පාඩම දේව දූත මුහම්මද්තුමාණන්ගේ සීරාව හෙවත් චරිතාපදානය
මෙම පරිච්ජේදයේ අරමුණ පොදුවේ දේව දූතයාණන්ගේ පෞරුෂත්වය හා චරිතාපදානය පිළිබඳ හැඳින්වීමක් ලබා දීම.
- පාඨකයා දේව දූතයාණන්ගේ පෞරුෂත්වය පිළිබඳ දැනගැනීම.
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
මෙම පාඩමේ පරිවර්තනය පහත භාෂාවලින් ලබාගත හැකිය:
1. දේව දූත මුහම්මද්තුමාණන්ගේ නසබ් හෙවත් පෙළපත
එතුමාණෝ ඉතා ශ්‍රේෂ්ඨ හා කුලවත් පෙළපතකින් පැමිණි අයෙකි. එතුමාණෝ මුහම්මද් බින් අබ්දුල්ලාහ් බින් අබ්දුල් මුත්තලිබ් බින් හිෂාම් බින් අබ්දු මනාෆ් බින් කුසෙයි බින් කිලාබ් බින් මුර්රා බින් කඃබ් බින් ලුඅයි බින් ගාලිබ් බින් ෆහ්ර් බින් මාලික් බින් නල්ර් බින් කිනානා බින් හුසෙයිමා බින් මුද්රිකා බින් ඉස්යාස් බින් මුළර් බින් නිසාර් බින් මඅද් බින් අද්නාන් වේ. අද්නාන් යනු දේව දූත ඉස්මාඊල්තුමාණන්ගේ පුත්‍රයෙක් වේ.
2. දේව දූත මුහම්මද්තුමාණන්ගේ මව සහ පියා
එතුමාණන්ගේ පියා අබ්දුල්ලාහ් බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් වේ. දේව දූතයාණන් තම මවගේ කුස තුළ සිටිය දී ම පියා මරණයට පත් විය. එතුමාණන්ගේ මව ආමිනා බින්ත් වහ්බ් බින් අබ්දු මනාෆ් බින් සුහ්රා වේ.
3. දේව දූත මුහම්මද්තුමාණන්ගේ උප්පත්තිය
එතුමාණෝ ආමුල් ෆීල් නැමැති ඇත් වර්ෂයේ රබීඋල් අව්වල් මස සඳුදා දිනක උපත ලැබූහ.
4. දේව දූත මුහම්මද්තුමාණන්ට කිරි පෙවීම
අබූ ලහබ්ගේ වහල් කාන්තාවක වන සුවෙයිබා නැමැත්තිය දවස් කිහිපයක් එතුමාණන් කිරි පෙවූ අතර, පසු ව බනූ සඃද් ගෝත්‍රයේ හලීමා අස්සඅදියියා නැමැති කාන්තාව එතුමාණන්ට කිරි පෙවීමට භාර ගත්තාය. එතුමාණෝ ඇය සමඟ වසර හතරක් සිටියහ.
එහි දී, සුර දූත ජිබ්රීල්තුමාණෝ පැමිණ, දේව දූතයාණන්ගේ පපුව දෙපළු කොට, හෘදය වස්තුව පිටතට ගෙන ඉන් ෂෙයිතාන්ට හිමි කොටස ඉවත් කළහ. මෙම සිදුවීමෙන් අනතුරු ව හලීමාතුමිය දේව දූතයාණන් ව එතුමාණන්ගේ මෑණියන් වෙන භාර දුන්නාය.
6. දේව දූතයාණන්ගේ භාර්යාවෝ
කදීජාතුමියගේ බඩු භාණ්ඩ රැගෙන ඇගේ සේවකයා වන මයිසරා සමඟ දේව දූතයාණන් සිරියාවට වෙළඳාමට ගිය අවස්ථාවේ දී එතුමාණන්ගේ විශ්වාසවන්තභාවය, සත්‍යවන්තභාවය ඇතුළු යහපත් ගතිගුණ දුටු මයිසරා නැවත මක්කාවට පැමිණි විට ඒ පිළිබඳ කදීජාතුමියට කියා සිටියේය. එයින් දේව දූතයාණන් කෙරෙහි පැහැදීමට පත් වූ කදීජාතුමිය ඇය ව විවාහ කරගන්නා මෙන් තම සේවිකාවක් ලවා දේව දූතයාණන්ට යෝජනා කළාය. දේව දූතයාණන්ට එතුමිය හා විවාහ වීමට කැමැත්ත පළ කර අතර, එසේ විවාහ වන විට එතුමාණන්ගේ වයස අවුරුදු 25ක් විය. එතුමිය දේව දූතයාණන්ගේ ප්‍රථම භාර්යාව වූ අතර, එතුමිය මරණයට පත් වන තුරු වෙනත් කිසිදු කාන්තාවක හා එතුමාණෝ විවාහ නොවූහ. එතුමිය ඉබ්රාහීම් හැර දේව දූතයාණන්ගේ අනෙකුත් සියලු ම දරුවන්ගේ මෑණියෝ වූහ. හිජ්රතයට අවුරුදු තුනකට පෙර එතුමිය මෙලොවින් සමුගත්තාය.
ධර්ම දූතයාණන්ගේ දූදරුවෝ
නිවැරදි මතයට අනුව එතුමාගේ දූ දරුවන් හත් දෙනෙකි. (පිරිමි තිදෙනෙකු සහ ගැහැණු හතර දෙනෙකු වේ).
එතුමාණන්ගේ පිරිමි දරුවන් අතුරින් “කාසිම්” ඉතා කෙටි කලක් පමණක් මෙලොව ජීවත් විය. අනෙක් දරුවන් වන්නේ “අත්තාහිර්” හා “අත්තයිබ්” යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ “අබ්දුල්ලාහ්” හා “ඉබ්රාහීම්” ය.
එතුමාණන්ගේ ගැහැනු දරුවන් අතුරින් “සයිනබ්” වැඩිමලා වන අතර, අනෙක් අය “රුකයියා”, “උම්මු කුල්සූව්ම්” හා “ෆාතිමා” වේ. ඉබ්රාහීම් හැර අනෙකුත් පිරිමි හා ගැහැනු දරුවන් සියල්ලන් ම කදීජාතුමියට දාව උපන් දරුවෝ වෙති. ඉබ්රාහීම්, “අල්මුකව්කිස්” රජු විසින් දේව දූතයාණන්ට තිළිණයක් වශයෙන් ප්‍රදානය කළා වූ මාරියා අල්කිබ්තියියා නැමැති වහල් කාන්තාවට උපත ලද්දේය.