වත්මන් කොටස: model:
පාඩම ඉපැයීම සහ ජීවනෝපාය
මුදලේ වැදගත්කම
ඉපැයීම සහ ජීවනෝපාය සෙවීම යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු මුදල් සහ ඔහුගේ ජීවිතයට වැදගත් වන දේ ලබා ගැනීම සඳහා කරන සියලු ක්‍රියා මාර් ග වේ. එය වෙළඳාම, කර්මමාන්ත, කෘෂිකර්මාන්තය සහ වෙනත් ඒවා විය හැක.
ඉපැයීමේ සහ ජීවනෝපාය සෙවීමේ නීතිය
ඉපැයීමේ අභිප්‍රාය උඟඬුකම හෝ වස්තුව අධික ලෙස එකතු කිරීමේ තණ්හාව නම් එය ප්‍රිය ජනක නොවේ. සමහර නීතිවේදීන්ට අනුව එය තහනම් වේ.
ජීවනෝපාය සහ මුදල් සෙවීමට වෙර දරන මුස්ලිම්වරයෙකු විකිණීම, කුලියට දීම, සමාගම්, පොලී සහ වෙනත් ගනුදෙනු වැනි මූල්‍ය ගනුදෙනු පිළිබඳ තීන්දු දැනගෙන ඒ සම්බන්ධ දැනුම ලබා ගත යුතු ය. මක්නිසාදයත් ජීවනෝපාය සෙවීමේ ගමනෙහි අල්ලාහ් තහනම් කර ඇති දේ තුළ ඔහු හසු නොවීම සඳහා ය.
ඉපැයීමේ සහ ජීවනෝපාය සෙවීමේ ආචාර ධර්ම
2- ඉපැයීමෙන් සහ ජීවනෝපාය සෙවීමෙන් තමන්ට හෝ අන් අයට හානියක් හා කරදරයක් සිදු නොවිය යුතු ය. මන්ද හානියක් හෝ ප්‍රතිහානයක් සිදු නොකළ යුතු යි.
3- තම ඉපයීමෙන් යහපත් චේතනාවක් අපේක්ෂා කළ යුතු යි; තමා සහ තමා වියදම් කිරීමට බැඳී සිටින අය මිනිසුන්ගෙන් ඉල්ලා සිටීමෙන් වැළකී සිටීම, නමස්කාර ක්‍රියාවන් සඳහා මුදල් භාවිතා කිරීම වැනි යහපත් චේතනාවන් එයට නිදසුනකි. ඔහුගේ අභිප්‍රාය මුදල් රැස් කිරීම, පුරසාරම් දෙඩීම හෝ වෙනත් දූෂිත අරමුණු නොවිය යුතු යි.
මුස්ලිම්වරයෙකු ජීවනෝපාය සෙවීමේ කාර්‍යය අවංකව සිදු කර, එමඟින් මිනිසුන්ට උදවු උපකාර කර දානයක් ලෙස දෙන දේ රැස් කිරීමට අදහස් කරන්නේ නම්, මෙම ඉපයීම නමස්කාර ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. මෙමඟින් ඔහුට උසස් තත්ත්වයක් හිමි වනු ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ: අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාප පුද්ගලයා වනුයේ මිනිසුනට අධික ලෙස ප්‍රයොජනවත් වන පුද්ගලයා ය. (අල් අව්සත් ලිත්තබරානී: 6026)
4- අවසාන ඉලක්කයක් ලෙස ඉපැයීම පත් නොවන පරිදි ජීවනෝපාය සෙවීම සහ අනෙකුත් මිනිස් අවශ්‍යතා අතර මධ්‍යස්ථභාවය සහ සමතුලිතතාවය පවත්වා ගෙන යාම. ඉපැයීම යම් සාධකයක් ලෙස ගත යුතු යි. අබුද්දර්දා (රළියල්ලාහු අන්හු) තුමාට සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ: "ඔබේ දෙවියන්ට ඔබ කෙරෙහි යුතුකමක් ඇත, ඔබේ ආත්මයට ඔබ කෙරෙහි යුතුකමක් ඇත, ඔබේ පවුලට ඔබ කෙරෙහි යුතුකමක් ඇත. එබැවින් යුතුකම ඇති සෑම කෙනෙකුට ම ඔහුගේ යුතුකම නිවැරදි ව ලබා දෙන්න." මේ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එතුමාණෝ විමසා සිටියහ. එවිට නබිතුමාණෝ "සල්මාන් සත්‍ය ම පැවසීය" යනුවෙන් ප්‍රකාශ කර සිටියහ. (බුහාරි 1968)
5- ඉපයීමේ දී දෙවියන් වහන්සේ මත විශ්වාසය තැබීම. විශ්වාසය තැබීමේ යථාර් තය නම්, පුද්ගලයෙකු තම හදවත දෙවියන් වහන්සේට සම්බන්ධ කර ගනිමින් නීත්‍යානුකූල මාර් ග අනුගමනය කිරීම යි.
6- පෝෂණ සම්පත් සර්වබලධාරී අල්ලාහ්ගෙන් පමණක් ලැබෙන බව ස්ථීර ලෙස විශ්වාස කළ යුතු යි. පෝෂණ සම්පත් හුදු ඉපැයීමෙන් පමණක් නො ලැබේ. අල්ලාහ් පමණක් දන්නා යම් සියුම් හේතුවක් නිසා ඇතැම් විට පුද්ගලයෙකු ඉපැයීමේ මාධ්‍යයන් අනුගමනය කළ ද ඔහු වෙත පෝෂණ සම්පත් නොලැබෙන තත්ත්වයන් ද උදා වේ.
7- දෙවිඳාණෝ බෙදා ඇති දෙයින් තෘප්තිමත් වීම සහ ඉපයීම ප්‍රමාද නොකිරීම; එය සර්වබලධාරී දෙවිදාණන් විසින් නියම කර ඇත. එය නියමිත වේලාවට සහ නියමිත ප්‍රමාණයට අනුව සිදු වනු ඇත , එබැවින් මුස්ලිම්වරයා ආචාරශීලී ව හා ඔහුට නියම කර ඇති දෙයින් තෘප්තිමත් වී, අනුමත දේ සොයමින් සහ තහනම් දේ මගහරිමින් පෝෂණ සම්පත් ඉපයීම සිදු කළ යුතු යි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ල්ම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත: අහෝ මිනිසුනි! අල්ලාහ්ට බිය වන්න. ජීවන සම්පත් සෙවීමේ දී අලංකාර ලෙස කටයුතු කරන්න. මන් ද යම් හෝ ආත්මයක් එයට නියම කළ පෝෂණ සම්පත් ප්‍රමාද වී ලැබුන ද- සම්පූර්ණ ලෙස බුක්ති විඳින තෙක් මිය යන්නේ නැත. එබැවින් අල්ලාහ්ට බිය වන්න. ජීවන සම්පත් සෙවීමේ දී අලංකාර ලෙස කටයුතු කරන්න. තවද තහනම් වූ දෑ අත් හරින්න. (ඉබ්නු මාජා: 2144)