෙකි. (පිරිමි තිදෙනෙකු සහ ගැහැණු හතර දෙනෙකු වේ).
එතුමාණන්ගේ පිරිමි දරුවන් අතුරින් “කාසිම්” ඉතා කෙටි කලක් පමණක් මෙලොව ජීවත් විය. අනෙක් දරුවන් වන්නේ “අත්තාහිර්” හා “අත්තයිබ්” යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ “අබ්දුල්ලාහ්” හා “ඉබ්රාහීම්” ය.
එතුමාණන්ගේ ගැහැනු දරුවන් අතුරින් “සයිනබ්” වැඩිමලා වන අතර, අනෙක් අය “රුකයියා”, “උම්මු කුල්සූව්ම්” හා “ෆාතිමා” වේ. ඉබ්රාහීම් හැර අනෙකුත් පිරිමි හා ගැහැනු දරුවන් සියල්ලන් ම කදීජාතුමියට දාව උපන් දරුවෝ වෙති. ඉබ්රාහීම්, “අල්මුකව්කිස්” රජු විසින් දේව දූතයාණන්ට තිළිණයක් වශයෙන් ප්‍රදානය කළා වූ මාරියා අල්කිබ්තියියා නැමැති වහල් කාන්තාවට උපත ලද්දේය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.